28

කොළඹ

වැල්ලවාය බෝගහපතල රක්ෂිතයේ විශාල ගින්නක්- අක්කර 50ක් පමණ විනාශ වෙලා

වැල්ලවාය බෝගහ්පතන මිරිස් ඇටහෙල කඳු රක්ෂිතයේ ඊයේ (23) දහවල් ග

09:07 AM May 24 2019

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන

හටන

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය. විවාහයෙන් කෙළවර නොවූ ඔහුගේ ආදර කතාව කඳුළු බිඳුවකි. මේ බීතෝවන් සිය ආදරවන්තිය වූ ජොසිනී බ්‍රවුන්ස්වික්ට ලියූ පෙම් හසුනකි. 

1802 ජූලි 6

වියානා 

ඔස්ටි්‍රයාව 

මගේ අමරණීය ආදරිය 

මා නිදි යහනේ සිටියදී පවා මගේ ආදරයත් ආශීර්වාදයත් ඔබ සමඟයි. ප්‍රිය දේහිනිය මා දුර ගමනක නිරත වන බව කියන්න ඉඩ දෙන්න. අප වෙන්ව සිටින හැම මොහොතකම අප අප ගැනම සිතමු. ඔබේ සියුමැලි දෙඅත්වලට පියාපත් ලැබුණොත් මා සොයා පියාඹා එන්න. 

ඔබ කෙරෙහි මා තුළ ඇති ආදරයත් විශ්වාසයත් තව තවත් වැඩි වන බව මට දැනෙනවා. දෙවියනි, ප්‍රේමයෙන් බැඳුණු හදවත් මෙසේ අෑත් කරන්නේ ඇයි. ඊයේ මා ඔබ වෙනුවෙන් වේදනා වින්දා. අද ඔබ මා වෙනුවෙන් දුක් වෙන්න. දේව දූතයාට පිටව යෑමට නොහැකි වනසේ හදවතේ කවුළු පියන්පත් වසා තබන්න. මට ආදරය දෙන්න. සමු ගැනීමේ දුක්බර වචන අපේ පෙම් හසුනේ පිටු මත තවරන්න එපා. අදත් හෙටත් ආදරයෙන් සිටිමු. 

ප්‍රියාදරිය සමුදෙන්න

මා ඔබේ

බීතෝවන් 

බීතෝවන් සිය අනුවේදනීය ප්‍රේම කතාවට මුල පිරුවේ 1799 දීය. ඔහු හංගේරියානු ජාතික ආනා බ්‍රවුන්ස්වික්ගේ දියණියන් හට පියානෝ වාදනය පුහුණු කළේය. එම පවුලේ නව යොවුන් රුවැති දියණිය වූ ජොසිනී සමඟ ඔහු ආදරයෙන් බැඳුණේය. බීතෝවන් ඇයට අසීමිත ලෙස ප්‍රේම කළේය. එය ආදරයෙන් මුසපත්ව ගෙවුණු කෙටි කාලය තුළ බීතෝවන් මෙම ලිපිය ලියා ඇත. එය නම්කර තිබෙන්නේ අමරණීය ආදරය නමිනි. එහෙත් ජොසිනී හදිසියේම ජෝසප් ඩයිට් සමඟ විවාහ විය. එවිට ඔහු ප්‍රසිද්ධ ප්‍රසංගවලදී වඩාත් දුක්බර සිම්පනි ඉදිරිපත් කළේ බිඳ වැටුණු ආදරයේ වේදනා තත්සර පිරිමැදීම තුළිනි. බ්‍රවුන්ස්වික් පවුලේ දියණියන්ට සංගීතය ඉගැන්වීම ඔහු නොකඩවාම කරගෙන ගියේය. 1804දී හදිසියේ ඩියම්ගේ මරණය සිදුවීමෙන් ජොසිනී තනි වූවාය. ඔවුන් යළි පෙර පරිද්දෙන්ම ආදරයෙන් බැඳුණි. බීතෝවන් මහා සංගීතඥයකු ලෙස වියානාවේ ප්‍රකට වූයේ මේ වකවානුවේය. ඔහුගේ සංගීත සංධ්වනි කරා ප්‍රංශ අධිරාජයාගේ පවා අවධානය යොමු විය. 

බීතෝවන්ගේ ජීවිතයේ අභ්‍යන්තරය ශෝකාකූල වූයේය. ඔහු සිය නව වන සංගීත සංධ්වනිය ඉදිරිපත් කරන විට ඔහු ශ්‍රවණාබාධයකින් පෙළුණු අතර ඔහුට ඇසුණේ සාමාන්‍ය කථනය පමණි. 1844 වයස අවුරුදු 44 ලබන විට බීතෝවන් සම්පූර්ණයෙන්ම බිහිරි සංගීතඥයකු වූවේය. ඔහු පියානෝව වාදනය කරමින් එය ලස්සන නොවේ දැයි අමුත්තන්ගෙන් විමසුවද ඔහුට ඒ කිසිවක් ශ්‍රවණය වූයේ නැත. නමුත් ඔහු සංගීත ප්‍රස්තාර ලිවීම නතර කළේ නැත. 

 ජොසිනි බ්‍රවුන්ස්වික් සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධය විවාහයක් දක්වා ගෙන යෑමට ඔහුට නොහැකි වූයේ ඔහු දිළිඳු පහළ පන්තියේ මිනි සෙකු වූ නිසාය. බ්‍රවුන්ස්වික් පවුල රදළ ප්‍රභූ පන්තියට අයත් විය. ඇය ඔහුට ආදරය කළාය. එහෙත් ඔවුන්ට එක් විය හැකි පරිසරයක් නොවීය. දරුවන් සිවු දෙනකු ඇගේ පවුලේ වූ අතර 1810දී ජොසිනි බැරන් වොන් සමඟ නැවත විවාහ වීම නිසා බීතෝවන් ඉතා නරක කල දසාවකට ගොදුරු විය. බීතෝවන් උණ රෝගයකටද ගොදුරු විය. ඔහු 1812දී සිය සොහොයුරු ජොහාන් වෙත ගියේය. 

 බීතෝවන් 1827 මාර්තු 26 වැනි දින මියයන විට ඔහුගේ වයස 57කි. අධික මත්පැන් පරිභෝජනය මරණයට හේතුව බව වෛද්‍යවරු නිගමනය කළ ද ඊයම් ශරීර ගත වීම හෝ හෙපටයිටීස් රෝගය ඔහුගේ මරණයට හේතුව බවට විවාදයට තුඩු දෙන අදහස් ඔස්ටි්‍රයාවේ පැතිරිණි. 1862දී බීතෝවන්ගේ දේහය නැවත විශ්ලේෂණය කළේය. 

18 වැනි සියවසේ සංගීතය 19 වැනි සියවසේ රොමැන්ටික් වාදයට පරිවර්තනය කළ මහා සංගීතවේදියා ලුඩ්විග් වැන්  සංගීත සංධ්වනි දහස් ගණනක සංයුක්ත තැටි අදත් ලොව පුරා රසිකයෝ ආදරයෙන් මුසපත් කරති.