logo

27

කොළඹ

නවතම පුවත්

ආහාර පිළියෙල කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත නොවූ හතර දෙනකුට දඩ

ආහාර පිළියෙල කිරීමේදී ආරක්ෂිත ආවරණ පරිහරණය නොකිරීමේ චෝදනාව ම

07:40 PM Jun 26 2019

බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක තිබී සිම් කාඩ් 1764ක්, ජංගම දුරකථන 30ක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ රැසක් සොයාගැනේ

06:19 PM Jun 26 2019

විශ්‍රාමික ගුරුවරිය දුවගේ ගෙදර ගියපු ටිකට වෙච්ච දෙයක්

04:18 PM Jun 26 2019

කුඩා දරුවෙකුගේ හදිසි සැත්කමකට යැයි ජනතාව මුලා කරපු දෙන්නෙක්ට වැලිමඩදී වැඩ වරදී

04:06 PM Jun 26 2019

ඛනිජ තෙල් වෘත්තීය සංගම් වලින් රජයට අනතුරු හැගවීමක්

03:49 PM Jun 26 2019

කංජිපානි ඉම්රාන්ගේ රැඳවුම් නියෝග මාස 3කට දික් කරන්න අවසර ඉල්ලයි

02:53 PM Jun 26 2019

හමුදාපතිගෙන් ප්‍රශ්න අහන අතරේ පාර්ලිමේන්තු කාරක සභාවෙන් මාධ්‍ය ඉවත් කෙරේ (UPDATE)

02:33 PM Jun 26 2019

අසාත් සාලිගේ විනිසුරුවරුන් අන්තගාමී සංවිධාන වල සාමාජිකයන් බවට පත්වීමේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

01:55 PM Jun 26 2019
පාරදිගේ
කන්‍යා පටල අලුතින් හදන්න දාන්නේ මෙහෙම ඩීල් ...

නිහඬතාවයේ ගිලී සිටියේ ළිං කපන්නාය. කෑ කොස්සන ගාමන්ට් කෙල්ලගේය. මම හැම විටෙකදීම මෙන්ම මෙම මොහොතේදීත්

02:00 AM Jun 22 2019
කිම්මන්තුඩාව බට පැලලි නිපදවන පැරැණිම ගමද?...

  දෑත හා බැඳුනු කර්මාන්ත රැසක් මෙරට තුළ සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය පෝෂණය කිරීමට ඉමහත් රුකුලක් සප

02:00 AM Jun 22 2019
කට්ටපරිච්චාන්හිදී එකදින-එකතැන දිවි පිදූ කොමාන්ඩෝ සෙබළු...

 මිහිඳු මහරහතන් වහන්සේ  ලක්දිවට බුදු දහම රැගෙන ආ දිනය සමරන පොසොන් පෝය පසුගිය 16 වැනිදා පැව

02:00 AM Jun 22 2019
යාල්පානම් සින්න මාළු කඩේ මාළුයි -මලුයි දෙඅතින් ගත්ත අපූරු...

මහ විශාල කෑලි බෑලි ඇති යාල්පානම් සින්න මාළු කඩේ ඒ අම්මලා අනෙක් අම්මලාගෙන් වෙන් වෙන්නේ හනුමන්තා එක්කල

02:00 AM Jun 22 2019
උඩින් ගිහින් දඹුල්ල බලන්න සුද්දෝ හදපු ගුවන් පථය...

දඹුල්ල නගරය විෂ්ණු දෙවියන්ගේ අඩවියකි. රංගිරි දඹුලු රජමහ විහාරයේ එම මහ ආනුභාවසම්පන්න දෙවියන් වැඩ සිටී

02:00 AM Jun 22 2019
ඒ අතීතය සුන්දරයි ...

“මල්බර යොවුන් මැදි වියේ තෝතැන්නට සපැමිණි කල අප ආශා කළ බොහෝ දේ අපේ ජීවිතයෙන් සමු ගනියි” මේ විදිහට සටහ

02:00 AM Jun 22 2019
වළං මැස්ස යට දිවි ගෙවූ දරුවාට අවංකම සේවකයාට නව නිවෙස් ...

 ‘ඒත් නෝන මහත්තයා... මෙහෙම සිමෙන්ති සම්මාදමේ ගියා කියමු... අසරණ දරුවාට ගෙයක් හදාදෙන්න මේ සම්මාද

02:00 AM Jun 22 2019
ඩෙංගු ම¾ඩින්න ගස්ලබු කොළ තේ හදපු ඉලන්ගංතිලක ...

පිටරටවලින් කුරුට්ට ඉවත් කර කන්ටේනර් පිටින් ගේන තිරිඟු පිටිවලින් සකසන ආහාර සියල්ල විජලනය කළ කොස් මදුල

02:00 AM Jun 22 2019
මේ කවි කියන්නට මං දැන් අඩමානයි පද පූරණය දැන් මෙතැනින් අවස...

අප පසුගිය දිනෙක මහව ඇල්ලට ගියේ යාපහුව පරපුරේ කවියන් හමුවීමටය. ඒ ගමනේදී අපට මේ කවියන් හමුවීම යෑමට සිද

02:00 AM Jun 22 2019
උතුරින් පන්නන ත්‍රීවීල් එන්ජින් දකුණේදී යනවලු මුහුදේ මෙලෙසින...

අපි යාපනය නල්ලූර් කෝවිලට රියෝ අයිස්ක්‍රීම් මෝලට යාබදව  වාඩිලා අයිස්ක්‍රීම් රස විඳින අතරතුර උගුර

02:00 AM Jun 22 2019
අනුරාධපුර-කුරුණෑගල වැව් රැසක් විනාශයි...

මෙරට වාරි කර්මාන්තය සැකසී ඇත්තේ නිකරුණේ එක ජල බිඳුවක්වත් මුහුදට ගලා යෑමට ඉඩ නොදෙනවා කියන පරමාර්ථය ඇත

02:00 AM Jun 22 2019
ලක්‍ෂ දාහකට වඩා වියදම් කරලා පන්සල් ගොඩ නැඟුවේ ගණන් හිලව් ...

සියලු දේ කඩිමුඩියේ සිදුනොවීය. එවන් හැඟීමක් දායක කාරකාදීන් තුළද නොවිණි. යෞවන සිරුර තුළ ඇති අඟර දඟර ලී

02:00 AM Jun 15 2019
පැද්දෙන ගැස්සෙන පරවි කාවඩියේ අතුළත සැඟවුණු කතාව මෙය වේ...

දේව කතාවකට යමු. හිදම්භේෂ්වර යනු දක්ෂ සෙන්පතියෙකි. ඔහු ස්කන්ධ කුමරු සමඟ ඇති කරගත් සටනකින් පරාජය වී අග

02:00 AM Jun 15 2019
ඇල්ලේ වේල්ලේ ඇති වූ ගුත්තිල-මූසිල වාදය...

අප පසුගිය දිනෙක මහව ඇල්ලට ගියේ යාපහුව පරපුරේ කවියන් හමුවීමටය. ඒ ගමනේදී අපට මේ කවියන් හමුවීම යෑමට සිද

02:00 AM Jun 15 2019
ධර්ම දේශනා මැද සල්ලි ගරන කොලු රැළ...

කිසිවෙක් විවේචනය නොකරමි. ඉදින් කතාවට නොබැස කෙලෙසද. බුදු දහමේ ආරම්භය පිළිබඳ කරුණු සොයන විට ඒ පිළ

02:00 AM Jun 15 2019
යාපනයේ මුල්ම රා දැබෑරුමෙන් හෙළිවුණු රස කතා...

යාපනය-බුබුළු දමන බෙලි කටු බඳු මහ පොළොව. ඒ මහ පොළොව මත්තේ අපි පය ගහගෙන. තල් රුප්පාවක් අතරින් වංගු වැල

02:00 AM Jun 15 2019
රාජකීය ගුවන් හමුදාවට සීගිරියේ කඳවුර...

වේලාව උදෑසන හය පසු වී විනාඩි පහයි තත්පර හතළිස් හතරයි. (6.5.44) ඒ බෝම්බ රැගත් ‘බී.24’ ලිබරේට(ර්) (LIB

02:00 AM Jun 15 2019
නාරිලතා...

නාරිලතා යනු රූපකයකි. උපමාවක් නොවේ. මෙතැනදී ස්ත්‍රිය වැලකට සමාන නොකෙරේ. ඒ වෙනුවට ස්ත්‍රිය වැලක් ලෙස අ

02:00 AM Jun 15 2019

මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ

පාරදිගේ

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම සිදුවීම හා සම්බන්ධ කතා පුවත අසන්නට ඉතාමත් රසවත් වුවත් එවකට පැවැති ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ රජය මුහුණ දුන් දුෂ්කරම අවස්ථාවක් විය. අවුරුදු හතරක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ එස්.ඩී. සපරමාදු සූරීන් විසින් රචිත “ශ්‍රී  ලංකා වන ජීවීන් අතර” ග්‍රන්ථයෙන් අපි නේපාලයේ රජ විල්පත්තුවට පැමිණි දා කියවමු.

උද්‍යානවල සංචාරය සඳහා ගිය අවස්ථාවල ඒවායේ අඩවි ආරක්ෂක නිලධාරීන්ට රාත්‍රි ආහාරය සඳහා මගේ සංචාරක බංගලාවට ආරාධනා කිරීම සිරිතක් විය. කොළඹ කාර්යාලයීය කටයුතුවල නිරතවී හෙම්බත් වී සිටින මට ඔවුන්ගේ ඇසුර සිත ප්‍රබෝධවත් කරවන්නක් විය. වනාන්තරයේ දී ඔවුන් ලද අත්දැකීම් පවසන ලෙස පැවැසීම පුරුද්දක් විය. හැකි සෑම විටකදීම එවැනි කතා වාර්තා කර තැබූ අතර ඇතැම් කතා ඔවුන්ගේම නම්වලින් දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිවේදනය වන (Sri Lanka Wils Life Bulletin)  ප්‍රකාශයට පත්කෙරුවෙමි. 

ගල්ඔය ජාතික උද්‍යානයේ පාලක හා ඊට පෙර උතුරු අඩවි භාරව සිටි අඩවි ආරක්ෂක නිලධාරියා වූ ක්‍රිස්ටි වික්‍රමසිංහ මහතාගෙන් රසවත් කතා පුවතක් අසන්නට ලැබිණි. එය ඉතාමත් අසාමාන්‍ය කතා පුවතකි. එබැවින් එය වාර්තා කර තැබීමට තරම් සුදුසුය. එම සිද්ධියට සම්බන්ධ නාට්‍යයේ ප්‍රධාන නළුවා වූ නේපාලයේ රජු ඇතුළු වැඩි දෙනෙක් දැන් ජීවතුන් අතර නැති බැවින් එය ප්‍රකාශයට පත් කළ හැකිය. 1956 වසරේදී එය ලංකාවේ හා ඉන්දියාවේ ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂපාඨ බවට පත්ව තිබිණි.

1956 වසරේදී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු 2500 වැනි බුද්ධ ජයන්තිය සැමරීමේ උත්සවය ශ්‍රී  ලංකාවේදී පවත්වන්නට යෙදිණි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ආරම්භ වන බෞද්ධ යුගයටද වසර 2500ක් පිරුණු බැවින් එය සුදුසු පරිදි සිදුකළ යුතු විය. එම අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීමට හේතු වූ තුන්වැනි කරුණක්ද විය. මහාවංශයට අනුව ශ්‍රී  ලංකා රාජ්‍යයේ නිර්මාර්තෘවරයා වූද රටේ පළමුවැනි රජතුමා වූද, විජය කුමරු ලංකාවට පැමිණියේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ දිනයේදීමය. එබැවින් ශ්‍රී  ලංකා රාජ්‍ය පිහිටුවීමේ 2500 වසරක සංවත්සරයද 1956විය. 

ශ්‍රී  ලංකාව ථෙරවාදී බෞද්ධ රටවල් අතරින් ප්‍රධාන වෙයි. එබැවින් මෙම සැමරුම් කටයුතුවල ප්‍රමුඛත්වය ගෙන එම වසර පුරාම උත්සව පැවැත්විය. 1957 වසරේදීද නොයෙකුත් ආගමික උත්සව රට පුරා පවත්වමින් තිබිණ. 1956 වසරේ වෙසක් පුන් පොහෝ දින ආරම්භ වූ මෙම උත්සව සෑම මසකම පොහොය දිනයන්හි පවත්වනු ලදුව ප්‍රධාන උත්සව 12ක් සම්පූර්ණ කෙරිණි. පුන් පොහෝ දිනකදී පවත්වන මේ එක් එක් උත්සවවලදී මුලසුන ගැනීමට බෞද්ධ රටකින් ප්‍රභූ ආගන්තුකයකු බැගින් ආරාධනා කිරීමට වගබලා ගත්තේය. එසේ ආරාධිත අමුත්තන්ගෙන් වැඩිදෙනා රාජ්‍ය නායකයෝ වූහ. සියලුම ආරාධිත අමුත්තෝ උත්සවවලට පැමිණියහ. ඔවුන් අතර නේපාලයේ මහේන්ද්‍ර රජු, කැම්බෝඩියාවේ නොරොඩම් සිහානුක් රජ, ජපානයේ හිරෝහිටෝ අධිරාජ්‍යයේ සොහොයුරු මිකාසෝ කුමරු, බුරුමයේ අගමැති උෟනු සහා ලාඕස් හි සංඝ නායක සහ වෙනත් අය වූහ. හැම ආරාධිතයෙක්ම 

ශ්‍රී  ලංකා රජයේ විශිෂ්ට ආගන්තුකයෝ වූහ.

මැදින් පුර පසළොස්වක දින මිහින්තලේ දී පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා නේපාලයේ මහේන්ද්‍ර රජු විය. නියමිත වේලාවට මහේන්ද්‍ර රජතුමා පැමිණියේය. රජ බිසව, රජතුමාගේ මස්සිනා සහ රාජකීය පිරිවර, අගමැති සාමාජිකයන් හා ආරක්ෂක නිලධාරීන්ද මේ අතර විය. රාජකීයයන් මෝටර් රථයකින් අනුරාධපුරයට යෑමට වැඩපිළිවෙළක් යොදන ලදී. දිවා ආහාරය සඳහා පොළොන්නරුව තානායමේ නතර කළ විට රජතුමා විසින් වන සතුන් හා දඩයම් කිරීමට ඇති හැකියාවන් ගැන විමසා ඇත. එහිදී ශ්‍රී  ලාංකික නිලධාරියකු ඒ ආසන්නයේ ඇති විල්පත්තුව ජාතික වන උද්‍යානය ගැනත්, එහි අලි ඇතුන්, දිවියන් හා මුවන් බහුලව සිටින බවත් එතුමාට දැනුම් දී ඇත. ඒ පිළිබඳව සටහන් කර ගත් රජතුමා සවස් භාගයේ අනුරාධපුරයට පැමිණි පසු විල්පත්තුව වන උද්‍යානයේ සතුන් නැරැඹීමට කැමැත්ත දක්වා තිබේ. අනුරාධපුර දිසාපතිවරයා උතුරු අඩවියේ අඩවි ආරක්ෂක නිලධාරියා කැඳවා එදින රාත්‍රියේ රජතුමාට සතුන් නැරැඹීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සූදානම් කිරීමට උපදෙස් දී ඇත. අඳුරු වැටුණු පසු උද්‍යානයට ඇතුළත් වීමත්, උද්‍යානය තුළ ගමන් කිරීමත් නීතියෙන් තහනම් කර ඇති බව අඩවි භාර නිලධාරියා පහදා දී ඇතත් එම විරෝධතා ප්‍රතික්ෂේප කර ඇති දිසාපතිවරයා රජතුමා ශ්‍රී  ලංකා රජයේ විශිෂ්ට ආගන්තුකයකු බැවින් ඔහුගේ ඉල්ලීම නොසලකා හැරිය නොහැකි බව පෙන්වා දී ඇත.

පසුව සවස් කාලයේදී අනුරාධපුරයේ සිට සැතපුම් 30ක් පමණ දුරින් පිහිටි විල්පත්තුව බලා රාජකීය පිරිස පිටත්ව ගොස් ඇත. ලෑන්ඩ් රෝවර් රථයේ ඉදිරිපස අසුනේ රජතුමා සහ දේවිය අසුන් ගෙන සිටියහ. නේපාලයේ අගමැති, රජතුමාගේ පිරිවර, ඇමැතිවරයා වූ සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ජයවීර කුරුප්පු මහතා හා ආරක්ෂක භටයා, ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා යන පිරිස දෙවැනි පෙළේ අසුන් ගත්හ. පසුපස පෙළේ  උත්තර අඩවිය භාර ආරක්ෂක නිලධාරියා, රජතුමාගේ පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අසුන් ගෙන සිටියහ. රියැදුරා පොලිස් අධිකාරිවරයෙකි. වඩා හොඳින් නැරැඹීම සඳහා වාහනයේ වහලයට යොදා තිබූ කැන්වස් ආවරණය ඉවත් කෙරිණි. එම රථයට පිටුපසින් පැමිණි ජීප් රථයේ වන ආරක්ෂක භටයෝ සහ පොලිස් නිලධාරීහු සිටියහ. ඒ සියල්ලන් ළඟ අත් තුවක්කු ඇතුළු ගිනි අවි තිබිණි. මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පීන් සහිත තුන්වැනි ජීප් රථයක්ද විය. ඔවුන්ට ආරාධනා ලැබී නැතත් සිදුවන දේ ගැන ලත් ආරංචියක් අනුව ඔවුහු මේ සංචාරයට එක් වී තිබේ.

විල්පත්තුව එන අතරමඟදී වන සතුන් දක්නට නොලැබීම පිළිබඳ කනස්සල්ල පළ කළ නේපාල අගමැති, ඔවුන් ආවේ නිෂ්ඵල ගමනක් දැයි විමසා ඇත. එම ප්‍රදේශය අනතුරුදායක බවත්, පසුගිය දිනක වල් අලියකු ගොන් කරත්තයකට පහරදී කරත්තකරු මරා දමා ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසූ විට වහාම තම රථයට රයිෆල් තුවක්කු ගෙනෙන ලෙස රජතුමා නියෝග කෙළේය. ඒ අනුව එම රථයට ගිනි අවි භාරදුන් අතර රජතුමා අසලින් මූනිස්සම් දැමූ රයිෆල් තුවක්කුවක් තබන ලදී.

හුනුවිලගම උද්‍යානයට ඇතුළු වන ‍ෙදාරටුව ළඟට රාජකීය පිරිස ගමන් ගත් ජීප් රථය ළඟා වනවිට අඳුර වැටීම නිසා එහි ගේට්ටු වසා තිබිණි. නීතියට අනුව කටයුතු කරන පුද්ගලයකු වූ භාරකාර නිලධාරියා රජතුමා හිටියත් නැතත් ගේට්ටුව විවෘත කිරීම ප්‍රතික්ෂේප කර අදාළ නීතිය කියවා ඇත. 1937 අංක 2 දරන ශාක හා සත්ත්ව සම්පත් ආරක්ෂා කිරීමේ ආඥා පනත යටතේ උද්‍යානයක් වසා තිබෙන අවස්ථාවක එයට ඇතුළු වුවහොත් රුපියල් 500ක දඩයක් හා මාස 06ක සිරදඬුවමකට යටත් වීමට සිදුවන බව පෙන්වා දී බලෙන් ඇතුළු වුවහොත් රජතුමා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියට ගෙන යා යුතු වෙයි. ජීප් රථ තුළ නොඉවසිලිවන්තව සිටි රජ කෙනකු සමඟ එවැනි නෛතික පටිපාටි සාකච්ඡා කළ හැකි වේලාවක් නොවූ බැවින් රථය පැදවූ පොලිස් අධිකාරිවරයා එය ගේට්ටුවේ හප්පා බලෙන් ගේට්ටුව ඇරගෙන රථය උද්‍යානය ඇතුළට පදවා ගෙන ගියේය. 

රාජකීයන් පිරිස හුනුවිලගම පසුකර ටික දුරක් ගොස් හමුවන වංගුවක් පසු කරනවාත් සමඟම අති ශෝභන ගෝනමුවෙක් පාර මැද සිටිනු දක්නට ලැබිණි. කෘත්‍රිම එළියක් වැටුණ පසු මුවන්ගේ ඇස් අන්ධකාර වෙයි. මූකළාන දෙසට දිව යෑමට පෙර සුළු මොහොතක් තදින් ඇස් ඇර බලාගෙන සිටීම මුවන්ගේ පුරුද්දකි. මුවා දුටු සැණෙන්ම තුවක්කුව අතට ගෙන නැඟීසිටි රජතුමා එකම වෙඩිල්ලක් තැබුවේය. මුවාගේ ඇස්දෙක අතරින් නළල පසාරු වී ගිය වෙඩි උණ්ඩයෙන්  ගෝනමුවා මැරී වැටුණේය. එවැනි ක්‍ෂණික ප්‍රතිචාරයක් දැක්වීම හා නිවැරැදි ඉලක්කයක් ගැනීමක් තම ජීවිතයේ කිසිදාක නොදුටු බව පසු දිනකදී පොලිස් හා වනජීවී නිලධාරීන් පැවැසීය. එම කාරණා දෙකම රජ කෙනකු වීමට තරම් සුදුසුය. රජතුමා රථයෙන් බැස මුවා පරීක්ෂා කර ආපසු ජීප් රියට ගොඩ වුණේය. ශ්‍රී  ලාංකික සේවක පිරිස වෙව්ලා සිටියහ. වැරැදි ගණනාවක් සිදුකර තිබිණි. අඳුර වැටීමෙන් පසු ජාතික උද්‍යානයකට බලෙන් ඇතුළුවීම එකකි. රථයකින් නික්මෙන කෘත්‍රිම ආලෝකය යොදාගෙන ගෝනෙක් වෙඩි තබා මරා දැමීම අනෙකයි. මේ දෙකම ඉතාම බරපතළ වැරැදි වෙයි. සිත් කලඹනසුලු වූයේ බෞද්ධ උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුදුරජාණන් වහන්සේ උපන් රටේ රජතුමාම පුන් පොහෝ දිනකදී සිරිලකට මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම රැගෙන පැමිණි මිහින්තලාව නරඹන ගමනකදී මුවකු වෙඩි තබා මරා දැමීමය. 

මේ සියලු කාරණා රජතුමාට පහදා දීමට නො හැකි විය. ඒ වනවිට වනජීවීන් ස්වල්පයක් දැක බලා ගත් හෙයින් ආපසු අනුරාධපුරයට යෑම සුදුසු බව දැරණියගල මහතා රාජකීය පිරිසට කරුණාවෙන් යෝජනා කළේය. රාත්‍රි ආහාර වේලාව ද ඉක්ම ගොස් ඇති නිසා රජතුමාද එයට එකඟ වූයෙන් පිරිස ආපසු ආවෝය. වාර්තාකරුවන් හා ඡායාරූප ශිල්පීන් ඔවුනට අවශ්‍යව තිබූ සියලුම ඡායාරූප හා සටහන් ලබාගත්තේය. ගෝනා කෑලිවලට කපා මාංස බෙදා හරින ලදී. 

මේ සිද්ධියෙන් වැඩියෙන්ම කම්පාවට පත්ව සිටියේ රාජකීයයන්ගේ පරිවාර කටයුතු භාරව සිටි ජයවීර කුරුප්පු මහතාය. එතුමා සංස්කෘතික කටයුතු හා බුද්ධාගම භාරව සිටි ඇමැතිවරයාද විය. ඔහු ඇදවැටීමට ආසන්න තත්ත්වයක සිටියේය. එතුමා නිවුණු ගති පැවැතුම් ඇති, කිසිවකුටත් වරදක් නැති, බැතිමත් බෞද්ධයෙකි. අගමැතිට හා ජනතාවට කරුණු කියාපාන්නේ කෙසේද? මේ මඟින් රජතුමාගේ පරිවාර ඇමැතිවරයා වශයෙන් තමාගේ වගකීම හා යුතුකම හරියාකාරව ඉටු කළේද? ආචාර්ය දැරණියගල මහතා ද තැතිගෙන සිටියේය. නීතියත්, කරන ලද වැරැදිවල බරපතළ බවත් ඔහු දැනගෙන සිටියේය. පොලිසිය හා වනජීවී නිලධාරීන් කොතෙක් පසුතැවිලි වුණත් එම වැරැදි සිදුවුණේ ඉහළින් ආ නියෝග හා නොවැළැක්විය හැකි අවස්ථාවක් උද්ගත වූ නිසාය. 

මාධ්‍යකරුවන් කොළඹට පැමිණ එම පුවතට ඉහළ ප්‍රමුඛස්ථානයක් ලබාදෙන ලදී. එම පුවතින් පුවත් පත් පිටු පිරී ඉතිරී ගියේය. “පුන් පොහොදා මහේන්ද්‍ර රජතුමා විල්පත්තුව උද්‍යානය තුළදී මුවකු වෙඩි තබයි... “යන්න ප්‍රධාන ශීර්ෂ පාඨය විය. සිදුවූ වැරැදි තව තවත් උග්‍ර කරවමින් කුරුප්පු ඇමැතිවරයා එවැනි සිද්ධියක් සිදුනොවූ බව මුලදී ප්‍රකාශ කළේය. පසුව ඔහුට ඒවා පිළිගැනීමට සිදුවිය. ඒ සිටි සාක්ෂිකරුවන් හා ගෙන තිබූ ඡායාරූප නිසාය. එම සිද්ධිය ඔහුට ඉමහත් ලෙස බලපාන්නට ඇත. 

එයට පසුදින නේපාලයේ රජතුමාගේ ප්‍රධානත්වයෙන් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් රාජකීය අන්දමින් 2500 වැනි බුද්ධ ජයන්ති සැමරුම් උත්සවය පැවැත්විය. ඉක්බිතිව රජතුමා නේපාලය බලා ආපසු ගියේය. 

මෙම කතා පුවත සති ගණනාවක් පුවත්පත්වල පළවිය. විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තුවේදීද මෙම ප්‍රශ්නය මතු කළේය. කුරුප්පු ඇමැතිතුමාට එහි වගකීමක් සියලු  ප්‍රහාරත් දරා ගැනීමටත් සිදුවිය. අවසානයේදී අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කළේය. “රජතුමා මුවා දුටු විගසම ඔහුගේ සිත වේගයෙන් ක්‍රියාත්මක වීම නිසා ඇති වූ උනන්දුවෙන් සතාට වෙඩි තබා ඇත. “නේපාලයේ රජ වෙනුවෙන් අගමැතිවරයා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. ඔහු තවදුරටත් මෙවැනි දැනුම් දීමක් කළේය. “අවාසනාවන්ත සතාට පින් ලබාදීම සඳහා වසරේ ඉතිරි කාලයේදී දඩයම සහ සතුන් වෙඩි තැබීමට බලපත්‍ර නිකුත් කිරීම තහනම් කරනු ඇත.” 


කතාව පින්තූර -   ප්‍රභාත් අත්තනායක