26

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා

හටන

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?

වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබිය යුත්තේ අම්මා යන වෘත්තියටයි. 

 ඒ 2017 නොවැම්බර් 18 දින චීනයේ පැවැති මිස් වර්ල්ඩ් තරගයේදී ප්‍රශ්න අසන අවසාන වටයේදී මනීෂා චිල්ලර්ට ලැබුණ ප්‍රශ්නය හා ඇය එයට දුන් පිළිතුරයි.

මෙම තරගයේදී ඇය ඉදිරිපෙළ වඩිවී සිටි තම මවුපියන් දෙසද බලමින් ඇය පැවැසූ ඒ ආකර්ෂණීය වදන් කිහිපය ඒ වන විට දාහත් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක්ව සිටි මනීෂා ජයග්‍රාහිකාව බවට පත් කළාය. වෛද්‍ය මවුපිය යුවළකගේ දියණියක් වශයෙන් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ 1997 මැයි 14 දින උපත ලබා ඇති මනුෂි ඇගේ නමටම ගැළපෙන පරිදි කුඩා කල සිටම මානුෂික හැඟීම්වලින් යුතු වූවාය. 

Beauty is Skin deep  යැයි කියමනක් ඇත. එනම් රූප සොබාව යනු සමේ ගැඹුරට එහා නොයන නොවැදගත් දෙයක් බවයි. එහෙත් එය නිවැරැදි නොවන බව පෙන්වමින් මනුෂි සුන්දරත්වය අරමුණක් සඳහා  beauty with a purpose යන වැඩසටහන ඉදිරියට ගෙන යන්නේ මෙතෙක් අවධානය අඩුව තිබූ ක්‍ෂේත්‍රයකිනි. එනම් කාන්තාවක් සෞඛ්‍ය සම්පන්නව සිටීමේ ඇති වැදගත්කමයි. 

 මා මධ්‍යම පාන්තික සමාජයක හැදී වැඩුණු නිසා සමාජයේ ඇති සැබෑ තත්ත්වය ගැන නිසි අවබෝධයක් තිබුණේ නැහැ. ඒත් වෛද්‍ය සිසුවියක් ලෙස අධ්‍යාපනය ලබද්දී ඉන්දියාවේ පහළ ආර්ථික මට්ටමෙන් ජීවත් වන කාන්තාවන් ගත කරන අයහපත් සෞඛ්‍ය තත්ත්වය මා දුටුවා. ඒ වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද? සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට හැකි තැනක මා අද ඉන්නවා. මා වෙත යොමු කරන ඒ ඇස් මගේ රූප සොබාව පමණක් දැකීම නොවේ මගේ අභිප්‍රාය. මම ඒ ඇස් මෙතෙක් නොදුටු කරුණක් වෙත යොමු කරවනවා. එනම් කාන්තාවකගේ ප්‍රජනන සෞඛ්‍ය කොතරම් වැදගත්ද යන්න. අද ඉන්දියාව ඇතුළු බොහෝ රටවල අවම කාන්තා අවශ්‍යතාවක් වන සෞඛ්‍යමත් සනීපාරක්‍ෂක තුවා පහසුකමකටවත් හිමිකම් නෑ. වයස අවුරුදු ‍ෙදාළහේ සිට වයස හතළිස් පහක් පනහක් දක්වා මාසයකට ‍ෙදාළොස් වතාවක් අපිරිසුදු රෙදි කැබලිවල සහාය පතන්න ඔවුන්ට සිදුවෙලා. පිරිමි ඇසින් වසන් කරමින් ඒවා අඳුරු මුලුවල සඟවමින් පාවිච්චියට ගන්නේ. සුඛෝපභෝගී මිල අධික පාරිභෝගික භාණ්ඩයක් බවට පත් කර ඇති මෙය සෑම පලදායි වයසේ සිටින කාන්තාවන් වන නොමිලේ ලබා දිය යුතු නොවේද? එහෙත් අද විශාල සමාගම් මේ කාන්තාවක මුහුණ දෙන ජීව විද්‍යාත්මක සංසිද්ධිය විකුණාගෙන කෝටිපතියන් බවට පත්වෙලා.”

කාන්තා ප්‍රජනන සෞඛ්‍යය ගැන දැනුවත් කිරීමේ මෙම පණිවුඩය ලෝකයේ රටින් රට ගෙන යෑමට ඇය සමඟ තවත් ලෝක කිරුළ හිමි කරගත් සුන්දරියන් රැසක්ද ලොව පුරා සංවිධාන රාශියක්ද ඇය හා එක්ව සිටී. 2018 ඉන්දියාවේ ආකර්ෂණීයම කාන්තාව බවටද පත්වූයේ ඇයයි. මනීෂා නාට්‍ය හා රංග කලාවද හදාරා ඇති දක්ෂ නැටුම් ශිල්පිනියක්ද වේ. ඇගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍ය උපාධියෙන් පසු හෘද රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍යවරියක වීමට පශ්චාත් උපාධිය හැදෑරීමයි. මිස් වර්ල්ඩ් කිරුළ ලැබීමෙන් පසු ලොව පුරා සංචාරය කරමින් ඇය විසින් සමාජ සේවය සඳහා විශාල ධනස්කන්ධයක් උපයන ලදී. බ්‍රසීලයේදී පැවති වැඩසටහනකදී ඩවුන්ස් සින්ඩේ‍රා්ම්වලින් පෙළුණු මන්ද මානසික දැරියක් සමඟ වේදිකාවට නැඟුණු ඇය එයින් ලැබුණු මුදල් මන්ද මානසික දැරියන්ගේ අභිවෘද්ධියට යොදවන ලෙස ඉල්ලා සිටි මොහොත එරට වැසියන්ට සංවේදී අවස්ථාවක් විය.

මනූෂා පවසන්නේ මෙතරම් කෙටි කලකින් ලොව පුරා සැරිසරමින් විශාල සමාජ සේවයක් කළ හැකි වූයේ ඇගේ කිරුළ නිසා බවය.

“සමාජය යහපත් තැනක් කිරීමේ වගකීම ඇත්තේ අප අතේ. සෑම දෙයටම දේශපාලනයට ඇඟිල්ල දිගු නොකොට යහපත් පුරවැසියන් ලෙස අපි අපේ වගකීම ඉටුකරමු.” ඒ ලෝක රූ රැජනකගේ කාරුණික ආයාචනයයි.


වෛද්‍ය ලංකා සරිවර්ධන