26

කොළඹ

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත

හටන

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ ඉතා කෙටි කාල පරිච්ඡේදයකි. සියලු මනුෂ්‍යයෝ ඒ කෙටි කාලය සුරක්ෂිතව ජීවත්වන්නට යුහුසුළු වෙති. අප හැම දෙනාම ජීවිතයට ආදරය  කරන්නෙමු. “කොතැන වුවත් නැත මරු හට බාධා” යන්න දන්නා නිසා උපන්දා සිටම ජීවිතය රැකගැනීමේ මහා සටනක අපි යෙදී සිටින්නෙමු. සියලු සත්වයෝ දුකින් මිදේවා යනුවෙන් අප ප්‍රාර්ථනය කරන්නේ අප මෙන්ම සෙසු සත්ත්ව වර්ගයාද ජීවිතයට ප්‍රේම කරන බව දන්නා නිසාය. මරණයට බිය බව දන්නා නිසාය. 

අපි අපේ දරුවන්ට, මාපිය සහෝදරයන්ට, ඥාතීන්ට, අසල් වැසියන්ට ආදරය කරන්නෙමු. අනුන්ගේ දුකේදී විපතේදී රූරා වැටෙන කඳුළු උල්පතක් දෙවියන් අපට ලබාදී තිබේ. අපේ දුකටත් වඩා අනුන්ගේ දුකට උණුවන හදවතක් අපට තිබේ. අපේ මිනිසත් බව රැඳී ඇත්තේ එතනය. මියෙන තුරා ඒ කඳුළු උල්පත අප රැකගත යුතුය. 

සොබාදහමට, ගහට කොළට, සතා සිවුපාවාට අප ආදරය කරන්නේ දුකේදී උණුවෙන උතුම් හදවතක් අප සතු නිසාය. එය අපට අගනා වස්තුවකි. 

දිනය 2019 වසරේ අප්‍රේල් මාසේ 21 වැනිදාය. එදින කිතුනු බැතිමතුන්ට විශේෂ වූ පාස්කු ඉරිදා දිනය. ඡායාරූපයේ දැක්වෙන්නේ කටාන කටුවාපිටිය දේවස්ථානයේ වම්පස දර්ශනයකි. දේවස්ථාන පරිශ්‍රය පුරා යතුරුපැදි, පාපැදි, ත්‍රීවීල් රථ නවත්වා තිබේ. තැනින් තැන මිනිසුන් විසිර සිටිති. ඔවුන් සිටින්නේ තම මව, පියා හෝ බිරිය පාස්කු දේව මෙහෙයට සහභාගි වී පැමිණෙනතුරුය. උදෑසන 8.00ට ආරම්භ වූ දේව මෙහෙය දැන් නිමා වන්නට ආසන්නය. ඡායාරූපය සටහන් වන වේලාව පෙ.ව. 8.59 යයි. 

දේවස්ථානය ආසන්නයේ සිටින අය නිමාව දකිමින් තිබෙන දේව මෙහෙයට සවන් දෙමින් සිටිති. දෙව් සමි¼දාණන්ගේ සාමයේ පණිවුඩය ඔවුන්ගේ හදවත් භක්තියෙන් පුරවා තිබේ. අල්තාරය අබියස ඉටි පහන් නිවෙන්නට වෑයම් කරමින් දිලෙයි. දේවස්ථානය තුළ බැතිමතුන් 500කට ආසන්න පිරිසක් අසුන් ගෙන සිටිති. ඔවුන් අතර කුඩා දැරියන් සහ කොලු පැටවුද සිටිති. ඔවුන් ඇතමෙක් මවු ඇකයේ හිස හොවා නින්දේය.  

දේවස්ථාන භූමිය කෙළවර වම් පැත්තට වන්නට වයසක අම්මලා කීපදෙනෙක් බිම වාඩිවී සිටිති. තාත්තා කෙනෙක් කුඩා දූ පොඩිත්තියකගේ අතැඟිලි අල්ලාගෙන බැහැරට ගමන් කරමින් සිටී ඔවුන් ඉදිරියට එන තරුණයෙකි. ඔහු උරහිසේ බරැති බෑගයක් එල්ලාගෙන මඳක් ඉදිරියට නැවී බර අඩි තබමින් පල්ලිය කරා වේගයෙන් ගමන් කරයි. අවට සිටින වුන් උදාසීනව ඔහු දෙස බලා ඉවත බලා ගනිති. ඔවුනට මේ ආගන්තුකයාගේ අමුත්තක් නැත. දේවස්ථාන ආලින්දයට ඔහු පය තබන්නේ හරියටම පෙ.ව. 9.00යේ කණිසමටය. ප්‍රධාන ‍ෙදාරටු දෙකක් පසුකර ඉදිරියට යන මිනිසා හරියටම මැද ‍ෙදාරටුවෙන් දේවස්ථානයේ ඇතුළු ගැබ මධ්‍යයට ගමන් කරයි. 

එය මරණයේ නිමේෂයයි. ඒ ඉන්ෂාඩ් අහමඩ් නමැති නොහඳුනන මිනිසා කටුවාපිටිය දේවස්ථානයට රැගෙන ආවේ මරණයයි. ඔහු දෙව්විමන අග්නි ජාලාවක් බවට පත්කරමින් බිහිසුණු බෝම්බයක් පුපුරුවා හළේය. කටාන නගරය මැදින් ඇවිද පැමිණි මිනීමරු ත්‍රස්තවාදී මිනිසා දෙව්විමන මොහොතකින් රුධිර ගංගාවක් බවට පත් කළේය. අඩි 60-70ක් ඉහළ වහලයේ සිට ඇද හැලුණු උළුකැට වර්ෂාවෙන්ද පණ රැකුණවුන්ගේ හිස් පුපුරා ගියේය. රටේ වගකිවයුත්තන් සියල්ලන් දැන සිටි එහෙත් පාස්කු දේව මෙහෙයට පැමිණ සිටි අහිංසක මිනිසුන් කිසිවකු හාංකවිසියක් නොදැන සිටි මාරක බෝම්බය ආදරණීය ජනයා සියයක් මරු තුරුලට කැඳවා තවත් තුන්සියයක් තුවාලකරුවන් බවට පත්කොට බිම හෙළන ලද්දේ තත්පර කිහිපයක් තුළය. දෙවැනි නිමේෂයේ නැඟුණු විලාප හඬ යළිත් කිසි කලෙක අසන්නට නොලැබේවා. සුනු විසුනු වූ වියරු මිනිසාගේ හිස දේව මන්දිරයේ විදුලි පංකාවක රැඳී තිබිණි. 

කිසිවකුට බරක් නැති වරදක් නැති මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත මෙසේ උදුරා ගත්තේ ඇයි. ඔවුන් පාස්කු ඉරිදා උදේ මරා දමන බව ඔවුන්ට නොකීවේ ඇයි. ඔවුන් මරු වැලඳගත්තේ ඔවුන් බිලිගන්නා බව පාලකයන් නිසැක ලෙසම දැන සිටියදීය. අපත් සමඟ ජීවත්වී අකල් හි මරුමුවට පත් අපේ ළබැඳියන් ඔවුන්ගේ ජීවිත උදුරාගත්තේ කවුදැයි දැනසිටියේ නැත. එහෙත් අපි දැන් එය දනිමු. මරණය දුකක් වන්නේ මියෙන්නාට නොව ජීවත්වන්නවුනටය. අපි ඒ දුකෙහි මැරි මැරී ඉපදෙමින් සිටින්නෙමු.   


උදේනි සමන් කුමාර