26

කොළඹ

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

රජරට දළකාරයන් බංකොලොත් වුණේ සොහොන් ගෙවල් ගෙවත්තේ හදපු නිසාද?

පාරදිගේ

මළ මිනිස්සු හට තවදුරටත් වන්නට කිසිවක් නොමැත. ඒ නිසා දෙණ කැලේ ගැහුව්වාද වළ දැම්මාද පුච්චා දැම්මාද කියා වග විභාගයක්ද ඉන් මත්තට ඒ පිළිබඳ සාවදානවීමක්ද නොමැත. ආදි ජනයා මළ මිනිසුන් කැලේ ගැහැව්වේ කැලය සුලබ නිසාය. විශාල නිසාය. ඉන් පසුව සිදුවූ කරුණු කාරණා හමුවේ කුඩා කොටසකට මළ මිනිසුන්ට කොටු වන්නට විණි. මෑත යුගයේ ආදාහනාගාරයන් එහි තවත් දිගුවකි. ඉඩකඩම් යායට ඇති නුවර කලාවියේ ඇත්තෝ සිය ඥාතීන් මළ විට  බොහෝවිට සිදුකළ චාරිත්‍රය නම් ආදාහනයයි. එසේත් නොමැතිනම් දවා හලු කිරීමය. මධ්‍යම පාන්තිකයෙක් තම මට්ටමෙන් ඉහළට පැමිණි කල ඔහු හෝ ඇය සිදුකළේ මළ මිනිසා පොදු සුසාන භූමියේ නොව සිය වත්ත තුළ සදා නිදන්නට සැලැස්වීමය. මේ කතාව එවැනි මිනිසුන් වටා ගෙතී ඇත. බොරු නොකියන්නේ මළ මිනිසුන් පමණක් බව දැන මේ කතා මාලාවට සවන් දීම මැනවි. 

“විජය රජුගේ සොහොන ජනප්‍රවාද ගතව අදටත් පවතිනවා. නමුත් විජය රජුගේ සොහොන පිහිටි කුඩා කන්ද පාළු මූසල සොබාවක් ගන්නවා. මිනිසුන් එහි යෑමට බියක් දක්වනවා. කඳු පාමුල මිනිසුන් පවසන විදියට කන්දේ ගස්වල පලදාව පවා හට ගන්නේ නැහැ. ඒ අතීත සිදුවීම තවදුරටත් නොසිදුවීමක් නොවේ. දිගින් දිගටම එවැනි සිදුවීම් නිසා මතවාද යාවත්කාලීන වෙනවා. නුවර කලාවියේ යමක් කමක් හරි හම්බ කරගත් මිනිස්සු ඉන් පසුව සිදුකළේ තමන්ගේ ළඟම ඥාතියෙක් මියගියාට පසුව ඔහුගේ හෝ ඇයගේ සිරුර තම ගෙවත්ත තුළ සොහොන් කොතක් සාදා තැන්පත් කිරීමයි. ඒ සඳහා උදාහරණ බොහෝමයි. එප්පාවල සුමන බණ්ඩා සමාගමේ හිමිකරුව හිටි සුමන මහතා මියගියාට පසුව ඔහුගේ සොහොන සෑදුවේ ගෙවත්තේ. සුමන මහතා බොහොම වැර වීරියෙන් සල්ලි හම්බ කරපු කෙනෙක්. එයාගේ ව්‍යාපාර එප්පාවලට, අනුරාධපුරයට පමණක් සීමා වුණේ නෑ. ඒවා කොළඹට පවා පැතිරිලා ගියා. සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නේ සුමන මහතා ජීවතුන් අතර හිටි කාලයේ එයාගේ සොහොන් කොත හැදුවා කියලා. එප්පාවල ප්‍රදේශයට මුලින්ම යාන වාහන ගෙනාවේ ඔය සුමන මහතාගේ කොම්පැනිය. එහෙම හොඳ ව්‍යාපාරයක් විදියට පැවැති සුමන බණ්ඩා සමාගම බලාගෙන ඉදිද්දී බංකොලොත් වුණා. ඒ සුමන මහතා මියගිය නිසා නෙවෙයි. ඔහුගේ සොහොන ගෙවත්තේ හැදුවාට පස්සේ. එහෙම තමයි මිනිස්සු කියන්නේ. ඒ කතාවල යම් සත්‍යයක් තියෙනවා. මේ නුවර කලාවියේ මිනිස්සු මියගියාට පසු ඒ අයට තිබුණු වෙළෙඳ ව්‍යාපාර බිඳ වැටුණේ සොහොන් කොත් නිවෙස්වල හදා ගත්ත නිසා කියලා ඕන තරම් උදාහරණ තියෙනවා. සුමන බණ්ඩා සමාගම ඒකට හොඳ උදාහරණයක්. සුමන මහතා ජීවත් වෙලා ඉන්න කාලේ එයාගේ සේවකයන්ට බොහොම හොඳින් සැලකුවා. සේවකයනුත් තමාගේ හාම්පුතාට ගරු කළා. ඒ නිසයි ඒ ව්‍යාපාර දියුණු වුණේ. පහසුවෙන් කඩා නොවැටෙන තත්ත්වයක තිබුණු වෙළෙඳ ව්‍යාපාර කඩාවැටුණේ ඒ නිසා කියලයි එයා ගාව වැඩකරපු ගොඩක් අය පිළිගන්නේ. අනෙක් කෙනා තමයි තලා.......ෆැ..........පෙරේරා මහතා. එයත් විශාල ව්‍යාපාරිකයෙක්. ප්‍රදේශයේ හිටිය ධනවතුන් අතරින් ප්‍රමුඛයෙක්. එයාට තිබුණ සල්ලි පිළිබඳ අදහසක් එයාටත් තිබුණෙ නෑ. ඒ කාලේ සල්ලි බැංකුවල දාලා අරපරිස්සම් කිරිල්ලක් තිබුණෙ නෑ. ඉඩකඩම් අරන් දානවා. අලි ඇතුන් මිලට ගන්නවා. ඒ ඉඩකඩම්, අලි ඇත්තු සල්ලි කළොත් එතැන කොච්චර සල්ලියක් තියෙනවාද කියලා ජීවතුන් අතර ඉන්දී තලා.............ෆැ............ පෙරේරා මහත්තයා දැනගෙන හිටියේ නෑ. මේ පළාතේ තවත් ප්‍රසිද්ධ ව්‍යාපාරයක් තමයි බටු............ ව්‍යාපාරය. ඒ ව්‍යාපාර හිමියාට අලි ඇත්තු පමණක් නෙවෙයි නැව් පවා තිබුණා කියලයි මිනිස්සු කියන්න ගත්තේ. එයත් ජීවතුන් අතර ඉද්දී තමන්ගේ සොහොන ගෙවත්තේ හදාගත්තු කෙනෙක්. ඒ නිසාම එයාගේ ව්‍යාපාර බංකොලොත් වුණා කියලා කියනවා. එක දවසක් මේ ව්‍යාපාරිකයා වාහන සේල් එකකට ගිහින් වාහනවල මිල ගණන් විමසලා තියෙනවා. වාහන සේල් කාරයා හිතලා තියෙන්නේ පාරෙ යන මනුස්සයෙක් ඇවිදින් ආශාවට වාහන අත ගානවා කියලයි. මේ ව්‍යාපාරිකයාට බැනලා පන්න ගන්න හදද්දී එයා කියලා තියෙනවා මුළු සේල් එකේ තියෙන වාහනවලට ගාණක් කියන්න කියලා. සේල්කාරයා පුදුම වෙලා. සේල්කාරයා කිව්ව ගාණට සතයක් අඩු කරන් නැතුව මේ ව්‍යාපාරිකයා ඒ වාහන ඔක්කොම මිලට අරගෙන. එයා මිය යන්න කලින් තමුන්ගේ සොහොන හදද්දී ඒ වාහන තිබිලා තියෙන්නේ සොහොන දෙපැත්තේ. අන්තිමට ඒ වාහන තිබිච්ච තැන්වලම දිරලා ගියා මිසක් කිසිම ආදායම් ඉපැද්වීමක් සිදුවෙලා නැහැ. ඒවා හරි පුදුම කතා. මොකද මේ වාහන ටික විකුණ ගත්තනම් නැවත වරක් ව්‍යාපාරය තිබුණු තත්ත්වයට ගන්න තිබුණා. ඒත් මේ හැම ව්‍යාපාරයක්ම කඩන් වැටෙන්නේ බලාගෙන ඉද්දී. ඒකට හේතුව විදියට මිනිස්සු අදත් කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ තමුන්ගේ සොහොන් ගෙවත්තේ හදා ගත්තු එක කියලා. 

මහගල්............ හිටියා ලොකු ව්‍යාපාරිකයෙක්. එයා එයාගේ සොහොන හදාගත්තේ අක්කර කාලක විතර ඉඩමක. මනුස්සයා ජීවතුන් අතර ඉන්න කාලේ සොහොනට ඇවිල්ලා තමයි උදේ, දවල්, රෑ කෑම බීම පවා අරන් තියෙන්නේ. අක්කර කාලක් පුරා පැතිරුණු සොහොනේ හැම පහසුකමක්ම තිබිලා තියෙනවා. අක්කර කාලක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ගෙයක්. ගේක ඉඩනේ. බලාගෙන ඉද්දී මේ සොහොන් කෙරුවාවත් එක්ක එයාගේ ව්‍යාපාර බංකොලොත් වුණා. සේවකයෝ සී සීකඩ වුණා. අන්තිමට මනුස්සයට ඉතිරි වුණේ සොහොන විතරයි. මේ විදියට මේ කතා නුවර කලාවියේ ප්‍රචලිත වෙලා යද්දී මිනිස්සු පටන් ගත්තා පිටතට ගිහින් මැරිච්ච සිරුර පුච්චලා අළු ගෙනත් නිවෙස් භූමියේ තැන්පත් කරගන්න. ඒ අයටත් සිද්ධ වුණේ අර දේම තමයි. මෙහෙම කළේ යමක් කමක් තියෙන උදවිය. අමාරුවෙන් ඉහළට ආපු උදවිය. ඒ අයට ඕන වුණේ තමුන්ගේ ලොකුකම මහන්තත්ත්වය රටට ප්‍රදර්ශනය කරන්න. ඒකයි ඒ අය ජීවත් වෙලා ඉන්න කාලෙම තමන්ගේ සොහොන් හදාගත්තේ. භූමිය පාළුවට ගිහින් භවභෝග විනාශ වෙන ලක්ෂණයක් තමයි මේ සොහොන් හදාගත්තු හැම නිවෙසකින්ම පේන්න තිබෙන්නේ. 

මිනී අළු කියන්නේ කොහොම වුණත් හොඳ දෙයක් නෙවෙයි. ඒකයි පෙරදිග මිනිස්සු මිනී අළු වළ දැම්මේ. එහෙමත් නැත්නම් ගලන ගංගාවකට එකතු කළේ. එහෙම නොවුණු තැන සිද්ධ වුණේ මොකද්ද කියලා විද්‍යාත්මකව කියන්න බැහැ. නමුත් එකම දේ තැන් කීපයකම එකම විදියකට සිදු වෙනවා නම් එතැන හිතන්න යමක් තියෙනවා. ඒ විදියට හිතන මිනිස්සු තමයි කියන්නේ මේ කෝටිපති ව්‍යාපාරිකයෝ ඔක්කොම පාහේ තමුන් ජීවතුන් අතර ඉද්දී හදා ගත්තු සොහොන් නිසා විනාශ වුණා කියන එක. 


කතාව - ප්‍රභාත් අත්තනායක 

ග්‍රැෆික් සිත්තම - සුරංග උදය කුමාර