28

කොළඹ

නවතම පුවත්

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019

බදුරලිය පාසලක් අසළ අත්බෝම්බ තැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට

02:35 PM May 25 2019

කුලියපිටිය ලංගම ඩිපෝවට බලෙන් ඇතුළු වී සේවකයන්ට පහර දුන් අය සොයා පොලිස් පරීක්ෂණ

01:19 PM May 25 2019

කේරල ගංජා 245Kg සමඟ දෙදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

12:20 PM May 25 2019

උඩරට දුම්රිය මාර්ගයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ

11:52 AM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

සේවක අර්ථ සාධක අරමුදල ඇති කළේ අයිවර් ජෙනිංග්ස්

හටන

ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන්නේ සේවක අර්ථ සාධක අරමුදලය. එහි ඉතිහාසය පිළිබඳ තහවුරුව පවතින මත සාවද්‍යය. ඊට පියවරු බොහෝය. 1940 වන විට බි්‍රතාන්‍යයේ කර්මාන්ත ශාලාවල කම්කරුවන් සඳහා සෞඛ්‍ය හා සුබ සාධක ක්‍රම අරම්භ වී තිබිණි. ලංකාවේද කම්කරුවන් උදෙසා සේව්‍ය සේවක දෙපක්ෂයේ දායකත්වය ඇතිව අරමුදලක් ඇති කළ යුතුය යන අදහස බි්‍රතානය පාලනය විසින් ගෙන එන ලදී. 

බි්‍රතාන්‍ය ආණ්ඩුව 1944දී ලංකාවේ සමාජ ආරක්ෂණ ක්‍රම ඇති කිරීම පිණිස යෝජනා ඉදිරිපත් කිරීමට කොමිසමක් පත්කරන ලදී. “සමාජ සේවා කොමිසම” නමින් හැඳින්වූ එම කොමිසමේ සභාපතිත්වය දරන ලද්දේ එවකට ලංකා විශ්වවිද්‍යාලයේ උප කුලපති සර් අයිවර් ජෙනිංග්ස් විසිනි. 1944-45 දක්වා කොමිසම රැස්වී ඇති අතර කොමිසම බි්‍රතාන්‍ය ආණ්ඩුවට ඉදිරිපත් කළ වාර්තාවේ ලංකාවේ පෞද්ගලික අංශයේ කම්කරුවන් සඳහා අර්ථ සාධක අරමුදලක් ඇති කළ යුතු බව යෝජනා කර තිබේ.

බි්‍රතාන්‍ය පාලන සමයේ අරමුදල පිහිටුවීමට අවස්ථාවක් නොවීය. 1947 ඩී.ඇස්. සේනානායක ආණ්ඩුවට මේ පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් වුවද ඊට සැලකිලිමත් වූයේ නැත. ඇම්. ජී. මැන්දිස්, කේ. කුලවීරසිංහම්, ඇන්. ෂන්මුගදාසන්, බාලා තම්පෝ ආදී කම්කරු නායකයෝ අර්ථසාධක අරමුදල වෙනුවෙන් සටන් කළහ. 1956 අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවද අර්ථසාධක අරමුදල පිහිටුවීම ගැන උනන්දු වූයේ නැත.

1956 දෙසැම්බර් මාසයේ කොළඹ බෘක්බොන්ඩ් සමාගමේ කම්කරුවෝ අර්ථ සාධක ඉල්ලා වැඩ වර්ජනයක් ආරම්භ කළහ. රබර් හා තේ වෘත්තීය සමිතියේ සභාපති කේ. ජිනදාස ඊට නායකත්වය දුන්නේය. වරායේ නැව් ගත කිරීම් ඇනහිටියේය. වර්ජකයන් සිර භාරයට ගත් නමුත් සටන ඉදිරියේය. බෘක්බොන්ඩ් සමාගම අර්ථසාධක ලබාදීමට එකඟ විය. එය 6- 7 1/2 පදනමිනි. තවත් සමාගම් අනතුරුව අර්ථ සාධක ලබාදීමට එකඟ විය. තවත් අවුරුදු දෙකකට පසු 1958 පෙබරවාරි 13 වැනිදා ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදල් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සුද්දන් දෙන්නට හැදූ අර්ථ සාධකය ඩී.ඇස්ලා, බණ්ඩාරනායකලා අවුරුදු 11ක්ම හංගා ගෙන සිටියේ. නමුත් වර්තමාන කම්කරු ජනතාව දන්නේ බණ්ඩාරනායකලා ඉංගරත්නලා අර්ථ සාධක ක්‍රමය ඇති කළ බවය.

 මේ වන විට ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ ක්‍රමය ලෙස සැලකෙන්නේ සේවක අර්ථ සාධක අරමුදලය. 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ අරමුදල ස්ථාපිත කර තිබේ. දැනට අරමුදල යටතේ ආවරණය වන ගිණුම් සංඛ්‍යාව මිලියන 16.9කි (2015) සේවක අර්ථ සාධක අරමුදලට දායකත්වය ලබාදෙන සමස්ත සේවා යෝජකයන් සංඛ්‍යාව 2,16,696කි. අරමුදලේ මුළු වත්තම රුපියල් බිලියන 1665ක් වේ.

සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව දළ වැටහීමක් ඇතිකර ගැනීම සඳහා මෙම දත්ත හොඳටම ප්‍රමාණවත්ය. සේවකයාගේ දායකත්වය 8% වන අතර සේවා යෝජකයාගේ දායකත්වය 12%කි.

සේවක අර්ථ සාධක අරමුදලේ කළමනාකාරීත්වය ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී තිබෙන අතර අරමුදල පරිපාලනය කම්කරු දෙපාර්තමේන්තුවට පැවරී ඇත. මෑතක බලයට පත් සෑම ආණ්ඩුවක්ම සේවක අර්ථ සාධක අරමුදලේ වත්කම් කෙරෙහි තෘෂ්ණාවෙන් කටයුතු කළ බව රහසක් නොවේ. පසුගිය රජය අරමුදලට අත තබන්නට වෑයම් කළ විට දහස් ගණන් කම්කරුවෝ ඊට එරෙහිව නැඟී සිටියහ. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේදී රෝෂේන් චානක නම් තරුණයා පොලිස් වෙඩි පහරට ලක්ව මරණයට පත් වූයේ සේවක අර්ථ සාධක අරමුදල බේරාගනු පිණිස ගෙනගිය සටනේදීය.

මහ බැංකු බැඳුම්කර මංකොල්ලයේදී පර්පචුවල් සමාගම බැඳුම්කර මිලට ගැනීම සඳහා යෙදවූයේ ලංකා බැංකුව හරහා ණයට ලබාගත් අරමුදලේ සල්ලි බව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී හෙළිවිය. ඉන් ගම්‍ය වන්නේ මෙම ජාතික වත්කම එන්න එන්නම අන්තරායකර තත්ත්වයක පවතින බවය. අද එය සැක සහිත හාම්පුතුන්ගේ ආරක්ෂාව යටතේ තිබෙන කාසි මුට්ටියකි. 

පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සේවක අර්ථ සාධක අරමුදල ප්‍රතිලාභ අත්වන අන්දමින් ආයෝජනය කරන්නට රජය අපේක්ෂා කරන බවය. එවැනි ආයෝජනයන් සඳහා ආණ්ඩුවට නීතිමය ප්‍රතිපාදන තිබේ. නමුත් හකුරු වක්කඩේ හංගයිද යන සැකය ජනතාවට තිබේ. එයට හේතුව මෑතකාලීන අත්දැකීම් සුබවාදී නොවීමය. කෙසේ වුවද වෘත්තීය සමිති ව්‍යාපාරය සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව දැඩි අවධානයෙන් පසුවීම අරමුදලේ අනාගත සුරක්ෂිත භාවය වෙනුවෙන් අත්‍යවශ්‍යය.