28

කොළඹ

නවතම පුවත්

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019

බදුරලිය පාසලක් අසළ අත්බෝම්බ තැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට

02:35 PM May 25 2019

කුලියපිටිය ලංගම ඩිපෝවට බලෙන් ඇතුළු වී සේවකයන්ට පහර දුන් අය සොයා පොලිස් පරීක්ෂණ

01:19 PM May 25 2019

කේරල ගංජා 245Kg සමඟ දෙදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

12:20 PM May 25 2019

උඩරට දුම්රිය මාර්ගයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ

11:52 AM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

හය හතර නොදැන සවුදි ගියෙමි

හටන

 අප ගමන් කළේ Air Lanka ගුවන් යානයකින්ය. එම යානයේ නම City of Rathnapura විය. අපගේ ගමනාන්තය සවුදි අරාබියාවේ ඩහරාන් ගුවන් තොටුපොළයි. ලංකාවෙන් පිටත්ව ගිය පිරිස හතළිස් පහක් විය. අපගේ සමාගම සවුදිවල Al-JuBail නගරයේ ASACCO සමාගම නම් විය.

මෙම සමාගම ඇමෙරිකන්කාරයන් විසින් අලුතින්ම ඉදිකරන ලද එකකි. එය Catering පහසුකම් සපයන එකකි. Al-JuBail නගරය කාර්මික නගරයකි.

යකඩ, තඹ, රත්රන් ලබාගැනීමේ කර්මාන්ත ශාලා එහි බොහෝ විය. පෙට්රල් ලබා ගැනීමේ ARAMOCo Oil සමාගම්ද එහි විය. කර්මාන්ත ශාලාවල වැඩ කරන සේවකයන්ට ආහාර පාන මෙන්ම ඉඳුම් හිටුම්ද (Food & Accomadating) සපයන ලද්දේ අපගේ සමාගමයි. බාහිරව එන පුද්ගලයන්ටද අප සමාගමෙන් ආහාර ගැනීමට පුළුවන්ය. ඒ සඳහා රියාල් පහක ටිකට්පතක් ගතයුතු විය. එදවස රියාල් එක ලංකා වටිනාකම රුපියල් 7.35ක් විය. අපගේ සමාගමේ Laundry, Catering Bakery Stores, Main Office යනාදී ලෙස විවිධ අංශවලට අයත් පුද්ගලයෝ ලංකාවෙන් ගියහ. මගේ පළමු ගුවන් ගමන මෙය විය.

අප රැගත් ගුවන් යානය අඩි තිස්පන්දහසක් ඉහළින් පියාසර කරන බව ගුවන් නියමුවා කීවේය. ගුණදාස ලියනගේ මහතා විසින් ලියන ලද ‘ගුවනින් ගිය ගොඩයා’ පොත මට එම අවස්ථාවේ සිහියට නැඟුණේය. පැය හයක කාලයකින් අප ඩහරාන් ගුවන් තොටුපළට ළඟාවිය. අපව ඩහරාන්වල සිට Al-JuBail නගරයට ගෙනයෑම සඳහා බස් රථ ගෙනවිත් තිබුණේය. මෙම දවස්වල සවුදිවල උෂ්ණත්වය සෙන්ටිගේ‍ර්ඩ් අංශක 55ක් විය. අප ඩහරාන් සිට Al-JuBail දක්වා යන ගමනේදී ප්‍රධාන පාරවල්වලට සුළඟ සමඟ එන වැලි ඉවත් කරන දර්ශනයක් දක්නට ලැබිණි. මෙවැනි ඉතා අපහසු රැකියාවන් කරන ලද්දේ බංගලි ජාතිකයන් විසින්ය.

ලංකාවේ නගර සභාවල සිටින කම්කරුවන් මෙන් සවුදිවල එම සේවය කරන්නේ බංග්ලාදේශ සේවකයන්ය. එම දිනවල උෂ්ණත්වය නිසා ලංකාවේ අපට එය දරා ගැනීම ඉතා අපහසු විය. සමාගමට යන විට දහවල් එක පමණ විය. අප කෙළින්ම Catering Department එකට යොමු කරන ලදී. එහි හැම දෙයක් තිබුණේය. බැටලු මස්, මාළු, අයිස්ක්‍රීම්, ඇපල්, ආනමාලු, බත් ආදී ආහාරපානවලින් අඩුවක් නොවීය. එක කාමරයකට හතරදෙනා බැගින් දමන ලදී. සෑම කාමරයකටම වායු සමීකරණයක් විය. ඇමෙරිකන් නිෂ්පාදන විය. ශීත කාලයට උණුසුම සපයන ලද්දේ එම එකම උපකරණයයි. එදින ආහාරවලින් හොඳින් සප්පායම් වූ අපි වේලාසනින් නින්දට ගියෙමු. මෙහි MESS Hall උදේ දහවල් සවසට පැය දෙක බැගින් අරිනවාය.

පසුදා අපව ප්‍රධාන කාර්යාලයට කැඳවන ලදී. මෙම සමාගමට මා සම්බන්ධ වූයේ General Helper කෙනකු ලෙසය. ඔවුන් අපට පුරවා දෙන ලෙස අයැදුම්පත්‍ර දුන්නේය. බොහෝ දෙනෙක් Room Boy ලෙස අයැදුම් කළහ. ලංකාවේ සම්මුඛ පරීක්ෂණ තබා තෝරා ගන්නා ලද Nason Carpenter, Store Keeper, Lock Smith, Plumber, Electrician ආදී අය කෙළින්ම එම ඇබෑර්තුවලට යොමු කරන ලදී. මා කළ යුත්තේ කුමක්ද කියා මටම කල්පනාවක් නොවීය. Room Boy කෙනකු වෙනුවට වඩා Loundry Department  හි සේවය කිරීමට බලාපොරොත්තුව මම අයැදුම් කළෙමි. නමුත් මෙහිදී පොඩි ප්‍රශ්නයක් ඇති විය. මල්වානෙන් පැමිණ සිටි මුස්ලිම් අයකුද මා මෙන්ම එකම දෙයට අයැදුම් කර තිබිණි. එම Loundry Department  එකේ  Manager Scotland  ජාතිකයකු විය. අප දෙදෙනාවම ඔහු වෙත යොමු කරන ලදී. ඔහු අපට පැවසුවේ රෙදි මදින්නකු (Ironer) ලෙස එක ඇබෑර්තුවක් ඇති බවය.

පසුව අප දෙදෙනාම Loundry Department  හි සම්මුඛ පරීක්ෂණයකට යොමු කරන ලදී. ඔහුගේ නම සාචා විය. ගම ඉන්දියාවේ බොම්බායයි. සාචා නම් වූ මෙම මුස්ලිම් මහත්මා විසින් කමිසයක් මැද පෙන්වන ලෙස කීවේය. පළමුවෙන්ම මල්වානේ මිත්‍රයා එය කරන්නට ගොස් අමාරුවේ වැටුණේය. එතනින් ඔහුව ඉවත් කරන ලදී. පසුව මට අවස්ථාව උදා විය. පසුව මගේ දෑත් අල්ලා බලා කොහේවත් වැඩ කරලා නෑ නේද කියා මගෙන් ඇසුවේය. මම අප පවුලේ වැඩිමලාය. පියාගේ හදිසි මරණය නිසා පියා විසින් කරගෙන ගිය හෝටල් ව්‍යාපාරය මට කරන්නට සිදුවිය. අපගේ ඇඳුම් පිරිසුදු කිරීමට දෙන ලද්දේ එවකට මෝදර වීදියේ කෙළවර සිටි ඉන්දියානු ද්‍රවිඩ කාන්තාවන්ටය. පසුකලෙක මෙම ද්‍රවිඩ මිනිස්සු සිරිමා - ශාස්ත්‍රි ගිවිසුම යටතේ ඉන්දියාවටම යවන ලදී.

පසුව සාචා මහත්මා මට අරාබි ඇඳුම් මදින හැටි කියා දුන්නේය. පිරිමි අය අඳින තෝබි (Thobe) එකද මදින අයුරු කියා දුන්නේය. අරාබි කාන්තාවන් තමන්ගේ ශරීරය හිසේ සිට පාදය දක්වා වසා ගන්නා ආවරණ ඇඳුම හඳුන්වන්නේ අබයා (Abaya) එක ලෙසය. Good or Bad you want to be work in Saudi two years  ලෙස සාචා මහත්මා කියූ දෙය මගේ සිතට තදින්ම කා වැදුණේය. නිකං නිකමෙකු ලෙස ඉචභඤඪ ගිය මම වසර දෙක අවසානයේ lroner, washer, Dry Cleaner, Steam Press Operator ආදී ලොන්ඩරි අංශයේ හැම අංශයකටම පළපුරුද්දක් ලදිමි. උගත මනා ශිල්මයමයි මතු රැකෙනා යන්න මට පසක් වූයේ සවුදිවල සිටින විටය.

සවුදිවල නිල් චිත්‍රපට (Blue Films) වැහි වැහැලාය. බටහිර රටවලින් සවුදිවලට එන්නේ කෙසේදැයි දන්නේ අල්ලා දෙවියන් වහන්සේ පමණය. අප සවුදිවලට ගෙනියන කෑම, බීම පමණක් නොව බෙහෙත් ටික පවා ගුවන් තොටුපොළේදී එහි රේගුව (Customs) අනුකම්පා විරහිතවම කුණු බක්කියට දමනවාය. අපගේ කාමරයට ඉදිරියෙන් වූ කාමරයේ මා මිත්‍ර දිසානායක විය. දිසානායක සේවය කළේ බේකරියේය. ඔහු බේකරියෙන් රට ඉඳි, පලතුරු හා ඊස්ට්ද ගෙනවිත් ඒවාට ජලය දමා පල්කර පානයන් හදා මිතුරන් සමඟ පානය කළේය. දිසා දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු විය.

ලංකාවේ රුවන්වැල්ලෙන් ගොස් සිටි මවුලවි අපගේ සමාගමේ පල්ලියේ පූජකතුමාය. අරාබි රටක මුස්ලිම් පල්ලියේ පූජකතුමා වීම ලාංකිකයන් වන අපට ආඩම්බරයකි.

ආනන්ද තිස්ස රූපසිංහ