28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

ඓතිහාසික තොරතුරු තවමත් වැළලී ඇති සෝණ ගිරිලෙන් ආරණ්‍යය

පාරදිගේ

යටියන්තොට බුලත්කොහුපිටිය ප්‍රදේශයේ තවමත් සැඟවුණු ඓතිහාසික තොරතුරු රැසක් තිබේ. ඒ අඟුරුවැල්ලෙන් හැරී ගල්පාත පාරේ ගියවිට හමුවන සෝණ ගිරිලෙන ආරන්‍යයේය.

සෝණ නම් ප්‍රාදේශීය නායකයකු විසින් සංඝයාවහන්සේට පූජා කරන ලද එම ගිරිලෙන තවමත් කැණීම් නොකළ ඉතිහාසයක් යටපත් වෙමින් පවතින බව ගම්මු කියති. සෝණ බදු එකතු කරන්නකු ලෙස මෙම ප්‍රදේශය පාලනය කර තිබේ.

විලකන්ද, මාලිගා ගොඩැල්ල නමින් එදා හැඳින්වූ ඉඩකඩම් අද ද තිබේ. එදා බිසෝවරු ස්නානය කළ විල විලකන්ද නමින් හඳුන්වා ඇත. එම විල අද ගොඩ වී ඇත. අද එතැන ඇත්තේ වෙල්යායකි. බදු එකතු කළ සෝණ ජීවත් වී ඇත්තේද විලකන්ද ප්‍රදේශයේය.

අඟුරුවැල්ල ප්‍රදේශයේ සිට යටියන්තොට ප්‍රදේශයට යෑමට එදා උමඟක්ද තිබූ බව කියැවෙති. එසේම මේ ප්‍රදේශයේ ගන්දරවෙල නමින් ඉඩමක් අද ද තිබේ. එදා ගමට ඇතුළු වූ ‍ෙදාර තිබී ඇත්තේ එම ස්ථානයේය. විලකන්ද ගමට ඇතුළුවීමට තිබූ එම ‍ෙදාර තිබී ඇතැයි කියැවෙයි.

‍ෙදාරනුව ප්‍රදේශය වැඩි ජනාවාස වූ බවට ඉතිහාසයේ සඳහන් වෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවසේ සිටය. සීතාවක රාජ්‍ය සමයේ තිබුණු මෙම ප්‍රදේශ එදා ජන ශුන්‍ය වී තිබී ඇත. සීතාවක රාජ්‍ය පැවැති සමයේ සීතාවක රාජසිංහ රජුට ආයුධ සදා ඇත්තේ මුහුදුගමුව ගමේය. මුහුදුගමුවට එදා කියා ඇත්තේ දුනුගමුව කියාය. මුහුදුගමුව කියා පසුකාලීනව එම ප්‍රදේශය හඳුන්වා ඇත්තේ සිතාවක ගඟ පිටාර ගැලූවිට අඟුරුවැල්ල සිට කන්නන්තොට දක්වා යටවන හෙයිනි. අද ද එලෙස ගංවතුර තර්ජනයට මේ ප්‍රදේශ මුහුණ දෙයි. එලෙස ගංවතුරට දුනුගමුව යටවන නිසා මුහුදුගමුව ලෙස හඳුන්වා ඇතැයි කියැවෙයි.

දුන්න දුනු ගමුවේ

ඊතල කිතල ගමුවේ

රාල  මීගමුවේ

මුවෙක් ඇඬුවා සබරගමුවේ

කවිය ඇත්තේ එසේය. අඟුරුවැල්ල ප්‍රදේශයට වන්නට කිතලගමුව කියා ගමක් නැත. නමුත් කිතලන්ගමුව කියා ගමන් ඇත. එය ඇත්තේ අඟුරුවැල්ල ගලපිටමඩ මාර්ගයේය. කිතලන්ගමුවේ වළක් කැපූ විට අද ද ජබොර ගල් හමුවෙයි. ඒ යකඩ උණුකරපුවාය. එම දුනු හදන්න දන්න පුද්ගලයා මෙම ප්‍රදේශයට පැමිණ ඇත්තේ මීගමුවේ සිටය. එම නිසා එදා කිතලගමුව අද කිතලන්ගමුව වූවා විය හැකිය. එදා දුනු ඊතල හදපු අය යකඩ වැඩද කර ඇත. කිතලන්ගමුවත් අඟුරුවැල්ල අවටත් ජබොර ගල් හමුවීමෙන් මේ කාරණා සනාථ විය හැකි කාරණා වීමට පුළුවන.

එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් එම ඉතිහාසය ගැන සොයාගත නොහැකි වූ බව ගම්මු කියති. පුරාවිද්‍යාඥයන් පැමිණ ඇත්තේ සෝණ ගිරිලෙන් ආරණ්‍ය සේනාසනයේ ඇති ගල්ලෙනට පමණි. එහි ඇති සෙල් ලිපිය ඇති තැන පමණක් පරීක්‍ෂා කර ඇතැයි ගම්මු කියති.

සීතාවක රාජසිංහ රජුගේ පෙතන්ගොඩ උයනද පිහිටා තිබුණේ මේ ප්‍රදේශයේය. අඟුරුවැල්ල සිට ගලපිටමඩ පාරේ එම උයන පිහිටා තිබේ. සීතාවක රාජසිංහ රජුට එම උයනේදී උණ කටුවක් ඇනුණේද එම ස්ථානයෙනි. එම උණ පඳුරම අද නැතත් අද ඇත්තේ පැළෑටි දෙක තුනක් පමණි.

උණ කටුව ඇනුණු රජු ඔරුවේ තියාගෙන කරවනැල්ලට පැමිණ ඇත. එතැනදී රජු කොරවී ඇත. කොරවූ තැන කරවනැල්ල ලෙස හැදුණු බවට ජනප්‍රවාදයේ පවතියි.

අඟුරුවැල්ල ප්‍රදේශයේ එදා සිටි පරම්පරාවේ අය අද ද පැවැත එයි. නිශ්ශංක ආරච්චිලාගේ, විතාරනලාගේ, කුලතුංග විජේකෝන් මුදියන්සේලාගේ, කොරල් පෙ¾ඩිගේ පරම්පරාවක් එදා සිට ඇත. එම පරම්පරාවේ අය අද ද මේ ප්‍රදේශයේ ජීවත් වෙති. එදා මේ අයගේ රැකියාව වී ඇත්තේ හේන් ගොවිතැන හා වී ගොවිතැනයි. එසේම ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජු සන්නසක් මඟින් ලබාදුන් කුඹුරු අද ද අඟුරුවැල්ල ප්‍රදේශයේ තිබේ. පහළ ගලහිටියාව එවැනි කුඹුරු යායකි. එම කුඹුරු යාය රාජසිංහ රජු පවරා දී ඇත්තේ අය පඬුරු හෝ බදු ගැනීමකින් තොරවය.

එම කුඹුරු ලබාදීම ගැනද පැරැණි කතාවක් තිබේ. මේ කුඹුරු යාය ලබාදී ඇත්තේ යුද්ධයකදී කැපුම් තුවාලයෙන් මියගිය සෙබළෙකුගේ පවුලකටය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙනුවෙන් යුද්ධයට ගොස් ඇති මෙම සෙබළා මියගිය පසු සෙබළාගේ බිරිය දරුවන් 13කු සමඟ අඟුරුවැල්ලේ සිට මහනුවරට පයින් ගොස් ඇත. එසේ ගොස් සැමියා යුද්ධයෙන් මියගිය පසු ජීවත්වීමට ක්‍රමයක් නැතැයි රජුට පවසා ඇත. ඉන් පසු රජු මෙම ජීවත්වීම සඳහා මෙම කුඹුරුයාය තඹ සන්නසකින් සිය පරම්පරාව වෙත ලබාදී ඇති බවට එම පරම්පරාවේ අය කියති. එහිදී ලබාදුන් එක කුඹුරක් වී ලාස් 25කි. එය අක්කරවලින් ගත්විට අක්කර එකහමාරකුත් පර්චස් 10කි.

මේ ප්‍රදේශයේ සෝණ ගිරිලෙන් ආරණ්‍යයක් තිබේ. එම ආරණ්‍ය පිහිටි ගල්ලෙන අඩි 350ක් 400ක් පමණ උසින් යුක්තය. එහි කටාරන් කොටා  ඇත. එම ගල්ලෙන සෝණ නම් බදු එකතුකරන්නා විසින් සංඝයාට පූජා කළ බව සෙල් ලිපියක සඳහන් වෙයි. එදා මේ ප්‍රදේශයේ බදු එකතු කරන්නකු සිට ඇත්තේ කර්මාන්ත හා ජනාවාස තිබූ නිසා විය හැකිය. එදා එවැනි කර්මාන්ත අද කෙරෙන්නේ නැත. මේ ප්‍රදේශයේ යකඩ කර්මාන්තයේ යෙදුණු අය ක්‍රමයෙන් එම රැකියාවලින් ඉවත් වී ඇත.

ලංකාව යටත්විජිතයක් වූ පසු මෙම ප්‍රදේශයට දැඩි බලපෑමක් ඇතිවූයේ ඉංගී්‍රසීන්ගෙනි. අතීතයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට තෙල් සපයපු ගම තෙල්කුමුදුවලයි. එදා රජුට තෙල් සපයපු ගම්වල අයට රජු ඉඩම් ප්‍රදානය කර ඇත. මේ ඉඩම් අයත් වන්නේ දළදා මාලිගාවටය. එම ඉඩම්වල පදිංචි අයගෙන් බදු එකතු කිරීමට වෙනම විදානේ කෙනෙක්ද පත්කර සිටියේය.

අතීතයේදී සෝණා නම් බදු එකතු කළ කෙනා විසින් පූජා කළ ආරණ්‍ය අද හඳුන්වන්නේ සෝණ ගිරිලෙන නමිනි. මෙම ගිරිලෙන භික්‍ෂුන් වහන්සේට පූජා කර ඇත. නමුත් පසු කාලීනව ගල්ලෙන ආශි්‍රත රක්‍ෂිත ප්‍රදේශය කැලෑවට පමණක් සීමා වී තිබේ. පාර්ශ්වයට අයත් විහාරස්ථානයක් වන සෝණ ගල්ලෙන් ආරණ්‍ය අද පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර ඇත. නමුත් එහි ඇති පුරාවිද්‍යාත්මක පසුබිම ගැන කිසිදු සෙවීමක් කර නැත. එම නිසා මෙරට ඉතිහාසයේ තවත් පැතිකඩක් වැළලී ගොස් තිබේ.

එදා සෝණ නම් බදු එකතු කරන්නා මෙම ගිරිලෙන පූජා කළේ රහතුන්වහන්සේ නමකට යැයිද තවත් මතයක් තිබේ. ඒ බව මෙම ලෙනෙහි කොටා ඇති සෙල් ලිපියෙහි සඳහන් බව සෝණගල්ලෙන් ආරණ්‍යයේ විහාරාධිපති හිමියෝ කියති.

සෝණ ගිරිලෙන් ආරණ්‍යයට විත් බණ භාවනා කරමින් වැඩසිටි හිමිනමක් විය. ඒ මිල්ලගල පියරතන හිමිය. උන්වහන්සේ ගිරිලෙන් ආරණ්‍යයේ වැඩසිටින කාලයේ මෙම ස්ථානය ආරක්ෂා කිරීමට මහත් කැපවීමක් කර තිබිණි. එසේම මෙම ස්ථානයේ ඇති ඓතිහාසික දේ රැක ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය. රක්‍ෂිත ප්‍රදේශයක් තුළ පිහිටි මෙම ගිරිලෙන් ආරණ්‍යයේ විෂඝෝර සර්පයන්ගේද තෝතැන්නක් විය. එසේම සොර සතුරන්ගෙන්ද අඩුවක් නැති විය. මෙම භූමියේ නිධානයක් ඇතැයි සිතූ නිදන් හොරු මිල්ලගල පියරතන හිමිට වරක් වෙඩි තැබූහ. එහෙත් සෝණ ගිරිලෙන් ආරණ්‍යයට පැමිණි අයකු මේ පිළිබඳ කලින් උන්වහන්සේ දැනුවත් කර තිබූ නිසා ජීවිතය බේරුණේය.

උන්වහන්සේ එදා සිය කුටිය තුළ වැඩ සිටියේ නැත. උන්වහන්සේ එදා කළේ සිය යහනේ කොට්ටවලින් කෙනකු නිදා සිටිනවා සේ පෙන්වීමය. නිධානයක් ගැනීමට පැමිණි හොරු මිල්ලගල පියරතන හිමි සැතපී සිටිනවා යැයි සිතා කොට්ටවලට වෙඩි තබා පලාගොස් ඇත. ඒත් තිබූ නිධානයක් නැත.

සෝණ ගිරිලෙන් ආරණ්‍යයේ අද මෙන් විදුලිය තිබුණේ නැත. එදා මුළු ආරණ්‍යම ආලෝකවත් වූයේ පන්දම්වලිනි. පියරතන හිමි පැවිදි වීමට පෙර භාවිත කළ බඩුද මේ ආරණ්‍යයේ ඇත. ඒ අතර මහන මැෂිමක්ද වෙයි. උන්වහන්සේ පැවැදිවීමට පෙර දක්‍ෂ ඇඳුම් මහන්නකු වීම ඊට හේතුවයි. මිල්ලගල පියරතන හිමි මේ ගිරිලෙන් ආරණ්‍යයට වැඩම කොට බණ භාවනා කරමින් මෙම ස්ථානය ආරක්‍ෂා කර ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය.

මෙම ගිරිලෙන් ආරාණ්‍යයට පහළින් ගල් ගුහාවක් වෙයි. එම ස්ථානය බණ භාවනා කිරීමට යොදාගෙන තිබිණි. නමුත් පසුකාලීනව එම ස්ථානයද කැලෑ වැවී ඇත. එදා මෙම ගල් ගුහාව තුළ රහතන් වහන්සේ නමක් වැඩ සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම සෝණ ගිරිලෙන් ආරණ්‍යයේ උමඟක් ඇති බවට මත පළවෙයි. එවැනි උමඟක් තිබෙන බවට සිතිය හැකි ගල්වලින් වැසුණු තැනක් තිබේ. එම උමඟ යටියන්තොට පැත්තට යන බවට කතාවක් පවතිනු මුත් හරි මතයක් නැත. සෝණ ගිරිලෙන මුදුණේ පොකුණක්ද තිබේ. එහි ජලය කෙදිනකවත් සිඳෙන්නේ නැති බව කියැවෙයි. මෙම පොකුණෙන් එන උල්පත් මඟින් අද ද පහළ ප්‍රදේශයේ ජීවත්වෙන ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරනු ලබයි.

සෝණ ගිරිලෙන් ආරණ්‍ය පිහිටි භූමිය අක්කර 50කින් පමණ වූ රක්‍ෂිතයකි. විශාල ගලකින් සමන්විත මෙම ආරණ්‍යය භූමියේ අද අක්කර 50ම තිබේදැයි සැක සහිතය. මෙම රක්‍ෂිත භූමියට අයත් වටිනා දැව වර්ග තිබී ඇත. නමුත් අද ඒවායින් බොහොමයක් විනාශ කර ඇත්තේ හොරෙන් ගස් කපා ගොස් ඇති හෙයිනි.

මෙම ආරණ්‍යයට මිල්ලගල පියරතන හිමි භාවනා කිරීමට පැමිණෙන විට පිඹුරන් හතර දෙනකු සිටි බවද කියැවෙයි. උන්වහන්සේට පෙර මෙම ආරණ්‍යයේ ගල්පාත ජිනරතන හිමි වැඩ සිටි බව කියැවෙයි. ඊට පෙර තවත් ස්වාමීන් වහන්සේ වැඩ හිටියත් ඒ ගැන නිසි තොරතුරු දන්නා අයෙක් නැත.

මහනුවර යුගයට හෝ ඊට පෙර යුගවල වැදගත් තොරතුරු රැසක් අඟුරුවැල්ල රුවන්වැල්ල ප්‍රදේශ අවට තිබේ. එහි එක් තැනක් වන්නේ සෝණ ගිරිලෙන් ආරණ්‍යයි.

එහෙත් මෙම ස්ථානයේ නිසි ලෙස සොයා බැලීමක් කර නැත. මෙම ගිරිලෙනට වළගම්බා රජුගේ සබඳතාවක් ගැනද මත පළවී තිබේ. එහෙත් ඒ කිසිදු තොරතුරක් ගැන නිසි ගවේෂණයක් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උනන්දු වී නැතැයි ගම්මු චෝදනා කරති. එනිසා මෙරට ඉතිහාසයේ වැදගත් තොරතුරු රැසක් වැළලී ගොස් ඇතැයි ජනතාව කියති.

ධාරානිපාත වර්ෂාවකට වුවද සෝණ ගිරිලෙන් ආරණ්‍යයේ විහාර භුමියේ එළියේ හිටියත් තෙමෙන්නේ නැත. මේ ගිරිලෙන පිහිටා ඇත්තේ වැස්සෙන් ආරක්‍ෂා වන ලෙසය. එසේම මොන තරම් තදින් වැස්සත් සුළං අත අනුව වැසි දිශාව වෙනස් වන නිසා ගිරිලෙන පහළ තෙමෙන්නේ නැත. 1978දී පමණ පුරාවිද්‍යා භූමියක් ලෙස නම්කර ඇති මෙම ලෙන්ගිරි ආරණ්‍යය තුළ අදටත් එම ඓතිහාසික බව රැඳී පවතියි.

එහෙත් නිදන් හොරුන්ගේ සහ කැලෑ පාළුවන්ගේ වැඩ නිසා සෝණ ගිරිලෙන් විහාරය අද විනාශ වන තැනට පත්ව ඇත. මේ භූමියේ අක්කර 50ක භූමියක් තිබෙනවා යැයි කීවත් එම  භුමි ප්‍රමාණය අද නැත. වත්මන් විහාරාධිපති කටුගොඩ පියතිස්ස හිමි සහ ගම්මුන්ට පමණක් මෙහි ආරක්‍ෂාව සලසා ගැනීමට නොහැකි වී තිබේ. එනිසා බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු විය යුතු බව ගම්වාසීහු කියති.

සෝණ ගිරිලෙන් ආරණ්‍යයේ ඇති සෙල් ලිපියේ අක්‍ෂරවල වකවානුව ගැන නිසි කාලයක් සටහන්ව නැතත් එම අක්‍ෂර භාවිත වූ වකවානුව කාලය අනුව නිසි කාලයක් ගැන යම් මතයකට පැමිණිය හැකි බව විහාරාධිපති කටුගොඩ පියතිස්ස හිමියෝ පවසති. එනිසා මෙම විහාරයේ ඓතිහාසික තොරතුරු ගැන යම් ගවේෂණයක් කර අනාගත පරපුර වෙනුවෙන් රැක ගත හැකි නම් එය උතුම් වැඩක් බව කඩුගොඩ පියතිස්ස හිමියෝද පවසති.


සටහන හා ඡායාරූප

   ප්‍රගීත් සම්පත් 

    කරුණාතිලක