29

කොළඹ

නවතම පුවත්

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019

බදුරලිය පාසලක් අසළ අත්බෝම්බ තැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට

02:35 PM May 25 2019

කුලියපිටිය ලංගම ඩිපෝවට බලෙන් ඇතුළු වී සේවකයන්ට පහර දුන් අය සොයා පොලිස් පරීක්ෂණ

01:19 PM May 25 2019

කේරල ගංජා 245Kg සමඟ දෙදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

12:20 PM May 25 2019

උඩරට දුම්රිය මාර්ගයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ

11:52 AM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

බැටන් පොල්ලෙන් තැලීම

හටන

මෙරට සාම්ප්‍රදායික කුඹල් කර්මාන්තයේ යෙදෙන ජනයා මැටි බඳුන් හැඩ ගන්වන්නේ සකපෝරුව මත කරකැවෙන මැටි ගුළිය තළා ඔපමට්ටම් කිරීමෙනි. ඒ සඳහා කුඹල්කරුවන් යොදා ගන්නා උපකරණය හඳුන්වන්නේ “පත්ත” යන නමිනි. පත්ත අතට ගෙන සීරුමාරුවට තැළීමෙන් මැටි බඳුන විවිධ මාදිලි ගනිමින් අලංකාරව නිම වන්නේය.

බි්‍රතාන්‍ය පාලන සමයේ මෙරට ඇති කළ පොලිස් සේවාවේ නිල ඇඳුමේද එවැනි උපකරණයක් තිබේ. එය හඳුන් වන්නේ බැටන්පොල්ල යනුවෙනි. කුඹල්කරු මැටි ගුළිය පත්තෙන් තළන්නාක් මෙන් පොලිස් නිලධාරීහුද බැටන් පොල්ලෙන් ඔළුගෙඩි තළති. ඡායාරූපයේ දැක්වෙන්නේ 1950දී පමණ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් පිරිසක් එකතුවී කිසියම් උද්ඝෝෂණයක නිරත පිරිසකට තළන අන්දමය.

පොලිස් බැටන් පොල්ල 1856 පමණ බි්‍රතාන්‍ය රාජකීය පොලිසියේ නිල ඇඳුමට අයත් අංගයක් ලෙස භාවිතයට ගැනුණු අතර කලබලකාරී පිරිස් මාර්ගවලින් ඉවත් කිරීම සඳහා උපයෝගී කරගන්නා ලදී. බි්‍රතාන්‍ය එඩින්බරෝ කෞතුකාගාරයේ පැරැණි පොලිස් බැටන් ප්‍රදර්ශනයට තබා ඇති අතර ඒවා විවිධ කැටයම් හා චිත්‍රවලින් අලංකාර ලෙස වර්ණ ගන්වන ලද බැටන් පොලුය. බැටන් පොල්ල පහර දෙන්නා අතින් ගිලිහී නොයන්නට ඊට හම් පටියක් යොදා සවිමත් කර තිබේ. බැටන් පොල්ල හසුරුවන ආකාරය පිළිබඳව පොලිස් ට්‍රේනින් කොලිජියේ මනා පුහුණුවක් ලබා දෙන්නේය. අවම බලය යොදා උරහිසට පහර දෙන්න කීවත් පොලිස් නිලධාරීන් වැඩිපුර කැමැති හොඳට අත දිගහැර ඔළු ගෙඩිය දෙපළු වෙන්නට පහර දෙන්නටය.

ඡායාරූපය දෙස හොඳින් බලන්න, පොලිස් නිලධාරීන් 12 දෙනක් පමණ පිකට් බෝඩ් රැගෙන උද්ඝෝෂණයේ නිරත පිරිසට වටකොට පහර දෙති. පොලිස් කණ්ඩායම මෙහෙයවන පරීක්ෂක නැත්නම් ඉන්ස්පෙක්ටර් මහතාද දිග කලිසමක් හැඳ මෙහි සිටී. එකම නිලධාරියෙක් පමණක් වම් කෙළවරේ පහරදීමට සම්බන්ධ නොවී පසෙක සිටී. “යුරෝපීය ඇඳුම් ඇඳ සිටින පිරිස කොළඹ වෙළෙඳ සේවක සංගමයක පිරිසක් බව පැහැදිලිය. ඔවුන්ගේ සටන් පාඨ පැහැදිලි නොවුණත් ඒවා අධිරාජ්‍යවාදීන් කියුබාවට බාධා පැමිණවීමට එරෙහිව එසවූ බව පෙනේ. පොලිසිය සාමය කඩවනවාට විරුද්ධය. නමුත් සාමය කඩවන්නේ සාමකාමී උද්ඝෝෂණයේ යෙදෙන අය අතරට පොලිසිය කඩා පැනීමෙනි. පොලිසිය සලකන්නේ සාමය වනාහී ඉබේ පවතින්නක් නොවන අතර තමන්ගේ මැදිහත් වීමෙන් ස්ථාපිත කරන්නක් හැටියටය. ඒ අනුව මේ රාලහාමිලා උඩ පැන පැන පහර දෙන්නේ සාමය ඇති කරනු පිණිසය.

මේ රාලහාමිලා පහර දෙන්නේ 1950 දශකයේය. දැන් ඉන්නේ දිග කලිසම් අඳින පොලිසියේ මහත්වරුය. කොට කලිසම් හඳින රාලහාමිලා සිටියේ “දුවන්නටත් අද ලයිසොන් ගන්නට ඕනැද රාලහාමි” යැයි සරාගොයියා ප්‍රශ්න කළ කාලයේය. දැන් ඉන්නා මහත්වරුන් වතුර විදිනවාට කඳුළු ගෑස් ගහනවාට වඩා කැමති පයින් ගසන්නටය. සාධාරණ විරෝධය පෑම සඳහා ලංකාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවට අයිතියක් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පුරවැසියන්ට පා පහර දෙන්නත් පොලිසියට අයිතියක් ලබාදී ඇත්දැයි සොයා බැලිය යුත්තේ සියයක් රූපවාහිනි කැමරා මැද පොලිසියේ ඉහළම නිලධාරීන් විශ්වවිද්‍යාල සිසුන්ට උඩ පැන පැන පහර දෙන්නට දක්වන එඩිතරකම ගැන හිතන විටය. බැටන් පොල්ලට මොළයක් නැත. එහෙත් එය අත දරන්නාට මොළයක් තිබේ. තමන්ටත් තම දරුවන්ටත් යැපෙන්නට වැටුප් ගෙවන්නේ, තමන් පළන ඔළු හිමි දරුවන්ගේ මාපියන් ගෙවන බදු මුදලින් බව ඔවුන් කල්පනා කළ යුතුය.

උදේනි සමන් කුමාර