31

කොළඹ

රාජ්‍ය ආයතනවලින් බැංකුවලට කෝටි 75,538ක පොල්ලක්

පසුගිය 2018 වසර තුළ රාජ්‍ය ආයතන විසින් බැංකුවලට රුපියල් කෝටි

10:30 AM May 26 2019

ආණ්ඩුවේ මන්ත්‍රිවරයකුට ගම හදන්න කෝටි 5ක්

09:15 AM May 26 2019

කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා

08:00 AM May 26 2019

අනුරාධපුර යතුරුපැදි අනතුරකින් එක් අයෙක් මරුට

06:45 AM May 26 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

ජවිපෙ සාමාජික නම් ලැයිස්තු හමුදාවට දෙන ලෙස එජාප මන්ත්‍රිවරුන්ට නියෝගයක්

හටන

බණ්ඩාරවෙල - ලෙව්වේගොඩ වත්තේ පදිංචියට පැමිණීමෙන් පසු විජේවීරගේ දරුවන් සතුටින් කාලය ගත කළෝය. පළමුවැන්න ඔවුන්ට නිදහසේ හැසිරෙන්නට වත්තේ සෑහෙන්න ඉඩ තිබිණි. ඒ වන විට කුඩාම දියණිය අමා සසිරිට යන්තමින් අවුරුද්ද සම්පූර්ණ වී තිබිණි. මායා විභූතිට වසර තුනකි. දෙවැනි දියණිය සුපුන් චාගාට වසර පහකි. වැඩිමහල් දියණිය දසුන් ඊෂාට වසර හතකි.

පක්ෂයේ සාකච්ඡා සඳහා දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් ලෙව්වේගොඩ වත්තටම පැමිණි බැවින් විජේවීර නිවෙසින් බැහැර ගියේ නැත. ඒ නිසාම දරුවන්ට ඔහු සමඟම රැඳෙන්නට හැකියාව ලැබිණි. රටේ දේශපාලන තත්ත්වය බෙහෙවින් උණුසුම්ව තිබූ නිසා විජේවීර වත්තෙන් බැහැරව යෑම නොසුදුසු බවට පක්ෂය තීරණයක් ගෙන තිබිණි.

විජේවීරගේ අවසරය ලැබුණු විට දරුවෝ වත්තේ දුව පැන ඇවිද සෙල්ලම් කළහ. ඔවුන්ට කවා පොවා ඔවුන්ගේ හැසිරීම් ගැන විජේවීර සෙවිල්ලෙන් පසු විය. දරුවන් දුව පැන වැටී තුවාල කර ගනිතැයි විජේවීර නිතර සැලකිල්ලෙන් පසු විය. වත්ත අවට ආගන්තුකයන් හැසිරුණහොත් දරුවෝ වහා බංගලාවේ ඔවුන්ගේ කොටසට ඇතුළුවී නිහඬව සිටිති. ඔවුන් වල්හපුතැන්නෙන් පැමිණ ටික දිනකට පසුව වත්තේ වෑන් රථයෙන් රංජි මල්ලී ගොස් වල්හපුතැන්නේ නිවෙසේ සියලුම බඩු ලෙව්වේගොඩට ගෙනාවේය. මෙහිදී සිදුවූ විශේෂ සිදුවීම නම් වැඩිමහල් දියණියන් දෙදෙනාගේ පාසල් ගමන අඩපණ වීමය. ඉදිරියේදී වෙනත් විකල්පයකට යනතුරු දරුවන් පාසල් නොයවන්නට විජේවීර තීරණය කළේය. පක්ෂයේ විශේෂ ලියකියවිලිවල නිරත නොවන අවස්ථාවල විජේවීර දරුවන් ළංකරගෙන පන්තියක් දැම්මේය. විජේවීරගේ පන්තියේ ඉගෙන ගන්නට දරුවන් රුචි වූයේ ඔහු සැර වැර නැති ගුරුවරයකු වූ නිසාය.

1982 ජනාධිපතිවරණයෙන් ජයගෙන 1977 ලබාගත් හයෙන් පහක බලය 1982 ජනමත විචාරණයෙන් තවත් වසර හයකට දිගු කර ගන්නට ජනාධිපති ජයවර්ධන ක්‍රියා කරන්නට හේතු ගණනාවක් තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර තුන්වැනි වරටත් ජනාධිපති වීම ඔහුගේ අභිප්‍රාය වූයේය. ඊට අවශ්‍ය පාර්ලිමේන්තු බලය ඔහු සතු විය. ජයවර්ධන ආරම්භ කළ විවෘත ආර්ථික ක්‍රමය ශක්තිමත් අන්දමින් ලංකා පොළොවේ පැළකර මියයන්නට නම් තමන් තවත් වාරයක් ජනාධිපති පුටුවේ සිටිය යුතු යැයි ජේ.ආර්. විශ්වාස කළේය.

ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් තැබීමත් සමඟ රට තුළ ඇවිළීගිය ජයවර්ධන විරෝධය ධනපති ක්‍රමයට, අධිරාජ්‍යවාදයට සහ ඉන්දියානු ව්‍යාප්ත වාදයටත් විරුද්ධ පොදු අරගලයක් බවට ජනතා විමුක්ති පෙරමුණ විසින් පත්කර තිබිණි. ජනාධිපතිවරණය යෙදී තිබුණේ 1988 නොවැම්බර් මාසයේය. ඊට ප්‍රථම ජාතිය ගලවා ගැනීමේ ආණ්ඩුවක් ගොඩනැඟීම පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කරන්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරන ලද්දේය. ජවිපෙ උපාය මාර්ගය වූයේ එජාප පාලනය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට පක්ෂයේ දේශපාලන භූමිකාව සවිමත් කොට අවසානයේ ආණ්ඩු ක්‍රමයේ ඇති කරන වෙනස සමස්ත දේශපාලන ක්‍රමයේම වෙනසක් දක්වා ඉදිරියට මෙහෙයවීමය.

මෙම සාකච්ඡා ප්‍රථමයෙන්ම ආරම්භ කරන ලද්දේ ශ්‍රීලනිපය සමඟය. 1988 අගෝස්තුවේ කොළඹ 7 රොස්මිඩ් වලව්වේ එම සාකච්ඡාව පවත්වන ලදී. දේශපාලන මණ්ඩලයේ ආනන්ද ඉඩමේගම ඇතුළු කිහිප දෙනෙක් ඊට සහභාගි වූහ. අතිශය රහසිගතව පැවැති මෙම සාකච්ඡාව රජයේ බුද්ධි අංශ දැනුවත්ව සිටින්නට ඇතැයි සැක කරන්නට හේතු තිබේ. 1988 අගෝස්තු 28 වැනිදා Sunday Times පුවත්පතට ක්වෝඩ්රි ඉස්මායිල් ලියන ලද ලිපියක සඳහන් වූයේ “ශ්‍රීලනිපය - ජවිපෙ සමඟ සන්ධානගත වුවහොත් එජාපයේ අදහස මැතිවරණය පැවැත්වීමට එරෙහි එකක් වනු ඇති බවය. එහෙත් දැනට පවතින තර්කානුකූල අවසානය විය හැක්කේ එජාප ශ්‍රීලනිප සභාගයකට මාවත විවෘත වීම” යැයි ඉස්මායිල් සඳහන් කර තිබිණි.

ජයවර්ධන ඉල්ලා අස්විය යුතු යැයිද පාර්ලිමේන්තුව විසුරුවා හැර උපරිමාධිකරණයේ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන භාරකාර ආණ්ඩුවක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු යැයිද මේ අතර ජවිපෙ ප්‍රසිද්ධ මතකයක් ඉදිරිපත් කළේය. 1988 සැප්තැම්බර් මාසයේ ශ්‍රීලනිපය සමඟ ආරම්භ කළ සාකච්ඡා සාර්ථක වී නම් එම සාකච්ඡා සඳහා දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ සහ රුක්මන් සේනානායකගේ එක්සත් ලංකා ජනතා පක්ෂය සම්බන්ධ කර ගන්නටත් අනතුරු යෝජිත වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කර ගනිමින් මුස්ලිම් කොංග්‍රසය, දෙමළ සංගමය, ලිබරල් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමයද සම්බන්ධ කර ගනිමින් ජාතිය ගලවා ගැනීමේ එක්සත් පෙරමුණක් නිර්මාණය කිරීම ජවිපෙ අභිප්‍රාය විය. දැඩි මර්දනකාරී වටපිටාවක මෙම සාකච්ඡා සම්බන්ධීකරණයට ජවිපෙ වෙනුවෙන් මැදිහත් වූයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසිනි. ආනන්ද ඉඩමේගමත්, ඩී.එම්. ආනන්දත් පක්ෂය වෙනුවෙන් වගකීම දරනු ලැබීය.

මෙම සාකච්ඡා සිදුවන අතර 1988 ඔක්තෝබර් මුල ජාතිය ගලවා ගැනීමේ එක්සත් පෙරමුණක් සඳහා වගන්ති 45කින් යුතු වැඩ පිළිවෙළක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළේය. එහි ඇතුළත් මූලික කරුණු වූයේ විධායක ජනාධිපති ධුරය හිස්කිරීම, ආණ්ඩුව ඉල්ලා අස්වීම, අපක්ෂපාතී භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම, පළාත් සභා විසුරුවා හැරීම, ඉන්දු - ලංකා ගිවිසුම අහෝසි කිරීම, මර්දනය නතර කොට භාරකාර ආණ්ඩුවක් යටතේ ජනාධිපති මැතිවරණය හා මහ මැතිවරණය පැවැත්වීමය. මැතිවරණයෙන් පසු ජාතිය ගලවා ගැනීමේ ආණ්ඩුව පිහිටුවා ගැනීම රට විපත් මාවතින් ගොඩ ගැනීමේ ඒකායන මාර්ගය ලෙස ජවිපෙ ඉදිරිපත් කළේය.

එහෙත් ජවිපෙ අපේක්ෂා කළ අන්දමට කටයුතු සිදු වූයේ නැත. ශ්‍රීලනිපය මුල සිටම අනුගමනය කළේ සාකච්ඡා දිගට ඇදගෙන යන දියාරු ප්‍රතිපත්තියකි. ඔවුනට අවශ්‍ය වූයේත් ඔවුන් අපේක්ෂා කළේත් පවතින දේශපාලන වාතාවරණය කිසියම් හෝ හේතු කාරණා පදනම් කොට ශ්‍රීලනිපයට වාසිදායක ආකාරයට පෙළගැසෙන තුරු කල්මරන්නටය. සාකච්ඡා මේසයට සහභාගි වන්නන්ද විටින් විට වෙනස් වූයේය. සිරිමා බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක, හලීම් ඉෂාක්, ශ්‍රීලනිප ලේකම් ඉන්ද්‍රපාල අබේවීර සහ අනුරුද්ධ රත්වත්තේ වරින්වර සාකච්ඡා මේසයට වාඩිවූහ.

මේ අතර ශ්‍රීලනිපය ඇතැම් අවස්ථාවල පෙන්නුම් කළ උද්ධච්ඡ ස්වභාවයත් තවත් විටෙක දැක්වූ උකටලී භාවයත් ආයාසයෙන් දරාගෙන කටයුතු කරන්නට ජවිපෙට සිදු විය. කෙසේ වුවද ශ්‍රීලනිපය නිශ්චිත තැනකට නොපැමිණි තත්ත්වය යටතේ වුවද අනෙකුත් පක්ෂ සඳහාද සාකච්ඡා පුළුල් කරන්නට පක්ෂය තීරණය කළේය. ඊට පාදකවූ එක්තරා සිදුවීමක්ද මෙහිලා සඳහන් කළ යුතුය.

සිරිමා බණ්ඩාරනායක සහ අනෙක් ශ්‍රීලනිප නායකයන්ද ජවිපෙ සෝමවංශ අමරසිංහ ඇතුළු සෙස්සන්ද සහභාගි වූ සාකච්ඡාවක් කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේ අංක 65 දරන රොස්මිඩ් වලව්වේ දිනක් සන්ධ්‍යා භාගයේ පවත්වන්නට කටයුතු යොදා තිබිණි. ජවිපෙ නියෝජිතයන් පිටුපස ඒ වනවිටත් ශ්‍රී ලංකා පොලිසිය සහ නොයෙකුත් ඝාතක කල්ලි ලුහුබඳිමින් සිටි නිසා ඔවුන් රොස්මිඩ් වලව්වට ඇතුළු වූයේ ඉතා සුපරීක්ෂාකාරී ක්‍රම සහ විධි අනුගමනය කරමිනි. සාකච්ඡා පැවැත්වුණේ වලව්වේ පහත මාලයේය. ශ්‍රීලනිපයේ අයද ජවිපෙ නියෝජිතයන්ද සාලයේ වූ අසුන්වල වාඩිගෙන සිටියෝය. මේ අතර අනුර බණ්ඩාරනායක ඉහළ මාලයේ සිට පිය ගැටපෙළ ඔස්සේ පහළට බසින අතර “කෝ අර ජේවීපී කොල්ලන් ආවාදැ”යි ඇසීය. ඔහු සාමාන්‍ය ස්වරයෙන් එසේ ඇසුවද සාලයේ සිටි සියල්ලන්ටම එය ඇසුණේය. එපමණක නොව තමා ප්‍රශ්න කළ ආකාරය සෙස්සන්ට ඇසුණු බවද අනුර බණ්ඩාරනායකටද වැටහුණේය. සාකච්ඡාව ආරම්භයේදීම ඩී.එම්. ආනන්ද ප්‍රකාශයක් කරමින්,

“කිසිවකු පවතින තත්ත්වය සැහැල්ලුවට ගනිමින් කටයුතු කරනවා නම් තමන් එකඟ නොවන බව තරයේ ප්‍රකාශ කළේය. මේ මොහොතේ හැම දෙනාම සෙල්ලම් කරන්නේ ජාතියේ ඉරණම සමඟ බව මතක තියාගෙන කටයුතු කිරීම හො¼ද බව ද ඔහු පැවැසීය.” 

ආනන්දගේ කතාවට හිස වැනුවා මිස අනුර බණ්ඩාරනායක වචනයක් කතා කළේ නැත. එදින සාකච්ඡාව පැවැත්වූ නමුත් ඉක්බිති රොස්මිඩ් වලව්වේ සාකච්ඡා යොදාගත්තේ නැත. සාකච්ඡා වටය වඩා පුළුල් කිරීමට ජ.වි.පෙ. තීරණය කළ අතර මහජන එක්සත් පෙරමුණ, එක්සත් ලංකා ජනතා පක්‍ෂය ද සාකච්ඡා සඳහා එක්වූහ. සාකච්ඡා පවත්වන ලද්දේ බොරැල්ලේ වුඩ්ලන්ඩ් මන්දිරයේ, අනුරුද්ධ රත්වත්තේගේ නිවෙසේ, බන්දුල ගුණවර්ධනගේ නිවෙසේ සහ හලීම් ඉෂාක්ගේ නිවෙසේය. මේ වන විට ආණ්ඩුවට එරෙහිව රට තුළ මතුවෙමින් තිබූ විරෝධය මේ වන විට හුදු ජයවර්ධන විරෝධයක් දක්වා මෝරායමින් තිබිණි. 

 1988 ජූලි සහ අගෝස්තු මාසයන්හි ජයවර්ධන ආණ්ඩුව ඇතුලත්මුදලිගෙන් හා අගමැති ප්‍රේමදාසගෙන් එල්ල විය හැකි යැයි අපේක්‍ෂා කළ විරුද්ධත්වයට මුහුණ දීම සඳහා දැඩි තීරණ ගැනීමට සලකා බලමින් සිටි බව ජේ.එන් ඩික්සිත් (කොළඹ භූමිකාව 277 පිට) සඳහන් කරයි. දකුණේ පාලනය පවත්වා ගැනීම ස¼දහාද ඉන්දීය හමුදාවේ සහාය ජයවර්ධන මහතාට අවශ්‍යව තිබිණි. දකුණට ඉන්දීය හමුදා කැඳවීම ජයවර්ධන මහතාගේ මෙන්ම ඉන්දීය ආණ්ඩුවේද කීර්තියට දැඩි බලපෑමක් ඇති කරන බැවින් එය සුදුසු නොවන බවද එවැනි ක්‍රියාමාර්ගයකින් ප්‍රශ්න තවත් ව්‍යාකූල වනු ඇතැයි ද ඩික්සිත් පෙන්වා දී ඇත. 

 ඝාතනය කරන ලද එ.ජා.ප. මහ ලේකම් නන්දලාල් ප්‍රනාන්දුගේ අනුප්‍රාප්තිකයා ලෙස රන්ජන් විජයරත්න පත් කිරීමට ජනාධිපති ජයවර්ධන තීරණ කළේය. ඔහු ජාතික ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති වශයෙන්ද නම් කෙරිණි. ඒ හා සමඟම රටපුරා මිනිස් ඝාතන වැලක් සිදුවූ අතර සැබෑ ලෙසම සිදුවන්නේ කුමක් දැයි පුවත්පත්වල ද වාර්තා නොවීය. 

 එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලය යළි නැඟිටවූ රන්ජන් විජයරත්න ජ.වි.පෙ. අතුගා දමන සාහසිකත්වයක් පෙන්නුම් කළේය. ඔහු දැරණියගල ආසනයේ එ.ජා.ප. සංවිධායකද විය. ජනාධිපතිවරණය දිනිය හැක්කේ ජයවර්ධනට නොව අගමැති ප්‍රේමදාසට යැයි ඔහු ජේ.ආර්. ජයවර්ධන සමඟ විවෘතව පවසා ඇත. පදවියේ තවදුරටත් රැඳී සිටීමට ආශාවෙන් සිටි ජේ.ආර්. විශ්‍රාම ගැනීමට කැමැත්ත පළ කිරීමට අවසානයේ තීරණය කර තිබේ. ජනාධිපති පදවියෙන් විශ්‍රාම ගන්නා බව 1988 සැප්තැම්බර් 10 the Sunday observer  පත්‍රය වාර්තා කළේය. එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වූ අවස්ථාවේ ජනාධිපති අපේක්‍ෂකයා වශයෙන් ප්‍රේමදාස මහතාගේ නම ගාමිණී දිසානායක විසින් යෝජනා කළ අතර ලලිත් ඇතුලත්මුදලි ස්ථීර කර තිබේ. සැබෑ ලෙසම මෙම වෙනසට බලපෑවේ ජ.වි.පෙ. නායකත්වය දුන් ජාතිය ගලවා ගැනීමේ ආණ්ඩු සංකල්පයේ අභියෝගය බව රහසක් නොවේ. ශ්‍රීලනිපය ඇතුළු අනෙකුත් පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භ කළ සාකච්ඡා වටය විසින් එ.ජා.ප.ය උඩුකුරු යටිකුරු කරනු ලැබීය. 

 තාප්පයටම හේත්තු වී සිටි එ.ජා.ප.ය ආපසු හරවනු පිණිස රන්ජන් විජයරත්න ලේ ගංගාවක පිහිනන්නට වූයේය. 

 1988 අගෝස්තු 25 ජ.වි.පෙ.ට සම්බන්ධ මානව හිමිකම් නීතිඥයකු වන විජේදාස ලියනාරච්චි ඝාතනය කළේය. පොලිස් අත්අඩංගුවේදී ඔහු මරා දැමීම කොළඹ ප්‍රභූ සමාජය සසල කළ අවස්ථාවක්ද විය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විජේදාස ලියනාරච්චි ඝාතනය සම්බන්ධයෙන් දැඩි උද්ඝෝෂණයකට නායකත්වය දුන්නේය. මේ අතර ජ.වි.පෙ. ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ සන්ධානයේ පොදු අපේක්‍ෂකයා සිරිමාවෝ බණ්ඩාරනායක වනු ඇතැයි අනුර බණ්ඩාරනායක නිවේදනය කළ බව 1988 සැප්තැම්බර් 30 පුවත්පත් කිහිපයක් වාර්තා කළේය. මේ අතර ඔක්තෝබර් මුල සතියේ “භාරකාර ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණය පවත්වනු” යැයි ජෙනරල් ස්ට්‍රයිකයකට ජ.වි.පෙ. කම්කරු සටන් මධ්‍යස්ථානය නායකත්වය දුන්නේය. දැනට පවත්නා ප්‍රචණ්ඩ රැල්ලට ජ.වි.පෙ. සමඟ ශ්‍රීලනිපයද වගකිව යුතු යැයි ද ප්‍රචණ්ඩ ක්‍රියා මඟින් බලයට ඒමට කල්පනා කරන ඕනෑම අයෙක් මුළාවට පත්වනු ඇතැයි ද එ.ජා.ප. මහ ලේකම් රන්ජන් විජයරත්න 1988 ඔක්තෝබර් 3දා ඩේලි නිවුස් පත්‍රයට පවසා තිබිණි. 

 ජ.වි.පෙ. සාමාජිකයන් යැයි අදහස් කරන අයගේ නම් ලැයිස්තු ප්‍රාදේශීය හමුදා සම්බන්ධීකරණ නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක ඇමැති රන්ජන් විජේරත්න විසින් එ.ජා.ප. මන්ත්‍රිවරුන්ට, මහ ඇමැතිවරුන්ට සහ පක්‍ෂයේ අනෙකුත් කාර්යධරයන්ට චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබූ අතර එම නම් ලැයිස්තුවල නම් සඳහන් පුද්ගලයන් කිසිදු වග විභාගයකින් තොරව මරා දමන ලෙසද හමුදා සම්බන්ධීකරණ නිලධාරීන්ට නියෝග කර තිබිණි. ඝාතන රැල්ලක් දියත් වූ අතර එ.ජා.ප. සංවිධායකයන් ලබා දුන් ලැයිස්තුවල ප්‍රාදේශීය වශයෙන් තමන්ට අභියෝගාත්මක ශ්‍රී ල.නි.ප. සංවිධායකයන්ගේද නම් ඇතුළත් කරන්නට කටයුතු කර තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රීල.නි.ප. ගම්බද නායකත්වය ද ඝාතකයන්ගේ ගොදුරු බවට පත්වීමය. එහෙත් ඒවා බැර කරන ලද්දේ ජ.වි.පෙ. ගිණුමටය.

උදේනි සමන් කුමාර