26

කොළඹ

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

විජයාගමනය සහ සම්බුද්ධ පරිනිර්වාණය සම්බන්ධ කළ මහාවංශය

හටන


ශ්‍රී  ලංකාව දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. දැනට සොයාගෙන තිබෙන එසේම විද්‍යාත්මකව විශ්ලේෂණය කොට ඇති පුරාවිද්‍යාත්මක සාධකයනට අනුව මෙම දිවයිනේ ආදී මානවයන්ගේ පැවැත්ම පිළිබඳව වසර 37,000ක පමණ අතීතය දක්වා කරුණු නිරවුල්ව ග්‍රහණය කරගත හැකියි. එහෙත් අප භාවිතයට පදනම වශයෙන් යොදා ගනු ලබන්නේ මහාවංශය නම් පාලි භාෂාවෙන් ලියැවුණු දීර්ඝ කාව්‍යයයි.

මහාවංශයට අනුව සිංහල ජන වර්ගය බිහිවන්නේ ක්‍රිස්තු පූර්ව 543දී උතුරු ඉන්දියාවෙන් මෙහි පැමිණි විජය නම් කුමාරයකු ඇතුළු පිරිසකගෙන් බව කියැවේ. මහාවංශයේ ඒ ඒ කොටස් සංග්‍රහ කර තිබෙන්නේ එහි කියැවෙන දේවල් සිදු වූවාට බොහෝ කලකට පසුය. මහාවංශය රචනා කිරීමට මුල පුරන්නේ ධාතුසේන රජු සමයේ විසූ මහානාම නම් භික්‍ෂුවක විසිනි. ඒ ක්‍රිස්තු වර්ෂ 9 වැනි සියවසේ දීය. මහාවංශය ලියන්නට පටන්ගෙන ඇත්තේ බුදුන් වහන්සේ පිරිනිවීමෙන් අවුරුදු 1000කට පසුවය.

මහනාම හිමියෝ සිංහල ජාතියේ පැවැත්ම ගැනත් එම ජන වර්ගයේ ව්‍යාප්තිය ගැනත් අලගිය මුලගිය තැන් පිළිබඳවත් ස්වකීය මති මතාන්තර මහාවංශයට ඇතුළත් කර තිබේ.

මහාවංශයේ එන කරුණුවලින් කොපමණ ප්‍රමාණයක් සැබෑද කොපමණක් හුදු ප්‍රබන්ධද කියා නිශ්චය කිරීම ඉතිහාසඥයන්ට වුවද අති දුෂ්කර කටයුත්තකි. බොහෝ විට එය කිසිසේත්ම කළ නොහැකිය. කෙසේ වුවද මහාවංශය විසින් ලංකා ඉතිහාසයේ බොහෝ ගැටලු තැන් නිර්මාණය කොට ඇති අතර බොහෝ විද්වතුන් ඊට අත තබන්නට බිය වෙති. එහි ප්‍රතිඵලය වන්නේ ගැටලුවලට උඩින් පැන ගැටලු සහගත තැන් මඟ හැර යෑමට අප දීර්ඝ කාලයක සිට පුරුදු වීමය.

විජයාවතරණයට පෙර ලංකාවේ යක්‍ෂ, නාග, දේව ආදී ජන කොටස් ජීවත් වූ බවත් ඔවුන් ආදී මානවයන්ගෙන් පැවත ආ ශිෂ්ටාචාරයන්ට අනුගතවූ ජනයන් බවත් විද්‍යාත්මකව තහවුරුව තිබේ. විජය එන්නට පෙර බුදුන් වහන්සේ උතුරු ඉන්දියාවේ සිට මෙම දිවයිනට තෙවරක් වැඩම කළ බවද මහාවංශය කියයි. මහියංගණයට, කැලණියට හා නාගදීපයට බුදුන් වහන්සේ වැඩම කළේ එම ගෝත්‍රික ජනයාට නිර්වාණ මාර්ගාවබෝධය දෙනු පිණිසය. එහෙත් බුදුන් වහන්සේ මෙරටට වැඩම කළ බවට කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් සොයා ගන්නට නැති බවත් එය පිළිගත නොහැකි බවත් මහාචාර්ය පරණවිතාන සූරීන් සඳහන් කර ඇත. කෙසේ වුවද විජය එන්නට පෙර හිතන්නට මතන්නට පුළුවන් තම පැවැත්ම උදෙසා භෞතික පරිසරය සකසා ගත් ජනතාවක් මෙරට විසූ බව අවිවාදිතය.

විජයගේ ලංකා ගමනයත් බුදුන් වහන්සේගේ පිරිනිවීමත් එකම අවස්ථාවක සිදුවූ අපූර්ව සිදුවීම් ලෙස රසබර කතාවක් මහාවංශ කතුවර හිමියන් විසින් ගොතා තිබේ. ඊට අනුව විජය ඉන්දියාවේ වංග දේශයේ සිංහබාහු රජුගේ වැඩිමහල් පුත්‍රයාය. ඔහු රටවැසි ජනයාට නොපනත්කම් කරන්නට වූයෙන් පියරජු විසින් වංග දේශයෙන් පිටුවහල් කරනු ලැබූවෙකි. මහාවංශ කතුවරයා සඳහන් කරන්නේ ලංකාවේ සිංහල ජාතියත් බුදු දහමත් ආරක්‍ෂා කරන්නට විජය නමැති කුමාරයකු මේ බිමට පැමිණෙන බවය. මතුනොව විජය ආරක්‍ෂා කරන ලෙස බුදුන් වහන්සේ විසින් සක් දෙවිඳුට නියම කළ බවද මහානාම හිමියෝ සඳහන් කරති.

මේ තුළ ගැටලු රැසක් පැන නඟී. පළමු කොට බුදුන් වහන්සේ දෙවියන් බඹුන් විශ්වාස කළේ නැත. මොලොව ඉන්නේ හිතන්නට මතන්නට හැකි මිනිසුන් බව බෞද්ධ දර්ශනයෙන් පමණි. ප්‍රථමවරට පෘථග්ජන මිනිසුන්ට වටහා දුන්නේ. අනෙක බුදුන් වහන්සේ ජාතිය වශයෙන් දේශනා  කළේ මිනිස් ජාතියටය. වර්ගයාටය. සිංහල ජාතියක් ගැන බෞද්ධ ධර්මයේ සඳහන් නොවේ.

වංග දේශය බ්‍රාහ්මණවාදයන්හි ගිලී පැවැති මිථ්‍යා දෘෂ්ටික ජන සමාජයකි. විජය බෞද්ධ දර්ශනය පිළිගත්තෙකු හෝ බුදුන් වහන්සේගේ අනුගාමිකයකු නොවේ. එසේ තිබියදී  බුදුන් වහන්සේ කුසිනාරානුවර මරණ මංචකයෙහි වැඩ සිටිමින් ලංකාවට පාතබන විජය නම් කුමාරයා එම දිවයිනෙහි වසර පන්දහසක් බුදු දහම සුරක්‍ෂිත කරවන බවට අනාවැකි පැවැසූ බව පැවැසීම කෙතරම් මුසාවක්ද? විජයගේ පැමිණීමෙන් බුදුදහමෙන්  ඔපවත්ව සිටි ජනතාවක් ඉන්දීය බමුණු වාදයෙන්  යටපත් කොට විනාශයට මුල පිරූ බව සඳහන් කළා නම් නිවැරැදිය. මහාවංශ කතුවරයා නිර්මාණය කළ සිංහල ජාතිය ක්‍රිස්තු පූර්ව 250 - 210 අතර දේවානම්පියතිස්ස රජු සමයේ මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කරවන තුරු අවිද්‍යා අන්ධකාරයේ ගිලී සිටි බව සැඟවිය නොහැකි සත්‍යයකි.