logo

30

කොළඹ

පාසල් පෙළ පොත් පාඩම්වලින් ‘සහරාන්ලා’ බිහිවී ඇද්දැයි සොයා බලයි

සංහිඳියාව පලුදු කරන, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු පාසල් ප

09:19 AM Jun 27 2019

කතරගම පෙරහැර නිසා රජයේ පාසල් 5කට දින 11ක නිවාඩුවක්

09:18 AM Jun 27 2019

මුහුදු ප්‍රදේශ රළු වෙයි

09:15 AM Jun 27 2019

දුම්රිය වර්ජනය අද මැදියම් රෑ සිට

08:38 AM Jun 27 2019

නිවෙස හා ඉඩම විකුණා පාරට වැටුණු තිදරු පියා ටකරන් මඩුවේ අවසන් ගමන් ගිහින්

07:00 AM Jun 27 2019

වෙනදා මෙන් මව සමඟ දලු කැඩීමට නොගොස් මගහැරි දියණිය සියදිවි නසාගත්තේ ඇයි?

06:30 AM Jun 27 2019

ව්‍යාජ රියැදුරු බලපත් සැකසූ අයෙක් රිමාන්ඩ්

06:15 AM Jun 27 2019

ඉමදූවේ ගිනිඅවි නිෂ්පාදන කම්හලක් පවත්වා ගෙන ගිය සැකකරු 9 දක්වා රිමාන්ඩ්

05:45 AM Jun 27 2019
පාරදිගේ
කන්‍යා පටල අලුතින් හදන්න දාන්නේ මෙහෙම ඩීල් ...

නිහඬතාවයේ ගිලී සිටියේ ළිං කපන්නාය. කෑ කොස්සන ගාමන්ට් කෙල්ලගේය. මම හැම විටෙකදීම මෙන්ම මෙම මොහොතේදීත්

02:00 AM Jun 22 2019
කිම්මන්තුඩාව බට පැලලි නිපදවන පැරැණිම ගමද?...

  දෑත හා බැඳුනු කර්මාන්ත රැසක් මෙරට තුළ සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය පෝෂණය කිරීමට ඉමහත් රුකුලක් සප

02:00 AM Jun 22 2019
කට්ටපරිච්චාන්හිදී එකදින-එකතැන දිවි පිදූ කොමාන්ඩෝ සෙබළු...

 මිහිඳු මහරහතන් වහන්සේ  ලක්දිවට බුදු දහම රැගෙන ආ දිනය සමරන පොසොන් පෝය පසුගිය 16 වැනිදා පැව

02:00 AM Jun 22 2019
යාල්පානම් සින්න මාළු කඩේ මාළුයි -මලුයි දෙඅතින් ගත්ත අපූරු...

මහ විශාල කෑලි බෑලි ඇති යාල්පානම් සින්න මාළු කඩේ ඒ අම්මලා අනෙක් අම්මලාගෙන් වෙන් වෙන්නේ හනුමන්තා එක්කල

02:00 AM Jun 22 2019
උඩින් ගිහින් දඹුල්ල බලන්න සුද්දෝ හදපු ගුවන් පථය...

දඹුල්ල නගරය විෂ්ණු දෙවියන්ගේ අඩවියකි. රංගිරි දඹුලු රජමහ විහාරයේ එම මහ ආනුභාවසම්පන්න දෙවියන් වැඩ සිටී

02:00 AM Jun 22 2019
ඒ අතීතය සුන්දරයි ...

“මල්බර යොවුන් මැදි වියේ තෝතැන්නට සපැමිණි කල අප ආශා කළ බොහෝ දේ අපේ ජීවිතයෙන් සමු ගනියි” මේ විදිහට සටහ

02:00 AM Jun 22 2019
වළං මැස්ස යට දිවි ගෙවූ දරුවාට අවංකම සේවකයාට නව නිවෙස් ...

 ‘ඒත් නෝන මහත්තයා... මෙහෙම සිමෙන්ති සම්මාදමේ ගියා කියමු... අසරණ දරුවාට ගෙයක් හදාදෙන්න මේ සම්මාද

02:00 AM Jun 22 2019
ඩෙංගු ම¾ඩින්න ගස්ලබු කොළ තේ හදපු ඉලන්ගංතිලක ...

පිටරටවලින් කුරුට්ට ඉවත් කර කන්ටේනර් පිටින් ගේන තිරිඟු පිටිවලින් සකසන ආහාර සියල්ල විජලනය කළ කොස් මදුල

02:00 AM Jun 22 2019
මේ කවි කියන්නට මං දැන් අඩමානයි පද පූරණය දැන් මෙතැනින් අවස...

අප පසුගිය දිනෙක මහව ඇල්ලට ගියේ යාපහුව පරපුරේ කවියන් හමුවීමටය. ඒ ගමනේදී අපට මේ කවියන් හමුවීම යෑමට සිද

02:00 AM Jun 22 2019
උතුරින් පන්නන ත්‍රීවීල් එන්ජින් දකුණේදී යනවලු මුහුදේ මෙලෙසින...

අපි යාපනය නල්ලූර් කෝවිලට රියෝ අයිස්ක්‍රීම් මෝලට යාබදව  වාඩිලා අයිස්ක්‍රීම් රස විඳින අතරතුර උගුර

02:00 AM Jun 22 2019
අනුරාධපුර-කුරුණෑගල වැව් රැසක් විනාශයි...

මෙරට වාරි කර්මාන්තය සැකසී ඇත්තේ නිකරුණේ එක ජල බිඳුවක්වත් මුහුදට ගලා යෑමට ඉඩ නොදෙනවා කියන පරමාර්ථය ඇත

02:00 AM Jun 22 2019
ලක්‍ෂ දාහකට වඩා වියදම් කරලා පන්සල් ගොඩ නැඟුවේ ගණන් හිලව් ...

සියලු දේ කඩිමුඩියේ සිදුනොවීය. එවන් හැඟීමක් දායක කාරකාදීන් තුළද නොවිණි. යෞවන සිරුර තුළ ඇති අඟර දඟර ලී

02:00 AM Jun 15 2019
පැද්දෙන ගැස්සෙන පරවි කාවඩියේ අතුළත සැඟවුණු කතාව මෙය වේ...

දේව කතාවකට යමු. හිදම්භේෂ්වර යනු දක්ෂ සෙන්පතියෙකි. ඔහු ස්කන්ධ කුමරු සමඟ ඇති කරගත් සටනකින් පරාජය වී අග

02:00 AM Jun 15 2019
ඇල්ලේ වේල්ලේ ඇති වූ ගුත්තිල-මූසිල වාදය...

අප පසුගිය දිනෙක මහව ඇල්ලට ගියේ යාපහුව පරපුරේ කවියන් හමුවීමටය. ඒ ගමනේදී අපට මේ කවියන් හමුවීම යෑමට සිද

02:00 AM Jun 15 2019
ධර්ම දේශනා මැද සල්ලි ගරන කොලු රැළ...

කිසිවෙක් විවේචනය නොකරමි. ඉදින් කතාවට නොබැස කෙලෙසද. බුදු දහමේ ආරම්භය පිළිබඳ කරුණු සොයන විට ඒ පිළ

02:00 AM Jun 15 2019
යාපනයේ මුල්ම රා දැබෑරුමෙන් හෙළිවුණු රස කතා...

යාපනය-බුබුළු දමන බෙලි කටු බඳු මහ පොළොව. ඒ මහ පොළොව මත්තේ අපි පය ගහගෙන. තල් රුප්පාවක් අතරින් වංගු වැල

02:00 AM Jun 15 2019
රාජකීය ගුවන් හමුදාවට සීගිරියේ කඳවුර...

වේලාව උදෑසන හය පසු වී විනාඩි පහයි තත්පර හතළිස් හතරයි. (6.5.44) ඒ බෝම්බ රැගත් ‘බී.24’ ලිබරේට(ර්) (LIB

02:00 AM Jun 15 2019
නාරිලතා...

නාරිලතා යනු රූපකයකි. උපමාවක් නොවේ. මෙතැනදී ස්ත්‍රිය වැලකට සමාන නොකෙරේ. ඒ වෙනුවට ස්ත්‍රිය වැලක් ලෙස අ

02:00 AM Jun 15 2019

අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ

පාරදිගේ

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැනීම පිළිබඳ කතා ප්‍රවෘත්තියක් නොවේ. මේ වූ කලී පුද්ගල ඉරණම වෙනස් කිරීම පිළිබඳ කතාවක්ද නොවේ. සැබැවින්ම මෙය මනුෂ්‍යත්වය පිළිබඳව කතාන්දරයකි. අරුණ සමරවික්‍රමයන් ඔහුගේ ජීවිතයේ දුරාතීත වේදනාවන් වර්තමානයේදී සමනය කර ගන්නේ මනුෂ්‍යත්වය පිළිබඳව කතාන්දරයක් එළි දක්වමිනි. එහිලා වැදගත්ම කාරණාව වන්නේ අරුණ සමරවික්‍රම නව නිපැයුම්කරුවෙක් වීමයි. 

නව නිපැයුම්කරුවෙක් වටා ජාතිකත්වයද ඉන් මත්තට දේශ හිතෛෂි බවද එක්කාසු වූ විටදී එම නිපැයුම්කරුවාගේ නිපැයුම ඇද වැටෙන්නේ කුමන මට්ටමකටද? මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුත්තේ අරුණ සමරවික්‍රමයන් එදා සිට අද දක්වා පිළිතුරු සොයන්නේ මෙම ගැටලුවට බවය. ව්‍යාපාරයක් නම් එය සීමා මායිම් සලකුණු කරගන්නේ එහි පැවැත්ම මුල් කර ගනිමිනි. නමුත් අරුණ සමරවික්‍රමයන් හට එය රිසි නොවේ. ඔහුට අවැසි වන්නේ කෘත්‍රිම අත්පාද නිමැයුම ව්‍යාපාරයක් ලෙස නොව යමක්  ඉදිරියට රැගෙන යන්නටය. පෙරාතුව සඳහන් කළ ආකාරයට අරුණ තමන්ගේ මුල්ම කෘත්‍රිම කකුල නිපදවන්නේ ගරාජයක සුළු සේවකයෙක් ලෙස සිටියදීය. ඒ තම හිතමිතුරු රණවිරු මිතුරා වෙනුවෙනි.

 රට දැය වෙනුවෙන් යුද වැද පය අහිමි වූ කල මිතුරාගේ පෙම්වතිය මිතුරා හැර යනවිටද ඔහුගේ සහායට සිටියේ අරුණය. ලොකු තාත්තාගේ සෙරෙප්පු දෙක පිටුපසින් කපාගෙන ඒ සෙරෙප්පු දෙක පයලා පාසල් යන මිතුරෙක්ගෙන් තවත් මිතුරකුට ලද හැකි උසස්ම ත්‍යාගය වූයේ එම කෘත්‍රිම කකුලය. අරුණ මෙම කෘත්‍රිම කකුල නිපදවීමේදී ඔහු හීනයකින්වත් නොහිතන්නට ඇති කෘත්‍රිම පාදයේ පේට්න් අයිතිය ඊශ්‍රාලය ඔහුගෙන් ඩොලර් මිලියන පනහකට ඉල්ලාවිය කියා. ඊට අමතරවත් යුරෝපයේ සුඛෝපභෝගී යැයි සම්මත රටවල් දෙකකට පුරවැසි භාවය ලබාදෙතැයි කියා. මේ සියලු කරුණු කාරණාවන් එක්කාසු වූයේ ස්විස්ටර්ලන්තයේ පැවැති නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියට අරුණ සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ගිය නිසාවෙනි. 

“මම කෘත්‍රිම පාදවල පේට්න් අයිතිය නොවික්ක එක ගැන පැහැදිලා තමයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා මාව ඔහු ළඟට කැඳවලා කෘත්‍රිම පාද ලංකාව තුළ නිෂ්පාදනය කරන්න අවශ්‍ය පහසුකම් සලසා දුන්නේ. මේ වන තෙක් විවිධ හේතූන් මත දිනකට ලංකාවේ පුද්ගලයන් පස්දෙනෙක්ගේ පමණ පාද ඉවත් කිරීම සිදුවෙනවා. දියවැඩියාව, පිළිකා හදිසි අනතුරු නිසා තමයි එවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ. මට වුවමනා ඒ පස් දෙනාටම සවිමත් කෘත්‍රිම පාදයක් ලබාදෙන්න. සහෝදරත්වයේ පියසටහන් වැඩසටහනට සම්බන්ධ වන ඕනෑම අයෙක්ට හැකිය කෘත්‍රිම පාදයක් වෙනුවෙන් දායක වෙන්න. ජනාධිපතිතුමාගේ පුතා නාමල් රාජපක්‍ෂ මහත්තයා මෙම කටයුත්තේදී මට විශාල ශක්තියක් වෙලා තියෙනවා. කෘත්‍රිම පාදයක් මනුස්සයකුට ලබා දුන් පමණින් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය සුරක්‍ෂිතයි කියා මා සිතන්නේ නැහැ. 

කෘත්‍රිම පාදයක් ලබා දීමට කලින් ඔහු හෝ ඇය ජීවත් වන ප්‍රදේශයේ පාරිසරික තත්ත්වයන්, භූවිෂමතාවන් ගැන පවා මම සැලකිලිමත්. උදාහරණයක් ලෙස තැනිතලාවෙන් තොර භූමි භාගයක ජීවත් වුණු පුද්ගලයෙක් හට කෘත්‍රිම පාදයක් ලබාදීමේදී ඔහු හෝ ඇය පියසටහන් තබන ආකාරය ගැන පවා සැලකිලිමත් විය යුතුයි. මේ වෙද්දී ජර්මනිය, ඇමෙරිකාව වැනි රටවලින් ගෙන්වන කෘත්‍රිම පාදවල එවැනි භූවිෂමතාව පිළිබඳව අධ්‍යයනයක් සටහන් වන්නේ නැහැ. ඒ අතුරු කාරණාවක්. වඩා වැදගත් කාරණාව තමයි යම් හේතුවක් නිසා කෘත්‍රිම පාදයක් පැලඳීමට සිදුවූ අයෙක් ඉන්පසුව තමන්ගේ ජීවිතය කෙසේද ඉදිරියට පවත්වාගෙන යන්නේ කියන එක. පාදය අහිමි වීමට පෙරාතුව ඔහු හෝ ඇය සිදු කළ රැකියාව, පාදය අහිමි වීමෙන් පසු සිදුවූ නොකළ හැකි විය හැකි, උදාහරණයක් ලෙස එදිනෙදා කුලියක් මලියක් සිදුකරගෙන ජීවත් වූ අයෙක්ට මෙම තත්ත්වය වඩාත් දරුණු ලෙස බලපානවා. කකුලක් ලබාදුන් පමණින් ජීවිතයක් සුරක්‍ෂිත වන්නේ නැහැ කියන එක මම මෙහිදී අවබෝධ කරගත්තා. ඉන්පසුවයි කෘත්‍රිම පාද පලඳින පුද්ගලයන්ගේ අනාගත ආරක්‍ෂාව වෙනුවෙන් කුරුම්බැට්ටියා නමින්. 

කුරුම්බැට්ටියා කියන්නේ බොහොම සරල උපකරණ මාදිලියකට. කෘත්‍රිම පාදයක් පැලඳීමෙන් පසු අයෙක් රිසි නම් තමුන්ගේ ජීවිකාව වෙනුවෙන් ස්විප් විකිණීම වැනි කර්මාන්තයක යෙදෙන්න ඒ සඳහා නිෂ්පාදනය කළ උපකරණයක් ලෙසත් කුරුම්බැට්ටියා හඳුන්වා දෙන්න පුළුවන්. බොහොම සරලව පා පැදිය අපේ ජීවිතවලට හුරු සරල යන්ත්‍රයක්. ඒ පාපැදිය තියුණු නැති වෙනස්කම්වලට ලක් කරලා තමයි කුරුම්බැට්ටියා නිපදවලා තියෙන්නේ. (ඡායාරූප පහත දැක්වේ.) මට අවශ්‍ය වුණේ දණිහෙන් පහළින් කකුල අයින් කරපු අයෙක්ට පලඳින කෘත්‍රිම පාදය උපයෝගි කරගෙන පැද යා හැකි පාපැදි මොඩලයක් නිර්මාණයක් නිර්මාණය කරන්න. මම ඒ මොඩලය තවදුරටත් ඉදිරියට රැගෙන ගියා කියලයි විශ්වාස කරන්නේ. කුරුම්බැට්ටියා එහි ප්‍රතිඵලයක්. පළමුව නිපද වූ සරල කුරුම්බැට්ටියාට පසුව මම දෙවැනිව නිර්මාණය කළේ හයිඩේ‍රාලික් තාක්‍ෂණය සහිත කුරුම්බැට්ටියා යන්ත්‍රයක්. සාමාන්‍යයෙන් මේ යන්ත්‍රය තුළ කිලෝ 300ක් 400ක් අතර බරක් ප්‍රවාහනය කළ හැකි. 

උදාහරණයක් ලෙස කෘත්‍රිම පාදයක් පැලඳූ පුද්ගලයකුට බොහොම සරලව සිමෙන්ති කොට්ටයක් වැනි දෙයක් මේ යන්ත්‍රය මඟින් අදාළ ස්ථානයට රැගෙන ගොස් ඒ ප්‍රවේශමෙන් ගබඩා කළ හැකියි. මෙම යන්ත්‍ර සඳහා මම පේට්න් අයිතිය ලබාගන්න උත්සාහ කරනවා. නමුත් අප අමතක කළ යුතු නැහැ ලොව නිපැයුම් මාදිලි අතරින් වැඩිම මාදිලි සංඛ්‍යාවකට අයිතිය ලබාගෙන ඇත්තේ ඊශ්‍රාලය බව. ඔවුන් ලෝකයේ නිපදවන කොයිම ගුණාකාරයේ නව නිපැයුමක් වුවත් ඇස ගසාගෙන සිටින්නේ. ඒ පිළිබඳව මට ගැටලුවක් නැහැ. මොකද මම මගේ කෘත්‍රිම පාදය සඳහා වන අයිතිය කිසිම දෙයක් ඉදිරියේ පාවා නොදුන් නිසා. මට සැබැවින්ම වුවමනා මගේ රටේ මගේ පන්තියේ කෙනකුට සේවය කිරීමයි. ඒ පිළිබඳව ඇති වන සන්තුෂ්ටිය පමණක් මට ප්‍රමාණවත්.” අරුණ සමරවික්‍රම එලෙස පවසා සිටිනවා. 

034-2289986/ 077-2975484 

info@piyasatahan.org

කතාව පින්තූර - ප්‍රභාත් අත්තනායක