28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

මිනිස් වටය

පාරදිගේ

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන් හට දන්වන්නටය. එහෙත් ගේට්ටුවට ඉබි යතුරු දමා ඇත. නිවෙස කාලෙකට පෙර අත්හරින ලද්දක් බඳුය. ලැයියා ආපසු දිව ගියේය. තෙප්පමක් සහ හබලක් සොයා ගත් ඔහු මුහුදු ගියේය. බොහෝ දුර පාවී ගොස් තිබුණු තෙරේසා බෝට්ටුව කඹයකින් ඇදගෙන ඔහු තොටුපළට ගෙන ආවේය. අඳුර වැටිණි. ඔහු ඒ රැය බෝට්ටුවේම පහන් කළේය.

මේ එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘මිනිස් වටය’ නම් කෙටි කතා සංග්‍රහයේ එන එනමින් වූ කෙටි කතාවේ කතා සාරාංශයයි.

මුහුදේ පාවී ගිය බෝට්ටුව ලැයියා විසින් තොටුපළට ගෙන එන අතර වාරයේ ලැයියා යනු කවරෙක්ද? ඔහු හා තෙරේසා මල්කාන්ති බෝට්ටුව අතර සම්බන්ධය කුමක්ද? යන්න අප දැනගෙන අවසන්ය.

ධීවර ගම්මානයක ධීවරයන්ට සම්බන්ධ නොවුණු පවුලකි සර්පිනා ගෙදර. ඒ නිවෙසින් බිහි වන්නේ එක්කෝ ගුරුවර ගුරුවරියන්ය. නැතිනම් පූජකතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්ය. තෙරේසා බෝට්ටුව ඔවුනට ඉතාලියෙන් ලද ත්‍යාගයකි.

කාත් කවුරුවත් නැති, එදාවේල හම්බ කරන් දිවි ගෙවූ ලැයියාගේ ආදරය හිමි වූයේ මේ ගෙදර තරුණියකටය. ඇය තෙරේසාය. එය කෙසේවත් ඉටු නොවන්නක් වුව හැම ඉරිදාවකම ඔහු ඇගේ රුව දැක ගන්නේය. තෙරේසා පිළිබඳ සිතක් පහළ වීම ලැයියාට වාසනාවක් විය. ඇය කවුරුන් හෝ නිසා ගැබ්බර වූ පසුද එය ලැයියාගේ ආදරයට බලපෑම් නොකළේය. ඇය අමාරුවෙ දැමූ පිරිමියා තමා නොවීම ගැන ඔහු සතුටු විය. ඇය ඉතාලි ගිය පසු ඔහු මුහුදු වෙරළ දිගේ ගීතිකා ගයමින් දකුණේ දෙවුන්දරතුඩුව තෙක් ඇවිද ගියේය. ඔහු ආපසු ධීවර ගම්මානයට ආවේ හය මසකට පසුය.

නූගත් ධීවර තරුණයකුගේ අචල ආදරයක අරුමය ලැයියා පෙන්වයි. ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව යනු ලැයියාට තෙරේසාව සිහිගන්වන්නකි. ජීවමානව තෙරේසා නැති හිස්තැනට ආදේශ වන්නේ ඒ බෝට්ටුවයි. නැංගුරමින් මිදුණු බෝට්ටුව දියඹට ගසාගෙන යෑම යනු ලැයියාට තෙරේසාව තමාට සදහටම නැති වී යෑමක් සරිය. එබැවිනි ඔහු හඬමින් තෙරේසා බෝට්ටුව ලුහුබැඳ යන්නේ.

ඔහු ඒ රැය ගත කරන්නේ ගොඩබිමට තමා රැගෙන ආ බෝට්ටුවේය. බෝට්ටුවේ පහස ඔහුට දනවන්නේ තෙරේසාගේ ස්පර්ශයයි. අලුයම අවදි වන ඔහු දකින්නේ අෑත වෙරළේ මිනිස් වටයකි. ඔවුන් ජැන්ඩියට හැඳපැලඳ ගත්තවුන්ය. පුදුමයකට මෙන් ඒ සියල්ලන්ම ඔහුට උදේ හවා ඇස ගැටෙන ධීවරයන්ය. ඔවුන් හොර පාරෙන් ඉතාලි යන්නට සැරසුණුවුන්ය. මුලදී ලැයියා තැත් කරන්නේ ඔවුන්ගේ ඉතාලි ගමන නවත්වන්නටය. ඒ එහි ඇති මරණීය තර්ජනය මතක් කරවමිනි. එහෙත් ඔවුන් එක්ව ලැයියාට කලිසමක් අන්දවා කබායක්ද ඇන්දවිය. ඒ බලහත්කාරයෙනි.

එහෙත් තෙරේසා ඉතාලියේ ඉන්නා බවත් එහි රෙස්ටුරන්ට් එකක් කරන බවත් එකකු පැවැසූ කල ලැයියාද ඉතාලි ගමනට එක් වුණේ කැමැත්තෙනි.

ඒ ගමට වඩා හොඳ පරිසරයක ඉතාලිකාරයන් මැද ඇය හමුවීමේ බලාපොරොත්තුවෙනි.

තෙරේසා යනු හැමවිටම ලැයියාගේ මාලිමාවයි. මාරාන්තික ඉතාලි ගමනට ඇති ඔහුගේ අකැමැත්ත සුනුවිසුනුව යන්නේ තෙරේසා ඉතාලියේ සිටින නිසාය. එහිදී ඇය හමුවීමේ අවස්ථාවක් තමාට උදාවන බව ඔහුට හැඟෙන නිසාය.

නෑදෑ හිත මිතුරන්ගේ හව්හරණක් නැති, ස්ථීර වූ ජීවනෝපායක් නැති ලැයියාට තෙරේසා යනු කිසිදා සඵල කරගත නොහැකි ආදරයකි. එහි එක්වීමක සම්භාවිතාවක් ඇත්තේම නැත. ඒ එසේ වුව කිරිගරුඬ දේව ප්‍රතිමාවක් බඳු වූ ඇය අත්හැර සාමාන්‍ය ධීවර තරුණියක වෙත යෑමේ නැඹුරුවක් ඔහුට නැත. ඒ ලැයියාගේ ආදරයයි. පාදඩ පීඩිත පන්තිය යනු බොහෝ විට එදාවේල සරිකර ගන්නවුන්ය. මුඩුක්කුවල දිවි ගෙවන්නවුන්ය. නොයෙකුත් අයථා වැඩ හා බොහෝ විට සම්බන්ධ වූවන්ය.

තම පන්තියේම ගැහැනියක හා විවාහ වන්නවුන්ය. නොඑසේ නම් ලිංගික ශ්‍රමිකාවියකගේ හෝ වැන්දඹු ගැහැනියකගේ පහස ලබන්නවුන්ය. ආදරය යන්නෙහි අරුත සොයන්නට නොයන ඔවුන් ලද අවසරයක කවර හෝ ගැහැනියකගෙන් සිය කායික අවශ්‍යතාව සපුරා ගන්නවුන්ය.

ඊට වෙනස්ව දිවා රැයේ ලැයියා සිහින දකින්නේ තෙරේසාගේ ඡායාවක් හෝ දැක ගැනීමටය. ඔහු ඉතාලි බලා යන්නේද මුදල් සෙවීමට නොව අඩු තරමේ තෙරේසාගේ රුව හෝ දැකගැනීමේ අභිලාෂයෙනි.

සැබෑ ආදරය යනු රෝමියෝ පන්නයේ ආදරයක් නොව ලැයියා පන්නයේ ආදරයක් බව මිනිස් වටය අපට කියයි. දන්නා හඳුනන ධීවර ප්‍රජාව අතර හුදෙකලාව එළැඹෙන හෙටක් ගැන කිසිදු සැලසුමක් නැති නමුදු පේන මානයේ නොමැති තෙරේසාවක පිළිබඳව ඒක පාර්ශ්වික ආදරයෙන් බැඳී ඇයගේ ක්‍ෂුද්‍ර මතකයක ජීවත් විය හැකි නම් එය සැබෑ ආදරය නොවන්නේද?

තෙරේසා කෙරෙහි පිළිසිඳුණු ආදරය යනු යළි දෙවියන් වහන්සේ විසින් ලැයියාට ජීවත් වීමට ලබා දුන් තිළිණයක්ද? කෙසේ වුව ඒ දෙවියන් වහන්සේගේ කැමැත්තකි.