27

කොළඹ

නවතම පුවත්

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019

පළාත් කිහිපයකට මි.මී.100ක පමණ තද වැසි

09:00 AM May 22 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

නුවර කලාවියේ පිහිටි රත්වත්තේ පරපුරේ දුනුමඬලාව වලව්වේ කතාව

පාරදිගේ

මඩාටුගම’ටවුන් ආරච්චි (Peace Officer) මහත්තයා ලොකු කුමාරිව දීග ගෙනාවේ වීදුරු දැමූ පෙට්ටි කරත්තයෙනි. අෑ එනවිට අතට පයට වැඩ කාරයන් දෙදෙනෙක් කැටුව පැමිණියාය. එකෙක් උක්කුවාය. අනෙකා ටිකිරිය. එක දිගට දින පහක් දුනුමඬලාව වලව්වේ මඟුල් අසිරිය. පසුව ඇය එම වලව්වේම දරුවන් එකොළොස් දෙනකු බිහි කළාය. අවසානයේ මේ ලොකු කුමාරිහාමිට සිද්ධ වුණේ දීග පැමිණි වලව්ව අතහැර දමන්නටය. කුමාරිහාමි මියයන තුරුම ආයේ කිසිම දිනක දුනුමඬලාව වලව්ව දෙස ඇස් ඇර හෝ බැලුවේවත් නැත. එයට හේතුවක් ඇත. එය දිග කතාවකි. 

දුනුමඬලාව වලව්වේ අයිතිය තිබුණේ රත්වත්තේ පරපුරටය. මෙම පරපුර මාතලෙන් පැමිණ කලාවැව අසල පදිංචි වුණ ප්‍රභූ පිරිසකි. කලාගම් පළාතේ රටේ මහත්තයා තනතුර දැරුවේ රත්වත්තේ පරපුරය. 1878 වර්ෂයේ එන්.ඩබ්ලිව්.ලොකු බණ්ඩා කලාගම් පළාතේ රටේ මහත්තයා තනතුර දැරීය. 1892 වර්ෂය වන විට එම පළාතේ රටේ මහත්තයා තනතුර දැරුවේ ‘ඩිංගිරි බණ්ඩා’ රත්වත්තේ මහත්තයාය. (නුවර කලාවිය’ උක්කු බණ්ඩා කරුණානන්ද 1815-1900) 

නුවර කලාවියේ පිහිටි දුනුමඬලාව වලව්ව පිහිටි ගම අයත් වුණේ දකුණු කොට්ඨාසයේ කලාගම් පළාතටයි. කෝරලය කිරලව කෝරලයයි. රටේ මහත්තයා කලාගම් පළාතේ රාජකාරි සිදු කළේ දුනුමඬලාව වලව්වේ සිටය. නුවර යාපනය ඒ නවය මාර්ගය වැටී ඇත්තේ මෙකී දුනුමඬලාව යන නාම පුවරුව හැරුණු නගරයේ තැනින් තැන දක්නට ලැබෙන දුනුමඬලාව ගම මැදිනි. මඩාටුගම විට අද වන විට නම් දුනුමඬලාව ගමක් තිබූ බවක් හඳුනා ගැනීම පවා අපහසුය. 1960 දශකයේ මහවැලි ව්‍යාපාරය පැමිණි පසු ගමේ තිබූ වැව් කුඹුරු බවට හැරවීය. දුනුමඬලාවට අයිතිව තිබූ ඉඩම් සියල්ලම මහවැලි ව්‍යාපාරයට පවරා ගැනුණි. 

ඇහැළේපොළ බණ්ඩාර ලොකු කුමාරිහාමි විවාහ වූයේ ‘රන්බණ්ඩාර රත්වත්තේ’ නම් ටවුන් ආරච්චිල සමඟය. නමුත් ටවුන් ආරච්චිලගෙ නමේ අගට ‘රත්වත්තේ කියා පටබැඳී තිබුණාට දුනුමඬලාව වලව්වේ අයිතිය නම් හිමි වූයේ නැත. ඒ රන්බණ්ඩාර ටවුන් ආරච්චිල ගන්දරවත්තේ පරපුරේ එකකු බැවිනි. ගන්දරවත්ත පරපුරේ උදවිය ජීවත් වන්නේ මේ දුනුමඬලාව ගමට ආසන්න හිඟුරුවැල්පිටිය ගමේය. 

රත්වත්තේ හා ගන්දරවත්තේ යන පරපුරවල් දෙකම නුවර කලාවියට පැමිණෙන්නේ කන්ද උඩරට ප්‍රදේශයෙනි. මෙයින් පළමුව  පැමිණ ඇත්තේ ගන්දරවත්ත පරපුරය. පසුව රත්වත්තේ උදවිය පැමිණ ඇත. ඉංගී්‍රසි පාලනය සමයේ රත්වත්තේ පවුල් ලද වරප්‍රසාද මත එම පරපුර ප්‍රබල ලෙසින් ඉදිරියට පැමිණෙයි. එය එක්තරා අයුරකින් නුවර කලාවියේ අණසක පතුරුවාගෙන සිටි ‘මහ වන්නියා’ පරපුරේ නායකත්වයට පවා අභියෝගයක් විය. 

මාතලේ සිට නුවර කලාවියට දීග පැමිණ ඇහැළේපොළ බණ්ඩාර මැණිකේ ලොකු කුමාරිහාමිට රත්වත්තේ කුරුවී කොටුව වලව්වේ උදවියගේ හිරිහැරවලට ලක්වීමට සිදු වූයේ කුමන කරුණක් නිසාදැයි කීමට අපහසුය. ටවුන් ආරච්චිල කුඩා කල සිට හැදීවැඩි ඇත්තේද දුනුමඬලාව වලව්වේය. ආරච්චිලාගේ බාල සහෝදරයා කුඩා කල සිට හැදී වැඩී ඇත්තේ කලාවැවේ රත්වත්තේ පරපුරේ උදවිය ළඟය. පසුව ඔහු ඉන්ජිනේරුවෙක් විය. ඉංගී්‍රසි ආණ්ඩු සමයේ කලාවැව ප්‍රතිසංස්කරණ කටයුතු භාරවූයේ මේ ඉන්ජිනේරුවාටය. 

ඇහැළේපොළ ලොකු කුමාරිහාමිගේ මුනුබුරන් හා මිනිබිරියන් අදටත් දුනුමඬලාව ගමේ ජීවත් වෙයි. මේ ශිලා කුමරිහාමි මිනිබිරිය කීවේ මෙවැනි කතාවකි. 

අපේ අත්තා ඉස්සර මඩාටුගම ටවුන් ආරච්චිවෙලා ඉඳලා තියෙනවා. අත්තා කසාද බැන්දේ මාතලේ ඇහැළේපොළ කුමාරිහාමි අත්තම්මා. අපි අත්තම්මා දැකලා තියෙනවා. රෑට අපිත් එක්ක නිදා ගත්තේ. අත්තම්මා හරිම ලස්සනයි. ගෙදරට අනංමනං ඇඳුම් අඳින්නේ නෑ. හැමදාම ගෙදරටත් ඔසරිය ඇන්දේ. හරිම අහිංසකයි. කකුල් එහෙම රවුමට පිහිටලා තිබුණේ. අත්තම්මාගේ කන් ලම්බකර්ණ වගේ. ඒ තරමට කන් දෙක විදලා තිබුණා. අත්තම්මා කසාද බඳින දවසේ කනේ සම්පූර්ණයෙන් පැත්තක් විදලා ආභරණ දැම්මලු. විශාල අරුංගල් දෙකක් කනට දාලා තිබුණලු. අත්තම්මා කැන්දගෙන එනවා බලන්න පාරේ දෙපැත්තේ මිනිස්සු පිරිලා හිටියලු. අත්තම්මා ඉගෙන ගෙන නෑ. එත් මැහුම් ගෙතුම් දන්නවා. මට තමයි වැඩිම ආදරේ අත්තම්මා. මාතලේ ඇහැළේපොළ අත්තම්මට නංගිලා දෙන්නෙක් ඉඳලා තියෙනවා. එක්කෙනෙක් හලංගොඩ වලව්වේ ඉඳලා තියෙනවා.

 අනික් කෙනා ඕවිල්ලේ වලව්වේ ඉඳලා තියෙනවා.   අත්තම්මා ඇහැළේපොළ ඉපදුනාට හදාගෙන තියෙන්නේ ඒ ගමේ වෙන ගෙදරක. 

මාතලේ උඩුපිහිල්ල ලේකම් වලව්වට දීග ගොස් සිටින හිල්ඩා කුමාරිහාමි ඇගේ අත්තම්මා ගැන කීවේ මෙවැනි කතාවකි. 

අත්තම්මා කසාද බඳලා දුනුමඩලාව වලව්වට තමයි අත්තා එක්කගෙන ගියේ. අත්තම්මා වලව්වට එන කාලේ රත්වත්තේ රටේ මහත්තයා ඉඳලා තියෙනවා. අත්තම්මට හම්බවුණ 

ළමයින් එකොළොස් දෙනාම හම්බවුණේ දුනුමඬලාව වලව්වේ තමයි. කලාවැවේ කුරු වී කොටුව වලව්වේ හිටියා අබේරත්න මාමා කියලා කෙනෙක්. ඒ මාමා වලව්වේ පදිංචියට ආවට පස්සේ අපේ අත්තා එක්කයි අත්තම්මා එක්කයි නිතර අඬ දබර ඇති කරගෙන තියෙනවා. ඒ වලව්වේ ඉද්දි අත්තම්මාගේ ලොකු දුවක් නැති වුණාලු. මොනවාදෝ දීලා කියලා. පස්සේ දුව නැති වුණ වේදනාවට අත්තම්මා වලව්ව අත්හැරලා තියෙනවා. ටවුන් ආරච්චි වෙලා හිටිය අපේ අත්තාට කවුදෝ වස දීලා තියෙනවා. අත්තා මැරුණේ 1940 විතර. 

අත්තම්මායි අත්තයි වලව්ව අතැරලා මඩාටුගම ටවුමේ පොඩිවට ගෙයක් හදාගෙන ජීවත් වෙලා තියෙනවා. අපිට මතකයි පොඩි කාලේ දුනුමඬලාව වලව්වට අපි යනවා. එතකොට වලව්වේ තනියම හිටියේ අබේරත්න මාමා විතරයි. අබේරත්න මාම අපිට අඬගහලා ‍ෙදාඩම් නාරං දෙනවා. අත්තම් එතකොට බනිනවා. ඔය නපුරා ඉන්න පැත්තකටවත් යන්න එපා කියලා. 

අපේ ටවුන් ආරච්චිගේ අත්තාට සහෝදරයෝ තුන්දෙනෙක් ඉඳලා තියෙනවා. අත්තා රත්වත්තේ කියලා පාවිච්චි කරලා තියෙන්නේ දුනුමඬලාව වලව්වේ හිටපු නිසා. 

අත්තාගේ අනිත් සහෝදරයා ගියා කලා වැවට. අත්තම්මා අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඇහැළේපොළෙන්. වලව්වේ හිටපු අබේරත්න රත්වත්තේ මාමා 1960 මැරුණා. දුනුමඬලාවේ වලව්වේ අයිතිය තිබුණේ කලාවැවේ වලව්වේගමේ අයට. අබේරත්න මාමා මැරුණාට පස්සේ වලව්වේගම අය කිව්වා මාමා මැරුණ හින්දා අපේ අත්තම්මා ඉන්නවානේ දැන් ඉක්මනට ඇවිල්ලා වලව්වේ පදිංචි වෙන්න කිව්වා. හැබැයි පදිංචි වෙනකොට වලව්වේ බාගයක් කඩනවා කිව්වා. ඊට පස්සේ අපේ අත්තම්මා “මේ පොඩි එවුනුත් අරගෙන ඔය නපුරා හිටපු තැනට යන්නේ නෑ” කියලා කිව්වා. පස්සේ වලව්වේ ඉන්න කෙනෙක් නෑ. අභාවයට යනවානේ කියලා වලව්වේගම අය ඇවිල්ලා දුනුමඬලාව වලව්ව කැඩුවා. සතියක් විතර වලව්ව කැඩුවා. ඉස්සර අපි වලව්වේ සෙල්ලම් කරනවා. විශාල වලව්වක්. මැද මිදුලක් තිබුණා. මිදුලේ කිඩාරම් තිබුණා. ‍ෙදාඩම් ගස් තිබුණා. කාමර දහයක් විතර වලව්වේ තිබුණා. ඔක්කොම කට්ටිය එකතුවෙලා වලව්ව කැඩුවා. එක එක්කෙනා වලව්වේ බඩු මුට්ටු ටික බෙදා ගත්තා. දැන් දුනුමඬලාව වලව්ව කියලා පේන්න වලව්වක් නෑ. 

දහනව වැනි සියවස වන විට නුවර කලා වියේ සමාජ වෙනසකට ලක්විය. එහි එක් අංගයක් වූයේද කන්ද උඩරට වලව් සමඟ කියවුණ මේ ආවාහ විවාහ සම්බන්ධයයි. එය මෙතෙක් වන්නියා කුලය දිගින් දිගටම පවත්වාගෙන පැමිණි විවාහ සම්ප්‍රදාය වෙනස් වීමකි. පසුකාලීනව වන්නියා කුලයේ ප්‍රධාන පවුලක් වුණ නුවර වැවේ බණ්ඩාර ගේ විවාහය සිදුවී ඇත්තේද ඕවිල්ලේ කුමාරිහාමි සමඟිනි. (උක්කු බණ්ඩා කරුණානන්ද නුවර කලාවිය 1815-1900) එයින් නුවර කලාවියේ සංස්කෘතියේ ගොවි කුලයෙන් කුමාරිහාමිලා බිහි වීමේ පසුබිම සැපයිණි. 

මාතලෙන් පැමිණි පවුල් දෙකක් අතර ආවාහ විවාහ සිදුවීමෙන් බිහි වූයේද කුමාරිහාමිලා හා බණ්ඩාර පරපුරක් බිහි වීමය. නුවර කලාවියේ ඉපැරණි ගම්මාන වන ගල්කිරියාගම, හල්මිල්ලෑව, දානියගම, කහල්ල, ශාස්ත්‍රවේල්ලිය, ඔළුකරඳ, මාන්කඩවල ඇඹුල් ගස්වැව යන ගම්මාන පසුකාලීනව දුනුමඬලාව වලව්වේ ඥාති ගම් බවට පත් විය. 

ඇහැළේපොළ බණ්ඩාර මැණිකේ ලොකු කුමාරිහාමිට දාව උපන් දියණියන් එකොළොස් දෙනා අතරින් එක් දියණියක් විවාහ වී ඇත්තේ ඕවිල්ලේ අලගොඩ වලව්වෙනි. තව දියණියක් කරලියද්ද විල්අමුණ වලව්වෙන්ද විවාහ වී සිට ඇත. අනුරාධපුර සංගට්ටෑව ගමෙන් දියණියක් විවාහ වී ඇත. කලාවැවේ වලව්වේ ගමටද එක් දියණියක් විවාහ වී සිට ඇත. 

ඇහැළේපොළ බණ්ඩාර මැණිකේ ලොකු කුමාරිහාමිගේ දරුවන් අතරින් මෑතක් වනතුරුම ජීවතුන් අතර සිටියේ බාල දියණියක් වන ‘අනුලා කුමාරිහාමි’ පමණි. නුවර කලාවියේ ඇහැළේපොළ පරපුරේ අවසාන පුරුක ලෙසින් සිටි ඇයද මීට මාස කිහිපයකට පෙර මියගියාය. ඒ 2018 සැප්තැම්බර් මාසයේදීය. අෑට දියණියන් අට දෙනෙක් හා එක් පුතෙකු සිටියි. ඉජිතා කුමාරිහාමි, ශිලා කුමාරිහාමි, හිල්ඩා කුමාරිහාමි, අසමා කුමාරිහාමි, සුමේධා කුමාරිහාමි, ගෝතමී කුමාරිහාමි, තුසිතා කුමාරිහාමි, මහේෂිකා කුමාරිහාමි හා සනත් සූරිය බණ්ඩාර යන දරුවන්ය. 

දුනුමඬලාව වලව්වට දීග පැමිණි බණ්ඩාර මැණිකේ ලොකු කුමාරිහාමි ඇහැළේපොළ අධිකාරම්ගේ ඥාති පරපුරට (ඇහැළේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනවිරත්න මුදියන්සේලාගේ) හෝ ශ්‍රී  වික්‍රමරාජසිංහ රජු මරා දැමූ අධිකාරම්ගේ ළමාතැනීගේ ඥාතියෙක්දැයි ‘පාරදිගේ’ අප කරුණු සොයා බැලීය. එහිදී ඇහැළේපොළ මහ නිලමේ මුරිසි දිවයිනේ රාජ්‍ය සිරකරුවකුව සිටි සමයේ පරපුර හා දේපළ සම්බන්ධයෙන් එවන ලද දැනට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කර ඇති ලිපි හා ඇහැළේපොළගේ පෙළපත ගැන ලියැවී ඇති කරුණු සොයා බැලුවද මෙකී බණ්ඩර මැණිකේ ගැන නම් තොරතුරක් සපයා ගැනීම අපහසු විය.