28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

සංවර්ධනයට මුවාවී වැනසෙන ගම්පහ කුඹුරු යාය

පාරදිගේ

මේ ගම්පහ නගරයේ හදවතයි. වෙනත් අයුරකින් කිවහොත් ලංකාවේ ප්‍රධානතම ජාතික පාසලක් වන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපස භූමියයි. පාසලේ ‍ෙදාරටුව අසල සිට ඉදිරිය බැලූ විට පාරෙන් එහා පස පිහිටා ඇත්තේ මහා වෙල්යායක්. මෙම මහමඟ පාරදිගේ ගමන්ගත් දෙනෝ දාහකට කලක සිට පුරන්ව ගිය මෙම වෙල්යාය ඇසට නුපුරුදු දසුනක් නොවන බවට නිසැකය. එහෙත් මේ ගෙවෙන්නේ එම දර්ශනයේ අවසාන කාල පරිච්ඡේදය විය හැකිය.

මේ මහ පොළොවට ආදරය කරන හා එම මහ පොළොව මත ගොඩනැඟී සභ්‍යත්වයට හා සංස්කෘතියට අසීමිතව බැඳුණු මිනිසුන්ගේ ජීවිත මත පතිත වූ හෙණ පාරකි. අක්කර හැට දෙකක පමණ වූ මේ වෙල්යාය එක්තරා යුගයක මෙම ජීවිත ජීවත් කරවන්නට හා පෝෂණය කරවන්නට ඇත. එහෙත් අවාසනාවකට මෙන් ඔවුන්ටම තමන් ජීවත් කරවූ මේ මහා කුඹුරු යායේ ඛේදාන්තය  දකින නෙත්වල හිමිකරුවන් වීමට තරම් අවාසනාවන්තයන් බවට පත්වීමට සිදුව ඇත.

ගම්පහ නගරය අද ලංකාවේ ප්‍රධානතම නාගරික ජනාවාසයක් වුවද එයද එක්තරා කලක පමණක් නොව වර්තමානයේද නිල්ල නිලන කුඹුරු යායක උරුමකම් කී සශ්‍රීික භූමිභාගයකි. ඉන් එක් ප්‍රධාන කුඹුරු යායක් වන්නේ ඉහත කී ඉහළගම පාර, සඳරැස් මාවත ආදී ප්‍රදේශ හරහා වැටී ඇති අක්කර හැටදෙකක භූමිභාගයයි. අද වන විට මේ වෙල්යායට “සංවර්ධනයේ කණකොකා” හැ¾ඩීම ඇරැඹී ඇත.

මෙම කුඹුරු යායේ අතීතය ඉතා සශ්‍රීක කරලින් බර අස්වැන්න පිරි වෙල්යායක රූපයක් වුවද එය මෑත භාගයේ පැවැතියේ පුරන්ව ගිය වෙල් යායක් ලෙසිණි. කෙසේ වෙතත් මීට වසර නවයකට පමණ පෙර එය එවකට පළාත් සභා මන්ත්‍රිවරයකුගේ මැදිහත්වීම මත නැවත අස්වැද්දීම ඇරැඹිණි. නමුත් එම මන්ත්‍රිවරයාගේ යුගය අවසන් වීම හා ඔහු දේශපාලනයෙන් ඉවත්ව යෑම මත එම කටයුත්ත උපන්ගෙයිම මරණයට පත්වී නැවත පුරන් තත්ත්වයට පත්විය.

මෙම කුඹුරු යාය පිහිටා තිබෙන්නේ වාණිජ වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් සහිත භූමියකය. අනෙක් අතට ප්‍රධාන නගරයක සියලු පහසුකම් හා ප්‍රවේශයක් පමණක් නොව ලංකාවේම ඉහළ මට්ටමේ පාසල් කිහිපයක් මේ ප්‍රදේශයට ආසන්නව පිහිටා ඇත. කොටින්ම මේ ගම්පහ නගරයයි. එසේ වුවත් මේ කුඹුරු ඉඩම් ගොඩකිරීමේ හා ඉන් තම කුස පුරවා ගැනීමට තරම් නිහීන පහත් මානසිකත්වයක් මේ කුඹුරු හිමියන්ට ඇතිව නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ කුඹුරු වගා කරනු දැකීමයි.

මේ කුඹුරු යාය අයිති අය ගොඩක් ඉන්නේ පිටරටවල. තවත් අය නීතිඥයො වගේ වෘත්තිකයො. ඉතින් ඒ අයට ඕනෑ කමක් නෑ මේ කුඹුරු යාය විනාශ කරල දාන්න. සමහර අය තවමත් කුඹුරු වගා කරනවා. රට ඉන්න අයට වුණත් මේ කුඹුරු වගා කරන්න බැරිකමක් තිබුණත් එයාල වුණත් තවමත් කුඹුරු යායට ආදරෙයි. එයාලටත් ඕන මේක වගා කරනව දකින්න”යි

“මේ හඬ අවදි කරන්නේ සිසිර ජයසේකරය. පාරදිගේ අපට බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිට ඉහළගම පාර අසල හමුවන ඔහු සියනෑ ගොවි සංවිධානයේ මානව සම්පත් ලේකම්වරයාය. ජීවිතයේ දිගු වයසක් ගෙවා නැතිද  විවිධ මට්ටම්වල ක්‍රියාකාරී වූ සමාජ ක්‍රියාකාරිකයකු වූ ‍ෙදාම්පේ සිසිර ජයසේකරගේ එක් පාදයක් දණහිසේ පහළ කොටස අනතුරක් හේතුවෙන් අහිමිව ගොස් ඇත. ඔහු අද ද මහ පොළොව සමඟ ඇති බැඳීම අතහැර දමා නැත. ඔහු අදටත් මහ පොළොවට ආදරය කරන අතරම ඒ වෙනුවෙන් වූ තම මෙහෙය ඉටු කිරීමට සූදානම්ය.

සියනෑ ගොවි සංවිධානය මෙම කුඹුරු යාය සමඟ අපූරු වැඩක් අරඹයි. එහි ප්‍රතිඵලයක් වන්නේ මෙම  කුඹුරු හිමියන් හා සියනෑ ගොවි සංවිධානය අතර වන එකඟතාවයි. ඊට අනුව මෙම කුඹුරු යාය වසර පහක කාලයක් වගා කිරීමට ගොවි සංවිධානයට අවස්ථාව උදාවේ. ඉන් වසර තුනකදී සම්පූර්ණ අස්වැන්න ගොවියාට හිමි වන අතර අනෙක් වසර දෙක තුළදී අස්වැන්නෙන් හතරෙන් එකක් කුඹුරු හිමියාට දිය යුතුය.

වගා කෙරෙන්නේ කෘෂි රසායනිකවලින් තොර කාබනික වී වගාවකි. සියනෑ ගොවි සංවිධානය සතුව දේශීය බීජ ප්‍රභේද පිළිබඳ පර්යේෂණයන් හා ඒ සමඟ බැඳුණු සාම්ප්‍රදායික දේශීය හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ හා එය මතු පරපුරට දායාද කරවීමේ පොහොසත් පරමාර්ථය ඇත.

එහෙත් මේ සියල්ල අතර තවත් න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වේ. ඒ මෙම වෙල්යය ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමේ රජයේ ව්‍යාපෘතියයි. ඒ අනුව මේ ප්‍රදේශය ආශ්‍රිතව වැවක්  හා ව්‍යායාම මංතීරුවක් ඉදිකිරීමට යෝජිතය. පුදුමයකට මෙන් මෙම වැව ඉදිවන්නේ මෙම කුඹුරු යායට අවශ්‍ය ජලය ලබාගැනීමට නොවේ.

මෙම ඉදිකිරීමට යෝජිත වැව ඉදිවන්නේ නගර අලංකරණය යන  අරමුණ ඉදිරියට දමා ගනිමිනි. මෙම ජලාශය නොවන්නට ගොවීන් කියන පරිදි මේ වළ වටා ඉදිකෙරෙන ව්‍යායාම මංතීරුවක් මඟින් ප්‍රදේශවාසීන් ව්‍යායාම අවශ්‍යතා සපුරාදීමට උත්සාහ කරන්නේ දැනටමත් ගම්පහ ඔරුතොට පාරේ එවැනි ව්‍යායාම මංතීරුවක් තිබියදීය.

එහෙත් එක් ව්‍යායාම මංතීරුවක් තිබූ පමණින් තවත් එකක් ඉදිකිරීම නුසුදුසුය යන්න තර්කයක් නොවිය හැකිය. ව්‍යායාම මංතීරු හෝ නගර අලංකරන වැව් එකක් දෙකක් නොවන සියයක් වුවද ඉදි වූවාට එහි ගැටලුවක් නැත. එසේ වුවද එය විය යුත්තේ සංවර්ධනයේ මූලික අරමුණුවලට හානියක් නොවන අයුරිනි.

මේ වැව තැනෙන්නේ සියත උයන නම් ව්‍යාපෘතිය යටතේය. එහි අරමුණ ව්‍යායාම මංතීරුවක් හා සමඟ සංචාරකයන්ට වඩාත් සුව පහසු හා විවේකී පරිසරයක් නිර්මාණය කිරීම ලෙස දක්වා තිබේ. එහෙත් එම අරමුණු කොතෙක් දුරට ඉටුවේ යැයි සිතීම ප්‍රශ්නාර්ථයකි. 

“වැවක් කියන්නේ ඉහළ තියෙන වතුර පහළට අරගෙන යන්නනේ. මෙතැන තියෙන්නේ ගොඩක් පහළ තැනක්. එතකොට තව පරණ වැව් කීපයක්ම මේ අවට ඉහළින් ඉස්සර තිබුණා. මේ වැව හදන්නේ පහළ නිසා වතුර එකතු වෙනවා. ඒත් ඒ වතුර එකතු වෙලා පිරුණාට පස්සේ මොකද වෙන්නෙ? මුළු පළාතම යටවෙන එක තමයි වෙන්නේ.

සිසිර ජයසේකර කියයි. කොහොමටත් අද වන විට ගම්පහ යනු පොඩි වතුරකටත් යටවන ඒ සමඟම ගංවතුර ආධාර බෙදා දීමට සිදුවන ඛේදවාචකයට මුහුණ දී සිටින ප්‍රදේශයකි. යම් හෙයකින් සිසිර කී ආකාරයේ මහා ඛේදවාචකයක් වුවහොත් ඒ සමඟ ගම්පහ නගරයේ ගංවතුර තත්ත්වය දිනක මහා අර්බුදයක් වනු ඇත. ඊට හේතුව අවට සියලු ප්‍රදේශවල එක්රැස් වන ජලය මෙම වැවට එකතු වීමෙන් පසු එය පිටාර ගැලීමේ තත්ත්වයක් අධික ජල ගැල්මක් සමඟ පහසුවෙන්ම සිදුවිය හැකි බැවිනි.

අනෙක් අතට මෙම වැව ඉදිවන්නේ නිසරු හෝ වගා කළ නොහැකි කුඹුරු යායක නොවේ. යම් යම් හේතු මත වගාව අතහැර දමා තිබුණද අද වන විට සියනෑ ගොවි සංවිධානය එම කුඹුරු යාය වගා කිරීමට සූදානමින් සිටී. මේ සැබැවින්ම කලෙක ඉතා සරු අස්වැන්නක් ලබාදුන් බිමක් මෙන්ම අදටත් කාබනික පොහොර මත පදනම් වූ දේශීය වී ප්‍රභේද වගාවක් සිදු කෙරෙන භූමියකි. යම් හෙයකින් මේ නව වැව ඉදිකිරීමෙන් පසු එම වගාවටද හානි සිදුවීමට ඉඩ ඇත.

“කුඹුරු යාය ඉහළින් තියෙද්දී වැව පහළින් තියෙන්නේ. ඒ නිසා මේ වැවේ වතුරෙන් බිංදුවකවත් ප්‍රයෝජනයක් කුඹුරු යායට ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට මේ වැව ඉතිරුවොත් කුඹුරු යාය යට වෙලා විනාශ වෙන එකනම් අනිවාර්යයෙන්ම වෙනවා.”

මේ ගම්පහ ඉහළගම ප්‍රදේශයේ පුද්ගලයකුගේ මුවින් පිටවූ අදහසක්. ඔවුන්ට අනුව මේ කුඹුරු යායේ මෙම සංවර්ධන ව්‍යාපෘතියට යටවන කොටස් පවරා ගැනෙන්නේ පර්චසයක් රුපියල් හත් දහසක් වැනි මුදලකටය. එම මුදල සැබැවින්ම ඔවුන්ට කිසිදු වටිනාකමක් නෑ. කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය රජය මැදිහත්ව සිදු කොරන්නක් නිසා ඊට එරෙහි වීමට තරම් මොවුන්ට ශක්තියක් නැත. එම තත්ත්වය යටතේ හෝ මෙම වැඩපිළිවෙළට එරෙහිව ප්‍රදේශවාසී ගොවීන්ගේ හා ඉඩම් හිමියන්ගේ පිබිදීමක් මතුව තිබේ.

නාගරික කුඹුරු ඉඩම් සුරැකීමේ ව්‍යාපාරය බිහිවන්නේ මෙම පරිසරය යටතේය. ඔවුන්ගේද අදහස වන්නේ මේ වන විට නාගරික ප්‍රදේශවල පුරන්ව ගිය කුඹුරු  යායවල් පුරන් වීමට හැරීම හා මේ ආකාරයට ඵලදායී නොවන පරිසරයට හානිකර සංවර්ධන ව්‍යාපෘතීන්ට ගොදුරු කර ගැනීමෙන් වළක්වා ගැනීමට නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් ගොඩනැඟිය යුතු බවයි. විශේෂයෙන්ම මේ නාගරික කුඹුරු  බිම්වල ඛේදවාචකය රටේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකිය. නව පරම්පරාවන්හි ආකල්ප හා ඔවුන්ගේ කාර්ය බහුලත්වය ආදී හේතු සාධක මත මේ ආකාරයට කුඹුරු පුරන්වී යෑම සිදුවන අතර අනෙක් අතට මේ කුඹුරුවල කොටසක් ගොඩ කිරීම්වලට ලක්ව ඇත. නමුත් ගම්පහ කුඹුරු ආශ්‍රිත ගැටලුව ලෙස සිදුව ඇත්තේ කුඹුරු හිමියන්ට කුඹුරු රැකගැනීමට අවශ්‍ය වන විටදීම ඔවුන් හා කුඹුරු මත පටවන ඊනියා සංවර්ධනයක් මඟින් මේ කුඹුරු ඉඩම් ටික මංකොල්ලකරණයට ලක්වීමයි.

රටක ජනතාවගේ විනෝදාස්වාදය උදෙසා වූ යම් යම් ඉදිකිරීම් පැවතීම ඔවුන්ගේ මානසික  සෞඛ්‍ය උදෙසා ඉතා වැදගත්ය. එමෙන්ම තෘප්තිමත් ජනතාවකගේ වැඩිපුර ඇති මේදය දහනය කිරීමට ව්‍යායාම මංතීරු හා එබඳු ඉදිකිරීම් අවශ්‍යය. නමුත් ඒ අතර ඉතා වැදගත් වන්නේ හිත පිරීමටත් ගත මේදය වැඩීමටත් අවශ්‍ය මූලිකම දේ කුස පිරීම යන්නයි. කුස පිරීමට නම් රටක කෘෂිකර්මාන්තය රැකිය යුතුය.

රටක ආර්ථිකය විනාශ කිරීම විවිධ මුහුණුවරින් සිදුවිය හැකිය. ඉන් එකක් වන්නේ එය එක්වරම විනාශකාරී මුහුණුවරකින් පැමිණ විනාශ කර දැමීමයි. එහෙත් ඊට වඩා සූක්‍ෂ්ම හා භයානක ක්‍රමය වන්නේ ඉතා අහිංසක හා ආදරණීය සංවර්ධනාත්මක  මුහුණුවරක් හා ආර්ථික ප්‍රමුඛතා පටලවාලීමයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මුලින්ම අවධානය යොමු කළ යුතු ආර්ථිකය තුළ ඇති අංග යටපත්ව ගොස් ඒ වෙනුවට වෙනත් අංග හා අංශ මතුපිටට පැමිණීමයි. එමඟින් අවසානයේ සිදුවන්නේ සංවර්ධන ප්‍රමුඛතා පැටලී  උඩට උඩු වියන් බැඳ පයට පාවඩ  දමා අප හෙලුවෙන් සිටින සමාජ හා ආර්ථික ක්‍රමයක් නිර්මාණය වීමයි.

වගීෂ කරුණානායක