28

කොළඹ

නවතම පුවත්

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019

බදුරලිය පාසලක් අසළ අත්බෝම්බ තැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට

02:35 PM May 25 2019

කුලියපිටිය ලංගම ඩිපෝවට බලෙන් ඇතුළු වී සේවකයන්ට පහර දුන් අය සොයා පොලිස් පරීක්ෂණ

01:19 PM May 25 2019

කේරල ගංජා 245Kg සමඟ දෙදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

12:20 PM May 25 2019

උඩරට දුම්රිය මාර්ගයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ

11:52 AM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

පෘතුගීසීන් වරිච්චියෙන් හැදූ කොළඹ කොටුව

හටන

ප්‍රථම පෘතුගීසි ජාතිකයා ලංකාවට ගොඩ බැස්සේ 1505 නොවැම්බර් 17 වැනිදා අහම්බෙනි. ඉන්දියාවේ ගෝවේ විසූ පෘතුගීසි ප්‍රතිරාජයාගේ පුත් ලොරෙන්සෝද අල්මේදා ඇතුළු පිරිසක් මාලදිවයින ආක්‍රමණය කිරීමට පිටත් වුවද හදිසි කුණාටුවකින් ඔවුන්ගේ නැව සම්ප්‍රාප්ත වූයේ ගාලු වරායටය. අල්මේදා ඇතුළු පිරිස ගාල්ලෙන් කොලොම්තොටට පැමිණ කෝට්ටේ රජු හමු වූහ.

කොළඹ වරාය ආරක්ෂා කර දීමටත් වෙළෙ¼දාමටත් රජුගෙන් අවසර ගත් පෘතුගීසීහු තමන්ට ඒ සඳහා අවශ්‍ය වන්නේ හෙළදිව සතුරන්ගෙන් ආරක්ෂා කර දීමට ගෙරි සමක ප්‍රමාණයේ බිම් කැබැල්ලක් බව රජුට පැවැසූහ. ඒ අනුව අටවැනි වීර පරාක්‍රමබාහු රජු පෘතුගීසි ජාතික ෆර්නාඕ කොට්රිම්ට ගෙරි සමක ප්‍රමාණයේ බිම් කඩක් ස¼දහා අවසර දී ඇත.

ගෙරි සමක් ගෙන ඉතා සිහින් නූල් ප්‍රමාණයට ඉරා ඒවා ගැටගසමින් දිගු සම් නූලක් පිළියෙල කරගත් පෘතුගීසීහු එය කොළඹ වරාය ආසන්නයේ සිට එළමින් එම බිම් ප්‍රමාණය මැන කොළඹ කොටුව තනා ගත් බව සඳහන් වේ.

ලොරෙන්සෝද අල්මේදාගේ උපදෙස් මත පෘතුගීසීහු කොළඹ වරායේ නිරිතදිග දිය කඩනයේ වෙළෙඳ ගබඩාව ඉදිකළහ. පාප්තුමාගේ අණ පරිදි කොලොම්තොට භාර කළ සාන්ත ලෝරන්ස් නමින් පල්ලියක්ද එතුළ ඉදි කළහ.

පෘතුගීසීන්ට 1518 දී පෘතුගාලයෙන් අණ ලැබුණේ කොටු පවුරක් තනා ගැනීමටය. ඒ අනුව කපිතාන් ඩුඅර්ටිකා ගාලු මුව‍ෙදාර, යෝර්ක් වීදිය, වරායෙන්  වටවූ පෙදෙස වටා බලකොටුවක් ගොඩනැඟීම ආරම්භ කළහ. ඒ සඳහා ගඩොල් වෙනුවට ඔවුන් භාවිත කළේ කබොක් ගල්ය. එය මැටි වරිච්චියෙන් බැඳුණු තනි පේළියේ තාප්පයකි.

ප්‍රාකාරය තැනීම සඳහා උණ ගස්ද යොදාගෙන තිබිණි. කොටු තාප්පයේ එක් කෙළවරක පිහිටි බේරේ වැවෙන් දිය අගල් කෙළවර විය. කොටු තාප්පය ගොඩනැඟුණේ කුඩා නැව් ගණනාවක් නතර කර තැබිය හැකි මුහුදු බොක්ක වටාය. එහි උතුරු පැති විවෘතව තැබිණි. එහි මුළු දිග ප්‍රමාණය පියවර 1300ක් විය.

ප්‍රාකාරයෙන් වටවූ කොටස කොටුව නමිනුත් ඉන් පිටත ප්‍රදේශය පිටකොටුව වශයෙනුත් හැඳින්විණි.

කොටුවෙන් පිටත සිටින්නකුට කොටුවට පිවිසිය හැකි එකම ස්ථානය තිබුණේ ‘කයිමන් ‍ෙදාරකඩ’ නමින් හැඳින්වූ ස්ථානය පමණකි. පෘතුගීසීන් මෙම ස්ථානය හැඳින්වූයේ “පුර්ටෙ රෙයිනා” නමිනි. එහි අදහස “බිසෝ ‍ෙදාරටුව“ යන්නයි. (මෙතැන ‘කයිමන් ‍ෙදාරකඩ’ ලෙස හැඳින්වූයේ ලන්දේසීන්ය.) කයිමන් ගේට්ටුව විවෘත වූයේ ශාන්ත ජෝන් ඇළ මාර්ගයටය. ඒ මතින් කොටුවට පිවිසීමට පාලමක් තිබිණි. (ශාන්ත ජෝන් ඇළ හා අවට පෙදෙස පුරවා අද තිබෙන තත්ත්වයට පත් කළේ ඉංගී්‍රසීන්ය.)

පෘතුගීසින් හැදූ මේ කොටුව ලන්දේසීන්ගේ පාලන කාලයේදීත් ඉංගී්‍රසි පාලන කාලයේදීත් සීමාවන් වෙනසකට ලක් කෙරිණි. 

පසු කාලයේදී කෝට්ටේ ‍ෙදාන් ජුවන් ධර්මපාල රජු ආරක්ෂාව පතා පදිංචියට ආවේ පෘතුගීසීන් තැනූ මේ වරිච්චි කොටු පවුර තුළටය. පසුව කොටුවේ විශාලත්වය පෘතුගීසීන්ගේ මිනුම් ඒකකයකට අනුව බ්‍රැකාස් 1000කට අඩුකර මුල් කෙළවර මුහුදින් ආරම්භ වී අවසාන කෙළවරද මුහුදින් නිමා වන සේ පවුර ඉදි කෙරිණි.

මුහුදු ජලයෙන් නිතර පුරවා තැබිය හැකි ආරක්ෂක අගලක් කොටු පවුරට පිටතින් කණින ලෙසත් තිබෙන ගරාදි වැට ආරක්ෂාව සඳහා එසේම තිබෙන්නට හරින ලෙසත් 1589දී මෙරට සිටි පෘතුගීසීන්ට නියෝග ලැබී තිබේ.

එනමුත් වර්ෂ 1600 වන විට කොළඹ කොටුවේ පෘතුගීසි බලකොටුව නටබුන් වන තත්ත්වයට පත් වෙමින් තිබුණු අතර ඒ වනවිට පවුරු අටලු කිසිවක් දක්නට නොතිබිණි. මේ වනවිට කොටුවේ පාලනය ගෙන ගියේ ප්‍රතිකාල් කපිතාන් ඩී. ජොරොනිමෝ ද අසවේදුය. කොටු පවුරේ තිබූ කාලතුවක්කු ගැන අවධානයද නොසලකා හැර තිබූ අතර මුහුදේ සිට එල්ල කෙරෙන සතුරු කාලතුවක්කු ප්‍රහාරවලට වරිච්චියෙන් තැනූ පවුර ඔරොත්තු නොදෙන තත්ත්වයට පත්ව තිබිණි.

1613 සිට 1614 දක්වා වසරක කාලයක් පාලනය භාරගත් ‍ෙදාන් ෆ්‍රැන්සිස්කෝද මෙනසීස්ගේ අපකීර්තිමත් කාලය තුළදී ප්‍රතිකාල් කොටු තාප්පය කුලීකරුවන්ගේ සහායෙන් යළි ඉදි කිරීමට උත්සාහ කළත් එය ඔහුට කළ නොහැකි විය. 1616 වන විට කොළඹ කොටුව පැවතියේ අනාරක්ෂිත තත්ත්වයකය.

1640 වන විට ලන්දේසීහු මෙරටට පැමිණ සිටියහ. 1653 වන විට කොළඹ කොටුවේ සිටි පෘතුගීසීන් ඔවුන්ගේ ගබඩා ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් නොදරාම ඒවා අතහැර දමා තිබිණි.

කොළඹ කොටුවේ පවුරු පදනම්ද ක්‍රමයෙන් ගරා වැටිණි. මේ වන විට වයස්ගතව සිටි පෘතුගීසි ජනරාල් ෆ්‍රැන්සිස්කෝ ද මේලෝ කැස්ට්‍රෝගේ අනුප්‍රාප්තිකයා වශයෙන් නව ජනරාල් ඇන්ටෝනියෝද සෞසා කුටිඤ්ඥෝ කොටුවට පැමිණියේ 1655 අගෝස්තු 16 වැනිදාය.

එම ඔක්තෝබරයේ ලන්දේසි බළඇණියක් මෙහෙයවූ කාලතුවක්කු ප්‍රහාරවලින් කොටුවේ පවුරු කීපයක් බිඳ වැටිණි. වැඩිම පීඩනය එල්ල වූයේ කොටුවේ ශාන්ත ජොවාවෝ මුර අට්ටාලයටය. 

ඉන් දින 5කට පසු ශාන්ත එස්ටෙවාවෝ මුර අට්ටාලයටද ලන්දේසීහු ප්‍රහාර එල්ල කළහ.

මෙකල කොළඹ හටගත් දුර්භික්ෂයෙන් හා උණ අතීසාරය හා මහාමාරිය රෝගවලින් 1656 මාර්තු 15 සිට අප්‍රේල් 20 දක්වා මියගිය අයගේ සංඛ්‍යාව 22,030ක් බව ගණන් බලා තිබිණි. කොටුව තුළ තත්ත්වය බියකරු වෙද්දී පෘතුගීසී සෙබළුන් 126ක් පලාගොස් සතුරන්ට එක් වූහ. කොළඹ කොටුවේ මිනීමස් අනුභවයද සුලබ දසුනක් වූ බව සඳහන් වෙයි.

ඉන්පසුවද පෘතුගීසීහු යටත්වීමේ කොන්දේසි 14ක් අඩංගු ලේඛනයක් ලන්දේසීන්ට භාර දුන්හ. අනතුරුව ලන්දේසීහු පෘතුගීසී කොටුවට ඇතුළු වූහ. ලන්දේසීන් විසින් 1658දී කොළඹ කොටුවෙන් පෘතුගීසී බලය අතුගා දැමුවේය.


(ලබන කලාපයට)

බන්ධුල ගුණරත්න