28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි

පාරදිගේ

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද වනවිට මුළු පාසලේම සිසුන් පාපන්දු ක්‍රීඩාවට දක්වන්නේ මහත් උනන්දුවකි.

එසේම පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමට සහ අනෙකුත් ක්‍රීඩා අතින්ද බැඳිවැව මහ විදුහල දක්‍ෂතා පෙන්වා තිබේ. අධ්‍යාපනය අතින්ද ඉදිරියට පැමිණි මෙම පාසලේ දරුවන් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ විශාල ගෞරවයක් දිනාගෙන ඇත.

මේ තත්ත්වය හමුවේ වත්මන් විදුහල්පතිතුමා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ පාසලේ ක්‍රීඩාංගණය හදා ගැනීමට උපකාර කරන ලෙසය. එහෙත් ඒ සඳහා බලධාරීන්ගේ කිසිදු අවධානයක් මේ වනවිට යොමු වී නැත.

පාසලේ ක්‍රීඩාංගණය ඉදිකර ගැනීමට යම් ආධාරයක් සොයා ගැනීමේ අටියෙන් විදුහල්පතිවරයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එහිදී බලධාරීන් පවසා ඇත්තේ ලිඛිතව අදාළ ඉල්ලීම කරන ලෙසය. නමුත් අදාළ ඉල්ලීම් 25 වතාවක් ඉල්ලීමට බැඳිවැව විදුහලේ වත්මන් විදුහල්පතිවරයාට සිදුව තිබේ.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා වෙතද ලිපි ඉදිරිපත් වුවත් කිසිදු බලධාරියකු ජනාධිපතිවරයාට මේ ගැන දැනුම් දී නැතැයිද වාර්තා වෙයි. මෙතෙක් යැවූ සියලු ලිපිවල පිටපත් ගෙන ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට විදුහල්පතිවරයා සූදානම් විය. එහිදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිටින බලධාරියකු එම කාර්යය කරන්නම් ලෙස භාරගෙන ඇතත් තවම එම ලිපි ජනාධිපතිවරයාට ලබාදී නැතැයි වාර්තා වෙයි.

පාපන්දු ක්‍රීඩාවෙන් දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින්, ජාතික මට්ටමින් ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇති බැඳිවැව පාසලේ දරුවන්ගේ එකම බලාපොරොත්තුව පාසලේ ක්‍රීඩාංගණය හදා ගැනීමය. ගල් බොරලු මත දුවමින් පයට සපත්තු දෙකක්ද නැතිව බැඳිවැව විදුහලේ දරුවෝ අදටත් පාපන්දු ක්‍රීඩා කරති. මේ නිසා මෙම අයගේ එකම ඉල්ලීම වූයේ පාසලේ ක්‍රීඩාංගණය ඉදිකර දෙන ලෙසය. නමුත් තවමත් අධ්‍යාපන බලධාරීන්ට එය බීරි අලින්ට වීණා වැයීමක් වැනිය.

පසුගියදා ‘මව්බිම’ පුවත්පතේ පාපන්දු ක්‍රීඩකයන් ගැන පළවූ ලිපියද සමඟ වත්මන් විදුහල්පතිවරයා බලධාරීන් හමුවී ඇත. මේ තරම් දක්‍ෂතා ඇති විට ක්‍රීඩාංගණය හදාගැනීම විදුහල්පතිවරයාගේ එකම අරමුණ විය. එහෙත් බලධාරීන් හමුවේ කතා කළ විට ලැබී ඇති පිළිතුර වන්නේ ක්‍රීඩා දක්‍ෂතාවලට වෙරිගුඩ් එක්සලන්ට් කියා පමණි.

නමුත් මේ බලධාරීන් බැඳිවැව පාසලේ සිටින පාපන්දු කණ්ඩායම්වල දක්‍ෂ දරුවන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ පාසල් වෙත ඇද ගැනීමේ උත්සාහයක නිරත වෙයි. දක්‍ෂතා ඇත්නම් එම දරුවන්ගේ කැමැත්තෙන් ප්‍රධාන පෙළේ පාසලකට යෑම අනුමත කළ හැකියි. එහෙත් මෙම දරුවන්ගේ මවුපියන්ටත් එවැනි අවශ්‍යතාවක් නැති විටකදී මෙම බලධාරීන් මවුපියන් හමුවී දරුවන් අස්කර ගන්නා ලෙස ඉල්ලීම් කර ඇති බවද වාර්තා වෙයි.

දැනට බැඳිවැව පාසලේ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන දරුවන් ඊට පෙර පාපන්දු ක්‍රීඩාවේ යෙදුණු දරුවන් පාසලේ නම ආරක්‍ෂා කරගන්නේ සිය හැකියාවෙනි. තරගවලට යෑමට මුදල් නැති විට ඊට පෙර දින තරග පවතින තැනට ගොස් බස් නැවතුමක හෝ නිදාගෙනය. උදේ පාන්දර බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බී ක්‍රීඩාංගණයට ගොස් මේ දරුවෝ තරග කොට ජයග්‍රහණ ලබා ගන්නේ පාසල වෙනුවෙනි. එම දරුවන්ට අදද ලොකු පහසුකමක් නැත. ඉතා දුකසේ තිබෙන පහසුකම් මැද ක්‍රීඩාවේ නිරත වෙමින් දක්‍ෂතා ලබා ගැනීමට මොවුන්ට හැකි වී තිබේ. මොන අඩුපාඩු තිබුණත් මේ දරුවෝ ඉල්ලන්නේ පාසලේ ක්‍රීඩාංගණය හදාදෙන ලෙසය. එහෙත් මේ ඉල්ලීම් ගැන බලධාරීන්ට නම් කිසිදු ගානක් නොමැති වීම කනගාටුවට කරුණකි.

මොන බාධක ආවත් පාසලේ නම රැකගැනීමට පාපන්දුවෙන් සහ අනෙකුත් ක්‍රීඩාවලින් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට මේ අයට හැකි වී තිබේ. ඒ නිසා මේ අය තමන්ගේ වියදමින් තමන්ට හැකි ආකාරයකට පාසලේ ක්‍රීඩාංගණය ඉදිකර ගැනීමටද දැන් සූදානම් වෙයි.

බැඳිවැව මහා විදුහලේ ආදි සිසුවන්ගේ එකතුවෙන් එහි මුල් අදියර ලෙස ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉදිකිරීමට අවශ්‍ය පිඹුරුපත් සලසා තිබේ. මෙම කාර්යය කිරීමේදීද ඇතැම් බලධාරීන්ගෙන් විවිධ බලපෑම් එන බව ආදිශිෂ්‍ය සංගමයේ නිලධාරීහු පවසති. මොන බාධක ආවත් තමන්ට හැකි අයුරින් ක්‍රීඩාගාරය සහ ක්‍රීඩාංගණය සකසා ගැනීමට පාසලේ ආදි සිසුහු උත්සාහ කරති.


ප්‍රගීත් සම්පත් කරුණාතිලක