26

කොළඹ

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

ආදරයට බාධා කරන කෙනෙක් හොයාගෙන, ඒ හොයාගත්ත කෙනාට පිහියෙන් අනින්නේ ඇයි මචං

පාරදිගේ

ඉතිහාසය වෙනස්. ඉතිහාසය තුළ එක් එක් යුගවලදී සිදුවුණේ ආදරය වෙනුවෙන් ස්වාභාවික බාධා නිර්මාණය වීම. කුලය, බලය, නිලය පමණක් නොවෙයි උස්මිටිකම් කැත ලස්සන වගේ සාපේක්ෂ අදහස් එහිදී දෙහදක් අතර ආදරයේ ස්වාභාවික බාධාවන් බවට පත්වුණා. ඒ බාධාවන් ඉදිරියේ සිදුවුණේ ආදරය තව තවත් උත්කර්ෂයට නැංවීම. එහෙම නොවුණා නම් සාලිය අශෝකමාලා, රාධා ක්‍රිෂ්ණා, දස්කොන් ප්‍රමිලා, රෝමියෝ ජුලියට්ලා බිහිවෙන්නේ නැහැ. (මේ සම්බන්ධව ලංකාවේ උදාහරණ නැහැ මචං... මොකද අති සාර්ථක ප්‍රේම කතාවක අවසානයේදී කොල්ලා හරි කෙල්ල හරි මැරෙනවා මයි.. මේක අනිවාර්යතාවක්ද අහම්බයක්ද) මිනිසුන් විසින් සකසා ගත් ස්වාභාවික බාධාවලින් සිදුවුණේ ආදරයේ රස පූර්ණ වීම. බාධා කියන්නේම ආදරයේ ස්වභාවයේම අනිවාර්ය අංගයක්. 

ආදරය දලුලා වැඩුණේ මේවගේ බාධාවන් නිසා. එය එක්තරා ආකාරයකට ත්‍රාසජනක ක්‍රියාන්විතයක්. ඒ ක්‍රියාන්විතයට නොබියව මුහුණදෙමින් තමයි ඒ කාලේ කෙල්ලො කොල්ලො පරිණාමනය වුණේ. ලියුමක් දෙකක් නොවෙයි. ... ලියුම් පෙට්ටියක් පුරෝපු ආදර කථා... වැට දෙවැටේ ඉඟි බිඟි, කාලාන්තරයක් පුන පුනා බලා ඉඳලා පැනගත්ත කොටුවක් දෙකක් කියන්නේ ආදරය වෙනුවෙන් වගුරපු ශ්‍රමයක්. ඒ ශ්‍රමය පස්සට පහු ආදර සාහිත්‍යයකුත් බිහිකළා. 

වර්තමානය වෙනස් මචං.. දැං ඕනෑම පුද්ගලයකුට හැකියාව ලැබිලා තියෙනවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ආශ්චර්යජනක විවාහ ජීවිතයකට ඇතුළත් වෙන්න. ආදරය බල්ලට දාලා දකින ඕනෑම ගැහැනු ශරීරයක් - පිරිමි ශරීරයක් ඇඳට ගන්න පුළුවන් ප්‍රහර්ෂණයෙන් පිරුණු ලිංගික සබඳතා කියන්නේ දැන් සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ අද කාලයේ ආදරය කියලා විෂයක් නැහැ කියන එක. තිබුණත් හෙජමනියේ ස්වරූපය ඒ ආදරය අත්හිටුවලා කියන එක. එහෙමත් නැත්නම් ආදරය කියන විෂය ඇතුළේ ආදරය හැර හැම දෙයක්ම තියෙනවා කියන එක. එහෙම ගත්තම පවතින ආදරයක් වුණත් අද තියෙන්නේ බැරෑරුම් අවදානමක. මේ කාල සීමාවේ සිදුවන සිදුවීම් පෙන්වලා දෙන්නෙ මචං... ආදරය ප්‍රතිනිෂ්පාදනය කළ යුතු බව. ඒත් ඒක ලේසි පහසු කාර්යයක් නොවේ. නව ලිබරල් පරිභෝජනවාදය ව්‍යාප්ත වෙලා, නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුවෙලාම නැති කලාපයකට නව ලිබරල් පරිභෝජනවාදය කඩාවැටුණාම සිදුවන්නේ පැවැති ආචාරධර්ම සියල්ල ජෝන් බාස්ට යන එක. එහෙම ගත්තාම ආදරය ජෝන්බාස්ලා කීප දෙනෙක් අතේ නැටවෙන රූකඩයක්. සමස්ත සමාජයම ආදරය මත්තේ නැටවෙනවා කියන තිර පිටපත අඳින්නේ මේ ජෝන් බාස්ලා. (අද දවසේ රූපවාහිනි නාළිකාවල විකාශනය වන මෙගා ටෙලිනාට්‍යවල ගෑනු මිනිස්සු වරදක් කළොත් සමාව ලැබෙනවාමයි. අදාරවන්තයින්ට අයිති එකම දවසේ කෝච්චි සවාරි යනවාමයි) තවදුරටත් මේ තිරපිටපතේ ඇති චරිතයක් බවට පත්වෙන්න විතරයි හෝමෝන ක්‍රියාත්මක වීම පටන්ගන්නා තරුණ ගැටිස්සියන්ට - ඉලන්දාරීන්ට සිදුවෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් අහඹු මිනිස් අභිමුඛ වීමකට නොවෙයි සැලසුම් කරන ලද ජීවිතයක ආදරය කියන මොකක්දෝ මන්දා දෙයක් එක්ක ගැටෙන්න වෙලා. අද වෙද්දී හැම අවකාශයක්ම ආදරය ගිලගෙන. වැස්ස අව්ව පවා. වැස්සට අව්වට මුහුණදීගෙන බස් නැවතුම්පොළ ගැහැනු මිනිස්සු බදාගෙන ඉන්නේ ඒ අය ආදරය කරන විත්තිය ලෝකයාට කියන්න වගෙයි. ඔවුන් ලිබරල් ගැහැනු පිරිමි ලෙසයි පෙනෙන්නේ. ඒත් ඒ අය දන්නේ නෑ නව ලිබරල් ධනවාදය ඒ අයගේ ශරීරවලින් ආදරය සොරාගෙන කියලා. පුරුෂ ලිංගයක ලේ පිරීමයි තනමඩල උස්වීමයි විතරයි ඒ අය ආදරය කියලා තේරුම් බේරුම් කරගෙන තියෙන්නේ. මේ තත්ත්වය සමාජ නිමැවුමක් නිසා ඒ අය සෘජු වැරදිකාරයොත් නොවෙයි. ආදරය පෝෂණය වෙන්න නම් මිනිසුන්ට සංස්කෘතික ජීවිතයක් තියෙන්න ඕනමයි. අනෙකා සමඟ සුහද කතාබහක් කියන්නේ සංස්කෘතික ජීවිතය ආරම්භය. ඒත් අද පුද්ගලයකුගේ සංස්කෘතික ජීවිතය පාලනය කරන්නේ ඩේටාවලින්. හුදෙකලා පුද්ගලයකුට කියන්න පුළුවන් මම ඩේටාවලින් මෙගාබයිට් ගාණක් අහවර කරලා තාක්ෂණික ලෝකෙක ඉඳන් සංස්කෘතික දේවල් අතපත ගානවා කියලා. ඒ විදිහේ සංස්කෘතික කටයුතුවල නිරත වෙන්න තාක්ෂණය අවස්ථාමය සම්බන්ධයකුත් ගොඩනඟලා. ෆේස් බුක්, ට්විටර්, ඉමෝ, වයිබර් කියන්නේ මචං දැන් කාලේ කෙල්ලෝ කොල්ලන්ගේ ලිංගික අවයව වගේ දේවල්වලට. අනෙකාගේ සිරුර දකින්නේ නැතිව ඕන්නම් අල්ලන්නේ නැතිව ලිංගික සුරාන්තයක් ලබාදෙන්න ආදරයේ ප්‍රමෝදය ලබාදෙන්න මේ අවයව කීපයට හැකියාව ලැබිලා. ආදර රූප විපර්යාසයකට ලක්වෙලා. රෝස මල්, වෙසක් කාඩ්පත්, ලියුම් කඩදහි, ඇස් ගැහිලි, කාලකණ්ණි විදියට පරිණාමය වෙලා. මේ පරිණාමය දිරි දෙන්නේ කිසි විටෙකදී පුද්ගල ශරීරයකට අභිමුඛ නොවී තමන් විසින් නිර්මාණය කරපු ප්‍රතිරූප මඟින් සමකාලීන ආදරය නඩත්තු කළ යුතුයි කියා. (මිස්ට ඇන්ඩ් මිසිස් ස්මිත් චිත්‍රපටය බලපල්ලා මචං)

එවැනි ප්‍රතිරූපයක් මඟින් මැවෙන ආදරය කියන්නේ ඉතා ඉක්මනින් අතහැරදැමිය හැකි යමක්. “මං මගේ පාඩුවේ, ඔයා එයාගේ පාඩුවේ.” මේ තත්ත්වය දුරදිග ඇදීම කියන්නේ සමකාලීන මිනිස්සු මේ මොඩලයේ ආදරය තමයි හොඳම ආදරය කියලා වරනඟන්න ගන්න එක. මචං කෙල්ලො කොල්ලො මරා ගන්නවා. කොල්ලො කොල්ලන්ව මරල දානවා. අර විදියට හිතන පතන සංකල්ප ගතවුණු මිනිස්සු එහෙම දේවල් වෙද්දි අහක බලාගන්නවා. එහෙම නැත්නම් තමන්ව නිෂ්පාදනය කරපු තාක්ෂණික ක්‍රියාවලිය ඇතුළටම රිංගා ගන්නවා. බල්ලො විතරක් බුරනවා.. කොහෙද මචං අද දම්මිලා සුගත්ලා. හැමෝම ආදරය පිටදාගෙන සමාජයේ මම ජීවත්වෙනවා කියන එක කියන්න මාර ට්‍රයි එකක් දෙනවා. ඒක තමයි ඇත්ත

අනේ දස්කොන් නොදුටු මාතර..... මොනරාගල...