logo

27

කොළඹ

නවතම පුවත්

ආහාර පිළියෙල කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත නොවූ හතර දෙනකුට දඩ

ආහාර පිළියෙල කිරීමේදී ආරක්ෂිත ආවරණ පරිහරණය නොකිරීමේ චෝදනාව ම

07:40 PM Jun 26 2019

බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක තිබී සිම් කාඩ් 1764ක්, ජංගම දුරකථන 30ක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ රැසක් සොයාගැනේ

06:19 PM Jun 26 2019

විශ්‍රාමික ගුරුවරිය දුවගේ ගෙදර ගියපු ටිකට වෙච්ච දෙයක්

04:18 PM Jun 26 2019

කුඩා දරුවෙකුගේ හදිසි සැත්කමකට යැයි ජනතාව මුලා කරපු දෙන්නෙක්ට වැලිමඩදී වැඩ වරදී

04:06 PM Jun 26 2019

ඛනිජ තෙල් වෘත්තීය සංගම් වලින් රජයට අනතුරු හැගවීමක්

03:49 PM Jun 26 2019

කංජිපානි ඉම්රාන්ගේ රැඳවුම් නියෝග මාස 3කට දික් කරන්න අවසර ඉල්ලයි

02:53 PM Jun 26 2019

හමුදාපතිගෙන් ප්‍රශ්න අහන අතරේ පාර්ලිමේන්තු කාරක සභාවෙන් මාධ්‍ය ඉවත් කෙරේ (UPDATE)

02:33 PM Jun 26 2019

අසාත් සාලිගේ විනිසුරුවරුන් අන්තගාමී සංවිධාන වල සාමාජිකයන් බවට පත්වීමේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

01:55 PM Jun 26 2019
පාරදිගේ
කන්‍යා පටල අලුතින් හදන්න දාන්නේ මෙහෙම ඩීල් ...

නිහඬතාවයේ ගිලී සිටියේ ළිං කපන්නාය. කෑ කොස්සන ගාමන්ට් කෙල්ලගේය. මම හැම විටෙකදීම මෙන්ම මෙම මොහොතේදීත්

02:00 AM Jun 22 2019
කිම්මන්තුඩාව බට පැලලි නිපදවන පැරැණිම ගමද?...

  දෑත හා බැඳුනු කර්මාන්ත රැසක් මෙරට තුළ සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය පෝෂණය කිරීමට ඉමහත් රුකුලක් සප

02:00 AM Jun 22 2019
කට්ටපරිච්චාන්හිදී එකදින-එකතැන දිවි පිදූ කොමාන්ඩෝ සෙබළු...

 මිහිඳු මහරහතන් වහන්සේ  ලක්දිවට බුදු දහම රැගෙන ආ දිනය සමරන පොසොන් පෝය පසුගිය 16 වැනිදා පැව

02:00 AM Jun 22 2019
යාල්පානම් සින්න මාළු කඩේ මාළුයි -මලුයි දෙඅතින් ගත්ත අපූරු...

මහ විශාල කෑලි බෑලි ඇති යාල්පානම් සින්න මාළු කඩේ ඒ අම්මලා අනෙක් අම්මලාගෙන් වෙන් වෙන්නේ හනුමන්තා එක්කල

02:00 AM Jun 22 2019
උඩින් ගිහින් දඹුල්ල බලන්න සුද්දෝ හදපු ගුවන් පථය...

දඹුල්ල නගරය විෂ්ණු දෙවියන්ගේ අඩවියකි. රංගිරි දඹුලු රජමහ විහාරයේ එම මහ ආනුභාවසම්පන්න දෙවියන් වැඩ සිටී

02:00 AM Jun 22 2019
ඒ අතීතය සුන්දරයි ...

“මල්බර යොවුන් මැදි වියේ තෝතැන්නට සපැමිණි කල අප ආශා කළ බොහෝ දේ අපේ ජීවිතයෙන් සමු ගනියි” මේ විදිහට සටහ

02:00 AM Jun 22 2019
වළං මැස්ස යට දිවි ගෙවූ දරුවාට අවංකම සේවකයාට නව නිවෙස් ...

 ‘ඒත් නෝන මහත්තයා... මෙහෙම සිමෙන්ති සම්මාදමේ ගියා කියමු... අසරණ දරුවාට ගෙයක් හදාදෙන්න මේ සම්මාද

02:00 AM Jun 22 2019
ඩෙංගු ම¾ඩින්න ගස්ලබු කොළ තේ හදපු ඉලන්ගංතිලක ...

පිටරටවලින් කුරුට්ට ඉවත් කර කන්ටේනර් පිටින් ගේන තිරිඟු පිටිවලින් සකසන ආහාර සියල්ල විජලනය කළ කොස් මදුල

02:00 AM Jun 22 2019
මේ කවි කියන්නට මං දැන් අඩමානයි පද පූරණය දැන් මෙතැනින් අවස...

අප පසුගිය දිනෙක මහව ඇල්ලට ගියේ යාපහුව පරපුරේ කවියන් හමුවීමටය. ඒ ගමනේදී අපට මේ කවියන් හමුවීම යෑමට සිද

02:00 AM Jun 22 2019
උතුරින් පන්නන ත්‍රීවීල් එන්ජින් දකුණේදී යනවලු මුහුදේ මෙලෙසින...

අපි යාපනය නල්ලූර් කෝවිලට රියෝ අයිස්ක්‍රීම් මෝලට යාබදව  වාඩිලා අයිස්ක්‍රීම් රස විඳින අතරතුර උගුර

02:00 AM Jun 22 2019
අනුරාධපුර-කුරුණෑගල වැව් රැසක් විනාශයි...

මෙරට වාරි කර්මාන්තය සැකසී ඇත්තේ නිකරුණේ එක ජල බිඳුවක්වත් මුහුදට ගලා යෑමට ඉඩ නොදෙනවා කියන පරමාර්ථය ඇත

02:00 AM Jun 22 2019
ලක්‍ෂ දාහකට වඩා වියදම් කරලා පන්සල් ගොඩ නැඟුවේ ගණන් හිලව් ...

සියලු දේ කඩිමුඩියේ සිදුනොවීය. එවන් හැඟීමක් දායක කාරකාදීන් තුළද නොවිණි. යෞවන සිරුර තුළ ඇති අඟර දඟර ලී

02:00 AM Jun 15 2019
පැද්දෙන ගැස්සෙන පරවි කාවඩියේ අතුළත සැඟවුණු කතාව මෙය වේ...

දේව කතාවකට යමු. හිදම්භේෂ්වර යනු දක්ෂ සෙන්පතියෙකි. ඔහු ස්කන්ධ කුමරු සමඟ ඇති කරගත් සටනකින් පරාජය වී අග

02:00 AM Jun 15 2019
ඇල්ලේ වේල්ලේ ඇති වූ ගුත්තිල-මූසිල වාදය...

අප පසුගිය දිනෙක මහව ඇල්ලට ගියේ යාපහුව පරපුරේ කවියන් හමුවීමටය. ඒ ගමනේදී අපට මේ කවියන් හමුවීම යෑමට සිද

02:00 AM Jun 15 2019
ධර්ම දේශනා මැද සල්ලි ගරන කොලු රැළ...

කිසිවෙක් විවේචනය නොකරමි. ඉදින් කතාවට නොබැස කෙලෙසද. බුදු දහමේ ආරම්භය පිළිබඳ කරුණු සොයන විට ඒ පිළ

02:00 AM Jun 15 2019
යාපනයේ මුල්ම රා දැබෑරුමෙන් හෙළිවුණු රස කතා...

යාපනය-බුබුළු දමන බෙලි කටු බඳු මහ පොළොව. ඒ මහ පොළොව මත්තේ අපි පය ගහගෙන. තල් රුප්පාවක් අතරින් වංගු වැල

02:00 AM Jun 15 2019
රාජකීය ගුවන් හමුදාවට සීගිරියේ කඳවුර...

වේලාව උදෑසන හය පසු වී විනාඩි පහයි තත්පර හතළිස් හතරයි. (6.5.44) ඒ බෝම්බ රැගත් ‘බී.24’ ලිබරේට(ර්) (LIB

02:00 AM Jun 15 2019
නාරිලතා...

නාරිලතා යනු රූපකයකි. උපමාවක් නොවේ. මෙතැනදී ස්ත්‍රිය වැලකට සමාන නොකෙරේ. ඒ වෙනුවට ස්ත්‍රිය වැලක් ලෙස අ

02:00 AM Jun 15 2019

සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා

පාරදිගේ

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකියාව කරගෙන යාවි යන විශ්වාසය ඇතිවය. එය අකුරටම ඉටුකරමින් මව රෙදි විකුණුව අයුරුව දිගේ ගිය දයාවතී අද වන විට රෙදි වෙළෙන්දියකි. පරම්පරා තුනක ජීවන වෘත්තිය ඉදිරියට ගෙන යමින් ගලේවෙල, බකමූණ හා පල්ලේපොළ සති පොළේ අදටත් හැටහය හැවිරිදි (66) වියේ පසුවන මේ ගැහැනිය රෙදි විකිණීම හරි අපූරුවට කරගෙන යයි. මේ රෙදි වෙළෙන්දියගෙන් ඔබත් රෙදි මිලදී ගැනීමට යන පළමු අවස්ථාව නම් ඇය සතිපොළේ සොයාගත හැක්කේ ‘අකුරම්බොඩ අක්කා’ කොයිදැයි ඇසූවිටය. ඇගේ සැබෑ නම ඇම්.එච්. දයාවතීය. පදිංචිය අකුරම්බොඩ ඔලගංවත්ත ගමේ විලත්තුව ප්‍රදේශයේය. මංගෝ නෝනාට සතිපොළේ පැරණි වෙළෙන්දන්ගෙන් ලද කාරුණික රැකවරණය ඇගේ දියණිය වුණු දයාවතීටද එලෙසින්ම හිමිය.

නිමි ඇඳුම් වෙළෙඳපොළේ දයාවතී සාර්ථක රෙදි වෙළෙන්දියක් වීමේ රහසක් ඇත. ඇය විකුණන සෑම නිමි ඇඳුමක්ම ඇගේ දෑතින් නිර්මාණය කළ ඇඳුම්ය. නූතන ලෝකයේ ඕනෑම විලාසිතාවක් බලා ඒ අයුරින්ම ඇඳුම් මැසීමේ හැකියාව ඇය සතුය. නමුත් ඇගේ එම හැකියාව පුරා ඇත්තේ කියාගත නොහැකි අහිංසක බවකි. එම අහිංසක බව තවත් ළංවන්නේ ඇගේ මුහුණපුරා පිරි පවතින සිනාව දුටු විටය.

“මගේ අම්මාට දරුවෝ දහහතක් (17) හිටියා. තුන්දෙනෙක් හදාගන්න ගත්ත අය. තාත්තා ගොවිතැන් කළේ. වහකෝට්ටේ පල්ලියට අයිති ඉඩම් තාත්තා වගා කළා. තාත්තා මැරුණට පස්සේ අම්මා තමයි පොළ රස්සාව කරලා අපිව ජීවත් කළේ. මට බාල සහෝදරයෝ හයක් ඉන්නවා. තාත්තා නැති වුණාට පස්සේ අම්මා අපිව ජීවත් කළේ පොළ රැකියාවෙන් තමයි. අම්මා වයසට ගියාට පස්සේ පොළ රැකියාව කරන්න අමාරු වුණා.

දවසක් මමයි පවුලේ තුන්දෙනකුට අම්මා රෙදි මිටිය කඩලා පුතේ උඹලා මං වගේ ජීවත් වෙයන් කියලා බෙදලා දුන්නා. ඒත් අනිත් අය අම්මා දුන්න රෙදි ගත්තේ නෑ. මම ගත්තා. දැන් අම්මාගේ නම ගෙනියන්න  ඉන්නේ මම තමයි.

මට අදටත් මතකයි ඉස්සෝරම රෙදි විකුණන්න ගිය වීදිය. ඉස්සරවෙලා රෙදි අරගෙන ගියේ ගලේවෙලට. එතකොට සතිපොළ තිබුණේ අඹගස් දෙකක් තිබුණු තැනක. දෙවන පාර පල්ලේපොළට ගියා. ප්‍රශ්නයක් වුණේ නෑ. රෙදි විකුණලා රුපියල් 20ක් ලැබුණා. දෙයියන්ගේ පිහිටෙන් කරගෙන ගියා. අම්මා ගිය අයුරුවට බකමූණ පොළට ගියා. “මේ අකුරම්බොඩ අක්කාගේ දුවනේ” කියලා මට බිස්නස් එක කරගෙන යන්න උදවු කළා. ඒ දවස්වල පොළ කුලිය රුපියල් 10.15යි. දැන් රුපියල් 150යි.”

දයාවතීගේ කතාව පුරා ඇය නිරන්තරයෙන් පැවසීමට උත්සහ දැරුවේ ‘අකුරම්බොඩ අක්කා’ කියා සතිපොළේ වෙළෙන්දන් ඇය හඳුන්වන අයුරු කීමටය. ඒ වචනය මුවින් පිටවන වාරයක් පාසා ඇගේ මුහුණින් දිස්වූයේ ‍ෙදාඩමළු සිනාවකි. එම සිනාවෙන් උපන් හඬ වඩාත් ළංවූයේ මී මැසි රාජධානියක රොන්රැගෙන එන නිල මැස්සියකගේ ගුම් ගුම් නදටය.

“ඔය ගලේවෙල පොළට ගිහින් කෙළවරේ ඉඳලා අහන්න. දයාවතී අක්කා කොයි කියලා පෙන්නයි. අකුරම්බොඩ අක්කා කිව්වොත් තමයි දන්නේ. අපේ අම්මාට අකුරම්බොඩ කියලා කිව්වේ. ඒ නම තමයි මට කියන්නේ....”

දයාවතී අතින් නිමවෙන බොහෝ ඇඳුම් කාන්තාවන් හා කුඩා ළමයින් වෙනුවෙනි. හොඳින් විකිණෙන ඇඳුම් වර්ගය කුමක්දැයි කියා ඇයට හොඳ ඉවක් ඇත. මැදි වයසේ ඇතැම් කාන්තා නිමි ඇඳුම් පුරා ඇයගේ අත් තුඩින් මවා ඇත්තේ අපූරු රසයකි. වර්ණය හා හැඩය හරිම සැහැල්ලුය. එල්ල තැබූ එම ඇඳුම්වලින් දිස්වන්නේ එක්තරා ජීවිත වියමනකි. දයාවතී මුවින් නොකියන රෙදි අලෙවියේ රහස එය යැයි හැඟේ.

“මම මාතලේ ගිහිල්ලා රුපියල් 10.000-15,000 විතර රෙදි අරගෙන එනවා. සමහර විට රුපියල් පන්දහක විතර රෙදි ණයට අරගෙන එනවා. ඒ රෙදි ගෙනැල්ලා ඇඳුම් මහනවා. සායවල් මහනවා. පොඩි දරුවන්ට රෙදි මහනවා තව.... වගේ ඇඳුම් මම මහනවා.” මේ අවුරුදු හැට පහක් වයසැති දයාවතී විලාසිතා නිමි ඇඳුම් මැසීමට හැකි බැව් වැටහී ගියේ ඇගේ මේ කතාවෙනි.

“අලුත් විලාසිතා බලාගෙන මම රෙදි මහනවා. අලුතින් ඇවිල්ලා තියෙන විලාසිතා මොනවද? කියලා මම පොළේ ඇවිදලා බලනවා. ඒ මෝස්තර මහන්න බැරිනම් ඒ ඇඳුම් මම සල්ලි දීලා ගන්නවා. ගෙදර ඇවිල්ලා ඒ ඇඳුම ගලවලා බැලුවම මට මහන්න පුළුවන් මම මහන්න ඉගෙන ගත්තේ ඒ විදියට. බෙසියර් එකේ පතොරම් එක හිතවත් කෙනෙකුගෙන් ඉල්ලුවා ඉල්ලුවා දුන්නේ නෑ කඩේ බෙසියර් එකක් අරගෙන ඇවිල්ලා ගැලෙව්වා. ගලවලා බලලා මම රෙදි ගෙනැල්ලා මහලා වික්කා. පස්සේ දවසක මට ඇඳුමේ පතොරම දුන්නේ නැති කෙනා ඇහුවා ඔය කොහොමද මේව මේ විදියට මහන්න පුරුදු වුණේ කියලා. මම කිව්වා දෙතුන් සැරයක් පතොරම දෙන්න කියලා ඉල්ලුවානේ. ඔය දුන්නේ නෑ. පස්සේ මම එකක් ගෙනැල්ල ලිහලා බලලා මැහුවා කිව්වා.

මට සායක් මහලා ඉවරවෙනකොට රුපියල් 265ක් විතර වෙනවා. පොළට අරගෙන ගිහිල්ලා රුපියල් 300-350ට මම විකුණනවා. අඩු කරලා දෙන්න කියලා ඉල්ලුවාම මම අඩු කරලා දෙනවා. මගෙන් රෙදි ගන්න ලොකු ලොකු මුදලාලිලාගේ නෝනලා එනවා. බිස්නස් එක හොඳයි. මගේ වෙළෙ¼දාම මට කොහොමත් තියෙනවාමයි. ඒක මට හුරුයි. කොච්චර වෙළෙන්දෝ හිටියත් අකුරම්බොඩ අක්කාගෙන් ඇඳුම් ගන්න ඕනි කියලා මගෙන් ඇඳුම් ගන්න එනවා. රෙදි බිස්නස් එකට ගලේවෙල පොළ හොඳයි. බකමූණ පොළ හොඳයි. පල්ලේපොළ පොඩියි. රෙදි වැඩියෙන් විකිණෙන කාලය අවුරුද්දේ මාර්තු 15න් පස්සේ හොඳයි.”

මංගෝ නෝනා රෙදි විකුණුව අයිරුව දන්නා පරණ වෙළෙන්දන්ගෙන් ඇගේ දියණිය වුණ දයාවතීගේ ව්‍යාපාරයට සහායක් ලබාදෙයි. ඒ මව මෙන් අෑ සතිපොළේ අනෙකුත් ව්‍යාපාරිකයන් අතර හිතවත්කම හා විශ්වාසය දිනාගෙන ඇත.

“මට රෙදි බිස්නස් එක කරගෙන යන්න උදවු කරනවා. රෙදි විකුණලා ඉවරවුණාම ඉතිරි රෙදි මම ගෙදර රැගෙන එන්නේ නෑ. ඒ රෙදි ටික රතලවල මුදලාලිගේ ලොරියට දානවා. ගෙදර ඇවිල්ලා අඩුපාඩු රෙදි ටික විතරයි බස් එකේ අරගෙන යන්නේ. රතලවල ලොරියට දාපු රෙදි ටික ඊළඟ දවසට තියෙන පොළට ගෙනැල්ලා දෙනවා. හරිම විශ්වාසයි. මගේ රෙදි පොට්ටනියේ එක රෙදි කෑල්ලක් මේ වනතුරු නැතිවෙලා නෑ. රෙදි කෑල්ලක් නැති වුණත් ඒ රතලවල මුදලාලි වගකියනවා. අපි රතලවල මුදලාලිට කියන්නේ බණ්ඩා මල්ලී කියලා. දැන් ඒ බණ්ඩා මුදලාලිගේ පුත්තු තමයි ලොරිය අරගෙන එන්නේ. නාටාමිලා රෙදි මිටිය ලොරි රථයෙන් බාලා දෙනවා. රෙදි විකුණන තැන ටෙන්ට් රෙද්ද බැඳලා දෙනවා. ඒ වැඩේ කරලා දෙනවාට රුපියල් සීයක් දෙනවා. ලොරි කුලිය රුපියල් 250ක් දෙනවා.”

දරුවන් හතරදෙනකුගේ මවක් වන ඇම්.එච්. දයාවතී මහත්මිය දරුවන් ජීවත්කර ඇත්තේ පොළ රැකියාවෙනි. වහකෝට්ටේ පල්ලියට ආසන්නව පිහිටි විලත්තුව ගමේ ඇය අද තනිවම ජීවත්වෙයි. ඇගේ එක් දරුවෙක් කොළඹ ප්‍රදේශයේදී පොලිස් නිල රථයකට හසුවී මියයාම නන්දාවතීගේ ජීවිතයේ වේදනාබර මතකයක් වී ඇත. පුතාගේ මියයෑමෙන් තනිවුණු කුඩා දියණියටද මේ වන විට රැකවරණය ලබාදෙන්නේ මේ දයාවතී අත්තම්මාය. 

“මගේ ඇඟට හයිය තියෙන තෙක් මම මේ රෙදි ව්‍යාපාරය කරනවා. මට ආණ්ඩුවෙන් කියලා කිසිම දෙයක් දීලා නෑ. මගේ අස් පෙනීම දැන් ඉස්සර වගේ නෙමෙයි අඩුයි. මහන මැසිමේ ඉදිකට්ටේ නූල අමුණගන්න මට දැන් ඉස්සර වගේ ඇහැ පේන්නේ නෑ. අඩුම තරමින් මට ඇස් කණ්ණාඩි දෙකක්වත් ආණ්ඩුවෙන් කියලා දීලා නෑ. කාටත් අතනොපා ජීවත් වුණා. ඒත් මට හැමදාම මේ රැකියාව කරන්න හයිය නෑ. මට ආණ්ඩුවෙන් පින් පඩියක් හරි ලැබෙනවා නම් ලොකු සහනයක්.” මේ දිරිය කාන්තාව අපට කී කතාව එයයි.


ඉනාමළුවේ - තිලක විජයසූරිය