28

කොළඹ

නවතම පුවත්

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019

බදුරලිය පාසලක් අසළ අත්බෝම්බ තැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට

02:35 PM May 25 2019

කුලියපිටිය ලංගම ඩිපෝවට බලෙන් ඇතුළු වී සේවකයන්ට පහර දුන් අය සොයා පොලිස් පරීක්ෂණ

01:19 PM May 25 2019

කේරල ගංජා 245Kg සමඟ දෙදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

12:20 PM May 25 2019

උඩරට දුම්රිය මාර්ගයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ

11:52 AM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

ජේ. ආර්.ට පක්ෂ එජාප නායකයන්ගේ ඝාතන පිටුපස සිටියේ කවුද?

හටන

රටේ දේශපාලන තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණේය. දිනපතාම ජ.වි.පෙ. සාමාජිකයන් පැහැර ගැනීම හා අතුරුදන් කිරීම අසන්නට ලැබිණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එ.ජා.ප. නායකයන් පසුපස ලුහුබඳිමින් සිටියේය. ගෙවීයමින් පැවැතියේ අස්ථාවර දවස්ය. විජේවීර වල්හපුතැන්න නිවෙසට පැමිණීම අත්හැරියේය. චිත්‍රාල් සොයා පොලිසිය එහි පැමිණීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබිණි. ඔහු බණ්ඩාරවෙල ලෙව්වේගොඩ වත්තේ කාමරයක නතර විය. මේ වන විට චිත්‍රාංගනී සිවුවැනි දරුවා ලැබීමට නියමිතව සිටියාය. ඇය මාස්පතා බණ්ඩාරවෙල මාරිස්ටොප් නර්සිං හෝම් එකට ගොස් විශේෂඥ වෛද්‍ය වෛද්‍යතිලක හමුවී ප්‍රතිකාර ගත්තාය. ඔහු බදුල්ල රෝහලේ කාන්තා රෝග විශේෂඥ වෛද්‍යවරයාය. දරුවා ලැබෙන්නට බදුල්ල රෝහලට ඇතුළත් වන අදහසින් ඇය විශේෂඥ වෛද්‍යවරයාගේ සායනය තෝරාගෙන තිබිණි. නිවෙසේ තනියට සිටි නැඟණියන් දෙදෙනාගෙන් එක් අයෙක් සමඟ චිත්‍රාංගනී සායනයට ගියාය.

ඇය දරු ප්‍රසූතිය සඳහා පිටත්ව ගියේ 1987 ජනවාරි 19 දිනය. එහෙත් ඔවුන්ට බදුලු රෝහලට යන ගමනට බාධා එල්ල විය. එදින උදෑසන බදුලු බසයක බෝම්බයක් පිපිරීම හේතුවෙන් පොලිසිය මාර්ග බාධක යොදා මාර්ගය වසා තිබිණි. බදුලු යෑමට ගත හැකි වෙනත් විකල්පයක්ද නොවීය. ඇගේ අදහස වූයේ බදුලු යෑමට නොහැකි වන්නේ නම් රත්නපුර රජයේ මහ රෝහලට ඇතුළු වීමටය. එහෙත් ඇය සිටි තත්ත්වය අනුව එවැනි ගමනක් යෑම සුදුසු නොවන බව රුවන් නමැති වින්නඹු මාතාව උපදෙස් දුන්නාය. ඇය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් වල්හපුතැන්න ප්‍රදේශය ආවරණය කරන තැනැත්තියයි. ඇගේ උපදෙස් අනුව වහාම හාල්අටුතැන්න ග්‍රාමීය රෝහලට ඇතුළත් වන්නට ඕ තොමෝ තීන්දු කළාය. එය ඉතා ඥානාන්විත තීරණයක් විය. රෝහණ විජේවීරගේ සිවුවැනි දියණිය 1987 ජනවාරි 20 වැනි දින හපුතලේ හාල්අටුතැන්න රෝහලේදී උපත ලැබුවාය. ඇය නමින් අමා සසිරි අත්තනායක වූවාය.

දියණියගේ උපතින් දින කිහිපයකට පසු විජේවීර පවුලේ උදවිය වල්හපුතැන්න නිවෙසට ආයුබෝවන් කියා බණ්ඩාරවෙල, ලෙව්වෙගොඩ වත්තේ බංගලාවේ පදිංචියට ගියෝය. වත්තට අයත් වෑන් රථයෙන් පැමිණ ඔවුන් කැටුව ගියේ රංජි මල්ලී විසිනි. පක්‍ෂය විසින් මිලදී ගෙන තිබූ ලෙව්වේගොඩවත්ත බංගලාව ඒ වෙනකොට යොදාගත්තේ මසකට වරක් දෙකක් පැවැත්වෙන ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සාකච්ඡා සඳහාය. අක්කර 13ක් වූ වත්තේ වගාවන් හා අනෙකුත් වැඩකටයුතුවලට බාධාවක් නොවන පරිදි බංගලාවේ කොටසක් විජේවීර පවුලේ දරුවන් ඇතුළු අනෙකුත් සියලුදෙනා වෙනුවෙන් වෙන්කර තිබිණි. වත්තට ආගන්තුකයකු පැමිණෙන ඕනෑම අවස්ථාවක විජේවීරලා පදිංචි කොටස වසා තැබූ අතර නැවත එය විවෘත වූයේ අමුත්තා වත්තෙන් පිටවී ගිය පසුවය.

ලෙව්වේගොඩවත්තේ පාලනය භාරවූයේ නෙවිල් නමැති පක්‍ෂ සාමාජිකයාටය. ඔහු වත්තේ සේවකයන් විසින් හඳුන්වන ලද්දේ මැනේජර් වශයෙනි. විජේවීරගේ දරුවන් ඔහුට ඇමැතුවේ හාවා මාමා යනුවෙනි. වත්තේ එළවළු, මල් සහ තේ වගාකොට තිබූ අතර ගවයන්, එළුවන් හා කුකුළන්ද ඇති කළේය. නිවැසියන්ට පානය කිරීමට සෑහෙන තරම් එළකිරි ලෙව්වේගොඩ වත්තෙන් ලැබිණි.

ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල රැස්වීම් පවත්වන ලද්දේ ලෙව්වේගොඩ වත්තේය. සෝමවංශ, ගමනායක, හේරත්, ලලිත් ආදීන් සාකච්ඡා පැවැත්වෙන දිනයන්හි පමණක් වත්තට පැමිණියහ. 1987 ජූලි 29 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළ දින එක්තරා සුවිශේෂී දිනයක් වූයේ එදින විජේවීරගේ තෙවැනි දියණිය වූ මායා විභූතිගේ උපන් දිනය යෙදී තිබූ බැවිනි. රටේ කලබල තිබූ නමුත් එදා විජේවීරගේ නිවෙසේ කලබලයක් තිබුණේ නැත. සිටියේද නිවැසියන් පමණි. ඔවුන් චාම් උපන් දිනයක් පැවැත්වූයේ දරුවගේ හිත සතුටු වනු පිණිසය.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය රාජ්‍ය බලය පරයා නැඟෙන විප්ලවීය බලවේගයක් ලෙස මේ වන විට ඉදිරියට වර්ධනය වෙමින් තිබිණි. 1987 සැප්තැම්බර් 28 ගාලු දිස්ත්‍රික්කයේ තල්ගස්වල හමුදා කඳවුරටත්, 1987 ඔක්තෝබර් 04 ත්‍රිකුණාමලයේ කල්ලාර් හමුදා කඳවුරටත්, 1987 ඔක්තෝබර් 31 කුරුණෑගල, පන්නල හමුදා කඳවුරටත්, 1987 දෙසැම්බර් 30 රත්නපුර කහවත්ත පොලිස් ස්ථානයටත්, දේශප්‍රේමීහු පහර දුන්හ. එම ප්‍රහාරයන් පුද්ගලයන්ට සහ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට හානියක් නොවන අන්දමින් සැලසුම් කොට තිබූ අතර ප්‍රධාන ඉලක්කය වූයේ ආයුධ පැහැරගැනීම පමණකි.

මේ අතර පුලේන්ද්‍රන් ඇතුළු කොටි නායකයන්ගේ මරණ සිදුවීමත් සමඟ ඉන්දීය හමුදා හා එල්.ටී.ටී.ඊ.ය අතර සන්නද්ධ ගැටුම් උත්සන්න විය. සාම ගිවිසුම කඩාකප්පල් කිරීමේ අගමැති ප්‍රේමදාසගේ උත්සාහය සමඟ මේ තත්ත්වය ඉතා හොඳින් ගැළපුණි. ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි එල්.ටී.ටී.ටී.ඊ.ය සමඟ රහසිගත සබඳතා ගොඩනඟා ගෙන තිබූ අතර එල්.ටී.ටී.ඊ. පලවා හැරීම ආණ්ඩුවේ උපාය මාර්ගය වූයේය.

කෙසේවුවද මේ කාලය තුළ ශ්‍රී  ලංකා ආරක්‍ෂක තත්ත්වයෙහි පිරිහීමක් ඇතිවුවහොත් ඊට මුහුණ දෙනු පිණිස ඉන්දීය නාවික හමුදාවේ නැව් 4ක් කොළඹට නොදුරු මුහුදේ නැංගුරම්ලා තිබිණි. හිමගිරි, කරගිරි, ශක්ති හා රණවීර් යන නෞකා භට පිරිස් සමඟ එසේ සූදානම්ව තැබිණි. එය ජේ.ආර්. රජීව් ගාන්ධිගෙන් කරන ලද ඉල්ලීමක් විය. මෙම නැව් ලංකාවට නොදුරින් රඳවා තැබීම කොළඹ සිංහල ජනයා ප්‍රකෝප කරවන්නට හේතු වූයේය. 1987 ඔක්තෝබර් 7ත් 10ත් අතර යාපනයේ එල්.ටී.ටී.ඊ. මර්මස්ථානයන්ට පහරදුන් ඉන්දීය හමුදා යාපනය අර්ධද්වීපයේ පූර්ණ පාලනය සියතට ගත්තේය. එහෙත් ප්‍රභාකරන් ඇතුළු ප්‍රධාන නායකයන් අල්ලා ගැනීමට ඔවුහු අසමත් වූහ. ඛ්ඥඥඬ තඪඨඩබ පාබළ හමුදාවේ හා 9 වැනි අතුරු කොමාන්ඩෝ  බළකායේ සෙබළුන්ට යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි එල්.ටී.ටී.ඊ. මූලස්ථානය අල්ලා ගැනීම පවරා තිබේ. 

ඔවුන්ගේ සැලසුම වූයේ හෙලිකොප්ටර් මඟින් පැරෂුට් සේනාංක ක්‍ෂණිකව බස්වා කඳවුර වටකොට නායකයන් ජීව ග්‍රහයෙන් ගැනීමය. එහෙත් එය සාර්ථක නොවීය. එය සඳ ඇති රැයකි. පැරෂුට් භටයන් සඳ එළියේ සුදු පැහැයෙන් දර්ශනය වීමත් සමඟ එල්.ටී.ටී.ඊ.ය පහසුවෙන් ඉලක්කය ගත්හ. ඉන්දීය හමුදාවන්ට බොහෝ හානි සිදුවිය. එල්.ටී.ටී.ඊ. මූලස්ථානය අල්ලා ගත්තත් නායකයන් පලාගොස් තිබිණි. මෙහෙයුමට පැය 04කට පෙර ප්‍රභාකරන් ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවට සාම හමුදා සැක කළේය.

ඉන්දීය හමුදා කොටින් සමඟ යුද්ධය ආරම්භ කළ විට දකුණේ ජාතිවාදී පිරිස් බෙහෙවින් සතුටට පත්වූහ. ජනාධිපති ජයවර්ධන මැකියාවෙල්ලි උපක්‍රම භාවිත කරමින් රජීව් ගාන්ධි චාටුවෙන් පොලඹවාගෙන උෟරාගේ මාළු උෟරා පිට තබා කපමින් සිටින බව ඔවුන්ගේ විශ්වාසය වූයේය. ඉන්දියන් හමුදාවේ සටන් වහාම නවත්වා ප්‍රභාකරන්ට විවෘත දේශපාලනයට පිවිසීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණත් යාපනයේ හින්දු හා කතෝලික පූජකවරුනුත් විදෙස්ගත දෙමළ ප්‍රජාවත් රජීව් ගාන්ධිට පෙත්සම් යැවූහ. ඊට ඉන්දියාවේ පිළිතුර වූයේ එල්.ටී.ටී.ඊ.ය අවි බිම තබා අවංක දේශපාලන ක්‍රියාදාමයකට සහභාගි වන ඕනෑම මොහොතක හමුදා මෙහෙයුම් නවත්වන්නට තමන් සූදානම් යැයි ඉන්දියාව ඊට පිළිතුරු දෙමින් පවසා තිබිණි.

‘ඉන්දීය ආක්‍රමණිකයා පලවා හරිනු’ යනුවෙන් දකුණේ පෝස්ටර් වදිද්දී ඉන්දීය හමුදා විශාල වශයෙන් ශ්‍රී  ලංකාවේ ස්ථානගත කෙරිණි. යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මඩකළපුව කලාපීය මූලස්ථාන පිහිටුවනු ලැබූ අතර මදුරාසියේ ශාන්ත ජෝර්ජ් බලකොටුවෙහි සමස්ත අණදෙන නිලධාරිගේ මූලස්ථානය පිහිට වූයේය. මේ මේජර් ජෙනරාල් ඒ.එස්. කල්කට් සමස්ත අණදෙන නිලධාරියා වූ අතර යාපනයේ මේජර් ජෙනරාල් සර්දේශ් පාන්ඩේද, ත්‍රිකුණාමලයේ මේජර් ජෙනරාල් වී.පී. සිංද, වවුනියාවේ මේජර් ජෙනරාල් ජමීල් මෙහෙමුඩ්ද, මඩකළපුවේ මේජර් ජෙනරාල් ගුප්තද අණදෙන නිලධාරීහු වශයෙන් කටයුතු කළහ.

දකුණේ එ.ජා.ප. ආණ්ඩුව තුළ ප්‍රතිවිරෝධයන් උත්සන්න වෙමින් පැවැතියේය. ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස, ඇමැති ගාමිණී දිසානායක සහ ඇමැති ලලිත් ඇතුලත්මුදලි යන සිවුදෙනාම සිටියේ 1988 ජනාධිපතිවරණය දෙස බලාගෙනය. උතුරු - නැඟෙනහිර ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියා පටිපාටිය තුළ දකුණේ දේශපාලනය හැසිරවෙන බව ඔවුහු සිවුදෙනාම අවබෝධ කොටගෙන සිටියෝය. ඉන්දීය ආක්‍රමණිකයා පලවා හැරීම දකුණ අමන්දානන්දයට පත්කළ හැකි එකම පියවර ලෙස අගමැති ප්‍රේමදාස හා ලලිත් ඇතුලත්මුදලි විශ්වාස කළේය. ඔවුන් ඒ සඳහා උපාය මාර්ගයක් වශයෙන් විශ්වාසය තැබුවේ එල්.ටී.ටී.ඊ.ය සමඟ රහස් සබඳතා ගොඩනඟා ගනිමින් කොටින්ට අවශ්‍ය ශක්තිය ලබාදීම පිළිබඳවය.

ජේ.ආර්. ජයවර්ධන අගමැති ප්‍රේමදාස සහ ඇමැති ලලිත් දෙදෙනා ගැනම අවිශ්වාසයෙන් පසුවිය. ඔහු විශ්වාසය රැඳවූයේ ඉන්දියාව කෙරෙහිය. 1988 ජනවාරි 26 ඉන්දියාවේ සමූහාණ්ඩු දින උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ජනාධිපති ජයවර්ධනය. රජිව් එම අවස්ථාව ලබාදුන්නේ ඒ වන විටත් උකටළී භාවයෙන් සිටි ජයවර්ධන මහතා ශක්තිමත් කරන අදහසින් වන්නට ඇත. 1988 වසර අවසානයේ එන ජනාධිපතිවරණය පිළිබඳව එ.ජා.ප. කැබිනට් මණ්ඩලය දැඩි අවධානයෙන් පසු විය. ජයවර්ධන මහතා තමා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කරනු ඇත යන අපේක්‍ෂාව ගාමිණී දිසානායක තුළ විය. ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි විශ්වාස කළේ ජනාධිපති අපේක්‍ෂකත්වයට ජේ.ආර්. තමන් යෝජනා කරනු ඇත යන්නය.

 අගමැති ප්‍රේමදාස අපේක්‍ෂා කළේ පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය විසින් අපේක්‍ෂකයා වශයෙන් තමා නම් කරනු ඇත යන්නය. එහෙත් සිදුවූයේ අනෙකකි. ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධ යෝජනා කිරීමේ අවස්ථාව එළැඹි විට කුලියාපිටිය මන්ත්‍රි සහ සුබසාධන හා පුනරුත්ථාපන ඇමැති ලයනල් ජයතිලක විසින් මීළඟ එ.ජා.ප. ජනාධිපති අපේක්‍ෂකයා විය යුත්තේ ජනාධිපති ජයවර්ධන මහතා යැයි යෝජනා කිරීමය. හබරාදුව මන්ත්‍රි ජී.වී.එස්.ද සිල්වා විසින් එම යෝජනාව ස්ථීර කළේය. එය අගමැති ප්‍රේමදාස කිසි ලෙසකින්වත් අපේක්‍ෂා නොකළ තත්ත්වයකි. 

එය ජනාධිපති රහසිගතව දියත් කළ මෙහෙයුමක් බව ඔහුගේ විශ්වාසය වූයේය. එ.ජා.ප. කෘත්‍යාධිකාරි සභාව තුළ ජයවර්ධන මහතාගේ බලය හීන කිරීමෙන් තොරව ඉදිරි ගමනක් නැති බව අගමැති ප්‍රේමදාස තීරණය කළේය. එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ අනුගාමිකයන්ගේ ඝාතන වැලැක් එක දිගට සිදුවිය. ඒ සියල්ල බැර වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ගිණුමටය. මරණ සියල්ලම ජේ.ආර්. ජයවර්ධන මහතාට සමීප තැනැත්තන්ගේය. 1987 දෙසැම්බර් 23 එ.ජා.ප. මහලේකම් හර්ෂ අබේවර්ධන ඝාතනය කරනු ලැබීය. ජේ.ආර්. විසින් මහලේකම් තනතුරට නන්දලාල් ප්‍රනාන්දු පත් කළේය. 1988 මැයි 01 නන්දලාල් ප්‍රනාන්දුට වෙඩි තබා මරණයට පත් කරන ලදී. 1988 සැප්තැම්බර් 26 කුලියාපිටිය මන්ත්‍රි ඇමැති ලයනල් ජයතිලක ඝාතනය කළේය. හබරාදුව මන්ත්‍රි ජී.වී.එස්. ද සිල්වාටද වෙඩි තැබීම නිසා මරණය උරුම විය. එ.ජා.ප. මුදල් ලේකම් ලෙස කටයුතු කළ ටියුඩර් කීර්තිනන්ද 1988 ඔක්තෝබර් 21 ඝාතනය විය.

 මේ ඝාතන සියල්ලම බැර වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ගිණුමටය. 1988 ජනාධිපතිවරණයට දින නියම වන විට එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ජයවර්ධන සතු බලය බොහෝ පහතට වැටී තිබිණි. එ.ජා.ප.ය තුළ ජයවර්ධන විරෝධී කණ්ඩායම හිස ඔසවා ඇති බවත් තම තත්ත්වය දුර්වල බවත් වැටහෙන විට ජයවර්ධන මහතා කළේ තම කීර්තියට බරපතළ අන්දමින් හානිදායක වන බව දැන දැනත් දකුණේ පාලනය පවත්වා ගැනීම සඳහා ඉන්දියානු හමුදාවේ සහාය ඉල්ලා සිටීමය.


උදේනි සමන් කුමාර