28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

රජරට බැබළුෑ අන්තිම ආරච්චිල මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර

පාරදිගේ

මෙය ඉතිහාසය වෙනස් කරන ලද පුංචි පහේ සිදුවීමකි. එක් දිනක් රජරට සංචාරයක නිරත වූ තුරුණු විද්‍යාර්ථවේදීන් දෙදෙනෙක් පිපාසාව නිවා ගැනීම සඳහා තැඹිලි ගෙඩියක් බීමට තමන් ගමන් කළ රිය නතර කරන ලද්දේ එප්පාවල මැඩියාව ගම්මානයේ තැඹිලි කරත්තයක් ආසන්නයේය.

තැඹිලි කරත්තය සඳහා අඩයක් ලෙස භාවිත කර තිබූ ගල් කැබැල්ලක් පිළිබඳ අවධානය යොමුකළ මෙම විද්‍යාර්ථවේදීන් දෙදෙනා එම ගල් කැබැල්ලේ උප්පත්තිය සොයා ගිය ගමනේ අවසන සනිටුහන් වූයේ මැඩියාව ආරච්චිල නිවෙසෙනි. ඒ අප කතානායක තෙමේ අභිමුවෙනි. ඒ ගල් කැබැල්ලේ උපන් බිම එප්පාවල පොස්පේට් නිධිය බවට පත්වේ යැයි එකී ගමන ගිය කපිල දහනායක, කීර්ති තෙන්නකෝන් යන විද්‍යාර්ථවේදීන්ද විශ්වාස කරන්නේ නැතුවා විය හැකිය. විද්‍යාර්ථවේදීන්ගේ උත්සාහය වූයේ එම ගල් කැබැල්ලේ ඇපටයිල් සංයෝගය ඇත්දැයි සොයා බැලීමය. ඒ සඳහා සහාය වූ මේ සුවිශේෂ වූ පුද්ගලයා අනෙකකු නොව රජරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල කෝරලයේ මැඩියාව වසමේ පදිංචි මෙම ප්‍රදේශය පුරා වසර 35කට ආසන්න කාලයක් තුළ ආරච්චි පයිණ්ඩයද වසර 60ක් පමණ කාලයක් පුරා විවිධාකාර සමාජ සේවා කාර්යන්හිද අප්‍රමාණ වගකීම් ඉටු කොට රජය නොහොත් පාලකයන් හා පාලිතයන් අතර සමීප සම්බන්ධතාවයන් පවත්වාගෙන ගිය රජරට රජු යන අන්වර්ථ නාමයකින් පරසිදු දිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර දිසානායක මහතාමය. ඔහු හැඳින්වීම ස¼දහා මැඩියාවේ ආරච්චි මහත්මා යැයි කීම පමණක් ප්‍රමාණවත් යැයි සියල්ලෝම දනිති. ඔහු පිළිබඳව කතා කිරීමට - ඔහුව හඳුන්වා දීමට අපි දුහුනන්ය.  ඒ සඳහා අපි කීර්තිමත් මානව විද්‍යාඥ පණ්ඩුල ඇඳගමයන් අතරමැදියෙක් කර ගනිමු.

රාජ්‍ය සේවාවට වසරින් වසර අලුතින් පත්වීම් ලබා අනුරාධපුරයට පැමිණෙන ඕනෑම අයකුට සේවා අවසන් කොට යන හැම නිලධාරියකු විසින්ම පාහේ දෙනු ලබන ජනප්‍රිය උපදෙස වූයේ “දැනගන්නට යමක් වේද යන්න අපේ මැඩියාවේ ආරච්චි මහත්තයා මුණගැහෙන්න” යැයි වූ උපදෙසය. මෙම දුර්ලභ ගණයේ සැබෑ රජරට වැසියා ඒ සියල්ල ඉටුකරනු ලැබුවේ ඉතා කාරුණිකව තමා වෙත පැවරී ඇති රාජකාරියක් සේ සලකාගෙනය. යන එන සෑම අයකුටම ඔහුගෙන් ලැබුණේ එකම ආකාරයෙන් කැපවූ සේවාවකි. එහි කිසිදු භේදයක් නොවීය. එහි ආගිය හැමට එතුමා දෙවියකු ලෙස හැඟීම සැබෑ හෙළයන්ගේ කෘතඥතාපූර්වක ගරු සැලකිලි දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස මිස කිසිම කෙනකුගේ ඉල්ලීමක් පෙලඹවීමක් හෝ බය පක්ෂපාතිත්වය ඔස්සේ සිදුවූවක් නොවන බව අවධාරණය කළ යුතුය. එනම් අවධාරණය කරන්නට උත්සාහ ගන්නා පණිවුඩය වන්නේ අපේ කතාවේ වීරවරයාගේ මනුෂ්‍යත්වයේ ඉහවහා ගිය උදාර ගුණ සමුදාය වේ.

තම නිවෙසට පැමිණි කිසිවකු බත්වේලකින් සංග්‍රහ නොලබා නොයා යුතුය යනු එතුමාගේ අප්පච්චිලාගෙන් දැන ඉගෙන දැඩිව ක්‍රියාත්මක කිරීමට පුරුදු වූ අණකි. මැඩියාවේ ආරච්චි නිවෙසේ රාජකාරියක් සඳහා ආ ගිය අයකුට නොවරදවා ලැබෙන රජරට හෙළ බොදු හැදියාවේ උත්තම ගණයේ සැලකිල්ල එය බව සඳහන් කරන්නේ මෙම සැබෑම හෙළ ගුණය හා උදාර චාරිත්‍රය කඩ කරනවා දකින්නට එරෙහිව එතුමන්ලා ළඟ තිබූ විරෝධය සැබෑ හෙළ ගතිය හා ගුණය ප්‍රදර්ශනය කළ සුවිශේෂී අවස්ථාවක් වූ හෙයිනි.

වෛද්‍යාචාර්ය සාමදාන විනිශ්චයකාර ධුරන්දර ටිකිරි බණ්ඩාර දිසානායක මැඩියාවේ ආරච්චි මහතා වැන්නවුන් අපේ ඉහළම ගෞරවයට මෙන්ම ගෞරවනීය සැලකිල්ලට සදාකල්හිම පාත්‍ර විය යුතු වන්නේ ඇයි? ඒ අපේ හෙළ බොදු මවුබිමේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ශ්‍රී ලංකා මාතාවන්ගේ අතිජාත දූපුතුන් ලෙස සදාකල්හිම වැජඹෙන නිසාය. තමාගේ දුක වේදනාව ගැන නොතකා අනුන්ගේ දුක වේදනාව නිවීම මුල්තැනට ගෙන කටයුතු කරන තරමට මනුෂ්‍ය යහගුණධර්ම දිවිහිමියෙන් සුරකින මිනිසුන් අතර උදාරතම මිනිසුන් ලෙස පිළිගැනෙන හෙයිනි. ටිකිරි බණ්ඩාර දිසානායක මැඩියාවේ ආරච්චි මහත්මා නූතන හෙළයන් අතර අසමසම උදාර හෙළයකු බව එතුමා පළමු වරට දකින අයකුටද ඒත්තු ගැන්වෙන පරිදි හෙළ ගුණය දෝරේ ගලන ආදර්ශවත් හෙළයකු බව මුවපුරා ශබ්ද නඟා කිවහැකි තරමේ ශේ‍ර්ෂ්ඨයකු බව ඉඳුරා පළකළ හැකි නිසාවෙනි.

අපේ කතා නායකයා එනම් එප්පාවල ටිකිරි බණ්ඩාර දිසානායක ආරච්චි මහත්මාගේ ජීවිත කතාව පමණක්ම ගෙනහැර දැක්වුවද මතුපරපුරට සාධාරණය ඉටුකළා වනු ඇතැයි ප්‍රකාශ කරන්නේ ඉහත සඳහන් කළ පරිදි එතුමාගේ ජීවන වෘත්තාන්තයම ඊට කදිම නිදර්ශනයක් වන නිසාය. වර්ෂ 1928 අගෝස්තු මස 06 වැනි දින මෙලොව එළිය දුටු මෙතුමා සාම්ප්‍රදායික හෙළයේ දරුපරපුරුවලට උරුම වී තිබුණු ස්වාභාවික පරිසරයේ සිට මවුපිය ආදරය සෙනෙහස නොඅඩුව වින්දා පමණක් නොවේ. හෙළයේ විශිෂ්ට උරුමයක් වූ ගම්කැටියේ (ගමේ සියලුම දෙනා එකම පටු භූමි භාගයක එක මිදුලක් වටා කැටියක් වශයෙන් ගෙවල් තනා ජීවත් වීම) ලොකු කුඩා සියලු  ඥාති හිතමිත්‍රාදීන්ගේ ආදරය සෙවුම් බැලුම් ඔස්සේ හැදුණු වැඩුණු ඔවුන්ට ගමේ පන්සලේ හෝ පාසලේ අකුරු කිරීමට අවස්ථාව ලබන විටම යහගුණ ධර්ම සියල්ලම ඔස්සේ ලොව බලන්නට ඉගෙන ගැනීමට අවස්ථාව හිමිවීම ඔවුන් ලද විශාලතම වාසිය පමණටම වාසනාවද විය.

අපේ කතානායකයා ද 1935 දී එප්පාවල ගමේ පාසලට ඇතුළත්ව අධ්‍යාපනය ආරම්භ කළේ ඒ උරුමය පරිදිය. එහිදී කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය දක්වා අධ්‍යාපනය හදාරා 1950දී පොල්ගොල්ල සමුපකාර අභ්‍යාස විද්‍යාලයේ තෛ්‍රමාසික පුහුණුවක් ලබා මහජන සේවාවට අවතීර්ණය වූයේ එප්පාවල සමුපකාර සංගමයේ කළමනාකරුවකු වශයෙනි. එම වර්ෂයේදීම එප්පාවල කිරිඅමුණුකොළේ් ග්‍රාමයේ වෙල්මුලාදෑනිවරයාගේ දියණිය වූ කළුමැණිකේ දිසානායක මෙනෙවිය සමඟ විවාහ දිවියට පත් එතුමා තම ජීවිතයේ ආදර්ශවත් ගමන ආරම්භ කළේ එතැන් පටන්ය.

සමාජසේවා කටයුතු කෙරෙහි එතුමාගේ කැපවීම කෙතෙක්ද යත් එය කෙතරම් දුරට අන්‍යයන්ගේ පිළිගැනීමට පත්වී තිබුණේද යත් එප්පාවල ගම්මුලාදෑනි තනතුරක් හිස්වූ සැණින් ප්‍රදේශයේ ප්‍රභූන් බොහෝදෙනා විසින් එකී තනතුර සඳහා ඉල්ලුම් කිරීමට එතුමාට බලපෑම් කරනු ලැබුවේ ප්‍රාදේශීය සංවර්ධනයෙහි ලා එතුමා ඉතා වටිනා ආයෝජනයක් වන පමණටම මහත් සම්පතක් බව නිසැක වශයෙන් දක්නා ලද බැවිනි. බලාපොරොත්තු වූවාසේම තරුණ දිසානායකයන් එවකට අනුරාධපුර දිසාපතිවරයා වූ ඇම්. රාජේන්ද්‍රම් මහතා විසින් ඉල්ලුම්කරුවන් 13ක් අතුරින් හොඳම සුදුස්සා වශයෙන් ඔහු තෝරාගන්නා ලදින් 1952 නොවැම්බර් මාසයේ සිට තුලාන 10 ඒ ගම්මුලාදෑනි වශයෙන් රාජ්‍ය සේවයට එක්වීමේ වරම් ලැබීය.

තරුණ දිසානායක මහතාගේ රාජ්‍ය සේවාවේ ආරම්භයම අභියෝගාත්මක එකක් වීයැයි පැවැසීම අතිශයෝක්තියක් විය නොහැකිය. මෙතුමාගේ කොට්ඨාසයට අයත් ගමක් වූ කැලේසියඹලෑව ගම්වැසි පිරිසට තම ආගමික කටයුතු සිදුකරගැනීම සඳහා ආගමස්ථානයක් වශයෙන් පන්සලක් නොතිබුණහයි පැවැසීම තරමක් හාස්‍යජනක වුවද සත්‍යය එය විය. දිසානායක තරුණ ගම්මුලාදෑනි මහතාගේ සියලු දක්ෂකම් ප්‍රදර්ශනය කරමින් සියලු දෙනාගේම අනුකූලතාව ලැබූ විසඳුමක් ගෙන ආවේ පන්සලක් නැති අප පන්සලක් ලබාදෙමින්ද ගොවිතැන් කටයුතු සඳහා ඉඩම් අල්ලාගෙන සිටි කිසිවකුගේ අයිතීන්ට හරස්නොවී බාධාවකින් තොරව ඔවුන්ගේ ජීවිකාවන් ගෙනයා හැකි වන අන්දමින්ද හැමදෙනා එකඟ කරවා ගනිමින්ය. එම විසඳුම තරුණ ගම්මුලාදෑනිවරයාගේ රාජකාරීමය දක්ෂ පක්ෂකම් මැනවින් ප්‍රදර්ශනය කරන ලද අවස්ථාවක් බවට සියලු ඉහළ නිලධාරීන්ගේ ප්‍රසාදයට පත්වීම සාධාරණීකරණය කිරීමක් එතුමාගේ සේවා ඉතිහාසය පුරා පැහැදිලිව සටහන් වී තිබීම විශේෂ සිද්ධියකි. එතුමාගේ සේවයට කෘතගුණ දැක්වීමක් වශයෙන් වසර 11ක් තිස්සේ එතුමාගේ නායකත්වය එම ගම්මුන් විසින් ලබාගන්නා ලදී.

අනතුරුව තලාව අංක 12 තුලානේ සේවයට ගිය දිසානායක ගම්මුලාදෑනිවරයා එහිදී රජයේ මුදල් ඉතා දැඩි අරපරිස්සමෙන් යුතුව භාවිත කොට මිහිරිගම ගම්මානයේ නිවාස 50කින් යුත් ගම්මානයක් තනා විශේෂ ඇගයීමට ලක්වීමෙන් එතුමාගේ අවංක කාර්යක්ෂම මහජන සේවාව යනු එතුමාගේ ජීවනක්‍රමයේ කොටසක් බව සනාථ කිරීම හැමගේ ඇගයුමට ලක්විය. එතුමා එයින්ද නතර නොවීය. ප්‍රදේශයේ ජනතාව සමඟ එක්වී ගමට අත්‍යවශ්‍යව වී තිබූ අඩි 12ක් පළල කිලෝමීටරයක් දිග පාරක් තැනවීමෙන් ජනතාව අතර මහත් ප්‍රසාදයට පත්විය.

ජනතාවගේ පූර්ණ සහාය ලබා ශ්‍රී සම්බුද්ධාලෝක සමිතිය නමින් ජන සංවිධානයක් පිහිටුවා එහි වැඩිම බර තම කරට ගනිමින් ඉටු කරන ලද සේවා අතර  ඉතා වටිනාම සේවාව වූයේ වසරක් පාසා පොසොන් සමයේදී අනුරාධපුර පූජනීය ශුද්ධ නගරයට වන්දනා සඳහා දසතින් ඇදී එන දසදහස් සංඛ්‍යාත වන්දනාකරුවන්ගේ අවශ්‍යතා පිරිමසින දන්සලක් වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන යාමය. සැබෑ අවංක නායකත්වයක් ඇති ඕනෑ තැනක ජනතා සේවා ඉටු කිරීම ඉතා පහසු කටයුත්තක් බව සනාථ කළ ටිකිරිබණ්ඩාර දිසානායක ආරච්චි මහතාණන් විසින් සැමට ලබා දෙන ලද්දේ වටිනා ආදර්ශයකි.

සැබෑ හෙළ බොදුනුවකු වශයෙන් ටිකිරි බණ්ඩාර දිසානායක මහතා තමන් වෙතින් ඉටුවිය යුතු මහජන සේවා සැපයීම කිසිවකු විසින් සිහිපත් කරනතුරු හෝ පෙන්නාදෙන තුරු හෝ සිටිය අයකු නොවේ. අවශ්‍යතාව තිබුණේ කොහේද ටිකිරි බණ්ඩාර දිසානායක ආරච්චි මහතා එතැනය. තලාව විහාරස්ථානයේ වැඩ සිටි ගරුතර මානෑවේ රතනපාල නාහිමියන් වැඩසිටි ආවාස ගෙය අඩුපාඩු රාශියකින් පෙළුණු බැවින් දිසානායක මහතාගේ ඉතා හිතවත් ගරුතර හිමිපාණන් කෙනකුන් වූ ඉසුරුමුණියේ ගරුතර පූජ්‍ය සංඝරතන නායක මාහිමිපාණන් සමඟ සාකච්ඡා කොට සංඝාවාසය අංගසම්පූර්ණ ලෙස නවීකරණය කරනු ලැබුවේ කිසිවකුට කරදරයක් හිරිහැරයක් නොවන නොදැනෙන සේ අවශ්‍යතාව ඉටුකරමිනි.

තුලාන අංක 08 කොට්ඨාසයට මාරුවී ගිය ටිකිරි බණ්ඩාර දිසානායක ආරච්චි මහත්මා සිය රාජකාරියට අමතරව ප්‍රදේශයේ පොදුජන සේවා පිළිබඳ දැක්වූ උනන්දුව කෙතරම්ද යත් එහි පිහිටුවා තිබූ ග්‍රාම සංවර්ධන සමිතියට රැස්වීම් ශාලාවක් නොමැති බව දුටු වහාම අවශ්‍ය පියවර ගත්තේ සමිති ශාලාවක් තනා භාරදෙන තුරු විවේකයක් නොගනිමිනි. තුලානේ රාජකාරී ඉටුකරන අතරම ඒවායේ අවශේෂ අවශ්‍යතාවන් පිළිබඳ සැලකිලිමත් වූයේ එලෙසිනි. තුලානේ අෑත කෙළවර පිහිටි සියඹලාගස්වැව ගමේ වැසියන්ට ගමට පාරක් නොතිබීම හේතුකොටගෙන විඳින ලද කරදර හිරිහැර දෑසින් දැක ගත් ආරච්චි තනතුර දැරූ අනෙක් අයට එය විසඳීමට නොහැකිවීම කෙතරම් විශාල නිග්‍රහයක් දැයි සැලකූ එතුමා ගම්වැසියන් සමඟ එකතු වී ඔවුන්ගේ කැමැත්තද ලබමින් නාච්චාදූව වැවට ජලය ගෙනයන පෝෂිත ඇළ වේල්ල මතින් යෝධ ඇළේ සිට අඩි 12ක් පමණ පළලැති කිලෝමීටර් 2ක්  පමණ දුරැති පාරක් දින දෙකක් තුළ සකසා නිමකොට දුන්නා පමණක් නොව තම සේවාවලින් මහත් අස්වැසිල්ලක් ලබන පිරිස් සමඟ සතුට බෙදාහදා ගන්නා ලදී. මෙතුමාගේ සේවාවලින් ජනතාව නොමඳව පල භුක්ති විඳිනු බලා එතුමා මහත් සතුටට පත්ව ප්‍රතිචාර දැක්වූයේ තමාගේ සේවාවලින් පල නෙළා ගන්නා දරුපිරිසක් දෙස පියකු බලා ඉන්නාක් මෙනි.

තව තවත්  එවන් සේවා ගමට ගෙන ඒම සඳහා තම හිතවතුන් හමුවූ හැම විටම කතාබහ කළේ තමාගේ රාජකාරි කොට්ඨාසයේ වෙසෙන්නන්ගේ අඩුපාඩු ඉස්මතු කරමින් ඒවා සපුරාගැනීමට ඇති ඉඩකඩ විමසමිනි. තම රාජකාරී කොටසේ හැම දරුවෙක්ම මෙන්ම වැඩිහිටියෙක්ද තමාගේ දරුවන්ය යන හැඟීමෙන් කටයුතු කිරීම නියත වශයෙන් එතුමා සතුවූ ගුණයක් ලෙස හැමදෙනාම විසින් දුටු බව ඔවුන් එතුමා සමඟ ගනුදෙනු කිරීමේදී හැමටම දක්නට හැකිවූ ලක්ෂණයක් විය. එතුමා සතු වූ තවත් විශේෂ ගුණයක් වූයේ එතුමා සිතන පතන දේ නිසැකවම ඉටුවීමය. යහපත් චේතනාවෙන් පිරිසුදු සිතින් අන්‍යයන්ගේ දුක්ඛ දෝමනස්සයන් ගැන අවංකව තැවෙන බොහෝ දෙනාගේ සිතුම් පැතුම් නොපමවා ඉටුකරදීම දෙවිවරුන්ගේද සිරිතයයි අප අතර ඇති විශ්වාසය සනාත කරමින් දෝ දිසානායක ආරච්චි මහතාගේ බොහෝ සිතුම් පැතුම් ඉටුවන අන්දම අපද මහත් අමන්දානන්දයකින් යුතුව බලා සිටි අන්දම මැවී පෙනේ. ඒ සියල්ලටම වඩා අප අගය කරනු ලැබුවේ එතුමා සතුව තිබුණායැයි අප විශ්වාස කළ විශේෂ බලයකි. එනම් අපේ රාජ්‍ය සේවයේ ඉතා විරල සිදුවීමක් වූ වෙහෙස මහන්සිවී ඇපකැපවීමෙන් අවංකව වැඩ කරන අය සිටියදී වෙනත් විවිධ හේතූන් මත හිතවතුන්ට නිකමුන්ට වැඩි වැටුප්, වාසි, උසස්වීම් ආදී සියල්ල ලබාදෙන දුසිරිත මෙහිදී ක්‍රියාත්මක නොවුණේ දිසානායක ආරච්චි මහත්මාගේ පුණ්‍ය ශක්තිය පරාජය කිරීමට හපන් බලයක් මෙහි ක්‍රියාත්මක නොවූ නිසා විය නොහැකිද?

එය තවදුරටත් සනාත කරනු ලැබූ අවස්ථාවක් විය. එනම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට ග්‍රාමනිලධාරීන්ගේ සේවා වටිනාකම් අනුව නිලධාරීන් ශේ‍ර්ණිගත කිරීම ආරම්භ කරන ලද අවස්ථාවේදී අප කතානායකයා වූ දිසානායක ආරච්චි මහත්මා හට 1982 වර්ෂයේ සිට ප්‍රථම ශේ‍ර්ණිය දක්වා උසස්වීම් ලැබීම සුදුස්සාට සුදුසු තැන ලැබීමේ විරල සිද්ධිය එතුමාටම අත්විඳින්නට සිදුවීම එතුමා දන්න කියන හැමගේ මහත් සතුටට හේතු වූ සිද්ධියක් විය. මෙම උසස්වීමත් සමඟ මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර තනතුරකින්ද එතුමා පුදනු ලැබීය. මෙතුමාට විශ්‍රාමය යනු රාජ්‍ය සේවාවෙන් ඉක්මයාමක් වූයේ නිල වශයෙන් පමණකි. රාජ්‍ය සේවාවේ ක්‍රියාකාරී කටයුතුවලින් ඉවත්ව යාමක් එහි නොවීය. එතුමා විශ්‍රාම ගිය බවක් සඳහන් වුවද පෙර පරිදිම ප්‍රදේශයේ ඕනෑම කටයුත්තකදී එතුමා නැතිවම බැරි අයකු වූයේ නිතැතියෙනි.

එප්පාවල කෝරලයේ විශ්‍රාමික සුබසාධක සංගමය පිහිටුවා ගන්නා ලද්දේ නැවතත් එතුමාගේ සභාපතිත්වයෙනි. 1986 අගෝස්තු මස පළමුවන දා ඉතා සුළු පිරිසකගෙන් ආරම්භ කරන ලද මෙම සංගමයේ ආරම්භයේ සිට 2002 දක්වාම සභාපති ධුරය ඉසිලූ එතුමා එම කාලය තුළ උතුරු - නැඟෙනහිර ඇතුළු දිවයිනේ වැඩිදෙනකු කිසිදා නොගිය අපේම රටේ අතිශය වැදගත් ආගමික, ඓතිහාසික, මෙන්ම විනෝදජනක ස්ථාන අප්‍රමාණ ගණනක් නැරඹීමේ වාසනාව සාමාජිකයන් හා එම පවුල්වල අයට ලබාදීමට සමත්වීම සුවිශේෂ වේ. එදා 13ක් වැනි සුළු පිරිසකගෙන් ආරම්භ කරන ලද මෙම සංවිධානය අද වන විට සාමාජික සාමාජිකාවන් 360ක් ඉක්මවා ගොස් තිබීමෙන් එවන් සංවිධානයකට ඉටුකළ හැකි මහජන සේවා කොතරම්දැයි අපට කියාදෙනු ලබයි.

දිසානායක ආරච්චි මහතා ප්‍රදේශයේ විවිධ සමිති සංවිධාන හරහා සේවා ඉටු කරන්න කරන්න කාර්යක්ෂමතාව මෙන්ම අවංක කැපවීම වෙනුවෙන් ඇගයීමක් හා ප්‍රසාදය පළකිරීමක් වශයෙන් දෝ ගමෙන් පමණක් නොව බාහිරින්ද එතුමා වෙත වගකීම් පවරනු ලබනු දැකිය හැකිය. 1991දී එතුමා තලාව කොට්ඨාසයේ සමථමූල මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබ අවුරුදු විස්සක්ම එම තනතුර දැරීමෙන් එතුමා කොට්ඨාසය තුළ කිනම් ඉහළ පිළිගැනීමක් සතුව සිටියාද යන්න පෙන්වා දෙනු ලබයි. එතැනින් අස්වූ එතුමාට සිදුවූයේ ගෙදර යාමට නොව තලාව ආයුර්වේද වෛද්‍ය සංරක්ෂණ සභාවේ ගරු සභාපති පදවිය දැරීමටය. අවුරුදු පහක් සභාපති වශයෙන් අවුරුදු හයක් ලේකම් වශයෙන්ද කටයුතු කළ හේ දැනට එහි භාණ්ඩාගාරික වේ. 1992 දී සීමාසහිත එප්පාවල විවිධ සේවා සමුපකාර සමිතියේ ගරු සභාපති ධුරයට පත්කර ගැනීමත් සමඟ අපේක්ෂිත පරිදි සේවා ඇගයීමක් වශයෙන් කොළඹ ගුණසිංහපුර ශ්‍රී ලංකා සමුපකාර පාරිභෝගික මහ සමිති සංගමයේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ ධුරයට පත්කරන ලදී. 1995 වන තුරුත් අනුරාධපුරයට දිස්ත්‍රික් ග්‍රාමීය බැංකුවක් නොතිබුණෙන් එවැන්නක් පිහිටුවීමට පුරෝගාමී සේවාවක් ඉටුකළේ එහි ආරම්භක සභාපති ධුරයද දරමිනි. මෙවන් අප්‍රමාණ වැඩ කොටසක් සමාජය වෙනුවෙන් ඉටු කළ එතුමාට 1995 වර්ෂයේදී රට නියෝජනය කරමින් ඉන්දියාවේ නවදිල්ලියේදී පවත්වන ලද සමුපාකාරිකයන්ගේ ආසියා පැසිපික් කලාපීය රැස්වීමට සහභාගිවීමට ලැබූ අවස්ථාව එතුමාගේ සමාජසේවා කටයුතු වෙනුවෙන් වූ කැපවීම සඳහා පිරිනමන ලද ගෞරවනීය පිළිගැනීමක් හා සමාන විය. එක් දිනයක් හෝ එතුමාගේ ඇසුර ලබා ගැනීමට අපි පින් ඇත්තෝ වීමු. 


කතාව - 

ප්‍රභාත් අත්තනායක