27

කොළඹ

නවතම පුවත්

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019

පළාත් කිහිපයකට මි.මී.100ක පමණ තද වැසි

09:00 AM May 22 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

යකඩ යකාගේ පැටිකිරිය

හටන

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්තයේ ග්‍රිනොක් නම් ස්ථානයේ ගණිත උපකරණ සාදන්නෙකි. හෙතෙම 1769දී ප්‍රථම වාෂ්ප යන්ත්‍රය සෑදුවේය. එය වතුර ඇදීම පිණිස යොදා ගත්තේය. පළමු යකඩ නෞකාව සාදන ලද්දේ ක්‍රි.ව. 1790දීය. වාෂ්ප එන්ජිමක් සවිකළ ප්‍රථම දුම් නැව 1812දී ක්ලයිව්ඩ් නදියේ පහළට ගමන් කළේය.

ජෝර්ජ් ස්ටීවන් විසින් වාෂ්ප බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රයක මූලධර්මය තහවුරු කිරීමත් සමඟ කාර්මික විප්ලවය ආරම්භ විය. මිනිස් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය එය වූයේය. අද දක්වා සිදුවෙමින් පවතින්නේ එම මූලික සිද්ධාන්තය වැඩිදියුණු කිරීම පමණි. ජෝර්ජ් ස්ටීවන්ගේ චලන යන්ත්‍රය ප්‍රථමයෙන් යොදාගත්තේ ගල් අඟුරු ගෙනයෑමටය. එහි උපරිම වේගය වූයේ පැයට සැතපුම් තුනකි. එය යකඩ පීලී මත ධාවනය කිරීමෙන් දුම්රිය මාර්ග පිළිබඳ අදහස ඇති විය. එහෙත් බි්‍රතාන්‍යයෝ තම ඉඩම් මතින් එවැනි කටුක මාර්ගයක් දිවෙනවාට විරුද්ධ වූහ. 1818දී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට දුම්රිය මාර්ග ඉදිකිරීමේ පනතක් ඉදිරිපත් වූ අවස්ථාවේ එය පරාජයට පත්ව ඇත.

මේ වකවානුවේ බි්‍රතාන්‍යයේ උතුරු ප්‍රදේශයේ කපු වගාව ශීඝ්‍රයෙන් දියුණු වූ අතර කපු නගර ගණනාවක් අලුතෙන් බිහි වූයේය. 1801 පවත්වන ලද ප්‍රථම ජන සංගණනයට අනුව බි්‍රතාන්‍යයේ ජනගහනය ලක්ෂ 90ක් වූ අතර 1821 වන විට එය ලක්ෂ 120 දක්වා ඉහළ නැංගේය. වෙළෙඳ ද්‍රව්‍ය ප්‍රවාහනය අර්බුදයක් වූ අතර සාම්ප්‍රදායික අශ්ව කරත්තය කිස්සේත් ඊට සෑහුණේ නැත.

රට අභ්‍යන්තරයේ භාණ්ඩ ප්‍රවාහනයේ එකම හා හොඳම විකල්පය ලෙස දුම්රිය කෙරෙහි අවධානය යොමු වූයේය. එහි ප්‍රතිඵලය වූයේ  ස්ටොක්ටන් සිට ඩාර්ලිංටෙන් දක්වා පළමු දුම්රිය මාර්ගය 1825දී විවෘත කිරීමය.

පළමු දුම්රිය මාර්ගය සාර්ථක වීමත් සමඟ තම ධනය දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා යෙදවීමෙන් ලැබෙන ලාභය දුටු ව්‍යාපාරිකයෝ දුම්රිය මාර්ග තනනු පිණිස නිර්ලෝභීව වියදම් කිරීමට ඉදිරිපත් වූහ. 1829දී මැන්චෙස්ටර් - ලිවර්පූල් දුම්රිය මාර්ගයද ඉදි විය. ඉන් අනතුරුව බි්‍රතාන්‍ය ව්‍යාපාරිකයෝ නව සමාගම් පිහිටුවා ගනිමින් පවුම් සිය දහස් ගණන් යොදවමින් සිතිය නොහැකි තරම් ඉක්මනින් මහා බි්‍රතාන්‍ය දුම්රිය මාර්ගවලින් වැසූහ.

දුම්රිය මාර්ග සංවර්ධනය මහා විස්මිත කාර්යයක් වන්නේ අවුරුදු 25ක් තුළ එංගලන්තය පුරා දුම්රිය මාර්ග සැතපුම් 6,000ක් ඉදිකර තිබූ නිසාය. 1834 වන විට දුම්රියෙන් ගමන් කළ මගීන් සංඛ්‍යාව ලක්ෂ 230කි. 1846දී දුම්රිය  සම්බන්ධ විශේෂ පනතක් ඉදිරිපත් වූ අතර එමඟින් දුම්රියෙන් සැතපුමක් ගමන් කිරීම සඳහා අය කළයුතු ගාස්තුව පැන්ස 1ක් වශයෙන් නියම කර තිබේ. දුම්රිය ගමනා ගමනයේ වේගවත් සංවර්ධනයට අනුරූපව ගල් අඟුරු ආකර කර්මාන්තයද දියුණු වූයේය. 

ශ්‍රී  ලංකාව එවකට බි්‍රතාන්‍ය යටත් විජිතයක්. 1815 උඩරට ගිවිසුමෙන් ලංකාව British Colonial Government වෙත පවරා දී තිබිණි. බි්‍රතාන්‍ය ආණ්ඩුව 1864 වන විට කොළඹ සිට අඹේපුස්ස දක්වා සැතපුම් 34ක දුම්රිය මාර්ගය ඉදිකර ගමනාගමනය ආරම්භ කළේය. 1924 වන විට ලෝකයේ දුෂ්කරම දුම්රිය මාර්ග අතරට වැටෙන බදුලු දුම්රිය මාර්ගයේද වැඩ අවසන් කළේය.

1825 බි්‍රතාන්‍ය දුම්රිය සේවය ආරම්භ වූ අතර වසර 25ක් වන්නට ප්‍රථම ලංකාවේ දුම්රිය සේවයද ආරම්භ කෙරිණි. කාර්මික විප්ලවය ලෝකය පුරා ව්‍යාප්ත කරවීමට යකඩ යකා කළ සේවය අසීමිතය. එහි ප්‍රමුඛ ගෞරවය හිමි වනුයේ ජෝර්ජ් ස්ටීවන්සන්ටය.


මාලි ලුවිස් ගේබි්‍රයෙල්