31

කොළඹ
ගිගුරුම් සහිත වැසි

රාජ්‍ය ආයතනවලින් බැංකුවලට කෝටි 75,538ක පොල්ලක්

පසුගිය 2018 වසර තුළ රාජ්‍ය ආයතන විසින් බැංකුවලට රුපියල් කෝටි

10:30 AM May 26 2019

ආණ්ඩුවේ මන්ත්‍රිවරයකුට ගම හදන්න කෝටි 5ක්

09:15 AM May 26 2019

කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා

08:00 AM May 26 2019

අනුරාධපුර යතුරුපැදි අනතුරකින් එක් අයෙක් මරුට

06:45 AM May 26 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

කාන්තා අයිතීන් උදෙසා සටන් වදින හැරී පොටර් කෙල්ල - එමා වොට්සන්

හටන

“ගෞරවනීය සභාවෙන් අවසරයි” බුද්ධිමත් අහිංසකාවියකගේ පෙනුමින් යුතු විසිහතර හැවිරිදි තරුණිය කතාව ආරම්භ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ගාම්භීර සභාවක් ඉදිරියේ මුල්වරට කතා කරන විට ඇතිවන චකිතය වෑයමින් යටපත් කර ගනිමින්ය. එහෙත් ඇගේ වයසේ සිටින අයකුගෙන් බලාපොරොත්තු විය නොහැකි පරිණතභාවයක් ඇය සඳහන් කළ අදහස්වල තිබිණි. 2014 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම දූතිකාවක ලෙස පත්වුණු ‘හැරී පොටර් කෙල්ල’ ලෙස ලොකු කුඩා කවුරුත් හඳුනන අති දක්ෂ රංගන ශිල්පිනියක්, මනබඳනා නිරූපිකාවක් මෙන්ම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙරමුණ ගත් සමාජ ක්‍රියාකාරිනියකද වන එමා වොට්සන්ගේ එම අදහස් දැක්වීමට ඉහළ පිළිගැනීමක් ලැබිණි.

“අප නව වැඩපිළිවෙළක් දියත් කිරීම ආරම්භ කර තිබෙනවා. එහි නම ‘ඇය වෙනුවෙන් ඔහු’ (He for she) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඔබ සැමගෙන් එයට සම්පූර්ණ සහයෝගය අවශ්‍යයි.

මම ගැහැනු ළමයෙක් නිසා මගෙන් වෙනස් හැසිරීම් බලාපොරොත්තු වන බව මට දැනුණේ වයස අටේදී. මා බොහෝ දේවලට ඉදිරිපත් වන විට ඔවුන් මා ඕනෑවට වැඩි ඕධඵඵර කෙනෙක් ලෙස හැඳින්වූවා. සිනමා ලොවට පිවිසි පසු මාධ්‍යයට සෑම විටම ඉස්මතු කළේ ලිංගික ආකර්ෂණය. වාසනාවකට මගේ පවුල තුළ, පාසල තුළ මට වෙනස්කමක් නොවූවත් ලොව වෙසෙන කාන්තාවන්ගේ තත්ත්වය එසේ නෑ. සමාජය තුළ කාන්තාවටත් පුරුෂයන්ටත් සමානව සැලකිය යුතු බව කතා කිරීම ජනප්‍රිය මාතෘකාවක් නොවේ. ස්ත්‍රීවාදිනිය (feminist) යන වචනය, පිරිමින්ට වෛර කිරීම (Man Hating) හා සමානව යන තරමට සමාජය මේ ප්‍රශ්නයට වැරැදි අර්ථකථනයක් දී තිබෙනවා. ආර්ථික දේශපාලනික, සමාජීය වශයෙන් දෙපිරිසටම සමාන අවස්ථා ලැබිය යුතු බවයි අප කියන්නේ. 

කාන්තාවක් යනු කවුද? ඒ ඔබගේ මවයි. ඔබගේ සොහොයුරියයි. ඔබගේ බිරියයි. ඔබගේ දියණියයි. ඔබ සමාජයේ විඳින වරප්‍රසාද ඇයට හිමි නොවන්නේ කෙසේද? එලෙස ඇය අසාධාරණයට ලක්වෙනවා නම් ඒ ගැන සොයා බැලිය යුත්තේ පිරිමින් වන ඔබයි. තමා අසාධාරණයට ලක් නොකරන ලෙස ඇය ඉල්ලන්නේ පිරිමින් වන ඔබගෙන්. ඒත් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන මා සහභාගි වී ඇති විවිධ රටවල ඒවාට පැමිණ සිටින්නේ සියයට තිහකටත් අඩු පිරිමින් සංඛ්‍යාවක්. පිරිමින් වෙත යා යුතු මෙම පණිවුඩය එවිට අප කෙසේද ඔවුන් වෙත දෙන්නේ. අප ඇය වෙනුවෙන් ඔහු වැඩසටහනේදී අපේ ආරාධනය වන්නේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙරමුණ ගැනීමට පිරිමින්ට හැකි තාක් එක්වන ලෙසයි.

ඇය 1990 අප්‍රේල් 15 දින ඉංගී්‍රසි ජාතික නීතිඥ යුවළකගේ එකම දියණිය ලෙස උපත ලැබුවාය. ඇයට එමා චාලට් වොට්සන් යැයි නම් තැබිණි. කුඩා කාලයේම ඇගේ මවුපියන් දික්කසාද වූ බැවින් ඇය හැදී වැඩුණේ ඇගේ මව සමඟය. වයස අවුරුදු හයේ සිට රංගනවේදිනියක වීමේ සිහින දුටු ඇය පාසල් වේදිකාවේ නැතිවම බැරි චරිතයක් වූවාය. දෛවය ඇගේ සිහින සැබෑ කරන්නේ ඇය සිතුවාටත් වඩා කලිනි. ළමා නිළියක ලෙස එමා වොට්සන්ගේ රංගන ජීවිතය ආරම්භ වන්නේ වයස අවුරුදු එකොළහේදී ජේ.කේ. රෝලින්ගේ ලෝක සුප්‍රසිද්ධ හැරී පොටර් ළමා කතා මාලාවේ ප්‍රධාන නිළි භූමිකාව වන ‘හර්මියෝන්’ගේ චරිතය නිරූපණයෙන් සිනමා ලොවට පිවිසීමෙනි.

 ඒ වන විට ඇය වයස එකොළහක දැරියකි. එමා විසින් 2001 සිට 2011 දක්වා හැරී පොටර් සිනමා පට අටක දීර්ඝ කාලයක් එකම චරිතයක වර්ධනය සිනමාත්මකව නිරූපණය කිරීම වාර්තාවක් සේ සැලකේ. ඇයට මේ නිසා ලොව පුරා ජනප්‍රියතාවයේ හිණිපෙත්තටම පත්වීමට ලැබුණාක් මෙන්ම ඩොලර් මිලියන හැටක ආදායමකට හිමිකම් කීමටද හැකි වූවාය. රංගනයට සමගාමීව අධ්‍යාපනයද කරගෙන ගිය ඇය Stagecoach Theatre Arts  රංගන පාසලෙන් රංග කලා උපාධිය ද එංගලන්තයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයෙන් ඉංගී්‍රසි සාහිත්‍ය ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.

නිර්මාණශීලී හැකියාවකට සහජයෙන්ම හිමිකම් කී එමා පීපල්ස් ටී නම් සමාගමට ඇඳුම් නිර්මාණය කිරීමෙන්ද තවත් ක්ෂේත්‍රයක ඇගේ  දක්ෂතා පෙන්විය. ඇය සහතික ලත් යෝග හා භාවනා ගුරුවරියකද වේ. නිරාගමික වන ඇය විශ්ව ශක්තිය පිළිබඳ පමණක් විශ්වාස universalist කෙනකු ලෙස ලෝක ජනතාවගේ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටී. සම්මානනීය සිනමා පට රාශියකට රංගන දායකත්වය ලබාදී ඇති ඇය 2017දී ඩොලර් බිලියන 1.2 ආදායම් වාර්තා තැබූ Beauty and the Beast ඇමෙරිකානු රෝමාන්තික සිනමා පටයේ කළ විශිෂ්ට රංගනයෙන් යළි කතාබහට ලක්වූවාය. 2014දී  බි්‍රතාන්‍යයේ වසරේ කලාකාරිනිය සම්මානයද දිනා ගත්තාය.

යුනිසෙෆ් ඇතුළු බොහෝ රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව ලොව පුරා විවිධ රටවල අධ්‍යාපනය තුළින් කාන්තා ආර්ථිකය නඟාසිටුවීමට ඇය වෙහෙසේ. දුප්පත්කම නැති කිරීමට නම් කාන්තාවන්ට මුදල් ඉපැයීමේ හැකියාව අත් කර දිය යුතු බවත් එය කළ හැක්කේ ඔවුන් අධ්‍යාපනය අතින් ඉහළට ගැනීමෙන් බවත් පවසන එමා තම කාලය, ශ්‍රමය, ධනය කැප කරමින් විසල් සමාජ සේවාවක් කරමින් සිටී. ඒ සඳහා 2015දී දුප්පත්කම තුරන් කිරීමට කටයුතු කරන සංවිධානයක් වූ Millennium Promise  සමඟ ඇය අත්වැල් බැඳගෙන සිටී.

එමා වොට්සන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇය කළ කතාව අවසන් කළේ මෙම වදන් කිහිපයෙන් ඇය තමා වෙතින් ලොවට ඉටු වියයුතු කාර්යය පිළිබඳ දක්වන වගකීම කියා පෑමෙනි.

“ඔබට එය කළ හැකිද යනුවෙන් සැක පළ කරන අයට මා පවසන්නේ මෙසේ සිතන ලෙසයි. මම නොවේ නම් වෙන කවුද? දැන් නොවේ නම් කවදාද? (if not me, who? if not now, when?)



වෛද්‍ය ලංකා සිරිවර්ධන