27

කොළඹ

නවතම පුවත්

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019

පළාත් කිහිපයකට මි.මී.100ක පමණ තද වැසි

09:00 AM May 22 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්

පාරදිගේ

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරුවලට මිශ්‍ර වී අවසානයි. එසේ වනුයේ මුළුතැන්ගෙයි සිට නවීකරණය වී රාජකාරි ස්ථානය දක්වා විවිධ පහසුකම් යටතේ ක්‍රියාශීලීවීම තුළිනි. මිනිසුන්ගේ ශ්‍රමය යාන්ත්‍රික වී ගෘහණිය අද නිවෙසේ වැඩ කරන්නේ හිරමනය, වංගෙඩිය, මෝල් ගස, මිරිස් ගල වැනිදේ පරිහරණයට නොගෙන සුඛෝපභෝගී ආකාරයටය. 

මේ අනුව ගොවියාද කුඹුරේ හෝ ගොවිපළේ වැඩ කරන්නේ කොට කලිසමකින් සැරසී, ජංගම දුරකතනය සාක්කුවේ දමාගෙනය. සියලු දෙනා තම ශ්‍රමය යොදා වැඩ කිරීමට වඩා යන්ත්‍ර සූත්‍රවලින් වැඩ කිරීමට දියුණු මට්ටමක ඇත. ප්‍රජාවගේ ව්‍යායාම කටයුතු අඩුවීම නිසා ඒ වෙනුවට කාලය ගත කරන්නේ ජංගම දුරකතනය භාවිත කරමිනි. මේ අතර සෑම පුරවැසියකුම ජංගම දුරකතනයට ඇබ්බැහි වී ඇත. මේ නිසා මාධ්‍ය ජාල, මුහුණු පොත බැලීම, දුරකථනයේ ක්‍රීඩාවලට ඇබ්බැහි වීම යනාදියෙන් මනස විවිධ පුරුදුවලට යොමු වී ඇත. ඔවුන්ට ගුණදායක කෑමක් ගැනීමට හෝ ශරීරයට නිසි ව්‍යායාමයක යෙදීමට හොඳ සෞඛ්‍ය පුරුදුවල නියැළීමට කාලයක් නොමැත. 

වැඩිමනත් පිරිසක් මේ වන විට නරක පුරුදුවලට පෙලඹී අවසානයි. මේ නරක පුරුදු සමඟ නවීන කෘත්‍රිම ආහාරවලට පුරුදුවීම නිසා විවිධ රෝගවලට ගොදුරුවී අවසානයි. තවද විවිධ රටවලින් විශාල වශයෙන් ගෙන්වන ලද ලිංගික උත්තේජන සහ විස මත්පෙති කරල්වලට ඇබ්බැහි වූ අය ඔවුන් නොදැනම දියවැඩියා රෝගය, මඳ සරු භාවයට පත්වී ඇත. 

නොගැළපෙන ආහාර නිසා ලංකාවේ ප්‍රජාවට බෝවී ඇති රෝගයක් තමයි දියවැඩියාව. දියවැඩියාව නිසා සෑම තත්පර 30ක් ඇතුළත ලෝකයේ කොතැනක හෝ පුද්ගලයකුට පාදයක් අහිමි වෙනවා. ඉන් අතුරු ආබාධ රාශියකට මුල පුරනවා. ප්‍රධාන වශයෙන් ස්නායු දුර්වල වීම සිදුවෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවේ දියවැඩියාවට නිසි ප්‍රතිකර්මයක් නැත. 

ඒත් මෙම රෝගය සිංහල ආයුර්වේද වෙදකම අනුව තරුණ හා ළමා අයට නිට්ටාවට සුව කළ හැකිය. වැඩිහිටියන්ට නිට්ටාවට සුව කළ නොහැකිය. අද වන විට අප රටේ දියවැඩියාව ප්‍රබල අභියෝගයකි. නාගරික ප්‍රදේශවල ජනගහනයෙන් 20%ක් මෙම රෝගයෙන් පෙළෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන්ගෙන් 10%ක් මෙම රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටවන වාර්තාවල දැක්වෙනවා. මෙසේ වන්නේ ජනතාව එදිනෙදා වැඩ කිරීමේදී, ආහාර ගැනීමේදී බුද්ධිමත්ව වැඩි නොකිරීමේ හේතුවෙනි. 

වෙළෙඳසලේ ඇති ක්ෂණික ආහාර වර්ග, ක්ෂණික පැණි බීම වර්ග, අධික පිටි සහිත ආහාර වර්ග, වර්ණ යොදා ඇති මස්කට්, බූන්දි, පීසා වර්ග, අධික පැණි රස අඩංගු අයිස් ක්‍රීම් වැනි දේවල් පරිභෝජනයට ගැනීමෙන් දියවැඩියාව වැලඳීම වේගවත්ව සිදු වෙනවා. 

අප ශරීරයේ රස, රක්ත, මාංස, අස්ථි, අස්ථි, මිජ්ජා, මේද, ශුක්‍ර ධාතු ආදී කොටස් විනාශ වීමෙන් අපගේ අග්න්‍යාසයේ ඉන්සියුලින් නිෂ්පාදනය අඩුවෙයිග්ලූකෝස් නිෂ්පාදනය වැඩි වෙයි. එයින් වන අතුරු විපාක වශයෙන් අපේ ස්නායු පද්ධතියම දුර්වල වේ. මේ නිසා අක්ෂි, අතපය දුර්වලතා, හිරි වැටීම, කෙණ්ඩ පෙරළීම, ලිංගික බෙලහීනතාව, මඳසරුබව, (දරු පල නැති වීම) වකුගඩු රෝග රාශියකට මුල පුරයි. 

ප්‍රතිකාර සඳහා රෝගීන් සංඛ්‍යාව අනුව මේ රෝගී තත්ත්වය වර්ධනය වෙනවා මිස අඩුවක් නොපෙනේ. මේ සඳහා ප්‍රතිකාර ලබාගෙන සුවවෙන රෝගීන් තමයි මේ ගැන වැඩි ප්‍රචාරයක් අනෙක් අයට ලබා දෙන්නේ. ආයුර්වේද ක්‍රමය අනුව අප ආහාරයට ගන්නා ගමේ වගා කරන වස විස නැති එළවළු වර්ග, පලා වර්ග ආහාරයට යෝග්‍යයි. එනම් ගැට පොලොස්, කොහිල අල කොළ, තෙඹු දලු, කෙසෙල් මුව, අමු පැපොල්, අළු පුහුල්, අළු කෙසෙල්, ඇඹරැල්ලා, ඕලු අල, කතුරුමුරුංගා, කෙකටිය අල, මෑ කරල්, තිබ්බටු, තිත්ත තිබ්බටු, දඹල, නිවිති, නෙලුම් අල, මුරුංගා වැනි එළවළු වර්ග සුදුසුය.

වැඩිදුරටත් ගමේ වැවෙන පලා වර්ග ඉතා යෝග්‍යය. ගොටුකොළ, මුගුණුවැන්න, අඟුන කොළ, ඇඹරැල්ල දලු, එරබදු දලු. වට්ටක්කා දලු, මහ ගෙඳ, කිරි හැන්ද, කටු තම්පලා, කැරන් දලු, කැබැල්ල දලු, කිරිහැන්ද කොළ, කෝප්ප කොළ, දඹල කොළ, රතු තම්පලා, මොනරකුඩුම්බිය කොළ, වැල් කොහිල, වැල් පෙනෙල කොළ, සාරණ ආදිය යෝග්‍ය වේ. 

සුදුසු පලතුරු වර්ග මේ නාමාවලිය දැක්වෙනවා.  අලිගැටපේර, අනෝදා, ඇඹරැල්ල, කජුපුහුලන්, කිරල, ජම්බු, දිවුල්, දූරියන්, දෙළුම්, ‍ෙදාඩම්, පලු, නාරන් වර්ග, පැපොල්, පෙයාර්ස්, පේර, බෙලි, මාදං, මොර, රඹුටන්, වෙරළු, හිඹුටු, නෙල්ලි යනාදිය සුදුසුයි.

දියවැඩියාවට සුදුසු පැරැණි සහල් වර්ග ද තිබේ. මඩබරු, රතුහාල්, දික්වී, ගොඩ හීනටි, සුදු හීනටි, සුව¼දැල්, කළු හීනටි, ගෝනබරු, රත්දැල්, ඕලුහාල්, මෙනේරි, හාල්, මසුරං, දික්වී, හැටදා සහල්, මදට වාලු ඇතුළු සහල් වර්ග යෝග්‍යයි.

සුදුසු ධාන්‍ය වර්ග ද ඇත.අමුහාල්, උඳු, කව්පි, කඩල, කුරක්කන්, කොල්ලු, මෑ ඇට, මුං ඇට, බාර්ලි, සෝයා බෝංචි ආදියයි.

අතුරු ආබාධවලින් තොර දියවැඩියාවට සුදුසු ඔෟෂධ වර්ග කිහිපයකි.

කංසා, අරළු, බුළු, නෙල්ලි, මස් බැද්ද, හීන් ගොකටු, කලාඳුරු, අල, ඉඟිනි ඇට, අළු කෙසෙල් අල, කොතල හිඹුටු, කුඹුක් පොතු, කොත්තමල්ලි, නාමල් රේණු, මාදං පොතු, කහඹිලියා මුල්, වියළි ඉඟුරු, පොල්පලා මුල්, මාදුරු, සූදුරු, සුදුහඳුන්, ඉකිරිය මුල්, බෙලිමුල්, අට්ටික්කා පොතු, කොහිල අල, රණවරා මුල්, වියළි කහ, ගම් කොහොඹ පොතු, බිං කොහොඹ, පිණි ජම්බු පොතු, කෙම්මුල්, මුඩ මහන මුල්, රසකිඳ, කුප්පමේනියා මුල්, මොනර කුඩුම්බිය මුල, ඉරමුසු, එළ පිටවක්කා, කුරුඳු පොතු, කළුදුරු, උළුහාල්, ගම්මිරිස්, ආදිය වේ. 

දියවැඩියාව වළකන එළවළු වර්ග ද තිබේ. තක්කාලි, ගෝවා, බීට්රූට්, බෝංචි, රාබු, ලීක්ස්, මාළු මිරිස්, කොළ ගෝවා, වැනි උඩරට එළවළු වර්ග වේ. මෙම එළවළු වර්ග පිසීමට කලින් වස විස නැතිකර ගැනීමට ස්වාභාවික විනාකිරි හෝ දෙහි යුෂ ටිකක් මිශ්‍රකර සෝදාගන්න. ඉන් වස විස තරමක් දුරට අඩුවේ.

තොරතුරු සැපයීම - ඔෟෂධ නිෂ්පාදනාගාරයේ ආයුර්වේද ඔසු උයන් පාලක ආර්. සනත් ලෙනෝරා

ප්‍රගීත් සම්පත් කරුණාතිලක