28

කොළඹ

වැල්ලවාය බෝගහපතල රක්ෂිතයේ විශාල ගින්නක්- අක්කර 50ක් පමණ විනාශ වෙලා

වැල්ලවාය බෝගහ්පතන මිරිස් ඇටහෙල කඳු රක්ෂිතයේ ඊයේ (23) දහවල් ග

09:07 AM May 24 2019

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

කාලිමෑණියෝ පමණක් අදහන පිරිසක් සොයා මව්බිම වැව්ගම්පත්තුවට

පාරදිගේ

සිංහල රජ දරුවන්ගෙන් පසු දිගාමඬුල්ල වල් බිහිවිය. මෙම කැලෑ ආශි්‍රතව තැනින් තැන ගම්මාන කිහිපයක් ඇතිවුණා. ඒ නවසිය දහඅටේ  උෟව වෙල්ලස්ස කැරැල්ලෙන් පසුබා ගිය ඇත්තන් දිගාමඬුල්ලට ඇවිත් පැලපැදියම් වුණු වනගත කුඩා ගම්මාන. මේ ඇත්තො ඇළ ‍ෙදාළ කිට්ටුවට වෙන්ට කටුසර බෝග වගා කරල දුෂ්කර ජීවිතයක් ගෙව්වා. ඔවුන්ගෙ තනියට සිටියේ එතකොටත් වනගත දමිළ ගම්මානවල හිටපු මිනිස්සු. මේ සිංහල සහ දමිළ මිනිස්සු සංස්කෘතික වශයෙන් එකට බැඳී හිටියා. දමිළ ගම්මානවල තිබූ කෝවිල් හා දේවාල වැඳ පුදාගන්ට ගියා. මේ දෙගොල්ල අතර හොඳ හිත කොයි තරම් දුරදිග ගියාද කියනවා නම් දමිළ සිංහල කරකාර බැඳිලිත් සිද්ධ වුණා. පනහට පනහා මිනිස්සු කියන්නෙ මේ අයට. දිගාමඬුල්ලේ උතුරු වැව්ගම්පත්තුවේ හුදකලා කැලෑ ගම්මානයක ඉඳල යස ඉසුරු හොයාගෙන සමන්තුරපත්තුවට ගියා කියන මයිලා ඇත්තන් එහෙම කෙනෙක්. මයිලා ඇත්තන්ගෙන් පරපුරේ තොරතුරු සොයා ‘මව්බිම’ දවස් ගාණක් තිස්සේ සමන්තුර පත්තුව පැත්තෙ කරක් ගැහුවේ අහන්නට ලැබුණු කටකතාවක් ඇත්තද කියල හොයා බලන්ට. 

“අපේ පැත්තේ පනහට පනහා මිනිහෙක් හිටියා මයිලා කියලා. මිනිහ  සිංහල. ගෑනි දෙමළ, දරු මල්ලො දහයකටත් වැඩිද මන්දා. දවසක් මේකා වැඩියෙන් හරි හම්බ කොරල බඩ පැළෙන්නට කොටාබාන්ට හිතාගෙනද කොහෙද ගමෙන් පල්ලම් බැස්සා. යස ඉසුරු තියෙන සමන්තුරපත්තුවට යනව කියලයි ගියේ. ඒත් කොහේ මකබෑ වුණාද දන්නෙ නෑ. පුළුවන් නම් හොයා ගනිල්ලා. මේකගෙ කවුරු හරි ඔය කියන පළාත්වල ඉන්ට බැරි නෑ. දිගාමඬුල්ලේ පැරැන්නන්ගේ තොරතුරු සොයා ‘මව්බිම’ කරන ලද ගවේෂණයකදී ලැබුණු ආරංචිය එහෙමයි. දකුණු ඇහැ පේනවා මදි හින්ද කාචයක් දාල මාසයක්වත් ගියේ නැති වුණත් පත්තර උණගාය තිබුණු හින්දද කොහෙද මේකෙ ඇත්ත නැත්ත හොයල බලනකම් ඉවසුමක් නෑ. ඒ හින්ද ගිනිකූටක අව්ව බලන්නෙ නැතිව මයිලා ඇත්තො ගැන හොයල බලන කොට මේ ඇත්තො පරම්පරාවෙන්ම කාලිමෑණියන් පිළිබඳ දැඩි භක්තියක් හා ගෞරවයක් තියෙන උදවිය කියලත් ආරංචියක් ලැබුණා. ඒකත් වැදගත් හෝඩුවාවක්. ඒ හින්ද කාලි මෑණියන් අදහන, පුද පූජා පවත්වන ජන කොටස් ගැන වැඩි උනන්දුවක් දැක්වූවා. පුළුවන් හැම වෙලාවකදීම නෑ බෑ නොකිය උදවු උපකාර කරන ටෙලිකොම් ආයතනයේ සේවය කර විශ්‍රාම සුවයෙන් ඉන්න සිරි අයියා (ඩබ්ලිව්.ඩී. සිරිසේන) තනි නොතනියට එකතු වුණා. කාලි මෑණියන්ට කන්නලව්වක් කාරිය කරල එදා දවසෙ වැඩ පටන් ගත්ත අපි මයිලාගේ පරපුරින් පැවත එන අය සිටිය හැකියැයි සැක කළ ගම් නියම් ගම් පුරා කරක් ගැහුවා. දැන් ඉර හොඳටම මුදුන් වෙලා. ගිනිකුටක අව්ව. හුළං පොදක්වත් නෑ. ඇඳගෙන හිටිය ඇඳුම් දාඩියට ඇඟටම ඇලිලා. අපි වලතාපිටිය පරණ කෝවිල පැත්තෙදිවත් මයිලා ගැන දන්නා කෙනෙක් හම්බවෙයි කියලා හිතල පරණ වලතාපිටිය ගම ඇතුළට රිංගුවා.

කාලි මෑණියන්ගේ හාස්කම් නෑ කියලම කියන්න බෑ. අතුරු පාරක ඉඳලා එක පාරටම අපි ගිය පාරට මරුමුස් පෙනුමක් තියෙන මිනිහෙක් කඩාපාත් වුණා. මහ හයියෙන් අත්දෙක දෙපැත්තට පද්ද පද්දා එන මිනිහා දැකලා අපි පුදුම වෙලා බලාගෙන හිටියා. සිත්ගන්න පෙනුමක් නැති වුණත් අපි එයත් එක්ක කතාවට වැටුණේ වෙන කරන්න දෙයක් නැති හින්දා. 

“අයියා.... කොන්ඤං උදවු වේනුම්... දන්නා දෙමළෙන් කතා කරපු මම මිනිහගෙන් උදවුවක් ඉල්ලුවා.

“නී යාර්... (උඹලා කවුරුද?)

“නාං මව්බිම පේපර් වේල සෙන්ජ ආල්.... (මම ‘මව්බිම’ පත්තරෙන්)

“ඕ... සිංහලාල්... ඉදි ටැමිල් ඒරියා.... (සිංහල මිනිස්සු. මේ දෙමළ පළාතක්)

“ආම්...ආම්... තෙරියම්...තෙරියම්. කාලි අම්මා නමස්කාරන් වන්දිටි. (දන්නවා.... දන්නවා... අපි කාලි මෑණියෝ වඳින්ට ආවා.) කාලි මෑණියන්ගේ නම ඇහුණු ගමන්ම මිනිහ ගැස්සුණා. අත්දෙක ඔළුව උඩ තියා ගත්තා. ආයෙත් පපුව උඩට ඇරගෙන උඩ බලාගෙන මොන මොනවද මිමිනුවා. ඉන් පස්සෙ අපි දිහා බැලුවා. දැන් අර මරුමුස් පෙනුම නෑ වගේ පෙනුණා. දන්න සිංහලෙන් කතා කරන්ට පටන් ගත්ත.

“දොරේ.... අපේ කෝවිලේ තමා කාලි අම්මා ඉන්නවා... අද වඳින දවස නෙවේ... සිකුරාදා වාංග... එතකොට එතැනට දෙතුන් දෙනෙක් එකතු වුණා. අපි ආපු කාරණය කිව්වා. ඒ අයට හොඳට සිංහල පුළුවන්. ඒ අය දෙමළෙන් මොන මොනවද කුටු කුටු ගෑවා. බැලින්නම් කාලි මෑණියෝ අපිට මුණගස්සල තියෙන්නේ වෙන කවුරුවත් නෙවේ. මෙච්චර කාලයක් අපි හොය හොයා ඇවිද්ද මයිලාගෙ පුතාගෙ බෑනා. අත ළඟ තියෙන දේ ගැන හොයන්නෙ නැතිව දහ පදුරාවේ ඇවිද්දට අපිටම ‍ෙදාස් පවරා ගත්ත අපි මිනිහගෙ පස්සෙන් වැටුණා. දාඩිය පෙරාගෙන ගෙවල් අස්සෙන් එහාට මෙහාට රිංග රිංග ගිය අපේ යාළුවා එක ගෙයක් ළඟ නතර වුණා. ගෙපිල උඩ වයසට ගියත් ප්‍රිය මනාප මිනිහෙක් අෑඳිගෙන හිටිය. අපි දැක්ක ගමන් නැඟිටලා හිනා කටක් පුරවගෙන අපි ළඟට ආ ඒ වයසක ඇත්ත මගේ අත්දෙකින් අල්ලගත්තෙ කාලයක් තිස්සෙ හදි නොගැහුණ පරණ යාළුවෙක් හදි ගැහුණා වගේ ලොකු සතුටකින්. එනකම් තමා මඟ බලාගෙන හිටියෙ කියනව වගේ බැල්මක් ඒ මුහුණෙ තිබුණෙ. මේ තරම් ප්‍රිය මනාප මිනිහෙක් අපි හොයන මයිලගෙ පුතා වෙන්ට බෑ. මිනිහ රළු පරුෂ, කළුම කළු, කොටින්ම කියනවා නම් අපේ ආදි වාසියෙක් වගේ මිනිහෙක් වෙන්න ඕන කියල හිතාගෙන හිටිය අපිට කට අරින්ට ඉඩක් දුන්නෙ නැති වයසක ඇත්ත කට ඇරියා.

“ඒ දවස්වල මිනිස්සු බයියෝ කියල කියපු මයිලා කියන්නෙ මගේ තාත්තා... වං හුං කියන්නට මතක නැති වුණත් තාත්තගෙ තාත්ත කොහොම මිනිහෙක්ද කියලා මට මතකයි. අනෙක්් වුන් ගැන නිච්චියටම යමක් කියන්නට මතක නෑ. උන්දල රට රාජ්‍යවල ඉඳන් රූස්ස වනාන්තරේට ආපු බව අහල තියෙනවා. දැනට ජීවත් වෙලා ඉන්න මයිලාගේ පරපුරේ එකම පුරුක යැයි සැක කරන මයිලා ඇත්තන්ගෙ පුතා වන අසූපස් හැවිරිදි මයිල්වාගනම් කන්දයියා පුල්ලේ අපිත් එක්ක කතාවට වැටුණේ එහෙම. උහන පැත්තේ කැලේක හිටිය අපේ තාත්තා ගම එපා වෙලාද කොහෙද මල්ලියතිව් ගමට ආවා. අනිත් අෑයෝ කොහේ මකබෑ වුණාද දන්නෙ නෑ. මෙහෙම මලියතිව්වල ඉන්නකොට දවසක් මමයි, අම්මයි, තාත්තයි තුන්දෙනා මල්ලියතිව් ගමේ හත් අට දෙනෙක් එක්ක මේ වලතාපිටිය ගමට ආවා.  

ඒ දවස්වල මේ ගමට කීවේ වරකාපොළ කියලා. මහා වනාන්තරේ. කවුරුවත් හිටියෙ නෑ. මමත් අවුරුදු දහයක ‍ෙදාළහක කොල්ලෙක්. අපි කැලේ කපල ඉඩම් එළිකර ගත්තා. පුංචි පුංචි ගෙවල් හදාගෙන ජීවත් වුණා. කාලයක් යනකොට තවත් පවුල් 20ක් විතර මෙතැනට ආවා. තාත්තා මටත් ඉඩම් කෑල්ලක් අල්ල ගන්ට කිව්වා. මම තාත්තලාගෙ උදවු ඇතිව කැලේ කපල ඉඩමක් හදා ගත්තා. ඒ ඉඩම වටේටම සාර කුඹුරු යායක් තිබුණා. මෙතැන උසයි. ඒ හින්ද වතුර ගන්ට බෑ. කුඹුරක් කරන්ටත් බෑ. හද්ද වනාන්තරේ පැත්තෙ තැන් තැන්වල ගල් කණු, ගල් ලෑලි වගේ දේවල් තිබුණා. මිනිස්සු ඇවිත් කරක්තවලයි, ට්‍රැක්ටර්වලයි ඒව පටවගෙන ගියා. මේ කාලෙ වෙනකොට පොඩි පොඩි ගෙවල් හදාගත්ත පවුල් විස්සක් තිහක් විතර ගමේ ඉන්නවා. මම මල්ලියතිව් ගමෙන් නාගම්මා වල්ලි අම්මා කසාද බැන්දා. වලතාපිටියට කැන්දන් ආවා.  

තාත්තලාගෙ ගෙදරම හිටියා. ඒත් අපිට වඳින්ට කෝවිලක් නෑ. අපේ අය පරම්පරා ගාණක් කාලි අම්මා නමස්කාර කරපු උදවිය. ඒ හින්දා කාලි මෑණියන්ගේ කෝවිලක් හදමු කියල තීන්දු කළා. ඒත් කෝවිල හදන්ට ඉඩමක් නෑ. මහ පාර ළඟම කෝවිල හදන්ට බෑ. වැඩිය අෑතක හදන්ටත් බෑ. හොඳම ඉඩම මම කැලේ කපල හදා ගත්ත ඉඩම කියල කට්ටියම කීවා. එතැන මහ පොළොවත් උසයිනෙ. දෙපාරක් කල්පනා නොකරපු මම මගේ ඉඩම කාලි අම්මා කෝවිල හදන්ට දුන්නා. ගමේ අය එකතුවෙලා පොඩි කාලි අම්මා කෝවිලක් හදාගෙන වන්දනා මාන කළා. මෙතැන හරියට හාස්කම් තියෙන තැනක්. සිංහල අයත් යන්ට එන්ට පටන් ගත්තා. ඒ හින්දා ඉක්මනටම කෝවිල දියුණු වුණා. අවරානේ තාත්තාට අයිති කුඹුරු ඉඩම් තිබුණා.  ඒත් දැන් ඒවා වෙනත් අය අල්ලාගෙන වැඩ කරනවා. අපිට පුත්තු දෙන්නකුයි දුවල දෙන්නකුයි හිටියා.

 දෙන්නෙක් මැරුණා. එදා අපිත් එක්ක වලතාපිටිය රූස්ස වනාන්තරේට ආපු පවුල්වලින් ඉතුරුවෙලා ඉන්නෙ අපි දෙන්නා විතරයි. අනෙක් අය සේරම පස් යට වැළලිලා. මම මයිලා කියන බයියගෙ පරම්පරාවෙන් ආපු තාමත් ජීවත්වෙන එකම කෙනා කියල කිසි කෙනෙක් දන්නෙ නෑ. මම කාටවත් කීවෙත් නෑ. කවුරුත් ඇහුවෙත් නෑ. ඇහුවත් කියන්නෙත් නෑ. ඒත් අද  මට කාලි අම්මා පෙනිල අපේ විස්තර ලෝකෙට කියපන් කියලා කිව්වා. ඒක අහන්ට කෙනෙක් එනව කියලත් කීවා. ඒක දන්න හින්ද ගෙදරට වෙලා මඟ බල බලා ඉන්නකොට තමා ‍ෙදාරේ ආවෙ. කාලි මෑණිගෙ කීමකට කට ඇරිය මිසක් හෙට අනිද්දා මැරෙන්ට ඉන්න මම කට හොල්ලන්නෙ නෑ. විශාල ලෙස හාස්කම් පාන සිංහල, දමිළ ජනතාව අතර ප්‍රසිද්ධියට පත් පරණ වලතාපිටිය ශ්‍රී පත්තර කාලි අම්මාන් කෝවිල ඉදිකිරීමට සිය ඉඩම් කැබැල්ල දන් දුන් මයිලා නමැති අපේ ආදි මුතුන් මිත්තන්ගේ පරම්පරාවකින් පැවැත විත් දැනට ජීවතුන් අතර සිටින එකම ඇත්තා වන මයිල්වාගනම් කන්දයියා පුල්ලේ මහතා අපට කීවා.

මුත්තු කුමාර් කයිලාස මුත්තු අපට මඟ පෙන්වා දුන් අය වෙයි. ඔහු මයිල්වාගනම් මහතාගේ දියණිය කරකාර බැඳගෙන.  අපේ මාමණ්ඩියට හොඳට හූනියම් වැඩ පුළුවන්. ඒත් හූනියම් කරන්ට කොහේවත් යන්නේ නෑ. ඒත් මොන මොනවද මුමුණලා ඒ පැත්තට අත ගසල දැම්මොත් හූනියම හරියට හරි. එයාට කාලි මෑණියන්ගේ බැල්ම තියෙනවා. අද ‍ෙදාරේලට කියපු කතාව කවදාකවත් අපිට කියල නෑ. ඉඩම කෝවිලට දුන්න බව නම් අපි කවුරුත් දන්නවා. ඒත් මාමණ්ඩිගෙ තාත්තා සිංහල කෙනෙක් කියල දැනගත්තෙ අද. කැලේ ගමක හිටිය බව දැනගත්තෙ අද. වෙනකක් තියා මේ තරම් හොඳට සිංහල කතා කරන්ට පුළුවන් බව දැන ගත්තෙත් අද. අර එයා කීවා වගේ කාලි අම්මගෙ කීමකට පරණ කතන්දරේ කීව කියල තමා හිතෙන්නේ. ‍ෙදාරේ මේකත් ලියල දාන්ට. දැන් අපේ ගමේ ගෙවල් දෙතුන් සීයක් විතර තියෙනවා. ඒත් අපේ ග්‍රාමසේවකට ලොකු ඒරියා එකක් තියෙනවා. වීරමුනෙයි අලුත් වලතාපිටියයි පරණ වලතාපිටියටයි වැඩ කරනවා. ඒ හින්දා හම්බවෙන්ට අමාරුයි. අපට ග්‍රාමසේවක මහත්තයෙක් දුන්නොත් ගමට ලොකු සේවයක්.

මෙම පැරැණි ගම්මානය සමන්තුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එකකි. අම්පාර-කල්මුණ ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් හත අටක් ගිය පසු පාරේ දකුණු පස පිහිටි වලතාපිටිය පැරැණි ගම්මානය හමු වෙයි. සෑම සතියකම සිකුරාදා දිනයන්හි කාලි මෑණියන්ගේ කෝවිලේ පැවැත්වෙන පූජාවන් සඳහා දමිළ වැසියන් මෙන්ම හරි හරියට සිංහල බැතිමත්හුද සහභාගි වෙති. ඒ මෙම කෝවිලේ පවතින හාස්කම් පිළිබඳ ඇති දැඩි විශ්වාසය හේතු කොටගෙනය. සැප්තැම්බර් මස පැවැත්වෙන ශ්‍රී පත්තර කාලි අම්මාන් කෝවිලේ මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පවත්වති. අම්පාර නගරාසන්නයේ පිහිටා ඇති පුල්ලෙයාර් කෝවිලේ සිට අවශ්‍ය සියලුම අංගයන්ගෙන් සමන්විත අලංකාර පෙරහර ශ්‍රී පත්තර කාලි අම්මාන් කෝවිලට පැමිණි පසු මංගල්‍ය උත්සව කටයුතු අවසන් කෙරේ.

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම

කෙම්මුර දවස්වල පහනින් සැරසීම

කොළ අතු කඩා ගස් දෙබලක දැවටීම

මම නොකෙරුවත් නොකරමි ගැරහීම


කතාව  

ප්‍රභාත් අත්තනායක   


දිගාමඬුල්ලේ රණවීර

ෆ්‍රැෆික් නිර්මාණය - සුරංග උදය කුමාර