logo

30

කොළඹ

නවතම පුවත්

බෝම්බ ප්‍රහාරයට අදාලව උතුරු මැද හිටපු සභාපතිවරයා ඇතුළු 7ක් පොලීසියට භාරවෙයි

1999 වර්ෂයේ ජනාධිපතිවරණයට දින දෙකකට පෙර නිවසකට බෝම්බ  ප

01:20 PM Jun 17 2019

කුඩු විකුණලාම ආදරය කරන්න පටන් ගත්ත අනියම් යුවල සුදු යකඩ මාලයක් නිසා පොලිස් නිලධාරීන් ඉදිරියේ රණ්ඩු වූ හැටි

11:54 AM Jun 17 2019

උණවටුනේ සෙල්ෆි ගන්න ගිය තරුණිය මුහුදට බිලි - තරුණයෙක් අතුරුදහන්

11:45 AM Jun 17 2019

2014 සිට දකුණු පළාතේ දෙමළ මාධ්‍ය ගුරු හිඟයක් - දරුවන් 15124 කට අධ්‍යාපන අයිතිය අහිමි වෙලා

10:55 AM Jun 17 2019

පාස්කු ප්‍රහාරය ඉදිරියට දාලා ජනාධිපතිවරණය කල් යවන්න ගහන සැලසුම ගැන මැ.කෝ ගෙන් හෙළිදරව්වක්

10:46 AM Jun 17 2019

නිවසේ මුරට සිටි දෙදෙනාගේ කටට රෙදි ඔබා රන් භාණ්ඩ හොරකම් කල කල්ලියක්

10:40 AM Jun 17 2019

කැස්බෑ සංරක්ෂණයට මැකොත් එක්වෙයි

10:33 AM Jun 17 2019

කැස්බෑ සංරක්ෂණයට මැකොත් එක්වෙයි

10:33 AM Jun 17 2019
පාරදිගේ
ලක්‍ෂ දාහකට වඩා වියදම් කරලා පන්සල් ගොඩ නැඟුවේ ගණන් හිලව් ...

සියලු දේ කඩිමුඩියේ සිදුනොවීය. එවන් හැඟීමක් දායක කාරකාදීන් තුළද නොවිණි. යෞවන සිරුර තුළ ඇති අඟර දඟර ලී

02:00 AM Jun 15 2019
පැද්දෙන ගැස්සෙන පරවි කාවඩියේ අතුළත සැඟවුණු කතාව මෙය වේ...

දේව කතාවකට යමු. හිදම්භේෂ්වර යනු දක්ෂ සෙන්පතියෙකි. ඔහු ස්කන්ධ කුමරු සමඟ ඇති කරගත් සටනකින් පරාජය වී අග

02:00 AM Jun 15 2019
ඇල්ලේ වේල්ලේ ඇති වූ ගුත්තිල-මූසිල වාදය...

අප පසුගිය දිනෙක මහව ඇල්ලට ගියේ යාපහුව පරපුරේ කවියන් හමුවීමටය. ඒ ගමනේදී අපට මේ කවියන් හමුවීම යෑමට සිද

02:00 AM Jun 15 2019
ධර්ම දේශනා මැද සල්ලි ගරන කොලු රැළ...

කිසිවෙක් විවේචනය නොකරමි. ඉදින් කතාවට නොබැස කෙලෙසද. බුදු දහමේ ආරම්භය පිළිබඳ කරුණු සොයන විට ඒ පිළ

02:00 AM Jun 15 2019
යාපනයේ මුල්ම රා දැබෑරුමෙන් හෙළිවුණු රස කතා...

යාපනය-බුබුළු දමන බෙලි කටු බඳු මහ පොළොව. ඒ මහ පොළොව මත්තේ අපි පය ගහගෙන. තල් රුප්පාවක් අතරින් වංගු වැල

02:00 AM Jun 15 2019
රාජකීය ගුවන් හමුදාවට සීගිරියේ කඳවුර...

වේලාව උදෑසන හය පසු වී විනාඩි පහයි තත්පර හතළිස් හතරයි. (6.5.44) ඒ බෝම්බ රැගත් ‘බී.24’ ලිබරේට(ර්) (LIB

02:00 AM Jun 15 2019
නාරිලතා...

නාරිලතා යනු රූපකයකි. උපමාවක් නොවේ. මෙතැනදී ස්ත්‍රිය වැලකට සමාන නොකෙරේ. ඒ වෙනුවට ස්ත්‍රිය වැලක් ලෙස අ

02:00 AM Jun 15 2019
බස් කම්බස්කරන ‘සික් වීඩියෝ’ අන්දරය මෙන්න...

ඔහු හීන්දෑරිය. හීන්දෑරි මේ මනුස්ස ප්‍රාණියා නොම්බර එකේ කොළඹ කාක්කෙකි. ගම්පහානියානුවෙක් වූ මොහු කොළඹ

02:00 AM Jun 15 2019
දේශපාළුවන් පන්නලා ජයන්ති වැවේ දියවර මුදාහැරිය කෝනාර මුදියන්ස...

අප කතා නායකයා 82 හැවිරිදි කන් නොඇසෙන මහල්ලෙකි. දරුවන් 10 දෙනකුගේ පියෙකි. පුදුම හිතෙන මතක ශක්තියක් ඇත

02:00 AM Jun 15 2019
ජනතාව රවටා පෙට්ටිවල දාලා පලතුරු විකුණන අලුත් ක්‍රමේ...

මේ දිනවල ඇත්තේ පලතුරු වාරයයි. පලතුරු වාරය එළඹීමත් සමඟ පාරිභෝගිකයෝ පලතුරු මිලදී ගැනීමට වැඩි උනන්දුවක්

02:00 AM Jun 15 2019
ලියලන වැලිපරවලින් හැදුණු මානල්කාඩු කාන්තාරය සොයා මවිබිම​ ග...

දාහය ඉවසිය නොහැකිය. කෙස් ගණනින් පුපුරු ගසන දාහය පිට දමන්නේ තුනී තුහිරයක් ලෙසිනි. දහදිය ගොන්නක් දෙපතු

02:00 AM Jun 15 2019
කාටුන් නෙමෙයි.... සුරංගනා කතා ගැන මචං....

අපේ ජීවිත සුරංගනා කතාවක්. තවත් කෙනෙක්ගේ පෑන් තුඩකින් ලියැවුණු ලස්සන සුරංගනා කතාවක්. සුරඟන කතා කරළියේ

02:00 AM Jun 15 2019
කුරුණෑගල ප්‍රදේශ රැසකට උග්‍ර ජල හිඟයක්...

වැව්වල ඇති මැටි කපා වැලි ලබාගැනීමට කරන පිරිපහදුව පිටුපස හොර වැඩක් සිදුවෙන බවට තොරතුරු ලැබෙමින් පවතිය

02:00 AM Jun 15 2019
යෝධයා සහ කුමාරිකාව...

සුරංගනා කතාවල අපට නිතරම වගේ යෝධයා සහ කුමාරිකාව හමුවෙනවා. ගොඩක් වෙලාවට යෝධයා විරූපියි. ඒ වගේම නපුරුයි

02:00 AM Jun 08 2019
ටකරන් හතළිස් හතකින් පොලිසියක් හදා කුලී නිවෙසකට ගිය පොලිස් නි...

දැරණියගල ප්‍රදේශයේ උපත ලැබූ ලෝරන්ස් රණසිංහ පොලිසියට බැඳුණේ වයස අවුරුදු 20දීය. ඒ 1968 මැයි මස 20දා දි

02:00 AM Jun 08 2019
දුකට හඬන ගැහැනුන්ගේ කලාව...

වැලපීම මිනිස් සමාජයේ ඉතා සංවේදී අවස්ථාවකි. වැන්දඹු ස්ත්‍රියකගේ වැලපීම වඩාත් ළංවන්නේ වැලහින්නකගේ වැලප

02:00 AM Jun 08 2019
වල්ලි අම්මාගේ මඟුල් තිරයෙන් හැඩවුණු කුකුලෑව දෙවොල...

අපේ රටේ අතීත විත්ති රැසක් කාලය නමැති වැලි තලාවෙන් වැසී පවතී. කුඩා ගම්මාන කිහිපයකට එසේත් නැති නම් පවු

02:00 AM Jun 08 2019
ගල්ඔය නිම්නයේ පරණම රෝහල මව්බිමට හමුවෙයි...

අම්පාර - මඩකළපුව මායිමේ සිංහල, දමිළ සහ මුස්ලිම් ජනතාව අතර සාමයේ පණිවුඩය බෙදාහරින ‘සාමයේ කේන්ද්‍රස්ථා

02:00 AM Jun 08 2019

ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං

පාරදිගේ

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විදුලිය බලපෑම් කරන්න ගත්තා. මේ කිසි දෙයක් ලාංකිකයාට ඓන්ද්‍රීය දේවල් නෙවෙයි. එකපාරටම කඩාපාත්වුණු දේවල්. ලාංකිකයාට ඒවාට මුහුණ දෙන්න, හුරු වෙන්න කාලයක් තිබුණේ නැහැ. හැමෝම මනුෂ්‍යයකුගේ වටිනාකම ගළපාගත්තේ ඔහු සතු සාරධර්ම අගය කිරීමකින් නෙවෙයි. විවෘත ආර්ථිකය ඇතුළේ බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන කෙනා තමයි අගය කිරීමට ලක්වුණේ. මොනර කොළ පැලැන්තියේ අලුත් සල්ලිකාරයන්ට වුවමනා වුණේ ජීවිත කාලය තුළ විය පැහැදම් කරලා ඉවර කර ගන්න බැරි තරම් සල්ලි කන්දරාවක් එක්කාසු කරගන්න.

 ඒ එකතු කරපු සල්ලි ආයේ පාරක් අයෝජනය කළේ නැහැ. පුවක් ගෝනි, කුරුංකා ගෝනි, ගම්මිරිස් අස්සේ ගහලා හංගගන්න එකයි, එහෙම නැත්නම් තමන්ට රුචි ආකාරයකින් ඒ විදියට බැංකු ගත කරන එක විතරයි ඒ අය කළේ. ඒ නිසා නිෂ්පාදන ආර්ථිකයක් ඇති වුණේම නැහැ. තිබුණු ආර්ථිකය විස්සාරණය වුණෙත් නැහැ. එක තැන පල්වුණා. මේ එක තැන පල්වෙන අලුත් සල්ලිකාරයන්ගේ ලෝකය ඉදිරියට ඉනිමං තිබ්බේ තමන්ගේ දෙවැනි පරම්පරාව හරහා. ඒ ඇයි? හරිම සරලයි! ඒ තමන්ගේ ජීවිතය තුළ අහිමි වුණ දේවල් තමන් නොවන, තමන්ටම විඳ ගන්න තියෙන එකම ක්‍රමය ඒ විධිය නිසා. ඇත්ත කතාව තමයි මේ වගේ සමාජයක ජීවත් වෙන්න සල්ලි අවශ්‍යයි කියන එක. ඒ අර්ථයෙන් ගත්තොත් ආයෙත් පාරක් දුප්පත්කම කියන්නෙත් මානසික ලෙඩක්. 

මානසිකව ලෙඩ වුණු ලෙඩ්ඩු දිගින් දිගටම කරන්නේ තමන් නොවිඳින අනුන් විඳින සුඛෝපභෝගී දිවිය දේවත්වයෙහිලා සලකන එක. ඒ හින්දා තමයි අපේ රටේ ගෑනු මනුස්සයෝ නොවරදවා දෙතුන් වතාවක් කසාද බඳින, වරදට නම් අනිවාර්යයෙන්ම සමාව දෙන ඉන්දියානු මෙගා නාට්‍යයක් මහත් ගිජුකමකින් නරඹන්නේ. කපු සාරිය ඇඳලා චාමෙට සැරසුණු තරුණියට වඩා ලෝකයේ ඉහළ සන්නාමය නමක් ඇති ඇඳුම්, සපත්තු පලඳින අයට සමාජ තත්ත්වයක් නිතැතින්ම ලැබෙනවා. ඒ අර දුප්පත්කම නිසා, මානසික රෝගීන් නිසා. ඒ මානසික ලෙඩ්ඩු හිතන්නේ මුදල් ආරක්ෂාකාරී හැඟීමක් අත්පත් කර දෙනවා කියලා. සමාජ තත්ත්වය, සමාජ සුරක්ෂිතභාවය කියන්නේ මනෝභාවයන් දෙකක් විත්තිය මේ අය දන්නේ නැහැ. උදාහරණයට ගනිමු ඉබ්‍රහිම් මුදලාලි. එයා තමයි කුළු බඩු ලෝකයේ ගෝඩ්ෆාදර්. එයාගේ සුරක්ෂිත භාවයට සමාජ මට්ටමට මොකද වුණේ මුදල් මතින් ලබාගන්නා සුරක්ෂිතභාවය ඒ මතින්ම ලබාගන්නා සමාජ තත්ත්වය එක සිදුවීමක් මඟින් හිරු දුටු පිනි බිඳු බවට පත්වුණා. 

මේක යථාර්ථය වුණත් ලංකාවේ බහුතරය මේ යථාර්ථය පිළිගන්න සූදානම් නැහැ. ඒ අය කියන්නේ ඔය කිව්වාට ... තව මොනවා හරි ඇති වගේ හැඟීමකින්. ඒක තමයි ඇත්ත. ධනවාදයේ පළමුවැනි කාර්තුවේදී බිහිවුණු සල්ලිකාරයන්ගේ දුවා දරුවෝ සැබෑ ලෙස දුප්පත්කම නිසා රෝගී අය නොවෙයි. ඒකට හේතුවක් තිබුණා. ප්‍රාග්ධන සම්ච්ච කර ගත්ත තාත්තා ඉන්න දරුවන්ට විකල්ප ගොඩයි. ඒලෙවල් කරලා ෆේල් වුණොත් ඒ දරුවා කෙහොමත්ම ගාමන්ට් යන්නේ නැහැ. පිටරටක ගිහිල්ලා හරි නොගිහිල්ලා හරි ‍ෙදාස්තර කෙනෙක්, නීතිඥයෙක්, ගණකාධිකාරි කෙනෙක් වෙන්න ඒ දරුවන්ට හැකියි. එහෙම නොවුණත් ජීවිතය කාලයම පුරා සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන බව ඒ දරුවෝ දන්නවා. අසාධාරණ අයථා ක්‍රමවලින් තමන්ගේ පියවරුන් පරම්පරා ගණනාවකට ඇති වෙන්න මිල මුදල් හම්බ කරලා තියෙන විත්තියත් ඒ දරුවෝ දන්නවා.

මෙහෙම ගනිමු. මිනිස් විෂය හැම විටෙකදීම අඩුවට එහෙමත් නැත්නම් හිස්තැනක පැවැතුණොත් විතරයි මිනිසුන් පවතින්නේ. ඒ කියන්නේ මිනිස්සු ජීවත් වෙනවා කියන්නේ හැම විටෙකදීම ප්‍රශ්නයකට උත්තරයක් හොයනවා කියන එකට කියන තවත් නමක්. බඩගින්න දැනෙන්නේ බඩගින්නේ හිටිය අයට. ආදරය දැනෙන්නේ ආදරය කරන්න පුළුවන් හිතක් තියෙන අයට. මේ හැමදේකින්ම සර්ව සම්පූර්ණ වුණු කෙනෙක් කොයි වෙලෙත් තමන්ගේ මානසික ලෝකය නිර්මාණය කර ගන්න උත්සාහ ගන්නේ සාමාන්‍ය මනුස්සයෙක් තමුන්ගේ මානසික ලෝකය නිර්මාණය කරගන්න විදියටමයි. උදාහරණයක් විදියට සල්ලි භාගය තියෙන තරුණයෙක් ළඟ සේවය කරන මගේ මිතුරෙක් පවසනවා: සල්ලි භාගෙ ඇති තරුණයා හැමවිටෙකදීම තමන් වැලඳී ඇති රෝග පිළිබඳ කරුණු කාරණා එළිකරද්දී ඒ රෝග තමන්ටත් තියෙනවාද කියා පවසනවා නම් එය ඔහුට විශාල මානසික සුවයක් කියා. 

මෙහෙම මානසික සුවයක් අපේක්ෂා කරන තරුණයක් දෙදෙනා අතර ඇති සමාජ, ආර්ථික, දේශපාලනික වෙනස්කම් බොහෝමයි. නමුත් ඔවුනොවුන් අපේක්ෂා කරන්නේ ගැටලුවකදී ජීවිතය පවත්වාගෙන ඉදිරියට යෑම ස¼දහා ඇවැසි හිස්තැනක්.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර අතරින් දෙකක් එල්ල කළේ ඊබ්‍රාහිම් දෙසොහොයුරන් යැයි පවසනවා. ඔවුන් ජීවත් වුණේ කොළඹ නගරයේ දියුණු පෙදෙසක. ඒ යානවාහන දැසි දස්සන් මැද. ඔවුන් කෝටිපති ව්‍යාපාරිකයන්. මේ දෙසොහොයුරන් අතරින් එක් අයකුගේ බිරියක් කෝටිපති තරුණියක්. බැලූ බැල්මට පමණක් නෙවෙයි ඔවුන්ට ජීවත්වීම ගැන කියන කාරණය ගැන කිසිදු ගැටලුවක් නැහැ. මේ තරුණයන් දෙදෙනාම කෝටිපති ව්‍යාපාරිකයන් නිසා ඉහළ සාමාජීය ජීවිතයක් ගත කරන්නන්. ඇයි එහෙම නම් ඔවුන් මරාගෙන මැරුණේ. එයට එකම හේතුව ඔවුන්ගේ විෂය අහවරවීම. විෂය අහවරවීම යනු ඉදිරියට පවත්වාගෙන යන්න යමක් නොවීම. ආර්ථික, සාමාජීය, දේශපාලන අතින් සුරක්ෂිත ඔවුන් තමන්ගේ ජීවිතයේ අඩුව පුරවා ගන්න උත්සාහ කරන ලද්දේ අන්තවාදී මතයකට නැඹුරුවෙමින්. එහි මුල් අවස්ථාවේ ඔවුනොවුන් සිය ජීවිත තමන් අදහන මතය වෙනුවෙන් කැප කරන්න නොහිතන්නත් ඇති. නමුත් පසුකාලීනව ඒ තත්ත්වයට ඔවුන් පත්වෙන්න ඇති. මෙහෙම ගත්තම මරාගෙන මැරෙන්නේ නැතිව ජීවත් වෙමින් ප්‍රශ්නයට උත්තර හොයන එකත් ලොකු දෙයක් නේද මචං.