27

කොළඹ

නවතම පුවත්

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019

පළාත් කිහිපයකට මි.මී.100ක පමණ තද වැසි

09:00 AM May 22 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ

පාරදිගේ

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලිම් අන්තවාදී සංවිධානයක අනුගාමිකයන් කිහිපදෙනකු විසින් සිදු කරන ලද බෝම්බ පිපිරවීම් මාලාව සීමිත වුවත් එය මුළු රටේම ජන ජීවිතවලට දැඩිව බලපෑවේය.

කොළඹ ෂැංග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලවලද එදින එකම මොහොතක සිදුකළ එවැනිම වූ මාරක බෝම්බ පිපිරවීම් මාලාව අන්තවාදීන්ගේ එම ම්ලේච්ඡ ක්‍රියාව මොහොතකින් මුළු ලොවටම කියාපාන්නට සමත්විණි.

මියගිය පිරිස් අතර විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය පිරිස්ද සිටියහ. ලෝක ධනවතුන් මෙන්ම අහිංසකයෝද ඒ අතර සිටියහ. මුළු රටම පමණක් නොව මුළු ලොවටම තම මතය පතුරුවන්නට මුස්ලිම් අන්තවාදීන් සිදු කළ එම මාරාන්තික ප්‍රහාර කිහිපය සතියකට වැඩි කාලයක් තිස්සේ මෙරට ජන ජීවිත අකර්මණ්‍ය කළා පමණක් නොව මර බිය මුසු සන්ත්‍රාසයක් ඇති කළේය.

රත්නපුරයට එය විශේෂයෙන් බලපෑවේ හේතු කිහිපයක් නිසාය. රත්නපුර කහවත්ත, බළන්ගොඩ, රක්වාන, කුරුවිට, නිවිතිගල නගර ආශ්‍රිතව විශාල මුස්ලිම් ජනතාවක් ජීවත් වෙති. අතීතයේදී ඔරු, පාරුවලින් කළුගඟ දිගේ ඉහළට ඇදී වරකාතොටින් හා නිර්වානාකැටියෙන් මුස්ලිම්වරුන් රත්නපුරට ගොඩබැස්සේ රත්නපුර ආශ්‍රිතව සරුවට හැදුණු කරුංකා, ගම්මිරිස් ඇතුළු කුළුබඩු එකතු කරගන්නටය.

එහෙත් පසු කාලය වනවිට මුස්ලිම්වරුන් රත්නපුරට අවශ්‍ය කුළුබඩු ගන්නටම නොව රත්නපුරෙන් මතුවන වටිනා නිල්, රතු, වෛරොඩි වැනි මැණික් සම්පතට වහවැටීය. නවසිය හැටේ දශකය වෙද්දී රත්නපුර, කහවත්ත, බළන්ගොඩ, ඇහැලියගොඩ වැනි නගරවල ප්‍රධානම ව්‍යාපාර හා සුවිශාල ගොඩනැඟිලි මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හිමිව තිබුණු අතර කොට්ඨාස ක්‍රමයට සිදුකරන ඡන්ද ගණන් කිරීම්වලදී එය අදටත් වලංගු වන බව පැහැදිලිය. රත්නපුරේ මැණික් වෙළෙ¼දාම ගැන කලකට ඉහතදී රත්නපුරයේම උපන් සිංහල ව්‍යාපාරිකයන් කිහිපදෙනකුම නම් දැරුවත් බොහෝ විට ඔවුන් මිලදී ගන්නා වටිනා මැණික් ගල් අවසානයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළට ගියේ ඒ පිළිබඳ නමක් ගෙන සිටි මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ අතිනි.

එය අදටත් බොහෝදුරට වලංගුය. විශේෂයෙන්ම රත්නපුර, නිවිතිගල,  පැල්මඬුල්ල නගර ආශ්‍රිත සුළු පරිමාණ මැණික් වෙළෙඳුන්ගේ මැණික් වැඩි වැඩියෙන් අලෙවි වන්නේ බේරුවල ප්‍රධාන කොටගත් පිට පළාත්වලින් එන මුස්ලිම් වෙළෙඳුන්ටය.

ඉර නැඟ එද්දී ඇරඹෙන නිවිතිගල, මැණික්පොළත් එයට පැයකට හමාරකට පසු රත්නපුර, අඹගහයට සහ දෙබිඩිවිය පාරේ මැණික් කොටුවත් හැම උදයකම තොප්පිකාරයන්ගෙන් පිරී යන්නේ ඒ නිසාය.

අතීතයේදී රත්නපුරට මැණික් මිලදී ගන්නට ආවේ බේරුවල සහ ගාල්ල, ගිංතොට අටළුගම වැනි ප්‍රදේශවල මුස්ලිම් ජාතිකයන්ය. එහෙත් මේ වනවිට කල්මුණේ, කාත්තන්කුඩි වැනි ප්‍රදේශවල මුස්ලිම් වෙළෙන්දෝද රත්නපුර මැණික් වෙළෙඳපොළට සංක්‍රමණය වී ඇති අතර එයින් ඇතැමෙක් හොඳම ‘බයර්ලා’ ලෙසද නම් දරා සිටිති.

එහෙත් ඉකුත් පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන් කිහිපදෙනකු සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඒ සියල්ල උඩ යටිකුරු කරන්නට සමත් විය. එම බෝම්බ ප්‍රහාර රත්නපුරට වැඩියෙන්ම දැනුණේ අප මුලින් සඳහන් කළ ලෙසට රත්නපුර සහ අවට වැඩි මුස්ලිම් ප්‍රජාවක් ජීවත් වන නිසා තවත් විශාල පිරිසක් සංක්‍රමණිකයන් ලෙසින් පැමිණ එම පවුල්වලට එක්වීම නිසා පිට පළාත්වලින් එන අය පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි වීමත් නිසාය.

පාස්කු ඉරිදා සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එකම හා අවසාන ප්‍රහාරය නොව ප්‍රහාර මාලාවක ආරම්භය පමණක් බවත් තවත් එවැනිම වූ ප්‍රහාර රට පුරා ඇතිවිය හැකි බවට ආරක්‍ෂක අංශ හා ඔත්තු සේවාවත්, බුද්ධි අංශයත් සිදුකළ දැනුවත් කිරීම රත්නපුර ජනතාවට හොඳින්ම දැනුණු සිද්ධි කිහිපයක්ද නිසා වඩාත් බියට පත්වී ඇත.

බෝම්බ පිපිරීමෙන් දින දෙකකට පසු එනම් අප්‍රේල් 24 වැනිදා උදේ රත්නපුර සුළු මැණික් වෙළෙඳුන් එක් වන අඹගහයට මැණික් කොටුවේ බෝරුක මුල තැන්පත්ව තිබුණු ආගන්තුක බුදුරුව පිළිබඳව ඇතිකරගත් ‘කිඹුල් බියක්’ නිසා අනියත බියක සේයාවක් මතුවිය.

රත්නපුර පොලිසිය නිල සුනඛ ටෝගා සමඟ පැමිණ එම ස්ථානය සහ අවට විශේෂ පරීක්‍ෂණයක් සිදුකොට ගියත් සැකය දුරුවූයේ නැත.

රත්නපුර බස් නැවතුම්පොළ අසලින් හමුවූ සැකසහිත පාර්සලයක් සහ නිවිතිගල නගරය ආසන්නයේ අටවා තිබුණු බොරු බෝම්බයක් පොලිසිය සහ කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව පුපුරවා හැරියේය. ඒ සමඟ නගරයට පැමිණීම භීතියට හේතුවක් නොව මර බියක්ම බවට පළ වූ ආරංචි පැතිර ගියේ තටුසලමින්ය.

පොලිස් මූලස්ථානයෙන් ලැබුණු පණිවුඩයකට අනුව රත්නපුර බස් නැවතුම්පොළ සහ අවට සිදුකළ පරීක්‍ෂණ මෙහෙයුම්  බෝම්බ බිය නගර වැසියන්ට පමණක් නොව අවට ගම් දනව්වලටද පැතිර වීමට හේතුවිණි.

නගරයට රැස්ව සිටි පිරිස් හිස් ලූලූ අත පැන දිව්වේ දැන් දැන් බෝම්බයක් පිපිරේ යැයි ඇතිවූ අනියත මර බිය නිසාය.

ඒ අතරතුර රත්නපුර නගරයට සංක්‍රමණයව සිටි සැකසහිත ආගන්තුකයන් ගැන පොලිසියට මහජනතාවගෙන් තොරතුරු ගලා එන්නට විය.

එසේම හිටි අඩියේ පෝසතුන් වූ මුස්ලිම් ව්‍යාපාරිකයන් ගැන මෙන්ම තැනින් තැන බිහිව තිබුණු මුස්ලිම් දේවස්ථාන හා ත්‍රස්ත සංවිධාන ඒවා පිහිටුවීමට මුල්වුණු පුද්ගලයන් ගැනත් පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

එයින් සමහර දෙනෙක් මේ වනවිටත් රට හැරගොස් සිටිති. 

මෙවන් තත්ත්වයක් තුළ රත්නපුර නගරයේ බෝම්බයක් පිපිරුවේ නැතත් දැන් දැන් බෝම්බයක් පිපිරේය යන සැකය ජනතා හිත් තුළිත් පහව නැත. බෝම්බය මේ රටේ සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම ආර්ථිකයද කඩා දමා ඇත.

රත්නපුරයටද එහි බලපෑම ඇති කළේ සුළු පටු අහිතකර ප්‍රතිඵලයක් නොවේ. ජන ජීවිතය අඩාල කළා මෙන්ම ආර්ථිකයද බින්දුවටම බස්සවා ඇත.

රත්නපුර නගරයට වැඩිම ජනකායක් ඇදෙන්නේ පාසල් දිනයටය. උදේ දරුවන් පාසලට රැගෙන එන බොහෝ පියවරුන් ආපසු ගෙදර යන්නේ පාසල ඇරුණු පසුය. ඒ තම දරුවනුත් රැගෙනමය. එසේ ‘නගරයට එන බොහෝ දෙනකුගේ උදේ කාලයේ රැකියාව කළේ ඔට්ටු ගැසීම’ නමින් ජනප්‍රිය අනුන්ගෙන් ඉල්ලගන්නා මැණික් ගලක් තමන්ට ලාභයක් තියාගෙන විකුණා ගැනීමෙනි. එලෙස ඉර ඔට්ටු ගැසීමට රත්නපුර නිවිතිගල, ඇහැලියගොඩ, පැල්මඬුල්ල නගරවලට එක්වන පිරිස දිනකට ගණන් තැබීමට සිදු වන්නේ සිය ගණනින් නොව දහස් ගණනිනි.

ඔවුන් ඉර ඔට්ටු ගැහිල්ලට ඉල්ලා ගන්නා මැණික් ගලට බොහෝ විට හොඳ මිලක් දෙන්නේ රත්නපුර නගරයට දිනපතා එන ආගන්තුක මුස්ලිම් වෙළෙඳුන්ය. එහෙත් බෝම්බ සිද්ධියෙන් පසු රත්නපුර නගරයට මැණික් මිලදී ගැනීම සඳහා ආගන්තුක මැණික් වෙළෙඳුන් පැමිණෙන්නේ නැත.

ඒ ඔවුන් පිළිබඳව ඇති කරගෙන ඇති ත්‍රස්ත බිය සහ සැකය නිසා ඇතැමුන්ට පොලිසියට ගොස් තම අනන්‍යතාව තහවුරු කිරීමට සිදුවූ අවස්ථාවලටද මුහුණදීමය. රත්නපුර මැණික් ව්‍යාපාරයට. මෙම තත්ත්වය තදින් බලපා ඇත.

නම හෙළි කිරීමට අකැමැති රත්නපුර නගරයේ ප්‍රධාන පෙළේ මුස්ලිම් මැණික් ව්‍යාපාරිකයකු මේ ගැන අපට කිව්වේ මෙහෙමයි.

‘මහත්තයෝ අපි මුස්ලිම් අදහන්නේ. ඉස්ලාම් ආගම ශුද්ධ වූ කුරානය තමයි අපට ආගම ගැන කියන්නේ. අපේ ආගමේ නැහැ මේ විදියට මරාගෙන මැරෙන්න කියලා. ඒ වගේම තමයි අපිට ඕන ඔයගොල්ලෝ එක්ක සමඟියෙන් ඉන්න. එහෙම හිටියොත් තමයි අපිට අපේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්. මොකද මැණික් ගරන්නේ, මැණික් විකුණන්නේ අපි ළඟට එන්නේ ඔක්කොම සිංහල මිනිස්සු. අපි ඒගොල්ලන්ට විරුද්ධ වුණොත් දෙයියෝ අපට සාප කරයි. ඒ නිසා තමයි අපේ අය සිංහල මිනිසුන්ට උදවු කරන්නේ. පන්සල් හදවන්න ආධාර දෙන්නේ. බලන්න මේ ඊයේ පෙරේදා බෝධිරාජ පන්සලේ ගොඩනැඟිල්ල හදනවා රිස්වි හාජියාර් මහත්තයා ලක්‍ෂ ගණනක් දුන්නා. පන්සලේ දායකයෝ උපහාර පිදුවා.

අපි ජීවත් වෙන්නේ බොහෝම සාධාරණයෙන්. ඒ වගේම අපි හම්බ කරනවා වගේම විය පැහැදම් කරන්නෙත් පිළිවෙළකට. හම්බවෙන හැම සතයක්ම වියදමට ගන්නේ නැහැ. මේ වගේ හිටපු ගමන් මේ රටේ විතරක් නොවෙයි ලෝකේ කොතැනක හරි මෙහෙම වෙනවා. ඒක අපි ඉගෙන ගෙන තියෙනවා. ඒ නිසා මේ ව්‍යසනය අපට දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ටික දවස විවේකයෙන් ඉන්නවා. ඊටත් ළඟ එන්නේ අපේ උපවාස මාසයනේ. අපි ඒකට දැන්මම සූදානම්. ඒත් ඒකේ පාඩුව පුංචි පුංචි කට්ටියට දැනෙයි. රත්නපුරේ මැණික් කොටුව අඹගහයට හැමදාම උදේට සුළු මැණික් ව්‍යාපාරිකයෝ දහස් ගණනක් එනවා. මැණික් මිලදී ගන්න එන්නේ මුස්ලිම් ජාතික වෙළෙන්දෝ. ඒත් පසුගිය සතිය පුරාවට අඹගහයට මැණික් කොටුව පාළුවට ගිය ගානයි.

මැණික් විකුණන්න එන අය දවල් වෙනකම් මඟ බලා ඉඳලා ගෙදර යන්නේ සුන් වූ බලාපොරොත්තුවෙන්. සමහර වෙලාවට ගෙදර අඹුදරුවන්ට ඉන්න වෙන්නේ සන්සුන්ව. මොකද ඒ අය හැමදාම පන්සලට ගියත් අර මුස්ලිම් ව්‍යාපාරිකයෝ ඉගෙනගෙන තිබුණු හම්බ කිරීමේ සහ වියදම් කිරීමේ න්‍යාය ඒ අය පිළිපැද්දේ නැති නිසා. නැතිනම් අපිත් මතක් කර ගත්තොත් හොඳයි නේද අර බුදුහාමුදුරුවෝ සිඟාලෝවාද සූත්‍රයේදී අපට උගන්නපු කියන ගාථාවෙන් දුන්නු උපදේශය.

අද මේ වනවිට රත්නපුරේ සුළු මැණික් ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් ඒ තත්ත්වයට පත්වෙලා. ඒ අතරට දැන් ඇවිත් තියෙන්නේ වැහි කාලය. තව දවස් දෙක තුනකින් ගංවතුර තියෙයි.

නගර සභා පෙදෙසේ නන්දසිරි රූපසිරි සහෝදරයෝ මැණික් වෙළෙ¼දාමේ ඉදිරියෙන්ම ඉන්න පවුලක්. ඒ අය ඉන්නේ නගර සභා පෙදෙස පටන් ගන්න තැනම රත්නපුරට එන යන මැණික් වෙළෙඳුන් හැම කෙනෙක්ම එතැනට ගොඩවෙනවා, බිස්නස් කරනවා. වැඩිමලා නන්දසිරි මහත්තයා කිව්වේ වෙනත් කතාවක්.

‘දැන් ඉස්සර වගේ ලොකු ලොකු මුස්ලිම් වෙළෙන්දෝ මැණික් ගන්න රත්නපුරේට එන්නේ නැහැ. මොකද සිංහල අය මැණික් වෙළෙ¼දාම අල්ලගෙන හමාරයි. ඒ වුණාට සිංහල අය ගන්න ගල් තවමත් වැඩි මිලට ගන්නේ මුස්ලිම් වෙළෙන්දෝ. ඒ අයට ගල් විකුණන්න අපේ අය කොළඹට නැතිනම් බේරුවලටත් යනවා. ඒත් ඒක හැමෝටම කරන්න බැහැනේ.

පුංචි පුංචි අය පුංචි පුංචි ගල් විකුණන්නේ මේ අඹගහයට මැණික් කොටුවේදී. ඒත් මේ දවස්වල ගල් ගන්න අය එන්නේ නැහැ. විශේෂයෙන්ම රත්නපුරේ මැණික් ගන්න එන පුංචි වෙළෙන්දෝ වැඩි දෙනෙක් අඩු වයසේ කට්ටිය. ඒ අයට මේක හරියට තෝරා බේර ගන්න බැහැ. අපේ අයත් හැම මුස්ලිම් කෙනා ගැනමත් බලන්නේ සැකෙන් බයෙන්. මේ තත්ත්වය නැති කරගන්න ඕන.

මොකද අපිට විපතක් වෙන හැම විටදීම මුස්ලිම් ව්‍යාපාරිකයෝ අපට කෝටි ගණනින් ආධාර ගෙනාවා. ගෙවල් හදලා දුන්නා. අපි එක මතක තියා ගන්න ඕනා.

අතරින් පතර අන්තවාදියෝ ඉන්න පුළුවන්. අපි නැහැ කියන්නේ නැහැ. ඒක තෝරා බේරා බේරාගන්න අපි දැනගන්න ඕන. අවශ්‍ය තැනදි ඒකට එරෙහි වෙන්නත් අමතක කරන්න හොඳ නැහැ.

සහජීවනය අවශ්‍යයි. ඒත් අපි හැමටම එය පොදු වෙන්න ඕන. රත්නපුරේ මැණික් මිලදී ගන්න මුස්ලිම් කට්ටිය රත්නපුරයට එනවා වගේම රත්නපුරේ සිංහල අයත් මැණික් විකුණන්න බේරුවලට යනවා. බේරුවල ‘පත්තුකඩේ’ තමා ඒකට ප්‍රසිද්ධ තැන. පුංචි පුංචි වෙළෙ¼දාම් වගේම ලොකු ලොකු ගලුත් එතැන විකිණෙනවා. ඒ වගේමයි ඉස්සර මැණික් ගන්න රත්නපුරේ ආපු ලොකු ලොකු මුදලාලිලත් දැන් රත්නපුරේට එන්නේ නැතිව ළඟට ගල් අරගෙන එනකම් බලාගෙන ඉන්නවා. පසුගිය කාලේ ඒක බොහෝම ජයට සිද්ධ වුණා. සතියේ සෙනසුරාදා බදාදා දවස් දෙක රත්නපුරේ අය මැණික් අරගෙන බේරුවල යන දවස. ඒකට කට්ටිය පුරුදු වෙලා ඉන්නවා. පතල්වලින් හම්බ වෙන ඒවා විතරක් නොවෙයි ලොකු ලොකු මුදලාලිලා සල්ලිවලට අරගෙන විකුණන්න ගන්න ඒවත් බේරුවලට යන්නේ ඒ විදියට.

ඒත් පසුගිය දවස්වල ඒ වෙළෙ¼දාමත් එහෙම පිටින්ම නැවතිලා. බයයි සැකයයි දෙකම නිසා දෙගොල්ලම වෙළෙ¼දාම නතර කරලා.

අමුනගොඩ ගුණවර්ධන නිලමේ ඒ වෙළෙ¼දාමේ නමක් තියෙන කෙනෙක්. එයා කියන්නේ මේ බෝම්බ කතාවත් එක්ක දෙපැත්තටම ලොකු හානියක් වෙලාලු. ඒ විතරක් නොවෙයි ණයට දීපු ගල්වලට සල්ලි එන්නෙත් නැතිලු.

බේරුවල කට්ටිය රත්නපුරේ තියා කොළඹට යන්නෙත් නැතිලු. තව ටික දවසක් මෙහෙම තිබුණොත් මැණික් වෙළෙන්දන්ට මොනවා කරන්න වෙයිද කියලයි එයා කිව්වේ.

පුංචි පුංචි වෙළෙන්දෝ මේ වෙද්දි බොහෝම අනතුරුවලට පත්වෙලා හමාරයි. අඹගස්යට පාළුවෙලා. කඩ වැහිලා ගිහින්. ඒ මදිවට පුංචි වෙළෙන්දන්ගේ මැණික් කුටි ආරක්‍ෂක හේතුන් මත කඩලා ඉවත් කරලා.

ඒ හින්දා ඒ අයට වැස්සකටවත් මුවාවෙන්න තැන නැතිව ගිහින්. රත්නපුර නගරයට බෝම්බ සිද්ධිය බලපා ඇත්තේ මැණික් වෙළෙ¼දාමට පමණක් නොව පුංචි බත්කඩේ සිට ලොකු ලොකු හෝටලවලටද එය බලපා ඇත.

ඇතැම් මුස්ලිම් බත්කඩ අඟුළු දමා වසා ඇත. වෙනදා රෑ මැදියම් වෙනතුරු විවෘතව තිබුණු ඇතැම් වෙළෙඳසල් යන්තමින් ඇඳිරි වැටීගෙන එද්දී වසා තබයි.

රත්නපුරට ඉර පායන්නේ දැන් හෙමින් හෙමින්ය. කඩ සාප්පු විවෘත වන්නේ දහවල වෙද්දී වුවත් අඳුරු වැටෙන්න කලියෙන් වසා දැමෙන්නේ ආරක්‍ෂාව පිළිබඳව පවත්නා ගැටලු නිසාය.

මෙම තත්ත්වය ඉක්මනින් පහව නොගියහොත් දැඩි ආර්ථික අපහසුතාවකට රත්නපුර නාගරික ජනතාව මුහුණපානු නොඅනුමානය.   


කතාව සහ පිංතූර 

   ධර්මප්‍රිය ලියනආරච්චි