28

කොළඹ

වැල්ලවාය බෝගහපතල රක්ෂිතයේ විශාල ගින්නක්- අක්කර 50ක් පමණ විනාශ වෙලා

වැල්ලවාය බෝගහ්පතන මිරිස් ඇටහෙල කඳු රක්ෂිතයේ ඊයේ (23) දහවල් ග

09:07 AM May 24 2019

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

විස තරංග කිරණ

පාරදිගේ

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ මෙන් ආරක්ෂා කරමින් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙමින් මා වෙතට ලැබීමෙන් පසු මේ පොතේ ඇතුළත් බොහෝ ගුප්ත ක්‍රියාකාරකම් අවුරුදු 22ක් පමණ කාලයක් තිස්සේ යම් යම් අත්හදා බැලීම් කරමින් මේ ගුප්ත අඳුන්වල බලවත්කමේ සත්‍ය මා වටහා ගත්තෙමි.

මේ පොත්පත් අතර තිබූ බොහෝ තවත් පුස්කොළ පොත් දහස් ගණනකි. මේ පොත්වලද ලියැවී ඇත්තේ ඉතා පැරැණි ගුප්ත විද්‍යා කටයුතු සහ ජේ‍යාතිෂය විද්‍යාත්මක කරුණුය. මේ පොත් පරිශීලනය කිරීමේදී පෙනී යන්නේ පුරාණයේ අප මුතුන් මිත්තෝ මේ ගුප්ත ශාස්ත්‍රය මිනිසාගේ යහපත මෙන්ම අයහපත වෙනුවෙන්ද උපයෝගී කරගත් බවය. මේ පොත් අතර ලෙඩ රෝග, අසනීප, අමනුෂ්‍ය දෝෂ, ඇස්වහ, කටවහ ආදී අපල දෝෂ දුරුකර සෙතක් ශාන්තියක් උදාකර ගැනීමටත් මේ ගුප්ත කටයුතු උපයෝගී කරගත් බව පෙනී යන අතර පෞද්ගලික එදිරිවාදිකම්, වෛරය පිරිමැසීම්, වශී ක්‍රම ආදිය සඳහාද අනවින, කොඩිවින, භූමිපාළු වැනි අතිශය භයානක ගේ‍ෙදාර, වතුපිටි, හරකබාන ජීවිත විනාශ කර අනර්ථයක්ම සිදුකිරීමට මේ ගුරුකම් ක්‍රම උපයෝගී කරගත් බව පෙනී යන කරුණකි.

 කෙසේ වෙතත් නරක දේ, අහිතකර දේ අතහැර මිනිසාගේ යහපත දියුණුව ජයග්‍රහණය නිරෝගී පැවැත්ම වෙනුවෙන් කළ හැකි බොහෝ ගුප්ත ක්‍රියාකාරකම් ඉතා නිහඬව කාලාන්තරයක් තිස්සේ මා ඉටුකර ඇත්තෙමි. අද සමාජයේ බොහෝ දෙනකුට එකිනෙකාට වෙනස් වූ ප්‍රශ්න ගැටලු ජීවිතයේ බිඳ වැටීම්, අසමඟිතා, පවුල් අතර මතගැටුම්, විවාහ ප්‍රමාද, ලෙඩරෝග, අසනීප, නඩුහබ, අමනුෂ්‍ය බලපෑම් ආදී විවිධ වූ ප්‍රශ්න විසදා ඇත. නිමානොවන කරදර මේ සෑම ප්‍රශ්නවලටම නොයෙක් ආකාරයේ විසඳුම් සොයා අන්තිමට පිළිසරණ පතන්නට යොමුවන්නේ ගුප්ත කරුණුවලටය.  මෙවැනි අවස්ථාවලදී කේන්දර බැලීම මූලිකවම බොහෝ දෙනකු කරනු ලබයි. යමකුගේ කේන්දරය හරිහැටි විමසා බැලීමෙන් බොහෝ කරුණු කාරණා අවබෝධ කරගත හැකිය. මේ සඳහා ලබා ඇති දශාව, අතුරු දශාව, විසිදෙවැනි දෙර්කාණාදී ග්‍රහ උච්ච, නීච භාවයන්, ග්‍රහයෝග, ග්‍රහයන්ගේ දෘෂ්ටි, සූර්ය කේන්දරය, චන්ද්‍ර කේන්දරය, නවාංශකය, ලග්නය ආදී සියලුම ස්ථාන පිළිබඳව ඉතා ගැඹුරින් සොයා බැලීමෙන් යමකුගේ ජීවන වගතුග, අසනීප, සමාජ තත්ත්වය, දියුණුව, ජයග්‍රහණය, ආදී උපතේ සිට මරණය දක්වා බොහෝ තොරතුරු දක්ෂ ජේ‍යාතිෂවේදියකුට පැවසිය හැකිය. 

මේ අනුව කාරණා සොයාබලා අවශ්‍ය පිළියම් යෙදීම තුළින් දිවි ගමන සරුකර ගැනීමට හැකිය. මා සතු මෙම රහස් අඳුන් පොත්ද දක්වා ඇත්තේ දිවිගමනට බාධා පමුණුවන අනෙකු ගුප්ත තරංග සහ කිරණ ශක්තීන් මර්දනය කර යහපත උදාකර ගන්නා ආකාරයයි. මෙම අඳුන් අතරින් මා බොහෝවිට බැලූ විශේෂ අඳුන් කිහිපයකි. එනම් මහා භාග්‍ය ධනකේෂ්වරී ආරක්ෂා මෝහන වශි අඳුන, ශ්‍රී  ජයමංගල වශී අඳුන, ශ්‍රී  සරස්වතී බුද්ධිරාජ මෝහන අඳුන වැනි අඳුන්ය. මේ අඳුන් මඟින් ධනය, බලය, කීර්තිය, විවාහ ප්‍රමාද, අධ්‍යාපන කටයුතු අඩාල වීම ආදී නොයෙක් අසහනකාරී ජීවිතයේ ඉටුකර ගැනීමට අපහසු කටයුතු ඉටුකර ගැනීමට මාර්ග උදාකර දෙයි. 

විශ්වයේ පවතින ඇසට නොපෙනෙන යම් ශක්තීන් සහ කිරණ බලය නිසියාකාරව ලබාදීම තුළින් උසස් ප්‍රතිඵල උදාකර දීම මේ මඟින් සිදුකෙරෙයි. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙක් ධනය, බලය, කීර්තිය ලබා උසස් දියුණුවක් ඇතිව කාලයක් වැජඹී පසුකාලීනව සියල්ල විනාශ වී අසරණ තත්ත්වයට පත්වෙන අවස්ථා අපට සමාජයේ නිතර අසන්නට දකින්නට ලැබෙයි. සමහර දැවැන්ත ව්‍යාපාර වසා දමා ණය බරට පත්වන අවස්ථා, සේවක සේවිකාවන් සොයාගැනීමට නොහැකිව නොයෙක් ගැටලුවලට මුහුණදෙන අවස්ථා දැකිය හැකිය. 

මේ අය මේ තත්ත්වයට පත්වුණේ ඇයි. මේ ඉතා ගැඹුරින් සොයාබැලිය යුතුය. සමහර ව්‍යාපාර බිඳවැටීමට ගුප්ත දෝෂ රාශියක්ම බලපෑ හැකිය. එනම් ව්‍යාපාර නාමයද මුල්වෙයි. සමහර ව්‍යාපාර සඳහා යොදා ඇති නම සිය දහස් වර ජනවහර කියවන විට වස් කවියක් බඳු විය හැකිය. සමහර නම් කියැවෙන්න කියැවෙන්න සෙත් කවියක් වී දින දින දියුණු වී ජනප්‍රිය වෙයි. මේ ආකාරයට තරංග ශක්තීන් බලපාන බව අපි අත්දැක ඇත්තෙමු. සමහර ව්‍යාපාර ස්ථාන සේම නිවාස විනාශ වී යන්නේ අපි නොසිතන තවත් හේතු ඇතිවය. පියා ආරම්භ කළ නිවෙස හෝ ව්‍යාපාරය සමහර දරුවන්ට පල නොදෙයි. ඊට හේතු ලෙස නිවෙස හෝ ව්‍යාපාරය හෝ ව්‍යාපාර නම ගොඩනඟා ඇත්තේ පියාට සීහෙන, පියාට ගැළපෙන නැකැත් තෝරා මුල්කරගෙනය. එම නිසා දරුවන්ට පල නොදෙන අවස්ථා ඇත. මේ ග්‍රහ තරංග සහ කිරණ බලය බලපාන ආකාරයන්ය. 

සමහර දරුවෝ අධ්‍යාපන කටයුතුවලට උපතේ සිට දක්ෂ අය වෙති. නමුත් විභාගයේ ප්‍රතිඵල ආ විට විභාගය අසමත් වෙයි. විභාගයට වාඩි වූ විට සමහරුන්ට අවුරුදු ගාණක් තිස්සේ උගත් දේ අමතක වී යයි. සබකෝලය, බිය ගෙනදෙයි. සිතිවිලි තරංග ඒ තරමටම කුරිරු වෙයි. මේ අයට මතක ශක්ති, ඥාන, බුද්ධිය වර්ධනය වීමට යම් යම් ගුප්ත පිළියම් කළ යුතුය. ගුප්තිරාජ අඳුන වැනි අඳුන්වලින් කෙරෙන්නේද මතකය අවදිවීමට අවශ්‍ය සිතිවිලි ශක්තිමත් කර දීමකි. තරංග සහ කිරණ ශක්තීන් ඉතා බලවත්ය. 

ඇස්වහ කටවහ යනුද කටෙන් පිටවන වචනවලින් හා ඇසෙන් පිටවන කිරණවලින් වන අනිටු විපාකයන්ය. ඉතා හොඳින් සරුසාරව වැඩී ඇති, පලදරා ඇති යම් පලතුරු ගසක් දිහා බලාසිට යමක් කී විට ගස මැළවී ගොස් විනාශ වී යන්නේ අහසේ ඇති විස තරංග සහ කිරණ ශක්තීන් හේතුවෙනි.  මේ විස තරංග ශක්තීන් ඇසට නොපෙනෙයි. මේ ආකාරයට අහසේ තාරකාවලින් වැටෙන කිරණ සහ තරංග පෘථිවියේ සිටින සෑම සත්ත්වයකුටම බලපානු ඇත. නැකැතක් යනුද ශුභ වෙලාවකි. බාධකයන් නැති ශුභ කිරණ පවතින අවස්ථාවකි. අපි පාර මාරුවී පාර පනින්නේ වාහන ගමන් නොකරන අවස්ථාවේදීය. 

 මේ නිසා ශුභ වෙලාව යනුවෙන් අදහස් කරන්නේද යහපත් තරංග සහ කිරණ ඇති ශුභ කාලයයි. අද බොහෝ අය ජේ‍යාතිෂ ගුප්ත විද්‍යාව ගැන නොයෙක් තර්ක විතර්ක ඉදිරිපත් කළත් අෑත අතීතයේ සිට පැවත එන එම ශාස්ත්‍රීය ක්‍රමවල යම් විද්‍යාත්මක පැත්තක් ඇති බව ඉතා ගැඹුරින් මේ විෂයයන් හැදෑරීමේදී පෙනී යයි. කෙනෙක් කී පමණන් යමක් විශ්වාස නොකර බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. විද්‍යාත්මකව මේ විෂයයන් පිළිබඳව අදට වඩා අෑත අතීතයේ අපේ මුතුන්මිත්තෝ දැන සිටියහ. රාවණා යුගයේ සිට මේ රහස් ගුප්ත දේවල් පැවැති බව පැරණි පොත්පත් කියැවීමේදී අපට දැනගත හැකිය. අද ද බොහෝ පරම්පරා සතුව පැරැණි ගුප්ත විද්‍යා පුස්තක පොත්, වෙද පොත් ඇතත් මේ තුළින් වැඩගන්නා අය බොහෝ අඩුය. අතීත ගුප්ත ක්‍රියාකාරකම් හා අපෙන් දුරස්වන මේ ක්‍රමවලට පණපෙවිය යුතු කාලය පැමිණ ඇත. 


එච්.එම්. ලීල් විජයබණ්ඩාර     

  උඩුමුල්ල