28

කොළඹ

නවතම පුවත්

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019

බදුරලිය පාසලක් අසළ අත්බෝම්බ තැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට

02:35 PM May 25 2019

කුලියපිටිය ලංගම ඩිපෝවට බලෙන් ඇතුළු වී සේවකයන්ට පහර දුන් අය සොයා පොලිස් පරීක්ෂණ

01:19 PM May 25 2019

කේරල ගංජා 245Kg සමඟ දෙදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

12:20 PM May 25 2019

උඩරට දුම්රිය මාර්ගයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ

11:52 AM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

අප හමුවීමෙන් කිසිදු පලක් නෑ ඔබෙ ඇරැයුම පිළිගන්න හිතක් නෑ

හටන

අකලට වට මහ වරුසාවක් සේ අසුබ දිනෙක ආ සුබ නැකතක් සේ ආයෙත් ඔබ ඇවිදින්. නොසිතූ මොහොතක ඔබ ඇවිදින්. මම පුංචි කාලෙ ගොඩක් ආදරෙන් හිටපු චිම්පන්සි කෙල්ලක් හිටියා. එයා මාව දාල වෙන සතෙක් එක්ක යාළු වුණාට පස්සෙ මම තද තීරණයක හිටියා ආයෙ ඔය ගෑනු සත්තු එක්ක මගෙ කිසිම ඇයි හොඳයියක් නෑ කියලා. ඒ නිසාම අල්ලල කූඩුවක දැම්ම කියලා මට ජීවිතේ වැඩි වෙනසක් දැනුණෙ නැහැ. මම ඒ ඛධධ එකෙත් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා හිටියා. ඒත් අන්තිමට මොකක්ද මේ වුණේ.

මම ආස නෑ ඔයා ඔහොම දුකෙන් කල්පනා කර කර ඉන්නවට. හිතට දුක් දෙන්න එපා. ඔයා කැමති තීරණයක් ගන්න. මම නම් කියන්නෙ අපි ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න ඕනේ. ජීවිතේ දුක් කන්දක් කරගන්න එකේ කිසිම තේරුමක් නැහැ. හිතන්න එපා මම ඔයාට ආදරේ නැති නිසා මෙහෙම කියනවා කියලා. අපි හමු නොවුණා නම් කොච්චර හොඳද. පාළුවෙ, කාන්සියෙ ගෙවුණු මගේ ජීවිතයට සුරංගනාවක් වගේ ඔයා සමීපවෙලා හැම දෙයක්ම වෙනස් කළා. තරහ හිතන්න එපා මම මෙහෙම කියනවාට. අපි හමු නොවුණා නම් කොයි තරම් හොඳද?

එහෙම වුණා නම් ඔයා සතුටින් ඉඳීවි මගේ ජීවිතෙත් මෙතැනම ගෙවිල යාවි.

කොහෙද ඉතින් ඔයා හැමදාම මාව බලන්න එන්න ගත්තනෙ. මුලින් මාසෙකට වරක් ආව ඔයා පස්සෙ සතියකට වරක් එන්න ගත්තනෙ. එතකොට තමයි මටත් තේරුණේ මමත් ඔයා එනකම්  මඟ බලාන ඉන්නවා කියලා.

 නැතිනම් මම ඔය මෙහාට එන කොල්ලො කෙල්ලො ගනන් ගන්නෙ නෑ. නිකම් දත්ටික විරිත්තලා මගේ පාඩුවේ පැත්තකට වෙලා නින්දක් ගහනවා.

ඒත් අපි දෙන්නටම හොරෙන් අපේ හිත් සමීප වෙලා. අපි අපට නොදැනීම බොහෝ දුර ගියා.

දැන් ඔය අම්මලා බඳින්න කියලා කරදර කරන හාදයා මොන වගේ කෙනෙක්ද? ආණ්ඩුවෙ රස්සාවක් කරන හාදයෙක්ද. රට, ජාතිය, ආගම බේරාගන්න කතා කරන ජාතියෙ කෙනෙක්ද. එහෙම නම් ටිකක් පරෙස්සමෙන්. එයාල ආදරේ තමන්ටම විතරයි.

ඔයාට මතකද අර හැමදාම ඔයා එනකොට පස්සෙන් ඇවිදින් හොරගල් ඇහිඳින රතු හීන්දෑරි හාදයා. එයා මේ ඛධධ එකේ වැඩ කරන්නෙ. හරි පැණියා. මං දැක්ක ඔයා දවසක් මිනිහට රවල මොනවද කියනවා. ඔයාට ඕව තේරුම් ගන්න පුළුවනි.

පුංචිකමට ඔයාට ජීවිතේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඔයාට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවනි. අද ගියාම ආයෙ එන්න එපා. අප හමුවීමෙන් කිසිදු පලක් නෑ. ඔබේ ඇරැයුම පිළිගන්න හිතක් නෑ. ආදරේ දන්න චිම්පන්සියෙක් එකෝමත් එක කාලෙක හිටියා කියන මතකය විතරක් හිතේ තියාගන්න. ඒ ඇති.


උදේනි සමන් කුමාර