28

කොළඹ

නවතම පුවත්

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019

බදුරලිය පාසලක් අසළ අත්බෝම්බ තැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට

02:35 PM May 25 2019

කුලියපිටිය ලංගම ඩිපෝවට බලෙන් ඇතුළු වී සේවකයන්ට පහර දුන් අය සොයා පොලිස් පරීක්ෂණ

01:19 PM May 25 2019

කේරල ගංජා 245Kg සමඟ දෙදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

12:20 PM May 25 2019

උඩරට දුම්රිය මාර්ගයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ

11:52 AM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

පවුලේ ගෞරවය උදෙසා මිනී මරන නීතිය ක්වන්ඩීල් බාලෝච්

හටන

මෙය තවත් එක් ගැහැනු ළමයකු පිළිබඳ කතාවකි. කොහේ සිට පැමිණියා දැයි කිසිවකු නොදන්නා, ඇය කෙටි කලෙකින් පාකිස්තාන් අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලාවල “ක්වන්ඩීල් බාලෝච්” යන නමින් සුපිරි තරුවක් බවට පත් වූයේ අනුගාමිකයන් මිලියන ගණනක් තමා කෙරෙහි ආකර්ෂණය කර ගනිමිනි. පාකිස්තානයේ සංස්කෘතිය අනුමත නොකරන සිරුර නිරාවරණය වන ලෙස සැරසුණ ඇගේ වීඩියෝ නිසා පාකිස්තානය කැලඹුණි. ජනප්‍රියතාවයේ හිනිපෙත්තේ සිටියදීම තම ප්‍රේක්‍ෂක ජනතාවගෙන් සමු නොගෙනම විසි දෙහැවිරිදි වියේ පසු වූ ක්වන්ඩීල් 2016 ජුලි 15දා හදිසියේ අවසන් ගමන් ගියේ ඇගේම සෙහොයුරා අතිනි. 

Hani Taha මාධ්‍යවේදිනිය BBC නිවුස්නයිට් නම් රූපවාහිනි වැඩසටහන වෙනුවෙන් පාකිස්තානය කැලඹූ මේ කතාවේ සිදුවීම් පෙළ සොයා ගියාය. ඇය මුලින්ම හමුවූයේ මුල්තාන් පොලිසියේ කාන්තා පොලිස් පරීක්‍ෂක අත්තියා ජාප්රිය. මේ ඇය පැවැසූ දෙයයි. 

 “පවුලට අගෞරව කළා යැයි කියමින් කරන මරා දැමීම (Hnour Killing) නිසා පාකිස්තානයේ එක් වසරකට දහසකට අධික කාන්තාවන් ගණනක් මියයනවා. පවුලේ අය තීරණය කළ විට ඇය මරා දැමිය යුතුයි කියා සමාන්‍යයෙන් ඇගේ සහෝදරයා තමයි මිනීමරුවා වන්නේ. පියා පැමිණිලිකරුවා බවට පත්වෙනවා. පියාට නීතියෙන් අයිතියක් තිබෙනවා මිනීමරුවාට සමාව දීමට. ඒ නිසා මෙය ඇස් පනාපිටම මිනීමැරුමක් වුවත් ඔහු දඬුවමින් ගැලවෙනවා. ආර්ථික වශයෙන් ශක්තිමත් නැති පාකිස්තාන් කාන්තාව සැබෑ සමාජය තුළ ගත කරන්නේ පුරුෂ මූලික, පීඩාකාරී ජීවිතයක්. ඒ නිසාම එවන් දුප්පත් පවුල්වල තරුණ කාන්තාවන් අතරේ අන්තර්ජාලය තම නිදහස සොයා පියඹා ගිය හැකි ක්‍ෂේම භූමියක් බවට පත්ව තිබෙනවා. එහිදී ඔවුන් සිටින සැබෑ පරිසරය වසන්කොට සුරංගනා ලෝකයක් මවනවා. ළාබාල තරුණියන් එහි සීමා මායිම් නොතකා කටයුතු කර මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙනවා. 

 මෙවන් අවස්ථාවල පවුලේ පියා සාමාන්‍යයෙන් මිනීමරුවාගේ පැත්ත ගත්තත් ක්වන්ඩීල්ගේ මරණයේදී එය එසේ සිදුවූයේ නැත්තේ ක්වන්ඩීල් ඔවුන්ගේ ආදරබර දඟකාර දියණිය වූ බැවිනි. ඇය එම මවුපියන්ටත් පවුලටත් දැඩි ලෙස ආදරය කළ යුවතියක් වූ අතර ඔවුන් ගිලී සිටි දරිද්‍රතාවයෙන් ඔවුන් යම් දිනක ගොඩ ගන්නා බවට ඇය විසින් පොරොන්දුවක් දී තිබිණි. මුදල් සෙවීමට ඇය පහසුවෙන් ජනප්‍රිය වීමට හැකි අන්තර්ජාල වේදිකාව සොයා ගියේ එබැවිනි. 

 තම පුත්‍රයා බැලීමට සිරගෙට යෑම පවා ප්‍රතික්‍ෂේප කර තිබූ ක්වන්ඩීල්ගේ පියා දැඩි ශෝකයෙන් යුතුව මාධ්‍යවේදිනිය වෙත මෙසේ පවසා සිටියේය. 

“ඔහු මගේ පුතා වුවත් මම මේ මරණය අනුමත කරන්නේ නැහැ. ඔහුගේ සිහිනවල මියගිය ඇය ඉන්නවා. මාව මරා දැමීමට තරම් මා කළ අපරාධය කුමක්ද? ඇය රාත්‍රියේ පැමිණ ඔහුගෙන් විමසනවා ඇති. ඔහු සිරකූඩුවකට වී එයට පිළිතුරු සැපයිය යුතුයි. ඔහුට මරණීය දණ්ඩනය ලැබෙනවා නම් මම කැමැතියි. ඒක කළේ ගෞරවය සඳහා නම් කෝ දැන් ඒ ගෞරවය ලැබුණද?” 

ක්වන්ඩීල්ගේ මව සොයා යන මාධ්‍යවේදිනියට හමුවන්නේ පාකිස්තාන් කොඩි දෙකක් ගසා ඇති පස් කන්දක් අසල ඇය දෝතින් මුහුණ වසාගෙන බොහෝ ශෝකයෙන් පීඩිතව වැලපෙන අයුරුයි. 

 ඇගේ සීයා ද තවම හැඬු­ කඳුළිනි. “ක්වන්ඩීල්්  අපේ පවුලේ පුෂ්පය. ඇය පවුලට අවනම්බුවක් කළා යැයි මම හිතන්නේ නෑ.” ඔහු පැවැසුවේ දෙනෙතින් පහළට රූරා යන කඳුළු අතරින්. 

 මෙම මරණයට ආසන්නම හේතුව ඇත්තේ රූපවාහිනී වැඩසටහනකදී හඳුනා ගත් ප්‍රසිද්ධ පූජකයකු නිසාය. රාමදාන් සතියේ මුස්බි කදීල් නම් මෙම පූජකතුමා හා ක්වාන්ඩීල් අතර සුහද හමුවීමක් සිදුවූ අතර එහිදී ගත් සෙල්ෆි කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරුණේය. ඉන් එක් ඡායාරූපයක පූජකතුමාගේ තොප්පිය ඇය විසින් පැලඳ සිටීම මහත් ආන්දෝලනයකට තුඩුදෙන්නක් විය. එම සෙල්ෆිය ළැව් ගින්නක් සේ මාධ්‍ය හරහා පැතිරී ගිය අතර ආගමික අන්තවාදීන්ගෙන් ඇයට මරණ තර්ජන රැගත් දුරකථන ඇමතුම් පවා ලැබෙන්නට විය. මේ එයින් මසක් ඇතුළත ඇගේ දිවි තොර කළ එක කුස උපන් ළැබැඳි සොහොයුරාගේ වදන්ය. 

 “මේක අපට හරි කරදරයක් වුණා. දවස පුරා මාධ්‍යකරුවන් අපේ ගෙයි මිදුලේ. කවදාවත් මෙහෙම වෙලා තිබුණේ නැහැ. මේ ප්‍රශ්නයට විසඳුම මම දුන්නා. ඔව් මම ඇය මැරුවා. මම නිදි පෙති දීලා ඇගේ ගෙල මිරිකා මරා දැම්මා. පවුලට අගෞරවයක් ගෙනෙන අය ජීවත්ව සිටීම අවශ්‍ය නැහැ.” 

 ඡායාරූපයක් කෙනකුට මරණය ගෙන දෙන තරම් ප්‍රබල වූයේ කෙසේද? මේ මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහසයි. 

“සාමාන්‍යයෙන් සෙල්ෆි ඡායාරූප ජනතාව ඒ තරම් බැරෑරුම් ලෙස සිතන්නේ නෑ. ඇය පූජකත්වයට අවමානයක් කිරීමයි මෙයට හේතුව වුණේ. ඒත් ඇයට මෙය තනියම කරන්න බැහැ. මෙය වරදක් නම් එම පූජකවරයාත් මෙම වරදේ හවුල්කාරයෙක්.ඒත් ඔහු වැරැදිකාරයෙක් ලෙස කිසිවකු නොදැකීමයි මෙහි අසාධාරණත්වය”

ආගමික බලධාරීන් විසින් පරම්පරාගත පූජක පවුලකින් පැවැත එන ප්‍රදේශවාසීන්ගෙන් බුහුමන් ලබන “මප්ටි අබ්දුල් කාවි” නම් මෙම පූජකවරයා බැරෑරුම් කිසිවක් සිදු නොවූ අයුරින් පවසන්නේ වරද එම කාන්තාව අත බවය. එහෙත් ආගමික බලධාරීන් මෙම පූජකවරයාගේ පූජකත්වය අහෝසි කර ඔහුව පූජකවරුන්ගේ ජාතික කවුන්සිලයෙන් නෙරපීමට තීරණය කරන ලදී. 

 2016 ඔක්තෝබර් 6 මෙම ගෞරව මිනීමැරුම් නීතිමය වශයෙන් නැවැත්වීමට පනතක් සම්මත කර ගත්තද අතීතයේ සිට පවතින සමාජයේ පතුලටම මුල් ඇද ඇති මෙවන් අපරාධවලට සහමුලින් තිත තැබීම නීතියට පමණක් කළ හැකි දෙයක්ද? 

වෛද්‍ය ලංකා සිරිවර්ධන