28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

ඇමෙරිකානු දේශපාලනයට රතු තරුවක් වූ කළු කෙල්ල Alexandria Ocasio Cortez ඇලෙක්සැන්ඩ්‍රියා ඔකේසියෝ කෝටෙස්

හටන


2019 ජනවාරි 3 වැනි දින ඇමෙරිකානු දේශපාලන ලොව කලඹමින් හදිසියේ කඩාපාත් වූ තරුව ඇලෙන්සැන්ඩ්‍රියා ඔකේසියෝ කෝටෙස්ය. නිතර මුව පුරා සිනාවෙන සරල යුවතියකගේ පෙනුමකින් යුතු තරුණියක වන ඇය කිසිදු දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව අෑ සතු නිසග පෞර්ෂයයෙන්ම ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට ඡන්දයෙන් තේරී පත්වූ  ළාබාලම මන්ත්‍රිවරිය බවට පත් වූයේ සියල්ලන්ම විස්මයට පත් කරමිනි. වාමාංශික අදහස් දරන ඇය තමාව හඳුන්වා ගන්නේ “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදිනියක” ලෙසය. ජනතාව අතර ඇය Aoc නම් වූවාය. 

ඇලෙක්සැන්ඩ්‍රියා උපත ලබන්නේ 1989 දීය. පුවටෝරිකෝහි උපත ලද ඇගේ මවත් ඇමෙරිකානු පියාත් නිසා ඇයට උරුම වී ඇත්තේ මිශ්‍ර සම්භවයකි. “අපි කළුයි, අපි ස්වදේශිකයන්, අපි ස්පාඤ්ඤයන්, අපි යුරෝපීයයන්” යනුවෙන් ඇය පවසන්නේ එය තහවුරු කරමිනි. 

2018 ජුනි 26 පැවැති ප්‍රාථමික මැතිවරණයේදී දස වසරක අත්දැකීම් තිබූ ජෝ ක්රෝලි නම් වැඩිහිටි ප්‍රතිවාදියා පරදවා 57%ක් ලබා වැඩි ඡන්ද 15%කින් ජය ලබා ඇය දේශපාලන සටන් බිමට අවතීර්ණ වූවාය. ඇගේ මැතිවරණ ව්‍යාපාරයේ පෝස්ටර් ආදිය විප්ලවවාදී ස්වරූපයක් ගෙන තිබූ අතර එහි සඳහන් වූ “සමාජවාදී” යන පාඨය ප්‍රතිවාදීන් වූ අන්ත ධනවාදීන්ට ඇහේ කටු අනින්නාසේ විය. ඇය නියෝජනය කරන්නේ 50%ක සංක්‍රමික ජනගහනයක් වෙසෙන ජීවන ගැටලු උපරිමයෙන් පිරි ඡන්ද කොට්ඨාසයක් වූ නිව්යෝර්ක් 14 වැනි දිස්ත්‍රික්කයයි. ධනවාදයේ අත්තනෝමතික ක්‍රියාවලින් හෙම්බත්ව සිටින ඇමෙරිකානු මැද පන්තියේ සහ පහළ ස්තරවල ජනතාව මැතිවරණයේ ආකර්ෂණීය සටන් පාඨවලට ඇදී ගියේ නිතැතින්මය. “සියල්ලන්ට සෞඛ්‍ය, උසස් අධ්‍යාපනය දක්වා නොමිලේ අධ්‍යාපනය, නොමිලේ වෘත්තීය පුහුණුව, හැකියාවට අනිවාර්ය රැකියාවක්, ගෝලීය උණුසුම පිටු දැකීමට Green new deal නම් පරිසර සංරක්ෂණ වැඩසටහනක්, සරණාගතයන්ගේ පැමිණීම සඳහා වූ දැඩි ප්‍රතිපත්ති ලිහිල්කරණය, ඩොලර් මිලියන 10ට වැඩි ආදායම් ලාභීන්ගෙන් 70%ක් දක්වා බදු අය කිරීමක්” ආදිය ඒ අතරින් කැපීපෙනිණි. 

The new york times, Gardian  ආදී පුවත් පත් සහ CNN ආදී මාධ්‍ය ඇගේ ජයග්‍රහණය වාර්තා කර තිබුණේ ඇමෙරිකානු දේශපාලනයේ මෑතකදී සිදුවූ “ලොකුම අප්සෙට් එක” ලෙසය. 

බොස්ටන් විශ්වවිද්‍යාලයෙන් අන්තර්ජාතික සම්බන්ධතා සහ ආර්ථික විද්‍යා උපාධියට ඉගෙන ගනිමින් සිටි සමයේ ඇගේ පියා පිළිකාවකින් මිය ගියෙන් ආර්ථික අපහසුතා නිසා ආපනශාලා වේටර්වරියක ලෙස සේවය කරන්නට සිදු විය. ඒ නිසාම ප්‍රතිවාදීන්ගේ මඩ ප්‍රහාරවල ඇයට නම වැටී තිබුණේ “වේටර් කෙල්ල” ලෙසය. 

ගිය ගිය තැන මාධ්‍යවේදීන් ඇගෙන් නිතර ඇසූ පැනයක් තිබිණි. 

මොකක්ද මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (Democratic Socialists) යනුවෙන් ඔබ අදහස් කරන්නේ? මේ ඇලෙක්සැන්ඩ්‍රියාගේ පිළිතුරයි. 

“අද ඇමෙරිකාව දෙස බලන්න. ධනවාදයේ හිණපෙත්තේ හිඳ අතළොස්සක් පිරිස සුර සැප විඳිනවා. ඉතා විශාල පහළ මධ්‍යම පාන්තික හා ඊටත් පහළ සමාජ ස්තර ජීවත් වීම සඳහා අරගලයක යෙදෙනවා. උද්ධමනය එන්න එන්නම වැඩි වෙනවා. 

මේ පවතින තත්ත්වය උඩු යටිකුරු කරන ආර්ථික විප්ලවයකින් මිස මෙයට විසඳුම් හොයන්න බැහැ. ඇමෙරිකාවේ ඉපදෙන සෑම පුරවැසියකුටම සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස, රැකියා වැනි මූලික අවශ්‍යතා සමානව ලැබිය යුතුයි. මා අනුගමනය කරන්න බලාපොරොත්තු වන්නේ අද පවතින මේ ධනවාදී රාමුව කඩා බිඳ දමන්න. ඒත් එයින් අදහස් වෙන්නේ නෑ කියුබාව වැනි සමාජවාදී රටකට ඇමෙරිකාව හැරවිය හැකියි කියා. ඒත් ඒ සමාජවාදී ප්‍රතිපත්තිවල ප්‍රායෝගිකව අපට යොදා ගත හැකි බොහෝ දේ තිබෙනවා. 

ඒ සියල්ලත් අනුගමනය කරමින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහි කර ගැනීමයි අපේ අරමුණ. එය බොහෝ දුරට නෝර්වේ, ස්වීඩන් වැනි රටවල දක්නට ලැබෙන ජනතාවාදී, ජනතා අවශ්‍යතාවන්ට ගරු කරන පාලනයට සමාන පාලනයක් වේවි. මා මේ ගමනට අවතීර්ණ වුණේ මුදල් විසි කළ හැකි හැකි ආර්ථික ශක්තියක් ඇතිව නොවේ. මගේ ශක්තිය මා තුළ ඇති අවංකභාවය පමණයි. මුදල් ගිලින ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් වී තිබෙන වර්තමාන දේශපාලනය ඔවුන්ගෙන් මුදා ගෙන ජනතාව වෙතට හැරවීම යුගයේ අවශ්‍යතාවයයි. ඒ සටන පහසු නැහැ.”

2019 දේශපාලනයේ වඩාත් බලපෑම් කරන කාන්තාවන් සිය දෙනා අතරට පැමිණ සිටින ඇලෙක්සැන්ඩ්‍රියා තම මැතිවරණ පොරොන්දු ඉටු කරන අයුරු බැලීමට ජනතාව මෙන්ම දේශපාලන විශ්ලේෂකයන් ද දෑස් දල්වාගෙන බලා සිටී. 


වෛද්‍ය ලංකා සිරිවර්ධන