27

කොළඹ

නවතම පුවත්

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019

පළාත් කිහිපයකට මි.මී.100ක පමණ තද වැසි

09:00 AM May 22 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

විජේවීරගේ තංගල්ලේ නිවසට ගිනි තබයි

හටන



බණ්ඩාරගම උපතිස්ස ගමනායකගේ නිවෙසේ විජේවීර, බිරිය සහ දරුවන් ඒ දිනවල නැවතී සිටියත් එය එතරම් යහපත් තත්ත්වයක් ලෙස පක්ෂය සැලකුවේ නැත. බණ්ඩාරගම නිවස ආරක්ෂක අංශවලට හෙළි වීමේ ප්‍රබල අවදානමක් තිබුණේ නැත. එහෙත් යම් සැකයක් ඇති වුවහොත් නායකයන් දෙදෙනාම එකවර අනතුරට පත් වේ. ඒ නිසාම දෙදෙනාම එක නිවෙසක විසීම පක්ෂය අනුමත කළේ නැත. තවත් පැත්තකින් ගමනායකත් ඔහුගේ දරුවනුත්, විජේවීරත් ඔහුගේ දරුවනුත් උදව්වට සිටින නංගිලාත් ඇතුළුව නිවෙසේ ජනගහනයත් වැඩි වූයේය. මේ අතර ලෙව්වේගොඩ වත්තේ මැනේජර් වශයෙන් කටයුතු කරන නෙවිල් කීපවරක්ම බණ්ඩාරගමට ඇවිත් ගියේය.

විජේවීර නෙවිල්ට උපදෙස් දුන්නේ විජේවීරගේ පවුලේ අයට නිදහසේ ආරක්ෂිතව වාසය කරන්නට සුදුසු ස්ථානයක් කඩිනමින් සූදානම් කරන ලෙසය. එහි ආරක්ෂාව, දරුවන්ගේ අධ්‍යාපනය ආදී කටයුතු සම්බන්ධවද දැඩි අවධානය යොමු කිරීමට නෙවිල්ට උපදෙස් දුන්නේය. ඔහු ඉංගී්‍රසි සහ සිංහල පුවත්පත් රැසක නිවාස සහ ඉඩකඩම් අලෙවිය පිළිබඳ පළ කර තිබූ දැන්වීම් සම්බන්ධව සුපරීක්ෂාකාරීව සොයා බැලුවේය.

ගෙවල් සොයන කටයුතු මේ අන්දමින් කෙරීගෙන ගියද පක්ෂය අවධාරණය කර සිටියේ ඊට පෙරාතුව විජේවීර ගමනායකගේ නිවෙසින් බැහැරව යා යුතු බවය. ඒ නිසාම 1988 අගෝස්තු මුල සතියේ ගමනායක විජේවීර පවුලේ සියල්ලම රැගෙන පිටත්ව ගියේ පාදුක්කේ නිවෙසකටය. එය පිහිටා තිබුණේ මීගොඩ නගරයට ආසන්නවය. ගෘහ මූලිකයා ජවිපෙ හිතවතෙකි. එහෙත් ඔහු විජේවීර සම්බන්ධව හැඳිනගෙන හෝ කිසිවක් දැන සිටියේ හෝ නැත. ඔහු විජේවීර ඇතුළු පවුලේ සියල්ලන් ගැන දන්නේ ඔවුන් පක්ෂය වෙනුවෙන් කැප වූ නායකයකු හා ඔහුගේ දරුමල්ලන් වශයෙනි.

මීගොඩ නිවෙසේ ගෘහ මූලිකයා ලංගම සේවකයෙකි. පනස් හැවිරිදි තරමේ තැනැත්තෙකි. උපැස් යුවළක් පැලැඳි හෙතෙම සරම සහ කමිසය ඇන්දේය. ඔවුන්ට දියණියෝ දෙනකු සහ පුතකු සිටියෝය. ප්‍රදේශයේ පැරැන්නන් වූ ඔවුන්ගේ නිවෙසෙහි ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම්ද තිබිණි.

එහෙත් දිගු කලක් එම නිවෙසේ රැඳෙන අදහසක් විජේවීර තුළ තිබුණේ නැත. ඒ වනවිටත් නෙවිල් ඉඩම් කිහිපයක් සොයා බලා තිබූ අතර විජේවීර ඉතා ඉක්මනින් නිවෙසක් පිළිබඳ තීරණයකට එළැඹෙන අපේක්ෂාවෙන් සිටියේය.

මේ අතර තවත් අහඹු සිදුවීමක් වූයේය. මේ වන විට තංගල්ල මැදකැටියේ විජේවීරලාගේ නිවෙසේ ජීවත් වූයේ වික්‍රම කලුතොට මෑණියන් සහ චිත්‍රානි විජේවීර නැගණිය සහ ආනන්ද මල්ලී පමණි. ඔවුන් නඩත්තු වූයේ චිත්‍රානිගේ සුළු වෙළෙඳ ව්‍යාපාරයෙනි. වික්‍රම කළුතොට මාතාව අසනීප වීම නිසා ඇයට අවශ්‍ය බෙහෙත් රැගෙන දීම සඳහා ආනන්ද ඇයද කැටුව කොළඹ පැමිණියේය. මවගේ අසනීපයට සෙන්ට්‍රල් රෝහලේදී විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් රැගෙන දෙනු ලැබීය. එහෙත් ඇය ප්‍රතිකාරවලින් සෑහීමට පත්වූයේ නැත. ඇය මේ ගමනේදී වැඩිමහල් පුත්‍රයා දකින අටියෙන්ද රෝගීව සිටියාය. ඒ නිසා බාල පුතණු ආනන්ද ඇයද කැටුව විජේවීර තාවකාලිකව රැඳී සිටි මීගොඩ නිවෙස වෙත පැමිණියේය. ඔවුන් සමඟ චිත්‍රානි නැගණියද වූවාය. දිනය 1988 අගෝස්තු 12 වැනි දිනය. ඔවුන් දින කීපයක් එහි රැඳී සිටියේ තංගලු යෑමටය.

තංගල්ලේ නිවෙස වසා දමා පැමිණීමද යෝග්‍ය නොවේ. පැවැති දේශපාලන වටපිටාව නිසා හතුරෝ බොහෝය. රාජ්‍ය මර්දනය නිසා ඥාතීහු නොයෙති. පක්ෂයට හිතවත් අයද එහි එන්නට බියය. එහෙත් දේශපාලන විරුද්ධවාදීන්ගේ ඉලක්කයක් බවට වත්ත පිටිය ගොදුරු වීමේ ඉඩකඩ බොහෝය. එය අගෝස්තු 15 වැනි දිනය. නිවෙසේ මූලිකයා වූ ලංගම වැඩ කරන බාප්පා එදින සන්ධ්‍යාවේ නිවෙසට පැමිණියේ එදින පුවත් පතක්ද අතැතිවය. විජේවීර ගෙයි සාලයේ වාඩි වී දියණියකට කිසිවක් පැහැදිලි කර දෙමින් සිටියේය. ඔහු වෙත ගිය ගෙදර ප්‍රධානියා.

“ඔන්න බලන්නකො ඔයාලගෙ ලොක්කගෙ ගෙට කරල තියෙන හරිය” 

කියමින් පත්තරය විජේවීරගේ ඔඩොක්කුවට දැමුවේය. විජේවීර ලද ආරංචියෙන් සැලුණේ නැත. අමුත්තක් නොහැඟෙන අයුරින් පුවත්පත දෙස බලා සිටියේය. එහෙත් චිත්‍රානි නංගී නැඟී සිට ආනන්ද වෙත ගියේ හෙට උදෑසනම තංගලු යා යුතු බව කියමිනි. එදින රාත්‍රියේ ඔවුන් අතර කතාබහ සීමා විය.

අම්මා අපිත් එක්කම නවත්තලා ආනන්ද නංගීත් එක්ක යන්න. විජේවීර කීවේය. ඉක්මනින් ගෙයක් සොයාගත නොහැකි වූ බැවින් ඔවුන්ට මීගොඩ නිවෙසේ අගෝස්තු මාසය අවසන් වනතුරුම රැඳී සිටින්නට සිදු විය.ආනන්ද ගමට යන විට නිවෙසේ තිබූ බඩුමුට්ටු සොරුන් ගෙන ගොස් තිබිණි. ඒ අතර චිත්‍රානිගේ සිල්ලර කඩයට අයත් අල තුනපහ ආදියද විය. සිදුව තිබුණේ ආරක්ෂක අංශයට සම්බන්ධ කිසියම් පිරිසක් නිවෙසට අලාභහානි කිරීමෙන් පසු සොරුන් ගෙය කොල්ලකෑමය. ආනන්දත් නංගීත් පොලිසියට පැමිණිලි කර තිබිණි.

මේ අතර තවත් විශේෂ සිදුවීමක් වූයේය. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු වූ ශාන්ත බණ්ඩාර අවුරුද්දකට වැඩි කාලයක් සිටියේ සිරගතවය. 1987 මැයි මස 6 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ තංගල්ලේදීය. කොළඹ බලා එනු පිණිස කුඩාවැල්ල ගමට හැරෙන හන්දියේ බසයක් එනතුරු රැඳී සිටියදී ශාන්ත බණ්ඩාර සහ තවත් හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. එක්වරම එහි ළඟා වූ ජීප් රියක් ඔවුන් මොරයාය විශේෂ කාර්ය බළකා කඳවුරට රැගෙන ගොස් ඇත. ඔහු ඒකනායක නමින් පෙනී සිටිමින් කඳවුරේදී එල්ල වූ වධ වේදනාවලට මුහුණදී ජීවිතය රැකගෙන ඇත. කෙසේ වුවද දින 15කට පසුව ජාතික ඔත්තු සේවාවට අයත් බුද්ධි අංශ සාමාජිකයන් විසින් ඔහු හැඳිනගැනීමෙන් පසු කොළඹට ගෙනැවිත් තිබේ. ඔහු සමඟ අත්අඩංගුවට පත් අනෙක් අය ගැන ඔහුට දැනගැනීමට ලැබී නැත. මෙහිදී සිදුවූ විශේෂ සිදුවිම නම් මාස 16ක් අත්අඩංගුවේ තබාගැනීමෙන් පසු ශාන්ත බණ්ඩාර නිදහස් කිරීමය. ශාන්ත බණ්ඩාර 1988.09.16 නිදහස් කිරීමෙන් පසු ඔහු සිය නිවෙසේ සිට මාධ්‍ය වෙත කරනු ලැබූ ප්‍රකාශයක් පුවත්පත්වල පළ වූයේය.

“අප ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි” යන සිරස්තලය යටතේ ‘දිවයින’ පුවත්පතේ පළවූ ශාන්තගේ ප්‍රකාශයේ මෙසේද සඳහන් විය.

“මේ රටේ දැන් සාමය සමාදානය නැහැ. එහෙම වී තිබෙන්නේ ජනතාවට අවශ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සහ අනෙකුත් අයිතීන් නැතිවී ගිය නිසයි. රටේ යළි සාමය ඇති කිරීම මේ රටේ පාලකයන් ඇතුළු සෑම පුරවැසියන්ගෙන්ම ඉටුවිය යුතුව තිබෙනවා. දකුණේ සාමය නැති කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව කියන කතාව මම පිළිගන්නේ නැහැ. ජවිපෙ ජනතාවගේ අයිතිය, නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා.

සාමය ඇති කිරීම සඳහා පළමුකොටම විශ්වාසය ගොඩනැඟිය යුතුයි. එහෙම නැතිව සාමය ගොඩනඟන්න බැහැ. රජය සාමය බලාපොරොත්තුවෙන් මා නිදහස් කළා නම් මා වගේම නිරපරාදේ සිරගත කර සිටින තවත් විශාල පිරිසක් සිටිනවා. ඒ අයත් නිදහස් කළ යුතුයි. මා අත්අඩංගුවට ගත්තේ පක්ෂයේ ප්‍රචාරක කටයුතුවලට ගොස් සිටියදී. ජවිපෙ අය නියම නමින් පෙනී නොසිටින බව ඇත්ත. අපි දන්නවා අත්අඩංගුවට ගත්තොත් අපව මරා දමන බව නමුත් මිනිස් ඝාතන කරනවා යැයි චෝදනා කරන්නේ අපටයි. මා එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ජවිපෙ රට කෑලිවලට කඩනවාට විරුද්ධයි. ඒකීය රාජ්‍යයක් තුළ අපි අපේ ප්‍රශ්න විස¼දාගත යුතුයි. අපි පළාත් සභාවලටත් ඊනියා සාම සාධක හමුදාවටත් විරුද්ධයි. රැඳවුම් කඳවුරුවලදී මට මුණගැහුණේ  ඔත්තුකරුවන් පමණයි. වෙනත් දේශපාලන පක්ෂවල අය හමුවුණේ නැහැ. ජවිපෙ මේ ආණ්ඩුවට ඉල්ලීම් 11ක් එකතු කර තිබෙනවා. ඒවාට තවත් ඉල්ලීම් එකතු වෙන්නේ නැහැ. ආණ්ඩුව වගකීමෙන් ආරක්ෂා කළ යුත්තේ රටේ ජනතාවයි. එහෙම නැතිව වැරැදි කරන අය ආරක්ෂා කිරීම මෝඩකමක්. මේ ප්‍රශ්න සාමූහිකව සාකච්ඡා කර විස¼දාගත යුතු ප්‍රශ්න බව මගේ හැඟුමයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට 1988 දෙසැම්බර් 19 දින නියම විය. ජවිපෙ ජනාධිපතිවරණයේදී ඡන්දයෙන් වළකින ලෙස ජනතාවගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. අගමැති ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔක්තෝබර් 9 ප්‍රකාශයට පත් කිරීමට සමාන්තරව සිංහල ජනයා ඝාතනය කිරීමේ සිදුවීම් දෙකක් වාර්තා වූයේය. ඔක්තෝබර් 10 අලුයම මැදවච්චිය තන්තිරිමලේ ගම්වැසියන් 45 දෙනකු ඝාතනය කළ අතර එය කරන ලද්දේ පුලියන්කුලමේ සිට පැමිණි එල්ටීටීඊ සාමාජිකයන් බව ප්‍රකාශ විය. දෙවැනි මිනිස් ඝාතනය සිදුවූයේ නොවැම්බර් 10 එජාප ඡන්ද ව්‍යාපාරය ආරම්භ වීමෙන් පසුවය. ත්‍රිකුණාමලයේ ගෝමරන්කඩවලදී බස් රථයකට සැඟවී පහරදීමෙන් සිංහල මගීහු 28ක් මරාදමා තිබිණි. තමා බලයට පැමිණි වහාම ඉන්දියන් හමුදා  ආපසු හරවා යවන බවට අගමැති ප්‍රේමදාස සටන් පාඨයක් ඉදිරිපත් කළේය. ඊට සමපාත වෙමින් ඊඩඥ ධ්ඵතචදඤ පත්‍රය පළ කළ කතු වැකියේ සඳහන් වූයේ 2000ක එල්ටීටීඊ සටන්කරුවන් යටත් කරන්නට 50,000ක ඉන්දියානු සාම හමුදාවට නොහැකි නම් ඔවුන් මෙරට රැඳී සිටීමේ තේරුමක් නැති බවය. මේ අතර ඉභදඤචර ඊඪථඥඵ පුවත්පතට දෙසැම්බර් 11 තීරු ලිපියක් ලියමින් ලූෂන් රාජකරුණානායක ප්‍රකාශ කර තිබුණේ,

“ශ්‍රීලනිප අපේක්ෂිකාව තමාට නැවත බලයට පත්වීම සඳහා කොල්ලකාරයාගේ තුවක්කුව උදවු වනු ඇතිය යන විශ්වාසයෙන් පසුවන’ බවය.

ජනාධිපතිවරණය පැවැතියේ ඉතා බරපතළ ඝාතනවලින් යුත් බිහිසුණු වටපිටාවකය. සාමය කඩවීම් සිවු දෙසින්ම වාර්තා වූයේය. ආණ්ඩුව රාජ්‍ය බලය හා මර්දනය උපරිමයෙන් යොදා ගත්තේය. සෑම පක්ෂයක්ම අනෙකාට විරුද්ධව අනීතික කියා උපයෝගී කරගත් අතර ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියා ඡන්දය වර්ජනය කළ ජවිපෙ ගිණුමටම බැර කළේය. මහජන පක්ෂය ජවිපෙ මුවාවෙන් තම පාක්ෂිකයන් බියවද්දන බවටත්, තුණ්ඩුකෑලි එවන බවටත් ශ්‍රීලනිපය චෝදනා කළේය. ජාතික ආරක්ෂක ඇමැති රන්ජන් විජයරත්න ශ්‍රීලනිපයට ඡන්ද වැටෙන ප්‍රදේශවල දැඩි මර්දනයක් මුදාහරිමින් ප්‍රතිවාදීන් පසුබැස්ස වීය. මඩකළපුවේ සමහර ප්‍රදේශවල එජාපයට ඡන්ද ව්‍යාපාරය ගෙන යන්නට ඉඩදුන් එල්ටීටීඊය ශ්‍රීලනිපයට ඡන්ද ව්‍යාපාරය ගෙන යෑමට ඉඩ නොදුන්නේය. වාර්තා වූ බොහෝ සිදුවීම් අනුව අගමැති ප්‍රේමදාස ජනාධිපති පුටුවේ හිඳුවා සාමසාධක හමුදා පන්නා දැමීමේ උපාය මාර්ගයක් එල්ටීටීඊය අනුගමනය කළේය.

1988 ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කිරීමේ ජවිපෙ ක්‍රියාමාර්ගය යම් සාර්ථකත්වයක් අත් කරගෙන තිබිණි. ඡන්දය පාවිච්චි කර තිබුණේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 55.32%කි. ජවිපෙ ශක්තිය වැඩි මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්දය පවත්වා තිබුණේ නැත. දිස්ත්‍රික්ක 13ක ඡන්ද පොළ 207ක ඡන්ද පෙට්ටිවල එකම ඡන්දයක්වත් තිබී නැත. කොටින්ම ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් නොවීය. ජනාධිපතිවරණය ජයගත් වහාම ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර දෙසැම්බර් 30 සිට ජනවාරි 6 දක්වා නාමයෝජනා භාර ගන්නා බව ප්‍රකාශයට පත් කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ හදිසි නීතිය අහෝසි වූ අතර හදිසි නීතිය යටතේ රඳවාගෙන සිටි විශාල පිරිසක් නිදහස ලැබුවේය. එහෙත් ආණ්ඩුව අත්‍යවශ්‍ය යැයි සැලකූ පිරිස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නැවත අත්අඩංගුවට ගත්තේය. හිටපු ජනාධිපති ජේ.අර්. ජයවර්ධන අනුව යමින් ප්‍රේමදාස මහතා 1988 ජනවාරි දෙවැනිදා මහනුවර දළදා මාලිගාව අබියසදී නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.