28

කොළඹ

වැල්ලවාය බෝගහපතල රක්ෂිතයේ විශාල ගින්නක්- අක්කර 50ක් පමණ විනාශ වෙලා

වැල්ලවාය බෝගහ්පතන මිරිස් ඇටහෙල කඳු රක්ෂිතයේ ඊයේ (23) දහවල් ග

09:07 AM May 24 2019

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

රටේ නීතිය පසෙක දමා මැර බලයෙන් වතු පාලනයට සැරසෙන තලවර්ලා

පාරදිගේ

වතු කම්කරුවන් දිනෙක වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කර දෙන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණ පැවැත්විය. එහි ප්‍රතිඵලයක් ලෙසට දිනකට රුපියල් 750ක් සහ වැඩිපුර කඩන තේ දලු කිලෝ එකකට රුපියල් 40ක් ගෙවීමට වතු හාම්පුතුන් එකඟ විය. 

එහෙත් තේ වතු ආශ්‍රිත කම්කරුවන් විඳින දුක හමුවේ එම මුදල මදි යැයි කියමින් දිගින් දිගටම කරන උද්ඝෝෂණ නැවැත්තුවේ නැත. පසුගිය දිනෙක සාමිමලේ ප්‍රදේශයට ගිය අපට මෙහි ඇතුළාන්තය සොයා ගැනීමට හැකිවිය. 

වතු කම්කරුවන් රැකියාව කරන්නේ වතුයායක වුවත් ඔවුන්ගේ පාලන කටයුතු සිදුකරන්නේ වෘත්තීය සමිති විසිනි. වෘත්තීය සමිති හරහා වතුවලට සහ වතු කම්කරුවන් වෙත එල්ල කරන බලපෑම හමුවේ තිරය පිටුපස බොහෝ දේ සිදුවෙයි. 

සාමාන්‍යයෙන් තේ වතුවල උදේ අටට වැඩ ආරම්භය සිදුවෙයි. උදේ 7.30 වන විට රාජකාරිය ආරම්භ කළ යුතු වුවත් 8.15-8.30 අතර මේ අය වැඩට එති. උදේ 8.30ට වැඩට එන පිරිමි අයෙක් වැඩ මුරය 12 වෙද්දී ඉවර කරයි. දලු කඩන්නේ නම් 1ට වැඩ ඉවර කරයි. උදේ 8.30ට වැඩ අරඹන ගැහැනු අය සවස 1 වන තෙක් තේ දලු කඩති. 1ට දිවා ආහාරය සඳහා යන මේ අය නැවැත 2ට වැඩට එති. 

එලෙස වැඩට එන ගැහැනු අය දිනකට තමන්ට කැඩීමට නියමිත තේ දලු කිලෝ 18 කඩා අමතරව තවත් කිලෝ 2-3ක් හෝ 5-6ක් කඩයි. නමුත් පිරිමි අය 12ට හෝ 1ට වැඩ ඉවර කළ පසු නැවත වැඩට එන්නේ නැත. එහෙත් මේ පිරිමි කම්කරුවන්ට දිනෙක වැටුප වූ රුපියල් 750ක් ගෙවිය යුතුය. දිනකට පැය 8ක් වැඩ කිරීමට නියමිත වුවත් පිරිමි අය දිනකට පැය 4කි ඔවුන් වැඩ කර කඩන්නේ තේ දලු කිලෝ 4 හෝ 5කි. නමුත් ගැහැනු අය පැය 8ට නියමිත දලු ප්‍රමාණයට කඩා ඉවර කරති. ඉන්පසු වැඩිපුර දලුද කඩයි. 

පිරිමි අය එසේ නොකර පැය 4-5ක් වැඩ කර දවසේ පඩිය ගනිති. ඉන්පසු මේ අය වෙනත් නමකින් පෙනී සිටිමින් එම වත්තේම පොහොර දැමීමට, වල් ගැලවීමේ කාර්යයේ නිරත වෙයි. එසේ නිරත වී එතැනින්ද දිනක වැටුප වන රුපියල් 750ක් ලබා ගනී. 

නමුත් වැස්සේ තෙමෙමින් කූඩැල්ලන් එල්ලා ගනිමින් කිලෝමීටර 12-15ක් දිනකට පයින් යමින් ඉතා දුෂ්කර කාර්යයක් කරන කාන්තාවට පිරිමියාගේ නීතිය බලපා නැත. ඔවුන් දිනක් හෝ පිරිමි අය මෙන් වැඩ කළොත් ඊළඟ දිනයේ වැඩ නැත. ඒ නිසා මොන දුක වින්දත්  ඔවුන් වැඩට එති. 

මේ සිදුවන දේ වතු හාම්පුතුන්ද දනී. එහෙත් වතු කම්කරුවන් කරන මේ වැඩේට ඔවුන් විරෝධයක් දක්වන්නේ නැත. ඊට හේතුව වී තිබෙන්නේ මේ අයට විරුද්ධ වුවහොත් වෘත්තීය සමිති හරහා වත්තට බලපෑම් වන හෙයිනි. එවිට වත්තේ වැඩ කිරීමට නොහැකිව පාඩු ලැබීමය. එහෙම පාඩුවක් වෙනවා වෙනුවට එකම සේවකයාට වැටුප් දෙකක් දී හෝ මේ වැඩේ කිරීමට වතු හාම්පුතුන්ට සිදුවී තිබේ. 

දිනක වැටුප රුපියල් 750 ලබාදීම ගැහැනු පිරිමි භේදයකින් තොරව සිදු කරයි. ගැහැනු අය වැඩිපුර වැඩ කළොත් දලු කිලෝ එකකට රුපියල් 40ක් ගෙවයි. තේ දලු නෙළන ගැහැනු අය දිනකට දලු ඇත්නම් දලු කිලෝ 98ක් පමණ කඩති. එවිට ඔවුන් දිනකට රුපියල් 4000ක් පමණ උපයති. රුපියල් 750 බැගින් මාසයක්ම වැඩ කළොත් රුපියල් 22,500ක වැටුපක් ගත හැකිය. අමතර දලු කඩා දිනකට කිලෝ 98ක් පමණ නෙළාගත් විට දිනකට රුපියල් 3950-4000ක මුදලක් උපයා ගනී. එවිට මාසයකට වැඩ කළොත් රුපියල් 100,000 - 120,000ක පමණ මුදලක් උපයා ගත හැකිය. 

මේ අය දලු අඩු කාලයට රුපියල් 40,000 - 50,000ක මුදලක් උපයා ගනී. සමහර විටෙක රුපියල් 30,000ක ආදායමක් උපයා ගන්නා අවස්ථාද තිබේ. වතු කම්කරු පවුලක 3-4 දෙනෙක් වත්තේ වැඩ කරති. අඩුම තරමේ මාසයකට රුපියල් 90,000- 120,000ක් අතර මුදලක් මේ අය උපයති. 

එහෙත් මේ අය උපයන ආදායම නිසි කළමනාකරණයක් කර ගැනීමට නොහැකි වීමෙන් බරපතළ ගැටලු රැසක් මතුව තිබේ. ඊට හේතු රැසකි. ප්‍රධාන හේතුව නූගත්කමය. එසේම උපයන ආදායමින් 2/3කට ආසන්න ප්‍රමාණයක් මත්පැන්වලට වියදම් කරති. කාන්තාවන් දිනකට මත්පැන් සඳහා රුපියල් 1000කට වඩා වියදම් කරයි. පිරිමි අයද එසේමය. මීට අමතරව වත්තෙන් ලබාදෙන ණය සියල්ල ලබාගනී. වැටුපෙන් 2/3ක් මත්පැන්වලටත් ඉතිරි මුදල ණය වාරිකවලට කැපුණු පසු මේ අයට ඉතිරි වන මුදලක් නැත. එසේම වත්තට එන සියලු බඩු, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු සියලු දේ ගෙවීමේ පදනම මත ලබා ගනී. 

වත්තේ වැඩට යන මව, පියා, පුතා, දුව මේ අය හැමෝම මේ ආකාරයට ණය වී සිටිති. සාමාන්‍යයෙන් තේ වතුවලින් ණය ලබා දෙන්නේ ආපසු ගැනීමේ පදනම මතය. එහෙත් මස්කෙලිය වැවිලි සමාගමෙන් රුපියල් 10,000ක ණයක් ලබාදෙන්නේ නැවත අයකර ගැනීමට නොවේ. මාසික වැටුප් 20,000ක් ගන්න අයෙක් 30,000ක් මාසයකට ගෙවන විදියට ණය කිහිපයක් ලබාගනී. මේ නිසා මේ අය හැමදාම දරිද්‍රතාවෙන් පෙළෙති. ඉන් ගැලවීමටද මඟක් සොයන්නේ නැත. හම්බ කරන මුදලින් වාහනයක් මිලදී ගෙන යතුරුපැදියක් මිලදී ගෙන ජීවත්වන අයද වෙති. ඔවුන් තමන් හම්බ කරන මුදල නිසි ලෙස පරිහරණය සඳහා යොදා ගනී. 

එසේම වතු කම්කරුවන්ගේ මුදල් ගසා කන තව ක්‍රමයක් තිබේ. ඒ වත්තේ සිටින තලවර්ලාය. තලවර් යනු වතු වෘත්තීය සමිතිය නියෝජනය කරන කෙනාය. 

සමහර විටෙක තලවර් තනතුර ලබා දෙන්නේ වත්තේ සිටින චණ්ඩියාටය. කපටිකමෙන් තග දමා මිනිස්සු බය කර වත්තේ පාලනය අතට ගෙන සිටින්නේ තලවර්ලාය. සාමාන්‍යයෙන් වත්තක පරිපාලනයට බාධා කරමින් වත්තෙන්ද මේ අය කප්පම් ඉල්ලති. එලෙස මුදල් නොදුන් විට වත්තේ පාලනය කණපිට හැරේ. 

උදේ 7.30ට දෙවියන් වැඳ කිසිදු ගැටුමක් හෝ කරදරයක් නොමැතිව වැඩ කරන බවට එන වතු කම්කරුවන් 9.00 පමණ වන විට පරුෂ වචන කියාගෙන බැන ගැනීමට පටන් ගන්නේ ක්‍ෂණිකවය. මේ අයට රටේ ලෝකේ මොනවා වුණත් කමක් නැත. අවුරුද්දේ සෑම දිනකම අවශ්‍ය වන්නේ වැඩය. මැයි 1දා වැඩ නොදුන්නොත් වතුයායේ කම්කරුවන් හාම්පුතුන් සමඟ ගැටුමකට පවා යෑමට උත්සාහ කරයි. මැයි 1දාට වැඩ නොකළත් වැටුප ලැබෙන බව කීවත් පලක් නැත. වැඩ ඕන කියා ඉල්ලූ විට නොලැබුණ විට කම්කරුවන් තලවර් සොයාගෙන යයි. එවිට තලවර් වැජඹෙයි. ඔහු එන්නේ වත්තේ අයට වැඩ නොදෙන හේතුව සොයාගෙනයි. එදින මැයි 1දා කියා හෝ තලවර්ට තේරුමක් නැත. 

වත්තට හෝ වත්තේ හාම්පුතුන්ට මේ අය පාලනය කිරීම අපහසුය. තේ දලු නෙළන විට දල්ලට උඩින් එක වල් පැළයක් වැවී තිබුණත් ගලවන්නේ නැත. එසේම වතු කම්කරුවන්ගේ නිවාසවල ඉදිරිපිට ඇති වල් ගහක්වත් ඒ අය ගලවා ගන්නේ නැත. එසේ ගැලවීමට එපා කියා තලවර් නීති දමයි. එම වල් ගැලවීමට පවා වත්තෙන් වෙනම කම්කරුවන් දැමීම සිදුවෙයි. 

සාමාන්‍යයෙන් ලොකු තේ වත්තක එක ඩිවිෂන් එකක කම්කරුවන් 175ක් පමණ වැඩ කරයි. නමුත් ඉන් පිරිමි 60ක් පමණ වැඩ කරන්නේ පැය 4කි. එසේම එම කොටසින් මාසයකට දලු කිලෝ ලක්ෂයක් කඩා දිය යුතුයි. මාසයකදී ලක්ෂයක දලු කැඩීමට නම් දිනකට කම්කරුවන් 150ක් යෙදවිය යුතුය. නමුත් දිනකට වැඩ කරන්නේ 110ක් හෝ 115ක් පමණි. එම කම්කරුවන්ගෙන්ද 10 දෙනෙක් පමණ බංගලාවල වැඩය. වැඩ කරන සේවකයන් පාලනයට අය දමන විට ඉතිරි වන්නේ සිය දෙනෙක් පමණය. මේ අයගෙන් වැඩිපුර දලු කඩා ගැනීම වතුවල එක් උපක්‍රමයකි. 


නමට දලු කිලෝ 18ක් කැඩෙන විට දිනකට තවත් දලු කිලෝ 18ක් අතිකාල වශයෙන් කඩා ගැනීම වතු පාලකයන්ගේ එම උපක්‍රමයකි. මෙහිදී උදේ එක් නමකට දලු කඩන සේවකයා සවස තවත් නමකට දලු කඩා වැටුප් දෙකක් ගන්නා අවස්ථාද තිබේ. එලෙස වැඩ කරන පිරිමි කම්කරුවන්ට දිනකට රුපියල් 1500ක වැටුපක් ලැබෙයි. 

මස්කෙළිය වතුයාය පැත්තට පසුගිය දිනෙක ගිය අපට මේ තොරතුරු දැන ගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් වතු වැඩ ඉවර කරන කම්කරුවන් සවස 2  සිට 5-6 වනතුරු මත්පැන් විකුණන තැන්වල දැකිය හැකිය. වතුවල වැටුප් සහ අත්තිකාරම් මුදල් ලැබෙන්නේ 25දා සහ 10 වැනිදාටය. එදිනට වතුවල ගැටුම් වැඩිය. මුදල් අතේ ගැවසෙන නිසා මත්පැන් බී පිහි කැතිවලින් කපා කොටා ගෙන රණ්ඩු වෙයි. ඉන්පසු යන්නේ මස්කෙළිය පොලිසියටය. පොලිසියේදී සාධාරණය ඉටුවෙයි. තුවාල ලැබූ කෙනා ඉස්පිරිතාලෙට ඇතුළු කර නඩු දමා උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය සූදානම් වුවත් එය හරියන්නේ නැත. මත් ගතිය ඉවර වූ පසු රෝහල් ගතවූ කෙනා පොලිසියට පැමිණෙයි. අපට නඩු යන්න ඕන නැහැ. අපි සමාදාන වෙනවා යැයි ඔවුහු කියති. එතැනින් වැඩේ ඉවරය. 

වෘත්තීය සමිති නියෝජනය කරන තලවර්ලා කම්කරුවන් අතර සිදුවන ගැටුම් විසඳීමට නීතියේ පිහිට පතන්නට ඉඩ දෙන්නේ නැත. පොලිසිවලට යනවාට ඔවුන් විරුද්ධය. ඔවුන්ට ඕන රණ්ඩු වූ දෙපාර්ශ්වය තම පදේට නටවා ගැනීමටය. සමහර විටෙක පිහියෙන් කපපු කෙනා උසාවි නොගොස් බේරා දෙන බවට පොරොන්දු වී ඔහුගෙනුත් රුපියල් 4000ක් පමණ ගනිති. පිහි ඇනුම් කෑ පුද්ගලයාගෙන්ද මුදල් ගන්නා අවස්ථා තිබේ. අන්තිමට තලවර්ලා තම හිතවතුන් සමඟ එම මුදලින් මත්පැන් පානය කරති. වෘත්තීය සමිති දෙකක් නියෝජනය කරන කම්කරුවන් දෙදෙනකුගේ රණ්ඩුවක් ඊට වෙනස්ය. එවිට තලවර්ලාට මේ ගැටුම විස¼දා ගැනීමට සිදුවන්නේ පොලිසියෙනි. 

පොලිසිය මඟින් ගැටලුව රටේ නීතියට අනුව විසඳීමට උත්සාහ කරන විට තලවර්ලා ඊට විරුද්ධය. ඔවුන්ට ඕන ගහගත්ත කෙනා හෝ පිහි ඇනුම කළ කෙනාට පොලිසිය ලවාද පහර දී නීතිය හමුවට පත් කොට සිරගත කිරීමය. එහෙත් අදාළ සිදුවීම අනුව රටේ පවතින නීතියට පොලිසිය කටයුතු කරයි. එය තලවර්ලාට මදිය. 

තවද තලවර්ලා බලවත් වීමට බලපෑ හේතු තිබේ. ඒ ප්‍රාදේශීය සභා ඡන්දයයි ඒ ඒ කොට්ඨාස නියෝජනය කරන මන්ත්‍රිවරු ලෙස පත්ව ඇත්තේද තලවර්ලාය. මේ නිසා ඔවුන්ට යම් දේශපාලන හයියක්ද තිබේ. ඒ නිසා ජනතාව තළාපෙළා ගැනීමට තලවර්ලාට හැකිය. 

වතුවල ළමයි පාසල් යනවා අඩුය. ඔවුන්ට බාහිර ලෝකයේ වෙන කිසිදු දෙයකින් පලක් නැත. වතු කම්කරුවන්ගේ එකම ඉල්ලීම දිනපතා වැඩ කිරීමය. වැඩ කළ පසු හවසට මත්පැන් බීමය. ඉන්පසු රණ්ඩුවක් පටලවා ගනී. එසේ නැත්නම් නිවෙසට ගොස් දමිළ චිත්‍රපට නැරැඹීම මේ අයගේ දෛනික ක්‍රියාවලියේ එක් කාර්යයකි. 

වතු කම්කරුවන්ට දිනපතා මත්පැන් පානය කිරීමට මුදල් නැත. ඒ සඳහාද ක්‍රමවේද තිබේ. මාසේ 25දාට හෝ 10 දාට වැටුප් හෝ අත්තිකාරම් අරගෙන මුදල් දෙන තුරු ණයට අරක්කු ලබා දෙයි. ගල් අරක්කු ගෙන එන්නේ සාමිමලේ ටවුමේ ඇති බාර්වලිනි. එලෙස ගෙන එන අරක්කු බෝතලයක් විකුණන්නේ රුපියල් 2500කටය. සෑම කෙනකුටම දිනපතා අරක්කු කාලක් භාගයක් අවශ්‍යය. එසේ නැත්නම් රා බොයි. 

මුලින් ගන්න කාල හෝ බාගය හරියට පොතේ සටහන් වෙයි. ඉන්පසු වෙරි වන පුද්ගලයා නැවත නැවත අරක්කු ඉල්ලන විට පොතේ සටහන් වෙන්නේ වැඩිපුරය. එසේ බලන විට මාසෙට රුපියල් 20,000-25,000 අතර සමහරු මත්පැන්වලට වියදම් කර ඇත. 

සමහර වතුවල පවුල් අතර ප්‍රශ්න ඇතිවෙන්නේ වැටුප් ලැබෙනදාට පමණි. ණයට මත්පැන් බිව්වත් අඬදබර නැත. නමුත් 25දා සහ 10දාට පවුල් අතර ආරවුල් ඇතිවෙයි. මත්පැන් බී යන පුද්ගලයා අසල නිවෙසට ගලක් හෝ දමා ගසයි. එවිට ගැටලු මතුවෙයි. 

එදිනට වතු පාලකයන්ටද මේ අයව පාලනය කළ නොහැකිය. එදිනට මොවුන්ගේ හයියට තලවර්ලා සිටිති. මේ දබරවලට වතු පාලකයන් අත දැමූ විට කම්කරුවෝ පිහි අමෝරාගෙන ඔවුන්ටද බලපෑම් කරති. 

මේවාට දැඩි නීති ගත්විට රස්සාව දමා මේ අය කොළඹට යති. එසේ එන අය සේවක අර්ථසාධක අරමුදලේ මුදල් පවා ලබා ගනී. නමුත් අවුරුදු 58 වන තෙක් අර්ථසාධක අරමුදල් ආපසු ගැනීමට බැරි යැයි කියා නීතිය දැමූ නිසා දැන් වතු සේවකයෝ වත්තේම රැකියාව කරමින් රැඳී සිටිති. 

එහෙත් අවසානයේ තලවර්ලා මේ අය පාලනය කරති. තලවර්ලා දැඩි බලපෑම් කරමින් වත්තෙන් දිනකට තේ කිලෝ 2-3ක කප්පම් ගන්නා අවස්ථාද තිබේ. එසේ නැත්නම් රුපියල් 2000 - 3000ක් පමණ මේ අයට වත්තෙන් ලබාදිය යුතු අවස්ථාද තිබේ. තේ වතුවල සිටින තලවර්ලා රටේ නීතිය පසෙක දමා තම නීතිය රජකරවන්නට උත්සාහ කරන්නේ ඔවුන්ට ලැබෙන වරප්‍රසාද වෙනුවෙනි. 

වතුවල ඇති ප්‍රශ්න පොලිසියට නොකියන අවස්ථාද තිබේ. ඊට බලපා තිබෙන්නේ තලවර්ලාගේ බලපෑමය. වතුවල ඇත්තේ ඉන්දියානු ආභාෂය සහිත සංස්කෘතියක යැයි කීවොත් වැරැදි නැත. මේ අය හැටන් එහාට ගොස් නැත. ඉන් එහාට සමාජයක් දැක නැත. මොවුන් වෙන දෙයක් දන්නේ නැත. මේ ගැටලුවලට ප්‍රධාන හේතුව එයයි. වතුකම්කරුවන්ගේ නූගත්කම නිසා මේ ගැටලුවලට ඔවුන් ගොදුරු වී තිබේ. 

ඉන්දීය චිත්‍රපටවල මෙන් තමන්ගේ ගැටලුවලට විසඳුමක් ඇතැයි කියන මතයේ මේ අය සිටිති. වත්තෙන් මේ කම්කරුවන්ට තේ, සීනි, පිටි ලබා දෙයි. අලුතින් ළමයි ලැබුණු විට මුදල් ලබාදෙයි. වෛද්‍ය පහසුකම්ද ලැබෙයි. හාල් පිටි ලබාදෙයි. නමුත් වතු කම්කරුවන්ට හාල් සහ පිටි ලබාදුන්නේ ණයටය. මේ අය ණය වැඩි නිසා සීනි, කිරිපිටි, හාල්, පාන්පිටි ණයට ලබාදීම නවතා ඇත. 

නමුත් මැයි මාසයේ සිට මස්කෙළිය වතුයායේ වයස අවුරුදු 1-5 ළමයින්ට කිරිපිටි ගැනීමට රුපියල් 300ක් ලබාදීමටද බලාපොරොත්තු වෙයි. මරණයකදී වළ කැපීමට කම්කරුවන් 4ක් ලබාදෙයි. සුබසාධක සංගමයේ මුදල්වලට අමතරව පෙට්ටිය ගැනීමට රුපියල් 4000ක් ලබාදෙයි. ප්‍රවාහනය සඳහා ලොරි ලබාදෙයි. දර යාර මීටර් 1ක් ලබාදෙන්නේ මිනිය පිච්චීම සඳහාය. 

නිවාසවල වහලවල තහඩු හෝ ෂීට් ලබාදීම, ඒවා සවිකර ගැනීමට කම්කරුවන් ලබා දෙයි. එසේම වත්තේ කෝවිලේ පූජාව වෙනුවෙන් ට්‍රැක්ටරයක් දින තුනක් නොමිලේ ලබාදෙයි. කෝවිලට අවශ්‍ය දේ ගැනීමට රුපියල් 50,000ක් පමණ වත්තෙන් ලබා දෙයි. අවශ්‍ය බඩුද ලබාදෙයි. කම්කරුවන්ගෙන් පෞද්ගලිකව රුපියල් 2000ක් කෝවිලේ පූජාව සඳහා අය කරගනී. 

කෝවිලේ උත්සවය වෙනුවෙන් කියා රුපියල් ලක්ෂ 15ක් පමණ කෝවිලේ මුදල් කමිටුව එකතු කරගනී. දෙවියන් ඇදහීමට කියා මේ කමිටුවේ අය කම්කරු ජනතාවගෙන් බලෙන් මුදල් එකතු කරගනී. මේ ආකාරයට එකතුවන රුපියල් ලක්ෂ 15ම වියදම් කරන්නේ බීමටය. පපර බෑන්ඩ් ගසා විනෝද වීමට රුපියල් එක් ලක්ෂ අසූ දාහක් පමණ ගෙවීමට සිදුවෙයි. දෙවියන් ඇදහීමට කියා සෑම වසරකම පාහේ මේ ආකාරයට පූජාවල් තුනක් වෙනුවෙන් වරින් වර මුදල් ගනී. 

තමන් හම්බ කරන මුදල හරි හැටි පාලනයක් කර ගැනීමට නොහැකි මේ කම්කරුවන් සියලු මුදල් විනාශ කර ගනිති. කෝවිල් කමිටුව වියදම් නිසි ලෙස පෙන්වන්නේද නැත. 

එක් පැත්තකින් බලන කල මේ කම්කරුවන්ගේ ජීවිත ගැන ඇති වෙන්නේ දුකකි. එහෙත් මේ ජනතාව රවටාගෙන කෝවිල් කමිටු, තලවර්ලා මත්පැන් දෙන අය මුදල් සූරාගෙන කති. වත්තෙන් ලැබෙන ආදායම නිසි ලෙස පාලනය කර ගැනීමට මේ අයට හැකි නම් මේ ජීවිතවලට වටිනාකමක් ලැබෙනු ඇත. නමුත් තලවර්ලා එවැනි තැනකට පත්වෙන්න ඉඩ දෙන්නේ නැත. ඇත්තෙන්ම එය කනගාටුවට කරුණකි. වතු වෘත්තීය සමිති මඟින් යොදවා ඇති තලවර්ලාගේ නීතියෙන් තමන්ගේ ජීවිතය සුඛිත මුදිත වන බව සිතන මේ කම්කරුවන්ට ඔවුන්ගෙන් තොර ලෝකයක්ද නැත.