26

කොළඹ

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට

හටන

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.

ඒ වන විට විජේවීරගේ අම්මා මැසිනෝනා වික්‍රම කළුතොට සිටියේද ඔවුන් සමඟය. ඇයට නිදහසේ ඉන්නට හැකි පරිසරයක්ද එහි නොතිබිණි. අනෙක් අතට විජේවීරට නිවෙසේම රැඳී සිටින්නට සිදු වූයේ කොළඹට තදාසන්න ප්‍රදේශයක් නිසා තම හඳුනාගත හැකි කිසිවකු නෙත ගැටීමේ ඉඩකඩද වැඩිය. 

විජේවීර ඉඳහිට ඔබ්සවර් පත්‍රය ගෙන්වා ඉඩකඩම් ගේ ‍ෙදාර පිළිබඳ දැන්වීම් විමසිල්ලෙන් බැලුවේය. දිනක් එක් දැන්වීමක් කෙරෙහි ඔහුගේ  විශේෂ අවධානය යොමු විය. එය ගම්පොළ නගරයට නුදුරු හැටන් පාරේ පිහිටි ඉඩමකි. නිවෙසක් සහ අක්කර 5ක මිශ්‍ර වගාවක් ඊට අයත් විය. දේපොළවල මුළු වටිනාකම ලක්ෂ 7කි. විජේවීර මේ ඉඩම සම්බන්ධයෙන් පක්ෂය දැනුවත් කළේය. ඒ අතරම ලෙව්වගොඩ වත්තේ මැනේජර් වශයෙන් කටයුතු කළ නෙවිල්ට පැමිණෙන ලෙස දන්වා පණිවුඩයක්ද යැවීය. දින තුනකට පසු නෙවිල් පැමිණ විජේවීර හමු වූයේය.

 “නෙවිල් ඉක්මනට ගිහින් මේ ඉඩමයි වත්තයි බලන්න. මේක අපට හරියන්න පුළුවන්.”

 විජේවීර කීවේය.

 එදින කොළඹ ඥාති නිවෙසක නතරවූ නෙවිල් පසු දිනම ර්ණීඡඵධඹඥප පත්‍රයේ සඳහන් ඉඩම සොයා ගියේය. ඉඩම පිහිටා තිබුණේ ගම්පොළත් නාවලපිටියත් අතර උලපනේ කුඩා නගරයට ගම්පොළ පැත්තට වන්නට පාරේ වම් පැත්තේ තරමක කඳු ගැටයකය. බි්‍රතාන්‍ය පාලන සමයේ ඉඥදබ ථඥපඪඥඵ ඉබචබඥ  නමින් පැවැති විශාල  වතුයාය පසු කලෙක අක්කර හත අටේ කැබැලිවලට කඩා විකුණා දමන ලද්දකි. 

නෙවිල් නාවලපිටිය බසයේ ගොස් වත්තේ ලිපිනය අසල බැස ගත්තේය. බසයෙන් යෑමට තීරණය කළේ වටපිටාවේ ඇවිද කිසිවකුට වැඩිපුර නොදැනෙන්නට තොරතුරු සොයාබලන අටියෙනි. කඳුගැටය වටා දිවෙමින් නිවෙසටම ළඟා විය හැකි පාරක් තිබිණි. වත්තට පාර තිබුණත් කිසිවකුට ලෙහෙසියෙන්  නිවෙස සොයා ගෙන පැමිණිය නොහැකිය. වටපිටාවේ අවශ්‍ය ආරක්ෂාවද තිබිණි. වත්තට වාහනයක් එනවා නම් එය වත්තට ඇතුළු වූ තැන සිටම දර්ශනය වේ. එම පාර වෙනත් නිවාස කිහිපයකට යා හැකි පරිදි වැටී ඇත. යාබද වත්තේ තිබුණේ සුදු මහතකුගේ බංගලාවකි.

නෙවිල් පළමු දිනයේම පාර වැරැදී ගියේ සුදු මහතාගේ බංගලාවටය. ඔවුන් අනෙක් අය ගැන එතරම් හොයන උදවිය නොවන බව ඒ ගමනින්ම තහවුරු විය. නිවෙසේ සිට ඉහළට නැඟුණු කන්ද කෙළවර වන්නේ කැලෑ රොදකිනි. එය සුදු ආණ්ඩුව කඳු මුදුන්වල ඉතිරි කළ වනරොදක් විය යුතුය. 

හැම පැත්තකින්ම වත්ත ආරක්ෂා සහිත බැව් තහවුරු වූයෙන් නෙවිල්ගේ හිතට වැදුණි. නෙවිල් ගිය දවසේ ඉඩම බලා කියා ගන්නා තැනැත්තා වත්තේ සිටියේ  නැත. ඒ නිසාම නිවෙස ප්‍රමාණවත් ලෙස බලා ගන්නට නොහැකි  විය.

දින කිහිපයකට පසු නෙවිල් නැවත විජේවීර හමුවන්නට පාදුක්කේ මීගොඩ ලංගම සහෝදරයාගේ නිවෙසට ගියේය. ගම්පොළ ඉඩම ගැන විජේවීර ඇසූ දහසකුත් එකක් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට ගොස් නෙවිල් ආමාරුවේ වැටුණේය. විභාගය අසමත් විය. එහි ප්‍රතිඵලයක් වූයේ නැවත උලපනේ යෑමට සිදුවීමය. 

ඒ ගමන නෙවිල් විජේවීර අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දිය හැකි වන අයුරු වටපිටාවේ ඇවිද වත්ත අවට ජීවත්වන මිනිසුන් සමඟද කතාවට වැටිණි. කන්දඋඩරට වනරොදින් එහා පැත්තෙන් ගලා බසින ගඟ මහවැලිය බව කන්ද නොනැඟම අවට අයගෙන් අසා දැන ගත්තේය. 

අසල ඇති තේ කඩයකට ගොස් තේ බොද්දී වත්ත බලා ගන්නා වයසක තැනැත්තා නෙවිල්ට හමුවිය. ඔහුත් සමඟ ගොස් නිවෙසේ දොර හැර එහි විස්තර බලා ගත්තේය. එය නිදන කාමර තුනක නිවෙසකි. සාලය, පැන්ටි්‍රය, ආලින්දය එහි වාස්තු අංගයන් විය. නෙවිල් වත්ත බලාගන්නා තැනැත්තා සමඟම ගොස් උලපනේ විද්‍යාලයද දැක බලා ගත්තේය. 

උලපනේ නිවෙස  අයිතිකරුවන් වූයේ තරුණ යුවළකි. බොහෝ කාලයක් ඩුබායි දේශයේ රැකියාව කළ ඔවුන් පදිංචිව සිටියේ නුවර අනිවත්තේය. නෙවිල් වත්ත අයිතිකරුවන් හමුවන්නට අනිවත්තට ගියේ විජේවීර දෙවැනි වර අසන ලද ප්‍රශ්න  මාලාවට පිළිතුරු දී විභාගය සමත් වීමෙන්  පසුය. 

උලපනේ ඉඩම මිලදී ගන්නා බව ඉඩම හිමි යුවළට සැල කිරීමෙන් පසුවද අවස්ථා කීපයක් මහනුවර යන්නට නෙවිල්ට සිදුවිය. සති දෙකකට  පසු ඉඩමේ වටිනාකම ලක්ෂ 7 1/2ක් දක්වා  ඉහළ නැඟ තිබිණි.

උලපනේ ඉඩම අයිති ජයසුන්දරගේ සොහොයුරෙක් මහනුවර උසාවියේ නීතිඥයෙකි. ඔහුගේ කන්තෝරු කාමරයේදී ඔප්පු ලිවීම සිදුවිය. ශාන්ත නිමලසිරි අත්තනායක සහ ශ්‍රියානි චන්දිමා සමරකෝන්  නමට ඔප්පු ලිවීම සිදුවිය.

එම නම් දෙක විජේවීරගේත් චිත්‍රාංගනීගේත් රහසිගත ජීවිතයට ගැළපෙන පරිදි  වෙනස් කළ නම්ය. ඔප්පු ලිවීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් මුදලුත් රැගෙන සිරි අයියා පැමිණ සිටියේය. සිරි අයියා යන නම එවකට භාවිත කළේ සෝමවංශ අමරසිංහය. ඔප්පුවේ දාතම වශයෙන් සඳහන් වූයේ 1988 අගෝස්තු මාසයේ දිනකි.

 ඔප්පු ලිවීමෙන් පසු උලපනේ  ශාන්ත මේරි වත්තට ගිය නෙවිල් දින කීපයක් තුළ නිවෙසේ කැඩුණු බිඳුණු තැන් ප්‍රතිසංස්කරණය කොට ඉඩමද එළිපෙහෙළි කළේය. ඒ සඳහා සහභාගි කරවා ගත්තේ උලපනේ ප්‍රදේශයේම කුලියට වැඩ කරන පුද්ගලයන්ය. ඒ නිසාම විජේවීර උලපනේ ශාන්ත මේරිවත්තේ පදිංචියට පැමිණි බව දැනගත්තේ නෙවිල් පමණි. නෙවිල් බණ්ඩාරවෙල ලෙව්වගොඩ වත්තෙ තිබූ විජේවීර පවුලේ බඩු උපකරණ හා දරුවන්ගේ පොත පත ඇඳුම් පැලඳුම් සියල්ල වත්තේ ලොරියට පටවාගත් නෙවිල් ඒවා උලපනේට රැගෙන ආවේය. එහිදීද අනුගමනය  කළ පිළිවෙළ වූයේ ලෙව්වේගොඩ වත්තේ අය ලවා බඩු පටවා ගෙන උලපනේ වත්තේ වැඩකළ ප්‍රදේශයේ  අය ලවා බා ගැනීමය. එහිදීද අතරමැදි සම්බන්ධීකාරකයා වූයේ නෙවිල් පමණය. එබැවින් විජේවීර උලපනේ ශාන්ත මේරිවත්තේ පදිංචියට පැමිණෙන බව දැන සිටියේ ජනතා  විමුක්ති පෙරමුණේ දේශපාලන මණඩලයේ කිහිපදෙනකු පමණය.

 1988 සැප්තැම්බර් මස 01 වැනිදා විජේවීර, චිත්‍රාංගනී, දරුවන් සහ ඔවුන්ගේ මව උලපනේ නිවෙසට පැමිණියෝය. මීගොඩ නිවෙසේ සිට ඔවුන් පැමිණියේ උපතිස්ස ගමනායක පැදවූ මෝටර් රථයෙනි. නිවෙසට පැමිණි විට සෙස්සෝ නිවෙස තුළට දිව ගියද විජේවීර නිවෙස වටා යමින් අවට නිරීක්ෂණය කළේය. නෙවිල් ඔහු පසුපස යමින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. අන්තිමේදී ඔහුගේ එකඟතාව ලැබිණි.

 “තැන හොඳයි“.

 විජේවීර සෙමෙන් පැවැසීය.

උලපනේ පැමිණීමත් සමඟ කාලයක් ඇනහිට තිබූ දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන්නට ඉඩ හසර ලැබිණි.

 වල්හපුතැන්න විද්‍යාලයෙන් අස්වීම් සහතික ගෙනැවිත් තිබූ අතර එය ලබාගෙන තිබුණේ වල්හපුතැන්න නිවෙස අයිති චිත්‍රාල් චන්ද්‍රසිරි විසිනි. 

වල්හපුතැන්න විද්‍යාලයේ අස්වීම් සහතිකය උලපනේ විද්‍යාලයට දීම නොසුදුසු බව විජේවීරගේ අදහස විය. දින කීපයකට පසු කළුතර ප්‍රදේශයේ පාසලකින් අස්වීම් සහතික දෙකක් පක්ෂය හරහා ගෙන්වා ගන්නා ලදී. ඒවාත් රැගෙන උලපනේ විදුහල්පති හමුවූ චිත්‍රාංගනී වැඩිමහල් දියණිය තුන්වැනි වසරටත් දෙවැන්නී දෙක වසරටත් භාර දුන්නාය.

මේ වකවානුව වන විට රටේ දේශපාලන අර්බුදය පුපුරා යමින් පැවැතියේය. ජවිපෙ දැඩි විරෝධය මධ්‍යයේ පැවැති ජනාධිපතිවරණයෙන් 63%ක ඡන්ද ප්‍රතිඵලයක් හිමිකරගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් බව මීට ප්‍රථම සඳහන් කර ඇත. 1988 දෙසැම්බර් 19  වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී  ඡන්දය පාවිච්චි කර තිබුණේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 55.32%ක් පමණි. 

1988 දෙසැම්බර් මාසයේ 20 වනදා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුව  විසුරුවා හැරියේය. හදිසි නීතිය දීර්ඝ කාලයක් පවත්වාගත්තේ පාර්ලිමේන්තුව මාස්පතා රැස්වී කරනු ලැබූ යෝජනා සම්මතයෙනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා හදිසි නීතියද අහෝසිවී ගියේය. ඒ සමඟම  නඩු  හෝ අධිකරණ නියෝගයක් නොමැතිව හදිසි නීතිය යටතේ රඳවාගෙන සිටි දහසකට වැඩි පිරිසකට නිදහස ලැබුණේය. ආණ්ඩුව වහාම හදිසි නීතිය වෙනුවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ආණ්ඩුවට අවශ්‍ය පිරිස් නැවත සිරගත කළේය. 

ජනාධිපතිවරණය පැවැත්වූයේ  දෙසැම්බර් 19 වැනි දිනය. දෙසැම්බර් 21 වැනිදා ප්‍රේමදාස මහතා කොළඹ අලුත්කඩේ සුචරිත මන්දිරයට ඉන්දීය තානාපති ජේ.එන්. ඩික්සිත් කැඳවා ඇත.

 ප.ව. 06.30ට පැමිණෙන ලෙස ආරාධනා කර තිබූ නමුත් ඔහු රාත්‍රි 07.00 වනතුරු රස්තියාදු කර ඇතුළට කැඳවූ බව ඩික්සිත් ස¼දහන් කර තිබිණි. ඉන්දීය හමුදා සහ ඉන්දු - ලංකා ගිවිසුම සම්බන්ධ තම ස්ථාවරය එහිදී පළ කර ඇති හැකි ඉක්මනින් ඉන්දීය හමුදා ආපසු හරවා යවන්නට තමාට අවශ්‍ය බව ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත. ඩික්සිත් එම තීරණය පිළිබඳව එදිනම ඉන්දීය අගමැති රජීව් ගාන්ධි දැනුවත් කර ඇත. ජනාධිපතිවරයා දිවුරුම් දෙනතුරු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඉවසිල්ලෙන් සිටින ලෙස රජීව් ගාන්ධි උපදෙස් දී ඇත. කෙසේ වුවද ජනාධිපති නිල වශයෙන් දිවුරුම් දීමෙන් පසු ජනවාරි 13 වැනිදා රජිව් ගාන්ධි එවූ විශේෂ පණිවුඩයක සඳහන් වූයේ ඉන්දීය සාම සාධක හමුදාව ආපසු ගෙන්වා ගැනීමට ඉන්දීය රජය එකඟ වන බවය. 

එහෙත් ඔවුන් එක්වරම පලවා හැරියේය යන හැඟීම ජනයා තුළ ඇති නොවන පරිදි ඉන්දීය හමුදා ආපසු ගෙන්වීම කොටස් සිදු කරන බවද රජීව් දන්වා ඇත. ඒ අනුව ප්‍රථම සේනාංක 1989 මාර්තු මාසයේ පිටත්වන බවද දන්වා තිබේ. ඊට පිළිතුරු වශයෙන් ජනාධිපති ප්‍රේමදාස දන්වා යැවූයේ 1989 ජූලි මාසය වන විට හමුදා සම්පූර්ණයෙන්ම ලංකාවෙන් බැහැර විය යුතු බවය. කල් ඇතිව දැනුම්දුන් පරිදිම සාම සාධක හමුදා ඒකක කිහිපයක් මාර්තු මාසයේදී ත්‍රිකුණාමලයෙන් නැව් නැග්ගේය.

 “ප්‍රේමදාස රජය 1989 මාර්තු සිට එල්.ටී.ටී.ඊ.යට රහසිගතව අවි සපයමින් ඔවුන්ගේ ඉන්දීය සාම සාධක හමුදාවට මුහුණදීමේ ශක්තිය වැඩි කළේය. ඒ අතරම එල්.ටී.ටී.ඊ.ය සමඟ අර්ධ නිල සාකච්ඡා ආරම්භ කළේය.

 උතුරු - නැඟෙනහිර ද්‍රවිඩ රජයේ මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් තමා අස්ථාවර මට්ටමකට පැමිණ සිටින බව තේරුම් ගත්තේය. ශ්‍රී  ලංකා රජය පෙරුමාල්ගේ පළාත් සභාව සමඟ ගනුදෙනු කිරීම ප්‍රතික්ෂේප කළේය. පෙරුමාල් සහ ඔහුගේ ඇමැති මණ්ඩලය සම්බන්ධයෙන් වඩාත් බලපෑම්කාරී ලෙස හැසිරෙන්නැයි උතුරු - නැඟෙනහිර ආණ්ඩුකාරයාට උපදෙස් දී තිබිණි.”

 (කොළඹ භූමිකාව - ජේ.එන්. ඩික්සිත්)   

 “1989 පෙබරවාරි 15 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමෙන් පසුවද ජවිපෙට එරෙහි මර්දනය දිගටම පැවැතියේය. හදිසි නීති රෙගුලාසි අහෝසි වී ජවිපෙ තහනමද අහෝසි වී තිබිණි. නමුත් මර්දනය අඩු නොවීය. රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩනැඟූ ඝාතන කල්ලිද දිගටම ක්‍රියාත්මක වෙමින් ජවිපෙ සාමාජිකයන් මරා දමන්නට වූයේය. 1989 වන විට ආණ්ඩුවේ මර්දනය හේතුවෙන් ජවිපෙ අත්දැකීම් සහගත පරිණත සංවිධායකයන් විශාල සංඛ්‍යාවක් පක්ෂයට අහිමිව තිබිණි. ඒ අතරම එම හිඩැස පිරවීමට අලුතෙන් උරාගත් අය අත්දැකීම් රහිත විනයකට හුරු නොවූ අය වීමත් සමහරු අරගලයේ අස්වාදය තුළ ඊට සම්බන්ධ වූ නවක අය වීමත් තවත් සමහරු පෞද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමත් නිසා අරගලයේ ගුණය හා විනය කිසියම් පිරිහීමකට ලක් වෙමින් තිබිණි.”

ජවිපෙ පක්ෂයේ ඉතිහාසය (159 පිට)

 විජේවීර උලපනේ නිවෙසේ වාසයට පැමිණීමත් සමඟ පවුලේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් විය. විජේවීර පක්ෂයේ කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවන්හි ගමනායක හෝ අමරවංශ පැමිණ ඔහු කැටුව ගියේය. පක්ෂයේ සාකච්ඡා  සඳහා  ගලහ ප්‍රදේශයේ  නිවෙසක් යොදාගෙන තිබිණි.

ඉතා පරීක්ෂාකාරීව පවත්වාගෙ ගිය ගලහ නිවෙස යොදා ගත්තේ දේශපාලන මණ්ඩලයේ  විශේෂ රැස්වීම් ස¼දහාම පමණි. ගම්පොළ උලපනේ සිට ගලහ දක්වා ගමන්  කිරීමට ඔවුන් නිල්ලඹ  හරහා වැටුණු අතුරු පාරක් පාවිච්චි කළේය. වතු යායවල් හරහා වැටුණු එම මාර්ගය ඉතා ආරක්ෂිත එකකි. ඒ දිනවල පැවැති දැඩි මර්දනකාරී වාතාවරණය යටතේ මහනුවර නගරය ඔස්සේ ගමන්  කිරීම අතිශය අවදානම් කටයුත්තක් විය. ගලහ පැවැති සාකච්ඡා සඳහා  අතුරු පාරවල් යොදා ගනිමින් පැමිණීමට දේශපාලන මණ්ඩලයේ හැම දෙනාම පුරුදුව සිටියහ.