28

කොළඹ

වැල්ලවාය බෝගහපතල රක්ෂිතයේ විශාල ගින්නක්- අක්කර 50ක් පමණ විනාශ වෙලා

වැල්ලවාය බෝගහ්පතන මිරිස් ඇටහෙල කඳු රක්ෂිතයේ ඊයේ (23) දහවල් ග

09:07 AM May 24 2019

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහනම්

හටන

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග වැද ඉන් ජය ගත්තේ විවියන් ගුණවර්ධන මහත්මියයි. ඇය එජාපයේ සිල්වා විජයරත්න මහතාට වඩා වැඩි ඡන්ද 7,352ක් ලබාගෙන තිබිණි. ඇගේ සැමියා වූ ලෙස්ලි ගුණවර්ධන පානදුර අසුන ජයගෙන පාර්ලිමේන්තුවට ආවේය.

1956 පාර්ලිමේන්තුවට ආ  අනෙක් අඹු-සැමි යුවළ වූයේ අවිස්සාවේල්ල දිනූ මහජන එක්සත් පෙරමුණේ පිලිප් ගුණවර්ධන සහ කිරිඇල්ල අසුන දිනූ කුසුමා ගුණවර්ධන යුවළයි.

විවියන් ගුණවර්ධන අන් මන්ත්‍රිවරියන්ට වඩා සුවිශේෂී වෙනසක් පළ කළ කාන්තාවක වූවාය. විප්ලවීය දේශපාලනයේ දක්නට ලැබෙන සටන්කාමී චරිතයක් වූ ඇය වරෙක පොලිස් ප්‍රහාරවලටද මුහුණ දුන්නාය. වරෙක හිරබත් කෑවාය.

වාමාංශික ව්‍යාපාරයේ රැඳි බොරළුගොඩ පිලිප්-රොබට් දෙදෙනාගේ වැඩිමහල් සොහොයුරිය වූ එමිලි ඇන්ජලින්ගේ දියණියක වූ විවියන්ගේ පියා වෛද්‍ය ඩී.ඒ. ගුණතිලකය.

විවියන් සිය සොහොයුරිය වූ ටියුලින් සමඟ නේවාසිකව සිප් සතර හැදෑරුවේ කොළඹ මියුසියස් බාලිකාවෙනි. ලන්ඩන් මැට්රිකියුලේෂන් විභාගය සමත් වුවද පියා ඇයව විශ්වවිද්‍යාලයට යැවීමට  කැමැති වූයේ නැත. මාමා වූ රොබට් ගුණවර්ධනගේ රහසිගත වැඩපිළිවෙළක් අනුව ඇය කොළඹ යුනිවර්සිටි කොලීජියට එක්ව ඉන් උපාධිය ලැබුවාය.

ලංකාව පුරා පැතිරී ගිය මැලේරියා වසංගතයේදී සූරියමල් ව්‍යාපාරය සමඟ එක්ව රෝගී ජනතාව සුවපත් කිරීමට ඇයද එම පිරිසට එක් වූවාය.

1937 අප්‍රේල් මාසයේදී ආණ්ඩුකාර ආර්.ඊ. ස්ටබ්ස් විසින් මාක් ඇන්ටනි බේ‍රස්ගර්ඩ්ල් නමැත්තාට ලංකාවෙන් පිටවීමට නියෝගයක් නිකුත් කර තිබිණි. දින එකොළහක් පොලිසිය මඟහරිමින් රහසේ සැඟවී සිටි බේ‍රස්ගර්ඩ්ල් එම මැයි 5 වැනිදා කොළඹ රැස්වීමකට සහභාගි වෙයි. තම පුංචි අම්මා වූ කැරොලයින් ගුණවර්ධන සමඟ විවියන්ද එම රැස්වීම නැරැඹීමට ගියාය.

රැස්වීම නිමාවූ පසු මාමා වූ පිලිප්, විවියන්ටත් සොයුරියටත් රාත්‍රි ආහාරයට ආරාධනා කළේය. එය සූදානම් කර තිබුණේ කොළඹ ටුවෙන්ටියත් සෙන්චරි ක්ලබ් හෝටලයේය. ඒ රාත්‍රි භෝජන සංග්‍රහයේදී හමුවූ ලෙස්ලි ගුණවර්ධන එදින තම ආදරය ප්‍රකාශිත සටහනක් විවියන්ට ලැබීමට සැලැස්වූයේය. එහෙත් විවියන්ගේ පියා ඔවුන් අතර සම්බන්ධයට එරෙහිව සිටියේය. එබැවින් විවියන්-ලෙස්ලි ආදර කතාව නිමවූයේ අධිකරණයෙනි.

ලෙස්ලි ගුණවර්ධනගේ අයිතිවාසිකම් වෙනුවෙන් එදා උසාවියේ පෙනීසිටියේ නීතිඥ ජේ.ආර්. ජයවර්ධනය. දෙපාර්ශ්වයේ කරුණු දැක්වීමෙන් අනතුරුව ඔවුන්ගේ විවාහයට අවසර ලැබිණි. 1939දී විවියන්-ලෙස්ලි අතිනත ගත්හ.

1940 දී විවියන් රෝහල්ගත වූයේ කුලුඳුල් දරුවා බිහි කිරීමටය. ලෙස්ලි ඇය බලන්නට රෝහලට ආවේ හෙදියක ලෙස වෙස් වළාගෙනය.

සම සමාජ පක්ෂ නායකයන් බෝගම්බර හිරගෙදරට කොටුවී සිටි අවස්ථාවේ පක්ෂයේ නියමය වූයේ ඔවුන් සියලුදෙනා ඉන්දියාවට පැන යා යුතු බවය. අවසානයේ ඔවුන් හිරගෙදරින් පැන ඉන්දියාවට ගියේය. 1941 දෙසැම්බරයේ විවියන්ටද ඉන්දියාවට යෑමට සිදු විය.

ලෙස්ලි, ඉන්දියාවේදී ට්‍රොස්කිවාදී කණ්ඩායම් එක්රැස් කිරීමේ කටයුතුවල නිරත වූයේය. මදුරාසිය, දිල්ලිය, බොම්බාය, ගෝව ආදී ප්‍රදේශවල ආරූඪ නම්වලින් පෙනී සිටිමින් බි්‍රතාන්‍ය පාලකයන්ට එරෙහිව දේශපාලන ගමනක නිරතවෙමින් විවියන්ද  ඔහු සමඟ වසර පහක දුෂ්කර හා බියකරු කාලයක් ඉන්දියාවේ ගත කළාය.

දෙවැනි ලෝක සංග්‍රාමය නිමා වූ පසු යළි ලංකාවට ආවද ඒ වන විට ලංකා සම සමාජ පක්ෂය දෙකඩ වී තිබිණි. බොල්ෂෙවික් ලෙනින්ස්ට් පක්ෂය කොල්වින් ආර්. ද සිල්වාගේ නායකත්වයෙනුත් ලංකා සම සමාජ පක්ෂය පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙනුත් ඇරැඹී තිබිණි. විවියන් එක්වූයේ බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයටය.

1947 දී ඇය ගෙන් ගෙට ගියේ කොළඹ මහ නගර සභා මැතිවරණය වෙනුවෙනි. හැව්ලොක් ටවුම අසුන නියෝජනය කරමින් 1954 වනතුරුත් නැවත 1960 සිට 1969 දක්වාත් ඇය කොළඹ නාගරික මන්ත්‍රි ධුරයේ කටයුතු කළාය.

1953 හර්තාලයේදී එජාපයට එරෙහිව ජනතාව කළු කොඩි එසවූ අවස්ථාවේ කොළඹ මහ නගර සභාවේ වහලයේ කුඹගසේ කළු කොඩියක් එසවූයේ විවියන්ය. 1956 පැවැති මහ මැතිවරණයෙන් ජය ගත් විවියන් පාර්ලිමේන්තුවට පාතැබුවාය. එහෙත් 1960 මැතිවරණයෙන් ඇය පරාජයට පත් වූයේ ඡන්ද 144කිනි. 1964දී බොරැල්ල අසුන සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් ජයගෙන විවියන් යළි පාර්ලිමේන්තුවට පිවිසියාය. ඇය එම ජුනි මාසයේදී ශ්‍රීලංකා-සම සමාජ සභාග ආණ්ඩුවේ පළාත් පාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ උප ඇමැතිනිය වූවාය. මෙරට උප ඇමැති පදවියකට පත්වූ ප්‍රථම කාන්තාව වූයේ ඇයයි.

1970 මහ මැතිවරණයට දෙහිවල-ගල්කිස්ස ආසනයට තරග වැදුණු විවියන් එම අසුනද දිනා යළි පාර්ලිමේන්තුවට ආවාය. 1983 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී සාමය හා නිරායුධකරණය වෙනුවෙන් පැවැති රැස්වීමකට විවියන් සහභාගි වූවාය. ඇමෙරිකානු තානාපති කාර්යාලය දක්වා පෙත්සමක් භාරදීමට ගිය ගමනේදී පොලිසිය ඊට අවහිර කළේය.

මේ අවහිරය ගැන කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ එහි ස්ථානාධිපතිවරයා හා කොස්තාපල් කෙනකු ඇයට කළ පහරදීම එදා සමස්ත කාන්තා පරපුරම හෙළා දුටුවෝය.

1965 බොරැල්ල අසුනින් විවියන් පැරදුණේ එම්.එච් මොහොමඩ්ටය. එබැවින් ඇය ‘ජනදින’ පත්‍රයේ සේවයට ගියාය. අසුන දිනූ එම්.එච්. මොහොමඩ් එම ආණ්ඩුවේ කම්කරු, රැකීරක්ෂා හා නිවාස ඇමැතිවරයා විය.

විවියන් ‘ජනදින’ පත්‍රයට පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමට පුවත්පත් වාර්තාකරුවන්ගේ ගැලරියට වී සිටි අවස්ථාවක ඇමැති මොහොමඩ් ඇය සිටිනා තැන දුටුවේය.

කුමන මොහොතක හෝ ඇයට ඇනුම්පදයක් කීමට ඇමැති මොහොමඩ් අවස්ථාවක් එනතුරු බලා සිටියේය. දිනක් ඊට අවස්ථාව උදා විය.

විවියන් එදා පුවත්පතක පළ කළ පුවතක් අල්ලාගෙන පාර්ලිමේන්තුව අමතමින් සිටි ඇමැති මොහොමඩ් එක් අවස්ථාවක විවියන් සිටි පුවත්පත්  ගැලරිය දෙස බලමින් මෙසේ කීවේය.

“ගරු කථානායකතුමනි, මාත් සමඟ බොරැල්ල අසුනට තරග කළ කාන්තාව පරාජයට පත්වුණා. නමුත් පොඩි වෙනසක් තිබෙනවා. ආසනය දිනුවත් මම යට. ඇය උඩ.”

ඇමැතිවරයාගේ කතාව ඇසුණු විවියන්ට උන්හිටිතැන් අමතක විය.

පය ලා සිටි සෙරෙප්පුව අතට ගත් අෑ එය පෙන්වමින් ‘මම දෙන්නෙ එයාට සෙරෙප්පුවෙන්’ යැයි කීවාය.

සභා ගැබේ සිටි මන්ත්‍රිවරුන් සිද්ධිය දුටුවේය. සිදුවූයේ කුමක්දැයි කථානායක ඇල්බට් එෆ්.පීරිස් ආසන්නයේ සිටි පාර්ලිමේන්තු නිලධාරියකුගෙන් විමසුවේය.

සිද්ධිය දැනගත් කථානායකවරයා විවියන්ට සති දෙකකට පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළුවීමට තහනම් කළේය.

පාර්ලිමේන්තුව කල් තැබූ විගසම විවියන් ගැලරියේ සිට මන්ත්‍රිවරුන් පිටවන ‍ෙදාරටුව දෙසට ගියේ ඇමැති මොහොමඩ්ට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමටය.

එහෙත් සිද්ධිය දුර දිග යනු දුටු මන්ත්‍රි ජේ.ආර්. ජයවර්ධන, ඇමැති මොහොමඩ්ව ඒ වන විට වෙනත් ‍ෙදාරටුවකින් පිටතට යවන්නට කටයුතු කළේය. සෝපානය ළඟ රැකගෙන සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විවියන් සන්සුන් කර පිටතට කැඳවාගෙන ගියාය.

බන්ධුල ගුණරත්න