logo

29

කොළඹ
ගිගුරුම් සහිත වැසි

නවතම පුවත්

ගෙල වැලලාගෙන සිටියදී බේරාගත් පාසල් සිසුවියක් කාත්තන්කුඩියේදී මියගිහින්

මඩකළපුව කාත්තන්කුඩි පොලිස් වසමට අයත් කිරාන්කුලම්හි ගෙල වැලලා

09:00 PM Jun 20 2019

මතට ඇබ්බැහිවූවන් ඉන් මුදා රැකියා ලබාදී සමාජගත කෙරේ

07:30 PM Jun 20 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව පුජිත ඇතුළු ඉහළ නිලධාරීන් 13කට එරෙහිව විමර්ශනයක්

06:08 PM Jun 20 2019

නාවලපිටියේ බඹර ප්‍රහාරයකින් එක් අයෙක් මරුට තවත් 7ක් රෝහලේ

05:23 PM Jun 20 2019

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

04:56 PM Jun 20 2019

අමාත්‍ය රවී කරුණානායක, බිරිඳ හා දිනයට CID හමුවේ පෙනී සිටින ලෙස අධිකරණ නියෝග

04:51 PM Jun 20 2019

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය පිලි පනි

04:21 PM Jun 20 2019

රුපියල් 5000 හොර නොට්ටු 7ක් සමග තරුණයෝ 04ක් කොටු

04:15 PM Jun 20 2019
පාරදිගේ
ලක්‍ෂ දාහකට වඩා වියදම් කරලා පන්සල් ගොඩ නැඟුවේ ගණන් හිලව් ...

සියලු දේ කඩිමුඩියේ සිදුනොවීය. එවන් හැඟීමක් දායක කාරකාදීන් තුළද නොවිණි. යෞවන සිරුර තුළ ඇති අඟර දඟර ලී

02:00 AM Jun 15 2019
පැද්දෙන ගැස්සෙන පරවි කාවඩියේ අතුළත සැඟවුණු කතාව මෙය වේ...

දේව කතාවකට යමු. හිදම්භේෂ්වර යනු දක්ෂ සෙන්පතියෙකි. ඔහු ස්කන්ධ කුමරු සමඟ ඇති කරගත් සටනකින් පරාජය වී අග

02:00 AM Jun 15 2019
ඇල්ලේ වේල්ලේ ඇති වූ ගුත්තිල-මූසිල වාදය...

අප පසුගිය දිනෙක මහව ඇල්ලට ගියේ යාපහුව පරපුරේ කවියන් හමුවීමටය. ඒ ගමනේදී අපට මේ කවියන් හමුවීම යෑමට සිද

02:00 AM Jun 15 2019
ධර්ම දේශනා මැද සල්ලි ගරන කොලු රැළ...

කිසිවෙක් විවේචනය නොකරමි. ඉදින් කතාවට නොබැස කෙලෙසද. බුදු දහමේ ආරම්භය පිළිබඳ කරුණු සොයන විට ඒ පිළ

02:00 AM Jun 15 2019
යාපනයේ මුල්ම රා දැබෑරුමෙන් හෙළිවුණු රස කතා...

යාපනය-බුබුළු දමන බෙලි කටු බඳු මහ පොළොව. ඒ මහ පොළොව මත්තේ අපි පය ගහගෙන. තල් රුප්පාවක් අතරින් වංගු වැල

02:00 AM Jun 15 2019
රාජකීය ගුවන් හමුදාවට සීගිරියේ කඳවුර...

වේලාව උදෑසන හය පසු වී විනාඩි පහයි තත්පර හතළිස් හතරයි. (6.5.44) ඒ බෝම්බ රැගත් ‘බී.24’ ලිබරේට(ර්) (LIB

02:00 AM Jun 15 2019
නාරිලතා...

නාරිලතා යනු රූපකයකි. උපමාවක් නොවේ. මෙතැනදී ස්ත්‍රිය වැලකට සමාන නොකෙරේ. ඒ වෙනුවට ස්ත්‍රිය වැලක් ලෙස අ

02:00 AM Jun 15 2019
බස් කම්බස්කරන ‘සික් වීඩියෝ’ අන්දරය මෙන්න...

ඔහු හීන්දෑරිය. හීන්දෑරි මේ මනුස්ස ප්‍රාණියා නොම්බර එකේ කොළඹ කාක්කෙකි. ගම්පහානියානුවෙක් වූ මොහු කොළඹ

02:00 AM Jun 15 2019
දේශපාළුවන් පන්නලා ජයන්ති වැවේ දියවර මුදාහැරිය කෝනාර මුදියන්ස...

අප කතා නායකයා 82 හැවිරිදි කන් නොඇසෙන මහල්ලෙකි. දරුවන් 10 දෙනකුගේ පියෙකි. පුදුම හිතෙන මතක ශක්තියක් ඇත

02:00 AM Jun 15 2019
ජනතාව රවටා පෙට්ටිවල දාලා පලතුරු විකුණන අලුත් ක්‍රමේ...

මේ දිනවල ඇත්තේ පලතුරු වාරයයි. පලතුරු වාරය එළඹීමත් සමඟ පාරිභෝගිකයෝ පලතුරු මිලදී ගැනීමට වැඩි උනන්දුවක්

02:00 AM Jun 15 2019
ලියලන වැලිපරවලින් හැදුණු මානල්කාඩු කාන්තාරය සොයා මවිබිම​ ග...

දාහය ඉවසිය නොහැකිය. කෙස් ගණනින් පුපුරු ගසන දාහය පිට දමන්නේ තුනී තුහිරයක් ලෙසිනි. දහදිය ගොන්නක් දෙපතු

02:00 AM Jun 15 2019
කාටුන් නෙමෙයි.... සුරංගනා කතා ගැන මචං....

අපේ ජීවිත සුරංගනා කතාවක්. තවත් කෙනෙක්ගේ පෑන් තුඩකින් ලියැවුණු ලස්සන සුරංගනා කතාවක්. සුරඟන කතා කරළියේ

02:00 AM Jun 15 2019
කුරුණෑගල ප්‍රදේශ රැසකට උග්‍ර ජල හිඟයක්...

වැව්වල ඇති මැටි කපා වැලි ලබාගැනීමට කරන පිරිපහදුව පිටුපස හොර වැඩක් සිදුවෙන බවට තොරතුරු ලැබෙමින් පවතිය

02:00 AM Jun 15 2019
යෝධයා සහ කුමාරිකාව...

සුරංගනා කතාවල අපට නිතරම වගේ යෝධයා සහ කුමාරිකාව හමුවෙනවා. ගොඩක් වෙලාවට යෝධයා විරූපියි. ඒ වගේම නපුරුයි

02:00 AM Jun 08 2019
ටකරන් හතළිස් හතකින් පොලිසියක් හදා කුලී නිවෙසකට ගිය පොලිස් නි...

දැරණියගල ප්‍රදේශයේ උපත ලැබූ ලෝරන්ස් රණසිංහ පොලිසියට බැඳුණේ වයස අවුරුදු 20දීය. ඒ 1968 මැයි මස 20දා දි

02:00 AM Jun 08 2019
දුකට හඬන ගැහැනුන්ගේ කලාව...

වැලපීම මිනිස් සමාජයේ ඉතා සංවේදී අවස්ථාවකි. වැන්දඹු ස්ත්‍රියකගේ වැලපීම වඩාත් ළංවන්නේ වැලහින්නකගේ වැලප

02:00 AM Jun 08 2019
වල්ලි අම්මාගේ මඟුල් තිරයෙන් හැඩවුණු කුකුලෑව දෙවොල...

අපේ රටේ අතීත විත්ති රැසක් කාලය නමැති වැලි තලාවෙන් වැසී පවතී. කුඩා ගම්මාන කිහිපයකට එසේත් නැති නම් පවු

02:00 AM Jun 08 2019
ගල්ඔය නිම්නයේ පරණම රෝහල මව්බිමට හමුවෙයි...

අම්පාර - මඩකළපුව මායිමේ සිංහල, දමිළ සහ මුස්ලිම් ජනතාව අතර සාමයේ පණිවුඩය බෙදාහරින ‘සාමයේ කේන්ද්‍රස්ථා

02:00 AM Jun 08 2019

පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි

පාරදිගේ

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය බරට පත්වීම, ව්‍යාපාර බිඳ වැටීම, කරන කියන දේ අසාර්ථක වීම, නඩු හබ, අසනීප, විවාහ ප්‍රශ්න, අමනුෂ්‍ය දෝෂ ආදී නිමක් නැති දුක් කම්කටොලුවලින් පීඩා විඳින අතර සමහර අයට පවුලේ අසමඟිතා, අනියම් ඇසුරු, දරුවන්ගේ නොමඟ යෑම්, මත්ද්‍රව්‍ය, මත්පැන්, සූදුව වැනි සමාජ විරෝධී කටයුතුවලට යොමුවීම ආදී අමිහිරි ගැටලු නිසාද සෝසුසුම් හෙළති. මොවුන් මෙම ගැටලුවලින් මිදීමට නොයෙකුත් මාර්ග සොයන අතර එහි කෙළවර වන්නේ ගුප්ත විද්‍යා කටයුතුය.

 පේන බැලීමට යෑම, දේවාල සොයා යෑම, බෝධි පූජා තැබීම, යන්ත්‍ර දැමීම, වර්ණක මුදු පැලඳීම ආදී නොයෙකුත් ආකාරයේ පිළියම් සඳහා මෙවැන්නන් යොමු වේ. නමුත් දිනෙන් දින ප්‍රපාතයට ඇදවැටෙමින් කාලයත් මිල මුදලුත් විනාශ වී යන්නේ තමාවටවත් නොදැනීමය. මෙවැනි පීඩාකාරී තත්ත්වයකට යමෙකු පත්වුවහොත් ගුප්ත විද්‍යාත්මක පිළියම්වල නිරත වෙනවා නම් තමා සිතා සිටින යම් දෝෂයක් ගැන සිතමින් පිළියම් ඉටු කරනවා නම් සහනය උදාවන්නේ හිටිහැටියේම නෙවෙයි. මෙවැනි සහනයක් අපේක්ෂා කරන්නෙක් බොහෝ පැති පිළිබඳ ගැඹුරින් කරුණු කාරණා සොයා බැලිය යුතුය. පුද්ගලයෙක් අසාර්ථකත්වයට පත්වූයේ ඇයි? එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී ප්‍රථමව ඔහුගේ හෝ ඇයගේ කේන්දරය බලා කේන්දරයට ලැබ ඇති දිශාව, අතුරු දිශාව ග්‍රහ පීඩාකාරීත්වයෙන් ලබා ඇති යෝගයන්, නිවෙසේ ඇති වාස්තු දෝෂ, ව්‍යාපාරයක් නම් ව්‍යාපාර නාමය, ව්‍යාපාරය හවුල්කරුවන් අත නම් ඔවුන්ගේ ජන්ම පත්‍ර තමාට ගැළපෙන අය? ආරම්භක නැකැතත් යම් යම් වින දෝෂයන් හෝ අමනුෂ්‍ය දෝෂ, ඇස්වහ කටවහ යන දෝෂ ඇද්ද යන්න සොයා බැලිය යුතුය. විවාහ ප්‍රමාද හෝ විවාහ ගැටලුවලදීද කේන්දරය තුළින් කුජ දෝෂ, අඟහරු දෝෂ ආදී ග්‍රහ බාධක තිබේද යන්න සෙවිය යුතුමය. මිල මුදල් ධනය,නොලැබී හීන වී ඇත්නම් ධන යෝග, ඒවා පලනොදෙන හේතු ආදී පූර්ණ විග්‍රහයකින් සෑම අංශයක් කෙරේම අවධාරණය යොමු කර ඉතා බුද්ධිමත්ව ප්‍රවේශමෙන් කරුණු කාරණා සොයා බැලිය යුතුය. 

විවාහය සම්බන්ධ ගැටලුවලදී කෙනකුගේ ජන්ම පත්‍රයේ 7 වැන්න අධිපති 12 වැන්න 6 වැනිස්ථාන වැනි ස්ථාන (බුධ) හැර සිටියදී කුජගේ සහ ශනිගේ දෘෂ්ටිය හත්වැන්නට වැටීම අවිවාහකව සිටීමට බලපාන යෝගයකි. කාල සර්ප යෝගය - රාහුට, කේතුට සියලුම ග්‍රහයන් එක පැත්තකට මැදි වී තිබෙන කේන්දරය හිමි අයගේ 7 වැන්නේ අශුභ ග්‍රහයෝ සිටීම, 7 වැන්න පස්වැන්න අශුභ ග්‍රහයන් දැකීම විවාහ ප්‍රමාද වීමට බලපාන යෝගයන්ය. මේ යෝග ගැන විශේෂයෙන් විමසා බලා එම ග්‍රහ පීඩාකාරී අසුබ කිරණ දුර්වල වීමට ශ්‍රී  ජයමංගල ඉෂ්ට රාජ වශී අඳුන වැනි අඳුනක් පැලඳීමෙන් එම දෝෂයන් භංග කරගත හැකිය.

 සමහරු විවාහය ප්‍රමාද වී හෝ සිදු කරගෙන, ඉතා ටික කාලයකින් කඩාකප්පල් කර ගන්නා ආකාරයද අපට කේන්දරය තුළින්ම බලා ඊට විසඳුම් ලබාදිය හැකිය. උදාහරණයක් ලෙස 7 වැන්න අධිපති 12 වැන්නෙන් හෝ 6 වැන්නෙන් සිටීම කුජ ග්‍රහයා විසින් සිකුරු දැකීම ග්‍රහ මිත්‍රත්වයක් නොමැතිව සිටියදී 7,8 යන ස්ථානවල පාප ග්‍රහයන් සිටීම, එකම නාඩියේ දෙදෙනාම සිට නැකැත් පොරොන්දම, පක්ෂි පොරොන්දම, ගණ පොරොන්දම, ලිංග පොරොන්දම, යෝනි පොරොන්දම, රජ්ජු පොරොන්දම මෙයින් තුනකට වැඩි ගණනක් නොගැළපීම බොහෝවිට විවාහය කඩාකප්පල් වීමට බලපාන බව ජන්ම පත්‍ර සිය දහසක් පර්යේෂණාත්මකව හදාරා අවබෝධ කරගෙන ඇත්තෙමි.

 මේ අයට බලපාන එම ග්‍රහ පීඩාකාරී තත්ත්වයන් දුරු වී සුබ තරංග සහ කිරණ බල ලබාගැනීමට පලඳින අඳුන මඟින් අනිටු කිරණ දුරු කර ගත හැකිය. සමහරුන්ට ආර්ථික අපහසුතා, මිල මුදල් නැති වීම, දේපොළ අහිමි වීම, ලැබීම් මාර්ග අවහිරවීම වැනි අවස්ථා දැකිය හැකිය. මේ සම්බන්ධව මූලිකවම ග්‍රහ තරංග සහ කිරණ ශක්තීන් එම පුද්ගලයාට ලැබෙන ආකාරය කේන්දරය තුළින් සොයා ගතයුතුය. කේන්දරයක මිල මුදල්, දේපොළ ගැන දෙවැන්න බලවත් වෙයි. ලාභ බලාපොරොත්තුවෙන් කරන කටයුතුවලට කේන්දරයක පස්වැන්න බලවත් වී අට වැන්නෙන් විනාශය, නාස්තිය ගැන කියැවෙයි. මේ තත්ත්වය මත ග්‍රහයන් තැන්පත් රාශි දෙස බලා අඳුනක් පැලඳීමක් සුදුසුය.

අප සතු බොහෝ පාරම්පරික පුස්කොළ පොත්වල මිනිසාගේ යහපත සහ අයහපත වෙනුවෙන් ගුප්ත විද්‍යා යොදා ගන්නා ක්‍රම රාශියක්ම පවතී. මේ පොත්වල අවසන ලියැවී ඇත්තේ මේ කටයුතු කිරීමෙන් එලොව මෙලොව දුක් ලැබෙන, අපාගත වන ගුරුකම් ලෙසය. සමහර ගුරුකම් කිරීමෙන් පරම්පරා ගාණක් තිස්සේ සතුරන්ගේ අඹුු දරුවෝද විනාශ වන බව ලියැවී තිබේ. උදාහරණයක් ලෙස සිය පොත් යම් සතුරකුට පලිගැනීමක් කිරීමට, ඔහුව විනාශ කිරීමට අවශ්‍ය නම් අමාවක පෝය ඇති දින කුජ හෝරාව පවතින අවස්ථාවේ මඩ වගුරකින් කිරි ඉබ්බකු අල්ලා රිදී කෙන්දක් නියමිත මන්ත්‍රවලින් මතුරා අමනුෂ්‍යයෙක් රිදී කෙන්දේ ගැටවලට හිර කර ඉබ්බාගේ කකුලේ බැඳ ඉබ්බා දියට මුදා හැරිය යුතුය. ඊට පසු ඉබ්බා ජීවත්ව සිටිනා තාක්කල් සතුරන්ගේ පරම්පරා ගණනක් විනාශ වී යයි. ඉබ්බෙක් අවුරුදු 300 පමණ ජීවත් වන නිසා පරම්පරා ගණනකට එම ශාපය ඇති වේ. එම වින බන්ධනය අහක් කිරීමට නම් එම ඉබ්බා සොයා ගත යුතුය. සත්‍ය කරුණ වන්නේ එවැනි ඉබ්බෙක් සොයා ගැනීමට නොහැකිය යන්නය. 

අහංකාර උඩඟු ස්ත්‍රීන් - පුරුෂයන් වසඟ කර ගැනීමටද, නොයෙකුත් වශී ක්‍රම ලියැවී ඇති අතර පිල්ලි ඇරීම පිළිබඳව මෙම පොත්වල දක්වා ඇත්තේ අවපක්ෂයේ අඟහරුවාදා දිනෙක සොහොනකට ගොස් පරණ වූ ඇටසැකිල්ලක් ගොඩගෙන රැගෙනවිත් සෝදා පවිත්‍ර කර කහ දියෙන් සෝදා ඇටසැකිලිලේ ඇට පුරුක් කිතුල් තත්වලින් බැඳ ඊට අදාළ නැකැත් හෝරාවල් පවතින අවස්ථාවන්වලදී පොතේ දක්වා ඇති ඔෟෂධ වර්ග යොදා ඇට සැකිල්ලේ ඉතා ඝනකම් තට්ටුවක බැඳෙන සේ ඒ ඔෟෂධ අතුරා ඊට පසු වේලා ඊට අදාළ නැකැත් යෝගවලින් ඇටසැකිල්ල තට්ටුවක තබා දුම් අල්ලමින් දින හතක් දිෂ්ටි කර ප්‍රාණ පිහිටවන විට ඇටසැකිල්ල නැඟිට මන්ත්‍රකරුගේ විධානයට අනුගත වන බවයි. නමුත් මෙම පිල්ලි සඳහා ඇටසැකිල්ලේ ගාන ඔෟෂධ වර්ග යොදා ගතයුත්තේ කාලාන්තරයක් බලා සිටීමකින්ය. සමහර ඔෟෂධ වර්ග සූර්යග්‍රහණයක් පවතින අඟහරුවාදා දවසක සොයා ගත යුතුය. තවත් සමහර ඔෟෂධ ගත යුත්තේ චන්ද්‍රග්‍රහණයක් ඇති සඳුදා දිනකය. එසේ දවස් සෙවීමට අවුරුදු ගණනාවක් බලා සිටිය යුතුය. මේ නිසා මෙම පිල්ලි ඇරීම ඉතා අපහසු කාර්යයක් සේ හැඳින්විය හැකිය. පිල්ලි ශාස්ත්‍රයේ පිල්ලි, ප්‍රාණ පිල්ලි සහ අප්‍රාණ පිල්ලි යනුවෙන් කොටස් දෙකකි. ප්‍රාණ පිල්ලි යැවීමේදී නාගයකු හෝ වෙනත් සතෙක් අල්ලා ඊට නියමිත ඔෟෂධ වර්ග නැකැත් යෝගවලට ලබාගෙන ජීව බලය කවා ප්‍රාණ පිහිටුවා දිෂ්ටි කර නාගයා සතුරා සිටින ප්‍රදේශයට මුදා හැරිය යුතුය. එවිට නාගයා සතුරා සොයා ගොස් සතුරාට දෂ්ට කරයි. මෙවැනි ගුප්ත ක්‍රම මේ වන විට ක්‍රියාකාරීත්වයේ යෙදීම ඉතාම අපහසුය. මේ ගුරුකම් අනුන්ගේ දියුණුව අඩාළ කිරීමට, පළිගැනීමට සිදුකිරීම තුළින් පරම්පරා ගණනක් නිරයේ දුක් විඳින පාපකර්ම බවත් දැනගත යුතු වේ. 


කතාව පින්තූර - ප්‍රභාත් අත්තනායක