29

කොළඹ

නවතම පුවත්

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019

බදුරලිය පාසලක් අසළ අත්බෝම්බ තැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට

02:35 PM May 25 2019

කුලියපිටිය ලංගම ඩිපෝවට බලෙන් ඇතුළු වී සේවකයන්ට පහර දුන් අය සොයා පොලිස් පරීක්ෂණ

01:19 PM May 25 2019

කේරල ගංජා 245Kg සමඟ දෙදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

12:20 PM May 25 2019

උඩරට දුම්රිය මාර්ගයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ

11:52 AM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

1915 කෝලාහලය ගැන ආණ්ඩුකරු චාමර්ස් සහ ලේකම් ස්ටබ්ස් අතර ගැටුම

හටන

1912 දී ගම්පොළ වීදි සංචාරයේ යෙදුණු බෞද්ධ පෙරහරක් මුස්ලිම් පල්ලියක් පසුකර යනවිටදී තූර්යවාදන පැවැත්වීම පිළිබඳව මුස්ලිම්වරු විරෝධය පළ කළහ. මෙහිදී බෞද්ධයන් කියා සිටියේ බෞද්ධ රටේ සාම්ප්‍රදායානුකූල අයුරින් පෙරහර පැවැත්වීමට තමන්ට අයිතියක් ඇති බවය. මේ පිළිබඳ නඩුව මහනුවර දිස්ත්‍රික් උසාවියේදී විභාගයට ගැනිණි. 

1914දී එහි තීන්දුව ප්‍රකාශයට පත්කෙරිණි. බෞද්ධයන්ගේ නිගමනය නිවැරැදි බව එම තීන්දුවෙන් පැවැසුණත් 1915දී එම තීන්දුව වෙනස් කොට මුස්ලිම්වරුන්ට පක්ෂව තීන්දුව දුන්නේය.

1915 මැයි මාසයේ වෙසක් සමයේ බෞද්ධ බැති ගී කණ්ඩායමක් මහනුවර, කොටුගොඩැල්ල වීදියේ මුස්ලිම් පල්ලියක් පසුකර යද්දී තූර්යවාදන පැවැත්වීම පිළිබඳව මුස්ලිම්වරු විරෝධය පළ කළහ. මේ හේතුවෙන් මහනුවරට පැමිණ සිටි විශාල පිරිසක් කෝපයට පත්වූහ. මුස්ලිම්වරුන් විසින් බෞද්ධයන්ට පහර දෙන ලදැයි පැතුරුණු ආරංචි නිසා මැයි 29-30 දෙදින මහනුවර නගරයේ කෝලාහල හට ගත්තේය.

මෙම ආරංචිය අනෙකුත් පළාත්වලටද පැතිරගියෙන් 1915 ජුනි 2දා ඉංග්‍රීසි ආණ්ඩුව උතුරු - නැඟෙනහිර හැර අනෙකුත් පළාත්වලට යුද්ධ නීතිය (මාර්ෂල් ලෝ) පනවනු ලැබීය.

ඒ අනුව එවකට දේශපාලනයේ නිරත ප්‍රකට බෞද්ධයන් පිරිසක් හා අමද්‍යප ව්‍යාපාරයේ නිරත පිරිසක් අත්අඩංගුවට ගැනිණි. පියදාස සිරිසේන, සී. බටුවන්තුඩාව, ඩී.ඇස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක, ඩී.සී. සේනානායක සොහොයුරන් සමඟ ඩී.බී. ජයතිලක වැනි ප්‍රධාන පෙළේ නායකයෝද ඒ අතර වූහ.

යුද්ධාධිකරණය හමුවට පමුණුවන ලද පිරිසකට ඉංග්‍රීසීන් දඬුවම් දුන්නේ වෙඩි තබා මරා දැමීමෙනි. යුද නීතිය යටතේ 69ක් එලෙස මරා දැමිණි. නගරාරක්ෂක සේවයේ යෙදී සිටි  හෙන්රි පේද්‍රිස් තරුණයාට වෙඩි තැබුවේද මේ අයුරිනි. නඩු අසා මරණ දණ්ඩනයට නියම කළ සංඛ්‍යාව 83ක් බව වාර්තාවලින් කියැවිණි. අත්අඩංගුවට ගත්  අනගාරික ධර්මපාලතුමාගේ සහෝදර එඩ්මන් හේවාවිතාරණ යාපනය හිරගෙදරදී මිය ගියේය.

මේ කාලයේදී යුරෝපයේ පළමුවැනි ලෝක සංග්‍රාමය ඇවිළෙමින් තිබිණි. අසල්වැසි ඉන්දියාවේ ජාතිකවාදී ක්‍රියා පැතිරෙමින් පැවැතිණි. ඊට සමගාමීව මේ කෝලාහලය ඇරැඹුණු බැවින් බියට පත් ඉංග්‍රීසි ආණ්ඩුව මෙරට ජනතාවට එරෙහිව දැඩි පියවර ගත්තේය. විශේෂ කොමසාරිස්වරුන් යටතේ සිටි සෙබළුන්ද පැවැති කෝලාහලයේදී වග විභාගයක් නැතිව ජනතාවට වෙඩි තැබූහ. 1915 අගෝස්තු දක්වා පැවැති යුද නීතිය බලපෑ කාලය තුළදී බි්‍රතාන්‍ය වතුකාරයෝද, සිවිල් නිලධාරීහුද බිහිසුණු ක්‍රියාවල නිරත වූහ. (පසුව රාජාඥාවකින් මේ නීති විරෝධී වෙඩි තැබීම්වලට වගකිවයුතු සුද්දන් එකී වරදින් නිදහස් කරනු ලැබීය)

මේ කෝලාහලය පාලක ඉංග්‍රීසීන් තේරුම් ගෙන තිබුණේ ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහි තර්ජනයක් ලෙසය. මේ කාරණය ඉංග්‍රීසි පාලකයන් අතර බරපතළ මත ගැටුමක් ඇති කිරීමටද හේතු වූ බව එදා බි්‍රතාන්‍යයට යැවූ රහස් ලේඛනවලින් හෙළි වෙයි.

ආණ්ඩුකාර රොබට් චාමර්ස් සිටියේ එක්පසෙකය. ඔහුගේ තීරණ යටත් විජිත ලේකම් එඩ්වඩ් ස්ටබ්ස් ප්‍රතික්ෂේප කළේය. ඔහු පමණක් නොව හමුදාපතිව සිටි එච්.එම්. එල්. මැල්කම්, පොලිස්පතිව සිටි එච්. එල්. ඩව්බිගින්ද ආණ්ඩුකරුගේ මත ප්‍රතික්ෂේප කළහ.ආණ්ඩුකරු හා යටත් විජිත ලේකම් අතර මතභේදවලදී බොහෝ විට ජය ගත්තේ යටත් විජිත ලේකම්ගේ මතයයි. ඔහු (ස්ටබ්ස්) ලියූ රහස්‍ය ලිපියක මෙසේ සඳහන් වෙයි.

‘ආණ්ඩුකරු විසින් වටහාගෙන තිබෙනවාට වඩා බොහෝ බරපතළ තත්ත්වයක් පවතී. මේ සඳහා මුහුණ දිය හැකි හොඳම ක්‍රමය යුද නීතිය පනවා සම්පූර්ණ ප්‍රශ්නය විසඳීමේ කාර්යය  යුද හමුදාවට පැවැරීමයි. නමුත් ආණ්ඩුකරු තවමත් සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකය.’

යටත් විජිත ලේකම්වරයා බි්‍රතාන්‍ය යටත්විජිත කටයුතු භාර කාර්යාලයට යැවූ තවත් ලිපියක මෙසේ සඳහන් වෙයි.

‘ආණ්ඩුවට විරුද්ධව නැඟී සිටිමින්, කොතරම් දුරට යා හැකි දැයි දැන ගැනීමට වුවමනා වූ ලොකු මිනිසුන් විසින් මේ වැඩේ සංවිධානය කර ඇත. පෙරහර පිළිබඳ පලහිලව්ව ඒ සඳහා වූ බොරු හේතුවක් බව මට කිසිදු සැකයක් නැත. ලංකා බළඇණියේ කපිතාන් නෝර්ත්කෝට් මට කීවේ ආණ්ඩුවට විරුද්ධව රාජ්‍යද්‍රෝහී ක්‍රියා තවදුරටත් හටගැනීම වැළැක්වීම සඳහා දැඩි පියවර ගැනීම අවශ්‍ය බවයි.’

ඉතිරි කොටස ලබන සතියේ.....


බන්ධුල ගුණරත්න