31

කොළඹ

රාජ්‍ය ආයතනවලින් බැංකුවලට කෝටි 75,538ක පොල්ලක්

පසුගිය 2018 වසර තුළ රාජ්‍ය ආයතන විසින් බැංකුවලට රුපියල් කෝටි

10:30 AM May 26 2019

ආණ්ඩුවේ මන්ත්‍රිවරයකුට ගම හදන්න කෝටි 5ක්

09:15 AM May 26 2019

කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා

08:00 AM May 26 2019

අනුරාධපුර යතුරුපැදි අනතුරකින් එක් අයෙක් මරුට

06:45 AM May 26 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට විජේවීර අවශ්‍යම බව ජේ.ආර්. කියයි

හටන

ජාතිය ගලවා ගැනීමේ නව ආණ්ඩුවක් පිහිටුවාගැනීම පිණිස ජවිපෙ විසින් ශ්‍රීලනිප ප්‍රමුඛ තවත් පක්ෂ සමඟ ආරම්භ කළ සාකච්ඡා 1988 අග භාගයේ පැවැත්වෙමින් තිබිණි. පවතින උග්‍ර මර්දනය හමුවේ නමුදු ජවිපෙ දේශපාලන මණ්ඩලයට නිතර රැස්වී තීරණ ගන්නට සිදුවිය. කිසිදු  ආකාරයකට ආරක්ෂක අංශවල උකුසු ඇස ලෙව්වේගොඩ වත්තට නොවැටෙන්නට වග බලාගත්හ.

මේ අතර දැඩි කම්පනය ඇති කරවන සිදුවීම් දෙකකට මුහුණ දෙන්නට විජේවීරට සිදුවිය. ඉන් පළමුවැන්න වූයේ වත්තේ සෙල්ලම් කරමින් දුව පැන ඇවිදිමින් සිටි වැඩිමහල් දියණිය ඊෂා වත්ත පහළ වූ ළිඳට වැටීමය. මොහොතක පමාවෙන් ඇගේ ජීවිතය නැති වන්නට ඉඩ තිබිණි. එහෙත් වත්තේ බොහෝ අෑත වැඩ කරමින් සිටි සහෝදරයකුගේ අවධානය නිසා ඇගේ ජීවිතය බේරා ගන්නට හැකිවිය. එම විපත මඟහැරී ගියද දරුවන්ට අසීමිතව ආදරය කළ තාත්තා කෙනකු වූ විජේවීර එම සිදුවීමෙන් දැඩි ලෙස කම්පා විය. හැම මොහොතකම බබාලා ගැන ඇස ගසාගෙන ඉන්නැයි ඔහු චිත්‍රාංගනීටත් නිවෙසේ අත් උදව්වට සිටි නංගිලා දෙදෙනාටත් නිතර නිතර මතක් කළේය.

අනෙක් කරුණ වූයේ බැහැරින් පැමිණි උවදුරකි. දිනක් නොදන්නා වාහනයක් වත්තට වැටුණු පාරේ පැමිණ තිබේ. ගේට්ටුව අසලටම පැමිණි වාහනයේ පැමිණි දෙදෙනකු අනවසරයෙන් ගේට්ටුව විවෘත කරන්නට වෑයම් කර ඇත. ගේට්ටුව භාරව සිටි තැනැත්තාට හඬ ඇසී දිව එන විට ඔවුන් ගේට්ටුව අරින උත්සාහය නතර කර ඇත.

කවුද? කුමක්දැයි ප්‍රශ්න කළ විට ආගන්තුකයන් පිළිතුරු දී තිබෙන්නේ වත්ත විකුණන බවට තොරතුරක් ලැබී ඒ ඔස්සේ පැමිණි බවය. වත්ත විකුණන කිසිම අදහසක් නැති බව පැවසීමත් සමඟ ඔවුන් ආපසු හැරී ගොස් නැත. වත්තේ දැනට සිදු කෙරෙන වගාවන් හා බංගලාවේ ඇති ඉඩකඩ ගැන ප්‍රශ්න කර ඇත. විස්තර මොනවටද අපේ වත්ත විකුණන්නේ නැහැ. මහත්තයලා යන්න යැයි කියා ගේට්ටුවට ඉබ්බා දැමූ විට නන්නාඳුනන තැනැත්තන් ආපසු හැරී ගොස් ඇත.

මේ සිදුවීම අවදානම් සහගත අනතුරු දායක එකක් බව විජේවීර සැලකීය. අවසන් තීරණය වූයේ අනෙක් අය සාමාන්‍ය පරිදි වත්තේ වැඩ කරගෙන යද්දී විජේවීර ඇතුළු පවුලේ අය තාවකාලිකව වත්තෙන් ඉවත්ව යා යුතුය යන්නය. ඒ අනුව විජේවීර එච්.බී. හේරත්ට පණිවුඩයක් යවා ඔහු ගෙන්වා ඔහු අත උපතිස්ස ගමනායක වෙත පණිවුඩයක් යැවීය. ගමනායක, කරුණා සහෝදරිය ඇතුළු ඒ පවුලේ අය පදිංචිව සිටියේ බණ්ඩාරගම නිවෙසකය. විජේවීර, ගමනායක සමඟ ආගන්තුක මිනිසුන් දෙදෙනකු පැමිණීම ගැන විස්තර කළේය. ගමනායකගේ ක්ෂණික තීරණය වූයේ සැකයට ඉඩනොතබා වහාම ලෙව්වේගොඩින් ඉවත් විය යුතුය යන්නය. එදින දිවා ආහාරය ගත් සැණින් ගමන ආරම්භ කරන්නට තීරණය විය. චිත්‍රාංගනී අතට අහුවෙන දරුවන්ගේ ආම්පන්න ඇඳුම් පැලඳුම්, බේත්හේත් ගමන් මලුවලට දමා ගත්තාය. සමහර දේ වල්හපුතැන්නෙන් ගෙනා ගමන් තවමත් තිබුණේ බෑග්වලමය. ඔවුහු පස්වරු දෙකට පමණ ගමන් ආරම්භ කළෝය. ගමනායක මෝටර් රථය පැදවීය. විජේවීර ඉදිරිපස අසුනේ සිටි අතර ඔහුගේ උකුළේ මායා දියණිය සිටියාය. ඔවුන් දෙදෙනාට අතර චාගා දියණිය සිටියේ ඇගේ පෙරැත්ත නිසාය. ඔවුන් ගමන් කළේ බණ්ඩාරවෙල හපුතලේ බෙරගල හල්දුම්මුල්ල පාරෙනි. බළන්ගොඩට එන විට පාරේ වාහන තදබදයක් විය. එයට හේතුව අගමැති ප්‍රේමදාස සහභාගි වන එජාප රැලියක් බළන්ගොඩ නගරයේ පැවැත්වීමය. පාරේ දකුණුපස උඩු අත පැත්තේ වේදිකාව ගසා තිබූ අතර නගරය කොළපාටින් කොඩිවලින් සරසා තිබිණි. නගරයට ඇතුළු වන්නට ප්‍රථම පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු රැඳී සිටි ස්ථානයකදී වාහනය නතර කරන්නට අණ කෙරිණි.

“මේ මහත්තුරු කවුද? කොහෙද මේ යන්නෙ.”

ඉදිරිපස කවුළුවට හිස දැමූ පොලිස් නිලධාරියකු විජේවීරගෙන් ඇසීය “අපි බණ්ඩාරවෙල ගියා දැන් මේ කොළඹ යන ගමන්” විජේවීර පිළිතුරු දුන්නේය. කුඩා දැරියන් හා ඇතුළේ සිටින කාන්තාවත් දුටු පොලිස් නිලධාරියා “හරි හරි වාහනේ හෙමින් ගන්න” යැයි කියා යන්නට ඉඩ දී පසෙකට වූයේය.

“ඔහේට පොලිසිය හරියට සලකනවා නේදැයි” අසමින් ගමනායක සිනාසුණේය.

“එහෙම තමයි” කියමින් විජේවීරද සිනාසුණේය. චිත්‍රාංගනීගේ හා නැඟණියන්ගේ මුහුණේ නම් සිනාවක් තිබුණේ නැත. රැස්වීමට අගමැති පැමිණ තිබුණේ නැත. එන්නට ඉතා ආසන්න බැවින් පොලිසිය වාහන නවත්වා තදබදයක් ඇති නොවන්නට පරිස්සම් වූ බව පෙනිණ. රැස්වීම් භූමිය පසු කරද්දී කිසිවකු ජනතාව අමතමින් සිටිනු පෙනිණි. පැල්මඬුල්ලේ ගංකන්ද සහ රත්නපුරේ ජී. වී. පුංචිනිලමේ ඇතුළු තවත් අය වේදිකාවේ අසුන්ගෙන සිටි අතර අබුසාලි වේදිකාව කෙළවරේ නැඟී සිටිමින් කිසිවකුට යමක් පවසන අයුරු පෙනිණ. බළන්ගොඩින් පිටවූවාට පසු වෙනත් බාධකයක් වූයේ නැත. ඔවුන් රත්නපුරයෙන් හැරී බණ්ඩාරගමට එන විටත් අඳුර වැටෙමින් තිබිණි. බණ්ඩාරගමින් පානදුර  පාරට හැරුණු ඔවුහු කුරුස හන්දිය එළුවිල පසුකොට මහවිල හන්දියෙන් වමට හැරී ප්‍රධාන පාරෙන් ඔබ්බට ගියෝය. එහි තරමක් ඇතුළට වන්නට පාරෙන් උඩු අත පැත්තේ එවකට ගමනායක පදිංචිව සිටි නිවෙස විය. ගමනායකගේ බිරිය කරුණාත් ඇගේ සහෝදරියකගේ දියණියක් හා දරුවන්ද එහි සිටියහ.

කරුණා ගමනායක නිවෙසේ කුඩා මැහුම් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියාය. අවට ප්‍රදේශයේ තරුණියන් දෙතුන් දෙනකු මැහුම් කටයුතු සඳහා යොදවාගෙන සිටි අතර මසන ලද ඇඳුම් සාප්පුවලට විකිණීම සඳහා භාර දුන්නේය. එය ඩයස් මහත්තයා වශයෙන් පෙනී සිටි ගමනායක පවුලට හොඳ අනන්‍යතාවක් ගෙන දී තිබිණි. ගමනායක ප්‍රදේශයේ වැසියන් සමඟ හොඳ ඇසුරක් පවත්වාගෙන යන බව පැහැදිලි විය. කරුණා හදිසියේ පැමිණි ආගන්තුක පවුලේ ඇත්තන්ට ඔවුන්ගේ කුඩා නිවෙසේ කාමරයෙක් පිළියෙල කර දුන්නාය. විජේවීර නිවෙස තුළම රැඳී සිටියා මිස බැහැරට නොගියේය. ගමනායක පක්ෂයේ වැඩ සඳහා ආවේය, ගියේය.

නිවෙසට අවශ්‍ය එදිනෙදා ආහාර ද්‍රව්‍ය ගේන්නට ගමනායක මහවිල කඩමණ්ඩියටද පයින් ගියේය. ලෙව්වේගොඩදී කොණ්ඩා නොකැපීම නිසා ඊෂාගේ සහ සුපුන් චාගාගේද කොණ්ඩා වැවී තිබිණි. එය දරුවන්ට අපහසුවක් යැයි විජේවීර සිටියේ කනස්සල්ලෙනි. ගමනායක දැරියන් දෙදෙනා කැටුව මහවිල හන්දියේ බාබර් සාප්පුවට ගොස් කොණ්ඩා කපාගෙන ආවේය. දරුවන් නැඟිටින්නට පෙර පාන්දරම කඩමණ්ඩියට ගොස් පාන් සහ කිඹුලා බනිස් ගෙනාවේය. දැරියන් අවදි වුණේම මාමා ගෙනෙන රස කැවිලි බලාගෙනය. මේ කාලේ ගමනායකගේ නිවෙසට පක්ෂයේ අය ආවේ ගියේ නැත. සෝමවංශ අමරසිංහ වරක් දෙකක් පැමිණ ගියේය. ඔහු එවකට හැඳින්වූයේ රෙජී අන්කල් වශයෙනි.

දිනක් රෙජී අන්කල් එනවිට විජේවීරගේ චාගා සහ මායා දියණියන් දෙදෙනාම සිටියේ අසනීපයෙනි. පපුවේ සෙම ගතිය නිසාදෝ දැරියන් දෙදෙනාටම උණ ගැනී තිබිණි. ඔවුන් දෙදෙනාටම ඉක්මනින් බේත් ගත යුතු යැයි රෙජී අංකල් කී විට විජේවීර ද තැති ගත්තේය. විජේවීර රෙජීගේ කාරයේම කොළඹ සෙන්ට්‍රල් රෝහලට ගොස් දැරියන්ගේ පුරුදු ළමා රෝග විශේෂඥයාටම දරුවන් පෙන්වා බේත් රැගෙන ආවේය. මේ සියල්ල සිදු වූයේ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් සොයා රජයේ ආරක්ෂක අංශ සහ අතුරු හමුදා ඇතුළු ඝාතන කණ්ඩායම් දඩයම පිණිස මේ දූපත පුරා ඔවුන් සොයමින් සිටියදීය. මේ අතර ජවිපෙ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන්ද තනතුරින් ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතේ මැතිවරණ පැවැත්විය යුතු බවය. ජවිපෙ සමඟ සන්ධානගත පක්ෂ 7 ජනාධිපති ජයවර්ධන සමඟ සාකච්ඡා පවත්වන ලද නමුත් ජවිපෙ ඉල්ලීම්වලට ජනාධිපති ජයවර්ධන එකඟ කරවා ගැනීමට බැරෑරුම් ආකල්පයක් දැරුවාද යන්න සැක සහිතය. පක්ෂ 7 නියෝජිතයන් ජයවර්ධන මහතා සමඟ සාකච්ඡාව පවත්වන ලද්දේ 1988 නොවැම්බර් 6 වැනිදාය. පාර්ලිමේන්තුව විසුරුවා හරින්නටත් ආණ්ඩුවේ සහ විරුද්ධ පක්ෂයේ සමාන නියෝජිතයන් සහිතව භාරකාර ආණ්ඩුවක් පත්කරන්නටත් එම සාකච්ඡාවේදී ජයවර්ධන මහතා එකඟ වූ බව 1988 නොවැම්බර් 13 (ඉභදඤචර ඊඪථඥඵ) වාර්තා කළේය. එහෙත් ශ්‍රීලනිප උපාය මාර්ගය වූයේ ජවිපෙ රියේ නැඟී ගොස් ආණ්ඩු බලය ලබාගැනීම පමණි. ඒ නිසාම ශ්‍රීලනිපය පසුවූයේ සැකකටයුතු ආස්ථානයකය.

මේ අතර තවත් විශේෂ දෙයක් සිදුවිය. භාරකාර ආණ්ඩුවක් සඳහා ස්වකීය කැමැත්ත පළ කළ ජනාධිපති ජයවර්ධන ඉන් හරියටම මිනිත්තු 90කට පසු සිරිමා බණ්ඩාරනායක මහත්මියට දුරකථන ඇමතුමක් ගෙන අතිරේක කොන්දේසියක් ඉදිරිපත් කළේය. එනම් පක්ෂ සන්ධානය රෝහණ විජේවීර භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ගෙන ආ යුතු බවය.

මෙම සිදුවීම පක්ෂ 7 කණ්ඩායමේ ශ්‍රීලනිප නායකයකු විසින් අගමැති ප්‍රේමදාසගේ කනේ තබන ලදුව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම ගැන ප්‍රේමදාස කෝපයට පත්ව තිබේ. එවෙලේම වෝඩ් ප්ලේස් බේ‍රමා නිවෙසට කඩාවැදුණු ඔහු සැර පරුෂ වචන යොදා ගනිමින් බැන වැදුණු බවටද ආරංචි පළ විය. ජයවර්ධන මහත්මිය මැදිහත්ව තත්ත්වය සමහන් කරන ලදැයිද ඉන් කියැවිණි. පැවැති වාස්තවික තත්ත්වයන් යටතේ අතිරේක බලවේගයක් සමඟ සටන් කරන්නට තරම් ශක්තියක් නැතැයි යන අදහසින් මෙම සිදුවීමත් සමඟ ජේ.ආර්. පසු බසින්නට ඇතැයි නිගමනය කළ හැකිය.

අවසානයේ එජාපයේ සුක්කානම ප්‍රේමදාසට භාරදීමට අකැමැත්තෙන් වුවද ජයවර්ධන තීරණය කළේය. ඔහු එකම විකල්පය හැටියට දුටුවේ ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක හැටියට නම් කොට එජාපය ගලවා ගැනීමය. භාරකාර ආණ්ඩුවේ යෝජනාව අත්හැරීමත් සමඟ අධිකරණ ඇමැති නිශ්ශංක විජේරත්න සහ ඔහුගේ නියෝජ්‍ය ඇමැති ෂෙල්ටන් රණරාජා ඉල්ලා අස් වූයේය. ඊට වසරකට පෙර මුදල් ඇමැති රොනී ද මැල් එජාපයෙන් ඉවත්ව ශ්‍රීලනිපයට එකතුව තිබිණි. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව ගාමිණී ජයසූරිය එජාපයෙන් ඉවත් විය.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමට නියමිතව තිබුණේ 1988 නොවැම්බර් 10 වැනිදාය. ඒ වනවිටත් ජවිපෙ ශ්‍රීලනිපය ඇතුළු පක්ෂ සමඟ ජාතිය ගලවා ගැනීමේ ආණ්ඩුවක් සඳහා ආරම්භ කර තිබූ සාකච්ඡා අවසානයකට පැමිණ තිබුණේ නැත. ශ්‍රීලනිපය කටයුතු කරමින් සිටියේ සාකච්ඡා දිග්ගස්සමින් ගොස් ජවිපෙ සහාය ඔවුන්ට ලැබෙන බව අඟවා ජනතා සහාය ලබාගෙන ජනාධිපතිවරණය දිනාගන්නටය. ඉන්පසු ඔවුන්ට අවශ්‍ය පරිදි මහ මැතිවරණය පවත්වා එයද දිනාගන්නා සැලසුම ඔවුන් සතු විය. ජාතිය ගලවා ගැනීමේ ආණ්ඩුවේ සංයුතිය පිළිබඳව නිශ්චිතව එකඟ වීම මඟහැරීමේ ක්‍රමයක් ශ්‍රීලනිපය අනුගමනය කරන බව ජවිපෙ දැන සිටියේය. එහෙත් අවසාන මොහොතේ හෝ එකඟත්වයකට  පැමිණීමට ජවිපෙ දරන ලද උත්සාහය අසාර්ථක විය. අවසානයේ ජාතිය ගලවා ගැනීමේ එක්සත් පෙරමුණක් සඳහා පැවැත්වූ සාකච්ඡාවලින් ඉවත්වීමට ජවිපෙ තීරණය කළේය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ වහාම ඊට තමා තරග වදින බව සිරිමා බණ්ඩාරනායක ප්‍රකාශ කළාය. මහජන පක්ෂයේ ඔසී අබේගුණසේකරද ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන බව පැවැසීය. පොදු එකඟතාව බිඳ වැටුණු අතර එවකටත් තහනම් කර තිබූ ජවිපෙට ගත හැකි වූ එකම පියවර ජනාධිපතිවරණය වර්ජනය කිරීමය. ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජවිපෙ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූයේය. එය ඒ අවස්ථාවේ ගතයුතු හොඳම තීරණය නොවුණද පැවැති වාස්තවික වටපිටාව තුළ ඉතිරිව තිබූ එකම ක්‍රියාමාර්ගය එය වූයේය. ජනාධිපතිවරණයට එජාපයෙන් අගමැති ප්‍රේමදාස නාම යෝජනා භාර දුන්නේය. ජනාධිපතිවරණයෙන් පසු 1989 පෙබරවාරි 15දා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව දෙසැම්බර් 3දා ජනාධිපති ජයවර්ධන නිවේදනයක් නිකුත් කළේය.

ජනාධිපතිවරණයට එරෙහිව සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයක් ජවිපෙ ආරම්භ කළේය. ඔවුන් සංවිධානය කළ මහජන පෙළපාළිවලට දස දහස් ගණන් ජනයා සහභාගි වූ අතර පොලිස් වෙඩි තැබීම්වලින් ප්‍රධාන නගරවල සිය ගණන් ජනයා මරණයට පත් වූහ.


උදේනි සමන් කුමාර