28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

සතුන්ට දුන් කකුල්වලින් පොළොවේ පය ගැසූ මිනිස්සු

පාරදිගේ

අතපය අහිමිවූවන් වෙනුවෙන් හඬ නඟන්න සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ සමරවික්‍රම මහතා එවැනි කාර්යයක් සඳහා අත්පොත් තැබූ ආකාරය අපි පසුගිය සතියේ ලිවීමු. කෘත්‍රිම පාදයක හිමිකරුවෙක් වීම කොයි ආකාරයක මනස් මට්ටමක් ජනිත කරවන්නේද යන්න පිළිබඳ අරුණ සමරවික්‍රමගේ කළුතර පිහිටි “ආවාස්” හිදී අත්දැකීම් ලබාගත්තෙමු. සැබැවින්ම අරුණ පවසනයුරු මිනිසුන් මෙහි සිටී. අතපය අහිමිවූවන් සඳහා කෘත්‍රිම පාද සහ අත් පිරිනැමීමේ ප්‍රවණතාවක් ඇතිවී ඇති බවයි අරුණගේ අදහස. තමන් පැමිණි උඩු වියන් පයට පාවඩ නොමැති ගමනේදී තමන් විසින් කිසිවිටකදී අත් නොහැරිය මනුස්සකම තවත් මිනිසකුගෙන් දක්නට ලැබෙන විට ඒ නම් තමාද නොවේදැයි සිතෙන අවස්ථාවන් කීපයක්ම තම ජීවිත පියසටහන් අතරට එක් වූ සැටිද අරුණ හොඳින් දනී. 


කර්මාන්තයක් ලෙස පැවැතෙමින් සමාජ සත්කාරයක් ඉටු කරන්නේ කෙලෙසද යන්නට අරුණ කදිම පිළිතුරකි. සැබෑ ලෙසම කෘත්‍රිම අත් සහ පාද යන්න ශෝකය ජනිත කරවන්නකි. අරුණගේ “ආවාස්” පිළිබඳ ලිවීමට මා හට බලකරන ලද්දේද එකී ශෝකය. 

මගේ පත්තර දිවියේ එක් සුවිශේෂී පුද්ගලයෙක් වේ. ඔහු නමින් අරුණ කේ. එදිරිසූරියය. හිතවත් අරුණ අයියාය. පාසල් සමයේදී දුම්රිය අනතුරක් නිසා පාදය අහිමි වන අරුණ අයියාට පත්තරකාර ජීවිතය තුළ ඇති හැලහැප්පිලි නිසා තුරුණු වයසේදී අතද අහිමි වේ. දකුණින් අකුරු කළ අරුණ අයියා දැන් අකුරු කරන්නේ වමතිනි. ඔහුගේ ජීවිතයේ සමීපතමයෙක් ලෙස මෙම කෘත්‍රිම අත් පාද පලහිලව්වේ ස්වරූපය මම හොඳින් දනිමි. අරුණ අයියා කිසිවකුගේ සහාය අපේක්ෂා කරන්නෙක් නොවේ. පොදු ප්‍රවාහන සේවයක ගමන් කරනා විට වුව ඔහු ආබාධිත අයෙක් යැයි කිසිවකුට හඳුනාගත නොහැකිය. කෘත්‍රිම පාද සහ අත්  අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති නිසා එය මෙලෙස සිදුවේවි. අප “ආවාස්” හි නිර්මාතෘ අරුණ සමරවික්‍රමට සවන් දෙමු. 

“මේ ව්‍යාපෘතිය මනුස්සකම මත පදනම් වූ දෙයක් කියලා මම මුලින්ම කියන්න ඕන. අපි පසුගිය සතියේ කතා කළා කෘත්‍රිම අත්, පාද මිනිසුන්ට සකසන විදිය. මිනිසුන්ට පමණක් නොවේ සතුන්ට පවා කෘත්‍රිම අත්, පාද මම නිෂ්පාදනය කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සංවර්ධන නිලධාරියෙක් හරහා යම් අයකුට  කෘත්‍රිම අත්, පාද අවශ්‍ය නම් සහෝදරත්වයේ පිය සටහන් වැඩසටහන ඇමැතිය හැකියි. ලියකියැවිලි නිවැරැදි නම් ඔහු හෝ ඇය අප පොරොත්තු ලේඛනයට ඇතුළත් කර ගන්නවා. මම කියන්නම් අප සතුන්ට කෘත්‍රිම පාද නිර්මාණය කරන ආකාරය. මුලින්ම මම සතකුට කියලා කෘත්‍රිම පාදයක් නිර්මාණය කළේ අලියකුට. උඩවලව ඇත් අතුරු සෙවණේ ඒ පුංචි සතා අදටත් හොඳින් ජීවත් වෙනවා. ඒ සඳහා වෛද්‍ය විජිත පෙරේරා මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මට සහාය ලබා දුන්නා.

 සාමාන්‍යයෙන් මනුස්සයකුට වඩා සතකුට කෘත්‍රිම පාදයක් නිර්මාණය කරන එක අසීරුයි. මොකද මනුස්සයකුට තමන්ගේ අවශ්‍යතා ටික කියන්න හැකිවුණත් සතකුට එය බැහැ. මනුස්සයකුට හැකි තමන්ගේ කෘත්‍රිම අත හෝ පාදය අවශ්‍ය නැති විටක ගලවා පසෙකින් තබන්න. නමුත් සතකුට එහෙම කරන්න බෑ. ඒ පිළිබඳව තමයි අපි අපේ මූලික අවධානය යොමුකළේ. කිසිම අවස්ථාවක ගලවා ඉවත් නොකරන ආකාරයේ කකුලක් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එකටත් වඩා වැදගත් කාරණය වුණේ ඒ කෘත්‍රිම කකුල සතාට තවදුරටත් අතුරු කරදරයක් නොවිය යුතුයි කියන කාරණය. අලින්ට පමණක් නොව හරකුන්ට, බල්ලන්ට, කපුටන්ට පවා මම කෘත්‍රිම පාද නිර්මාණය කරනවා. සාමාන්‍යයෙන් සතකුට හදන කකුලක් මිල කරන්න බෑ. මොකද සතාට ඒ හා සමාන ගෙවීමක් සිදුනොකළ හැකි නිසා. මම සතුන්ට කෘත්‍රිම අත්, පාද නිපදවන්නේ පින කියන අර්ථය යටතේ. සතුන්ට හදන සෑම කෘත්‍රිම පාදයක්ම මම ලබා දෙන්නේ නොමිලේ. දැනට මාස කීපයකට කලින් නිට්ටඹුව ප්‍රදේශයේ තරුණ පිරිසක් ගවයකුට කෘත්‍රිම කකුලක් ලබාදුන්නා. ඒ අය සමාජ මාධ්‍යජාල වලින් කකුල අහිමි සතාව දැකලා තමයි ඒ සතාට කකුලක් ලබාදෙන්න ඉදිරිපත් වුණේ. ඒ අය සතාව අරගෙන කළුතර “ආවාස්” වෙත පැමිණියා. මම කිව්වා සතාට කෘත්‍රිම කකුල මම නොමිලේ ලබා දෙන්නම්.

 අඩු ආදායම්ලාභී අත්, පා නැති පිරිසක් සහෝදරත්වයේ පිය සටහන් පොරොත්තු ලේඛනයේ සිටිනවා. ඒ අයගෙන් කෙනකුට කෘත්‍රිම අතක් හෝ කකුලක් ලබාදෙන්න හැකියාවක් ඔබට තියෙනවා නම් එය ඉටු කරන්න කියා. ඔවුන් එය පිළිගත්තා. ඔවුන් අම්පාර ප්‍රදේශයේ කකුලක් නැති තරුණ කාන්තාවකට කකුලක් ලබා දුන්නා. සතෙක් නිසා ඒ කාන්තාව දැන් තමුන්ගේ ජීවිතයේ කටයුතු සාමාන්‍ය ආකාරයෙන් සිදුකරමින් සිටිනවා. මා හිතන්නේ එයයි සිදුවිය යුත්තේ. ඔටාරා ගුණවර්ධන මහත්මිය සුනඛයන් සඳහා විශාල වශයෙන් කෘත්‍රිම කකුල් ලබාදෙන කෙනෙක්. ඇයත් සහෝදරත්වයේ පියසටහන් වැඩසටහනේ සාමාජිකයෙක්. ඇය රැගෙන එන සුනඛයන් හට නොමිලේ කකුල් අපි ලබාදෙනවා. ඇය සහෝදරත්වයේ පිය සටහන් හරහා අඩු ආදායම්ලාභියකුට අතක් හෝ කකුලක් ලබාදෙන්න ක්‍රියා කරනවා. මේ ආකාරයට තමයි සහෝදරත්වයේ පිය සටහන් වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. 

කතාව පින්තූර - ප්‍රභාත් අත්තනායක 

ලබන සතියට - ආබාධිත දිවිය සරු කරන කුරුම්බා ඇට්ටියා ගැන ලබන සතියේ කියවමු.