28

කොළඹ

නවතම පුවත්

බෝම්බ වලට සහරාන්ලා ගත්තේ C4 වලට වඩා පුපුරන IS ත්‍රස්තයින් හදපු ''යක්ෂයාගේ මව'' නම් වූ අලුත්ම දෙයක් (PHOTOS)

පසුගිය පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන තුනකට සහ ප්‍රසිද්ධ හෝටල්

10:59 AM May 22 2019

බයිසිකලයකින් හෙරොයින් ප්‍රවාහනය කල අයෙක් හබරකඩදී අත්අඩංගුවට

10:59 AM May 22 2019

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගැටුමක් - එක් අයෙක් මරුට

10:42 AM May 22 2019

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

පාරම්පරික උරුමය අදටත් සොයන නිලගම සිත්තර පරපුර

පාරදිගේ

නිදහස් සැමරුම් වේදිකා මතට නැඟ ඇතැමුන් විසින් වයන නිදහස් රාවය සවන් වැකුණු විට හදවත් කකියමින් උපදින වේදනාව මේ මිනිසුන් ඉවසා දරා සිටිති. අතීත උරුමය අත්කරදුන් කරුමයේ තරම මේ යැයි සිතාගෙනය. මේ මිනිසුන්ගේ උරුමය මංකොල්ලකා අවසන් වන විට එයිනුත් නොනැවතී උරුමයේ ප්‍රාණය නිරුද්ධ කර දැමූ විට ඉතිරිව ඇත්තේ ඔවුන්ට ඉකිබිඳුම පමණි. අවසානයේ අස්වැසිල්ලකට හෝ මේ මිනිසුන්ට බලා සැනසෙන්නට ඇත්තේ ගොරහැඩි දෑසින් වසන්කර දිවි හිමියන් රැකගත් උරුමයේ නටබුන් හා හීන වෙමින් යන උරුමයේ මතකයන් පමණි.

ඇරෑවුල ගමේ ජීවත් වුණ ‘මුහන්දිරම් ගෙදර’ උදවිය මහනුවර යුගයේ දෙවැනි රාජසිංහ (1692-1687) රජ සමයේ රජවාසලේ නිලධාරීන්ය. ඉනාමළුව කෝරලේ ඔවුන්ගේ රාජකාරි බල ප්‍රදේශ විය. පණිවුඩකරුවන්, හිරගෙයි මුරකරුවන්, කස පුපුරවන්නන් රජ මාලිගාවේ සේවයට කැඳවාගෙන යෑම ඇරෑවුල මුහන්දිරම්ට පැවැරී තිබූ රාජකාරිය විය. එම රාජකාරිය ඉටු කිරීම උදෙසා එම පවුලට ඇරෑවුල ගමෙන් ඉඩකඩම් හිමිවිය.

ඇරෑවුල මුහන්දිරම් පරපුර සතුව වටිනා පුස්කොළ පොත් මිටියක් විය. ඒ පුස්කොළ පොත් ‘කඩයිම් පොත්’ මිටියකි. තල්පත් ඉරු දෙසිය පනහකට (250) අධික එකට බැඳ තිබූ වටිනා පොතකි. ඉනාමළුව කෝරලේ සිට තමන්කඩුව (පොළොන්නරුව) දක්වා දිවයන මායිම් පුස්කොළ මිටියේ ලියා ඇත. ගම්වල ප්‍රභූන්ගේ නම් ඇත. චුල්ලගිරිපුරම්, ගජපිංගල වාපි, බුබුලේගම, ආලෝකපුරම් යන පැරැණි ගම්වල නම් හා වැව්වල නම් එමටය. මහනුවර සිට තමන්කඩුව දක්වා වැටී තිබූ පැරැණි මින්නේරිය පාරේ තිබූ ‘අම්බලන්කඩුල්ල’ මුර කපොල්ල ගැන විස්තරය. කපොලු මුර කළ වැද්දන් ගැන විස්තරය එමටය.

සීගිරිය ‘නාගලවැවේ’ ගමේ පදිංචි මිනිසුන් රජ මැඳුරේ සේවය කර ඇත්තේ කාශ්‍යප රජු සිය රාජධානිය සීගිරිය කරගත් සමයේය. මොවුන් බෙර වාදනයට හා නර්තනයට දක්‍ෂ ශිල්පීන්ය. එච්.ඇස්.ඇස්. නිශ්ශංක මහතා රචිත ඔහුගේ ‘නුවර යක්කු’ පොතේ නාගලවැවේ ගම්වැසියන් ගැන කියා ඇත. එම තොරතුරු වික්ටර් අයිවන් මහතා ඔහුගේ ‘ශ්‍රී  ලංකාවේ නූතන කැරැලිකරුවන්ගේ සමාජ පසුබිම’ නම් කෘතියට උපුටාගෙනය. මේ නාගලවැවේ ගම්වැසියන්ට රජ සමයේ ඔවුන්ගේ කලා හැකියාව අගය දැක රජුගේ සන්නස් හිමිවිය. අදිකාරම්වරුන්ගෙන් ඉඩකඩම් හිමිවිය. නාගලවැවේ ගම් ප්‍රධානියා වන ඇම්. කදිරා එම කරුණු එච්.ඇස්.එස්. නිශ්ශංක මහතාට පවසා තිබිණි.

කාශ්‍යප රජු හා සහෝදර මුගලන් අතර ඇතිවූ යුද්ධය ගැන තොරතුරු හමුවන්නේ මේ නාගලවැව ගමෙන්ය. සටනකට ගොස් පරාජයවූ පසු කඩු තුඩ අග නවා මඩ අස්සේ ගැසීමේ චාරිත්‍රයක් එකල තිබී ඇත. එසේ නමන ලද කඩු ‍ෙදාළහක් (12) ගමේ පිහිටි නිකකටුව වැවෙන් හමුවිය. අදටත් එයින් කඩු කිහිපයක් සීගිරියේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති බැව් ජේ‍යෂ්ඨ කෞතුකාගාර පාලක කුසුම්සිරි කොඩිතුවක්කු මහතා 2017.11.27 දින තිබූ දේශනයේදී කියා සිටියේ.

රංගිරි දඹුලු රජමහ විහාරය මුල්කරගෙනද රාජකාරි ක්‍රමයක් විය. වළගම්බා රජු විහාරයේ පුද ඔලක්කම් නොකඩවා පවත්වාගෙන යෑමේ වගකීම පවරා දුන්නේ ‘ජයමංගල සුමන’ හිමියන්ටය. බුදු සසුන චිරාත් කාලයක් පවත්වාගෙන යන්න රජු පවරාදුන් ගම්මාන ගණන 18කි. ගම් 18ක ඉඩකඩම් ප්‍රමාණය අක්කර 21,000කි.

ජයමංගල සුමන හිමියන්ගේ පරපුරේ ඥාතීන් මුල් කාලයේ වාසය කළේ වැලමිටියාව ගමේය. ඒ ‘නෙළුවේ වලව්වේ මුදියන්සේ’ පරම්පරාවයි. මහනුවර යුගයේ සෙනරත් රජතුමාගේ කාලය වන විට වැලමිටියාව ගම අත්හැර ඥාතීන් ලේනාවල ගමේ පදිංචියට ගොස් ඇත. ඒ මෙම පරපුරේ ඇතැම් හිමිවරුන් විසින් විහාර, වලව් (ගණින්නාසේලා) සම්ප්‍රදාය අනුගමනය කළ නිසාවෙනි. අනුරාධපුර යුගයේ සිට ලේනාවල සංරණකර හිමි අතුරුදන් වනතුරුම අඛණ්ඩව ගලාගෙන එන මෙරටට ඓතිහාසික සිවුරු පරම්පරාව මෙකී ලේනාවල සඟ පරපුරයි. ‘ශ්‍රී  සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී  වර්ධන පුරප්ප්‍රවර ශ්‍රී  හයගිරි විජයසුන්දරාම මහ විහාරවාසී රංගිරි දඹුලු විහාරික ලේනාවල’ යන්න එම ඉපැරැණි සඟ පරපුර හැඳින්වෙන නාමයයි.

නිලගම සිත්තර පරම්පරාව ප්‍රසිද්ධියට පත්වන්නේ රංගිරි දඹුලු රජමහ විහාරයේ සිතුවම් ඇඳි පරපුර වශයෙනි. අද වන විට එම කර්මාන්තයේ නිරත ඉපැරැණි පරපුරද ඔවුන් පමණි. රජ සමයේ විහාර කර්මාන්තයේ සිතුවම් ඇඳීම කටයුතු උදෙසා වැලමිටියාව ගමෙන් ‘නව අමුණක්’ වපසරිය ඇති ඉඩකඩම් ලබාදී තිබිණි. සිතුවම් කර්මාන්තය කරගෙන යෑමට රජු ලබාදුන් ගම වූයේ ‘බලගම’යි නිල කටයුත්තක් වෙනුවෙන් ලබාදුන් නිසාවෙන් පසුව එම ගම නිලගම විය. ගලේවෙල සිට කලාවැවට දිවයන මාර්ගයේ මේ සිත්තර පරම්පරාව ජීවත්වන නිලගම හමුවෙයි.

මේ ඉපැරැණි පවුල්වල අතීතයන් කෙටියෙන් දැකවුව ද දැන් කියන්න යන්නේ එතරම් සුන්දර කතාවක් නම් නෙවෙයි. මූසීලයන්ගේ ප්‍රාණ  ඇපයට හසු වී එම පවුල්වල උරුමයන් උක්දඬු මෙන් උරා බී හප කර දැමූ අයුරු කීමටය.

ඉංගී්‍රසි පාලනයට එරෙහිව දියත් කළ 1818 හා 1848 කැරැල්ලට සම්බන්ධවීමේ විපාකය ඇරූවුල ගමේ මුහන්දිරම් ගෙදර උදවියට අත්විඳීමට සිදුවිය. එම පවුල් සහමුලින්ම සමූල ඝාතනයට ලක්විය. මුහන්දිරම් ගෙදර ‘ඩිංගිරි බණ්ඩා’ සහ ‘අප්පුහාමි’ දෙදෙනාම ඝාතනය විය. ඉතිරි වූයේ ‘කළුබණ්ඩා’ පමණි. ඔහු දිවි බේරාගෙන ගොස් අස්ගිරි විහාරයේ ‘ඇරෑඋල ආනන්ද’ (පසුව අස්ගිරි විහාරයේ අනුනායක විය) නමින් මහණ විය. 1848 කැරැල්ලේදී අප්පුහාමිගේ පුතකු වන ‘උක්කු බණ්ඩා’ දිවි බේරා ගත්තේ මහණ වී සිටි මාමාගේ ආරක්‍ෂාව නිසාය.

උක්කු බණ්ඩා සැඟ වී සිට ආපසු ගමට පැමිණ බලන විට තම පවුලේ ඉඩකඩම් කිසිවක් නැත. ගමේගොඩේ තිබූ ඉඩම් ගමට පැමිණි පිටස්තරයන් අල්ලාගෙනය. අවසානයේ ඔහු ජීවිතය පටන් ගන්නේ දුගියකු ලෙසිනි. එහෙත් ඔහු සතුව වටිනා දෙයක් විය. ඒ ගම් මායිම් ගැන දෙවැනි රාජසිංහ රජුගේ නියෝගයෙන් ලියැවුණු කඩයිම්පොතයි. අවසානයේ උරුමය කියා පෑමට තිබූ ඒ කඩයිම්පොතද මංකොල්ලකෑමට ලක්වන්නේ ඉංගී්‍රසි ඒජන්ත උන්නාන්සේගේ නාමයෙනි.

‘අපේ අත්තා ළඟ තිබුණ කඩයිම්පොත අපේ පවුලේ උරුමය කියාපාන්න තිබුණ පුස්කොළ පොතක්. රජ කාලේ යක්කුරාගල කළුන්දෑවේ ගම්වල කැලෑ අපේ මුත්තා යටතේ තමයි පාලනය වුණේ. කළුන්දෑව ගම මුල්කරගෙන පී.ආර්.එච්. විජේසිංහ මහතා පොතක් ලිව්වා. ඒ පොත තමයි බැනුම් කුණුහරුප සහ කොන් කිරීම පොත. ඒ පොතේ තියෙනවා අපේ උක්කු බණ්ඩා අත්තාට සිද්ධ වුණ දෙයක්. අත්තා වරිගය රැක්කා. කාගෙවත් අතැවැසිකම් කරන්න ගියේ නෑ. ඒ හින්දා ගමේ අය අමනාප වෙලා ආරච්චිලට පැමිණිලි කළා. ඒත් නඩු දිනේ අත්තා හංගගෙන හිටපු කඩයිම්පොත අරගෙන ඇවිල්ලා මම කියලා දෙන්නම් විස්තරේ කියලා කඩයිම් පොත එළියට අරගෙන තියෙනවා. එතැනින් අට්ටං කරන්න ආව එක ඉවරයි. නඩුවත් ඉවරයි. වළදමා ඇති පවුලේ උරුමය අමාරුවෙන් ගොඩගන්න දිවා රෑ වෙහෙසෙන විශ්‍රාමික පොලිස් නිලධාරි මුහන්දිරම් ගෙදර විමලසූරිය මහතා කී කතාවකි.

මේ මුහන්දිරම් පවුලේ වටිනා කඩයිම්පොත අහිමි වන්නේ එම කාලයේ ඉංගී්‍රසි ආණ්ඩුව විසින් වටිනා පුස්කොළ පොත් රටින් පිට කිරීමේ මංකොල්ලය යටතේය. වටිනා සන්නස්, තුඩපත්, ගම්සීට්ටු, කඩයිම්පොත් එකතු කිරීමේ රාජකාරිය පවරන්නේ ‘ඉනාමළුවේ කෝරාල’ උන්දෑටයි. කෝරාල ඒ වගකීම පවරන්නේ ‘කණ්ඩලමේ හෙණ්ඩර ආරච්චිල’ උන්දෑටයි. හෙණ්ඩර ආරච්චිල ඇරෑවුල ගමේ අල්ලපු ගමේය. ඒ නිසා උක්කු බණ්ඩා නහර කාරයා. ඒජන්ත උන්නාන්සේ තියා සක්කරයා කිව්වත් දෙන්නේ නෑ කියා ආරච්චිල දනියි. උක්කු බණ්ඩාගේ මහයියා ඉන්න වෙලාවක් බලලා ගියොත් පොත ගත හැකියි. ඒකී මෝඩ පහේ එකියක් නොවැ. ම්හ් මේක ඒජන්ත උන්නාන්සේගේ නියෝගයක්. උන්නාන්සේට ඔය පුස්කොළ මිටිය බලන්න ඕනි වෙලා තියෙනවා. ම්හ්... දියං ඔය පුස්කොල මිටිය ගෙනියන්න... හෙණ්ඩර ආරච්චිලගෙ ගෙරවුම් හ¾ඩින් වෙව්ලා යන ‘උක්කු මැණිකා’ කඩයිම්පොත ආරච්චිලගේ අතට දෙයි.

හෙණ්ඩර ආරච්චිල කඩයිම්පොත අරගෙන යන ගමන් තල්පත් කිහිපයක් පෙරළා බලයි. පුදුමයකි. ඉනාමළුවේ සිට තමන්කඩුව (පොළොන්නරුව) දක්වාම ගම් මායිම් විස්තරය. ‘දෙයියෝ සාක්කි මේ අපේ වරිගයේ විස්තර නොවැ’ පොතේ එකට බැඳ තිබූ පොතේ හිල්වලින් තල්පත් කොළ 150ක් විතර ඔහු ගලවා ගනියි. ඉතිරි ටික ඉනාමළුව කෝරාලට ලබාදෙයි.

අපේ පරම්පරාවට තිබුණ කඩයිම්පොත දැන් අපිට නෑ.  ගමේ ඉඩකඩම් අපිට අහිමි වෙලා. අඩුම තරමේ අපේ පරම්පරාව හිටපු ගම්ගොඩවත් අපිට අයිතියක් කියන්න බැරි වෙලා තියෙනවා. ඒ අපේ පරම්පරාවේ අයිතිය කියන්න අපිට කිසිම දෙයක් නැති හින්දා. ඒත් හිතට එක සැනසීමක් තියෙනවා. කණ්ඩලම හෙණ්ඩර ආරච්චි කඩයිම්පොතෙන් ගලව ගත්ත තල්පත් ඉරු දැක්ක ඩිංගිරි බණ්ඩා මාමා ඉන්නවා. හෙණ්ඩර ආරච්චිලගේ මිනිබිරියක් ළඟ තිබිලා ඒවා ඒ මාමා දැකලා තිබුණා’ මුහන්දිරම් ගෙදර විමලසූරිය මහතා කීය.

නාගලවැව ගමේ මිල්ලගහ ගෙදර උදවියට අත්වන්නේද මේ වගේ ඉරණමකි. ගමේ ඉඩකඩම්වලට රජවරුන් දුන්න සන්නස් ටික මාතලේ ඒජන්ත රැගෙන යන්නේ 1927 වර්ෂයේදීය. රජයට ගත් ඒ සන්නස් ටික ඉල්ලා පෙත්සම් රාශියක් මාතලේ කච්චේරියට යවයි. නමුත් ප්‍රතිඵලයක් නැත. බැරිම තැන ගම්මුන් එක් වී කච්චේරියට ගොස් කන්නලව් කරයි. ඒ යන හැම වෙලාවෙම මොනවා හරි කියා ඔවුන් රවටා ආපසු එවා ඇත.

මාතලේ කච්චේරිය මඟින් සිදුකළ එම අසාධාරණයේ ප්‍රතිඵල අදටත් එම ගම්වැසියෝ විඳිති. ගමේ වැඩි කොටසක් මේ වන විට රජයේ ඉඩම්ය. ප්‍රවේණි ඉඩම් කියා ඇත්තේ අතළොස්සකි. නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිදහස් කළ ඉඩම් කොටස්ද මේ වන විට ඔවුන්ට අහිමිය. ඒ හමුදා කඳවුරට එම බිම් අත්කර ගැනීම හේතුවෙනි. (ඉඩම් නිරවුල් කිරීමේ සහකාර නිලධාරිගේ මාගේ අංකය නි.දැ. 3912 (මාතලේ) හා 2016.03.02 ලිපිය) මීට වසර ගණනාවකට පෙර එච්.ඇස්.ඇස්. නිශ්ශංක මහතා සිය නුවර යක්කු පොතෙන් කියා තිබූ දුප්පත්කම අදටත් මේ ගමේ වැඩි පිරිසක් අත්විඳිමින් සිටියි.

විශාල දේපළ ප්‍රමාණයක් එක්රැස් වී තිබූ රංගිරි දඹුලු රජමහ විහාරය මුල්කර ගනිමින් පසු කාලීනව පරපුරවල් බිහිවිය. ඊට පූර්ණ අනුග්‍රහය ඇතිවිය. රදල පවුල් අතර ගැටුම ඇති කිරීම රාජ්‍ය පාලනය ගෙන යන්න පහසුය. කීර්ති ශ්‍රී  රාජසිංහ රජු ඒ උපක්‍රමයේ දක්‍ෂයෙකි. උපක්‍රමය සාර්ථකය. එම ගැටුම් එක් අවස්ථාවක ඉඩකඩම් ගැනය. තවත් විටෙක සඝ පපුරරේ හිමිකම් සුරක්‍ෂිත කර ගැනීමටය. ඉන් නොනවතින එම පිරිස් අවසානයේ මෙතෙක් විහාරය රාජකාරිය ඉටුකරමින් පැමිණි මුල් පරපුරේ වටිනා සන්නස් හා තුඩපත් මංකොල්ලකෑම අරඹයි. එය එක්තරා විදියකින් ඔවුන්ට නොලැබී තිබූ රාජ වරප්‍රසාද තම පරපුරට ආරෝපණය කර ගැනීමට දැරූ උත්සාහයකි. නැති නම් එම පරපුර සතු විහාර අයිතීන් මංකොල්ලකා ගැනීමට ගත් උත්සාහයකි.

නිලගම සිත්තර පරපුරට අත්වන්නේද ඔවුන්ගේ චිත්‍ර කර්මාන්තයේ දක්‍ෂතා දැක රජවරුන්ගෙන් ලද වටිනා කෞතුක භාණ්ඩ මංකොල්ලකෑමට ලක් කිරීමේ කුප්‍රකට උපක්‍රමයට හසුවීමටයි. මේ පරපුරේ උරුමය පෞද්ගලික කෞතුකාගාරයක තැන්පත් කිරීමක් අපේක්‍ෂා කිරීමක් කියා ඔබ සිතනවා විය හැකිය. නමුත් සත්‍ය නම් උඩින් පෙනෙන ඒ කාරණාව නම් නොවේ. මේ නිලගම සිත්තර පරපුරේ ජයසිංහ නයිදේ පවසන මේ වේදනාබර කතාවයි.

අපේ පරපුරේ දක්‍ෂකම දැකලා අපේ සිත්තරුන්ට රජවරු වටිනා දේවල් තෑගි කරලා තිබුණා. ඒවා මේ මෑතක් වන තෙක්ම තිබුණා. නැකතට බුද්ධ රූපවල නේත්‍රා තියන තෙලිකූරක් ශ්‍රී  රාජසිංහ රජතුමා දීලා තිබුණා. රන් තැටියක් තිබුණා. මුල් ඇඳුම් කට්ටලය තිබුණා. කටුසු මුහුණු හතක් තියෙන රිදියෙන් වැඩදාපු කස්ථානයක් තිබුණා. ඒ වගේම රණ හංස තට්ටුවක් දීලා තිබුණා. මෑතකදී මම ගෙදර නැති වෙලාවක් බලලා මගේ පියාව රවට්ටලා ඒවා ඔක්කොම අරගෙන ගියා. ඒවා අරගෙන ගිහිල්ලා තියෙන්නේ කෞතුකාගාරයේ තැන්පත් කරන්න කියලා. මම ඒවා විකුණගෙන කයි කියලා අපේ තාත්තට කියලා තියෙනවා. අපේ පරම්පරාවේ අය එදා ඉඳලා අද වෙනකම් විහාරයේ හාමුදුරුවන්ට ගරු කරනවා. ඒක අපේ පරපුරේ හැටියක්. කොහොම හරි මමයි තාත්තයි ගියා හාමුදුරුවෝ මුණගැහෙන්න. අපේ වටිනා වස්තුව කෞතුකාගාරයට පරිත්‍යාග කළා කියලා අපිට වීදුරු සෙට් එකක් දුන්නා. අපේ පරම්පරාවට දීලා තිබුණා රත්තරන් මාලයක්. පොටවල් තුනක් දාලා බෙල්ලට දැම්මත් බිම ගෑවෙනවා. ඒ මාලේ රත්මලේ පන්සලට උකස් කළා. පස්සේ ඒවා අරවා ගන්න ගියාම කිව්වා චෛත්‍යයට නිදන් කළා කියලා.

දඹුලු විහාරයට දුන්න භාණ්ඩ ටික ගන්න මම සංස්කෘතික දෙපාර්තමේන්තුවට ලිපි ලිව්වා. අපේ පරපුරේ උරුමය කියලා පෙන්නන්න දෙයක් නෑ. අනේ ඒ වටිනා බඩු ටික අරගෙන දෙන්න කියලා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුවා. ඒත් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ලිපියක් එවලා තිබ්බා ඒවා අරගෙන දෙන්න මැදිහත් වෙන්න බෑ කියලා. දැන් අපේ දරුවන්ට රජවරුන් දුන්න ඒ වටිනා බඩු ටික පෙන්නන්න රුපියල් විස්සක් දීලා ටිකට් එකක් අරගෙන කෞතුකාගාරයට යන්න වෙලා.

මේ ඉපැරැණි පවුල්වල වටිනා කෞතුක භාණ්ඩ මංකොල්ලකෑවද ලේනාවල සඟ පරපුර සතු වටිනා තුඩපත් හා වළගම්බා රජුගෙන් ලද භාණ්ඩ මංකොල්ලකෑමට පහසු කාරණාවක් වූයේ නැත. එම භික්‍ෂුන් වහන්සේ නිරන්තරයෙන් පරපුර සතු උරුමයන් සුරක්‍ෂිත කර ගැනීමට සමත් විය. විටෙක ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය නොමඳව හිමිවිය. සන්නස් හා තුඩපත් ලියවා තබා ගැනීමට පරපුරේ ‘ලේකම් මොහොට්ටාල’ බිහිවිය. ඉංගී්‍රසි ආණ්ඩුව සමයේ ඉපැරැණි ලේඛන ලියාපදිංචි කිරීමේ පනත පැනවීය. ‘කීර්ති ශ්‍රී  රාජසිංහ රජු’ විසින් පරපුරේ පෙර අයිතීන් සුරක්‍ෂිත කරදුන් රාජකීය ප්‍රතිබිම්බයක්ද සමඟය. ඉංගී්‍රසි ආණ්ඩු සමයේ එම තුඩපත් ලියාපදිංචි කර ගන්නේ 1815 ජූලි 06 වැනි දිනය. ඒ අංක 4620 දරන රෙජිස්ටරයෙනි.

දිවි හිමියෙන් සඟ පරපුරේ අයිතිය සුරක්‍ෂිත කර ගනිමින් නොනිමි අරගලයක් ගෙනගිය ලේනාවල සරණංකර හිමි අතුරුදන් වන්නේ ගලේවෙල නගරයේදීය. මේ පරපුරේ උරුමය ලේඛන මංකොල්ලකා ගැනීමෙන් අවසන් කළ නොහැකිය. එය කළ හැක්කේ උරුමය වෙනුවෙන් පෙනී සිටින සඟ පරපුර ඝාතනය කර දැමීමෙනි. අවසානයේ පරපුරකට ලබාදිය හැකි ඉතාම වේදනාව වන ‘අතුරුදන් කර දැමීම’ යන වේදනාව ජීවතුන් අතර සිටින්නන්ට අත්කර දෙයි.

සුද්දෝ අපේ මොහොට්ටාල කැරැලි ගැසුවා කියලා මුරිසි දිවයිනට පිටුවහල් කළා. මගේ සහෝදරයා මහණ වුණේ ලේනාවල සඟ පරපුර රැක ගන්න. අපේ පරපුර අහෝසි වෙලා කියලා කිව්වේ. ලංකාවේ පැරැණිම සඟ පරපුර අපේ. ඒ පරපුරට අයිති උරුමය දිනාගන්න අපේ හාමුදුරුවෝ සටන් කළා. උසාවි ගියා. නඩු දැම්මා. ඒ හැම නඩුවක්ම දිනාගෙන ආවා. ඒත් හිටිහැටියේ 2009.11.08 හාමුදුරුවෝ අතුරුදන් කළා. අපි අදටත් අපේ හාමුදුරුවෝ සොයනවා. නන්නාඳුනන මළ සිරුරක් තියෙනවා කියලා දැනගත්තාම හංගගෙන ඉන්න අපේ හාමුදුරුවෝ මරලා දාලා වෙන්න ඇති කියලා හොයා බලනවා. ඇත්තටම හාමුදුරුවෝ ගැන මේ රටේ බුදු දහම රැකගන්න, දඹුලු විහාරය රැකගන්න ජීවිත පරිත්‍යාග කළ අපේ සඟ පරපුර අවසානයේ අපේ ඇස් පනාපිටම ඝාතනය කර දැම්මා. දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ මැරි මැරී ඉපදෙන්න විතරයි. මහින්ද බණ්ඩාර ලේනාවල නෙත් දෙකට ඉනූ කඳුළු පිස දමමින් පැවැසුවේ එම කතාවයි.

ඉනාමළුවේ - තිලක විජයසූරිය.