26

කොළඹ

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

රහස් ගුප්ත අඳුන් හදන්නේ මෙහෙමයි

පාරදිගේ

ලීල් විජේබණ්ඩාර මහතාගේ පරම්පරාවේ ආදිතමයකු අෑත අතීතයේ තවත් පිරිසක් සමඟ දඹදිව වන්දනාවේ රුවල් බෝට්ටුවලින් ගොස්; දඹදිවදී ගිය පිරිසෙන් මඟඇරී අතරමංවී ඉබාගාතේ ඇවිදින විට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පූජකවරයකුට මුණගැසී ඔහු ඔහුගේ කෝවිලට රැගෙන ගොස් ආගන්තුක සත්කාර කර එම පූජකතුමාගේ ගෝලයකු ලෙස තමාගේ ගුප්ත විද්‍යා කටයුතුවලට ආවතේවකරුවකු ලෙස තබාගෙන සියලු ගුප්ත කටයුතු උගන්වා අවුරුදු 7 - 8කට පමණ පසු තමාගේ රටට ලංකාවට ඒමට අවසර ඉල්ලූ විට ඊට අවශ්‍ය සියලු පහසුකම් සලස්වා එම පූජකතුමා මතක් වීමට තෑග්ගක් ලෙස කළුනික පැළයක් සහ කේරළ භාෂාවෙන් දෙමළ අකුරින් ලියන ලද අඳුන් ක්‍රම අඩංගු පොතක් ලබාදී ඇති අතර ඔහු සිය රටට පැමිණ මේ පොත උපයෝගි කර ගනිමින් මෙම විස්මිත අඳුන් ක්‍රම මඟින් සෙත් ශාන්ති සිදුකර තිබේ. ඒ පිළිබඳ අපි පසුගිය කලාපයක ලිවීමු.

මෙම පොතේ දක්වා ඇත්තේ විශ්වයේ පවතින අනිටු විස තරංග සහ කිරණ නිසා මිනිසාට සිදුවන විපත් කරදර අවම කර යහපත් ජීවිතයක් ගත කිරීමට ඔෟෂධ බලය උපයෝගි කරගන්නා ආකාරයන්ය. මෙම අඳුන් සැකසීම සඳහා ඉතා වටිනා ඔෟෂධ වර්ග සංයෝග කළ යුතුය. මෙම ඔෟෂධ අතර කස්තුරි, ගෝරෝචන, සුදු හඳුන්, රත්හඳුන්, මීපැණි, පැණි වර්ග පහ දුටුසතුටු, පස්ලෝ, යකඩපෙන (යබොර), රන්, රිදී වැනි ඔෟෂධ වර්ග එක් එක් අඳුන් සෑදීමට ගත යුතුය. බොහෝ විට මෙම අඳුන් සඳහා ඔෟෂධ ලබාගත යුතු ශුද්ධ ස්ථානද දක්වා ඇත. අපවිත්‍ර ස්ථාන, සොහොන් පිටි, මිනිස් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානවලින් මේ ඔෟෂධ නොගත යුතු බවත් සියලු ඔෟෂධ ලබාගත යුත්තේ සුබ හෝරා නැකැත්වලට අනුවය. මේ අඳුන්වල විශේෂත්වය වන්නේ මිනිසාගේ අයහපත ඇති වීමට සහ දියුණුව අඩාල කිරීමට ඇති වන්නා වූ අනිටු ග්‍රහ කිරණ සහ තරංග බලවේග සෞම්‍ය කර යහපත් තරංග සහ කිරණ ශක්තීන් ලබා දීමය. මේ පොත වැඩිදුරටත් පරිශීලනය කිරීමේදී පෙනී යන්නේ අනවින, කොඩිවින, භුමිපාළු, ඇස්වහ කටවහ, ග්‍රහ අපල ආදී සියලුම දෝෂවලින් ඇති වන්නේ අයහපත් තරංග සහ කිරණ ශක්තියක් බවය.

 උදාහරණයක් ලෙස අනවින, කොඩිවින වැනි හූනියම් බන්ධන සඳහා යම් යම් අමනුෂ්‍ය කොට්ඨාසවලට ‍ෙදාළ බිලි පූජා දී වරු ගණන් දින ගණන් ඇඳුරන් විසින් මතුරා එම කොඩිවිනයට අදාළ අමනුෂ්‍යා සතුටු කර මන්ත්‍ර බලයෙන් දිෂ්ටි ප්‍රාණ පලිප්පු පුට පිහිටුවා හතුරාගේ භූමියේ කඩුල්ල ළඟ, නිවෙස ළඟ වළලා කරුනු ලබන හූනියම්, බන්ධනවලට අරක් ගත් බන්ධනය කළ අමනුෂ්‍යාට ඇඳුරා විසින් දෙන ලද විධානයට අනුව කොතෙක් දැන උගත් බුද්ධිමත් ඥානවන්ත දියුණු අයෙක් වුවත් කොතැන හෝ වරද්දවා  මහමඟට වැටෙන තත්ත්වයට පත් කරයි. මේ සඳහා මූලිකව එම පුද්ගලයාට අයහපත් සිතුවිලි කරන්න සිතට ගෙනදේ. මෙවැනි අයට මේ විස්මිත අඳු ප්‍රතිකර්මය ඉතා වැදගත්ය. කොතෙක් අපල දෝෂ, බන්ධන, අනවින ඇතත් ඒ තුළින් ලැබෙන අනිටු තරංග කිරණ හේතුවෙන් යහපත් සිතුවිලි තරංග ඇති කිරීම මේ අඳුන් තුළින් ඇතිවන විද්‍යාත්මක සංසිද්ධියයි. ණය බර, ව්‍යාපාර බිඳවැටීම, විවාහ ප්‍රමාද, අනවින, කොඩිවින, ඇස්වහ, කටවහ ආදී මිනිසාගේ යහපැවැත්මට බාධා කරන අපල දෝෂ බලය ඇතිවීමට මූලික වූ සියලු අනිටු බලවේග එකවර විනාශ වීම මේ අඳුන් මඟින් සිදුවේ.

අප කරා එන බොහෝ අය පවසන්නේ බෝධි පූජා තැබුවා නොදාපු යන්ත්‍රයක් නැහැ. මුදු දැම්මා, ග්‍රහ පූජා තිබ්බ නමුත් කිසිම ගුණයක් නොලැබුණා. මේ සම්බන්ධව විමසීමේදී ඉහත දක්වන ලද පිළියම් කළාට ප්‍රතිඵල උදා නොවිය හැකිය. කේන්ද්‍රය බලා ග්‍රහ අපලවලට පිළියම් කළාට එම පුද්ගලයාගේ ග්‍රහ අපල දුරු වුවත් අනෙක් දෝෂ භංග වී නැත. එනම්, ඇස්වහ කටවහ, ග්‍රහ අපල, විනබන්ධන ආදී සියලු දෝෂ කෙනකුගේ දියුණුව, ජයග්‍රහණ සඳහා එකවර භංග විය යුතුය. මොන අපල දෝෂ බන්ධන තිබුණත් නිවැරැදි ඉලක්කය සඳහා යෑමට තද වැස්සේ කුඩය ඉසලාගෙන නොතෙමී ගමන් කළ හැකි සේ මේ අඳුන්වල බලය ලබාගත හැකිය.

මෙම අඳුන් සෑදිය යුත්තේ ඒ ඒ පුද්ගලයාගේ කේන්දරය බලා ලබා ඇති දශා, මහදශා, ග්‍රහ උච්ච, නීච, අස්ත ස්වභාවයන් හරි හැටි විමසා බලාය. හේරත් බණ්ඩා අන්දෝරිස් සීයාගෙන් මට ලැබුණු මේ පොතෙන් අවුරුදු 22ක් තිස්සේ ඉතා නිහඬව මේ රටේ මැති ඇමැති නොයෙක් තරාතිරමේ ව්‍යාපාරිකයන්ට ඒ ඒ අයගේ අත්‍යවශ්‍යතාවට අනුව එනම් දියුණුව, ජයග්‍රහණය ධනය, බලය, කීර්තිය, සර්ව ජන වශිය උදෙසා මේ අඳුන් සකසා දී උසස් ප්‍රතිඵල ලැබී ඇති බව ඉතා වගකීමෙන් පැවැසිය හැකිය.

මෙම පොතේ රෝගාබාධ සම්බන්ධවද මෙම අඳුන් මඟින් සහනය ලබා ගන්නා ආකාරය දක්වා ඇත. යම් යම් අසනීප ඇති වීමට කේන්දරයේ පවතින ග්‍රහ පිහිටීම් විමසා එම ග්‍රහ කිරණ බලය සෞම්‍ය කරගන්නා ආකාරයට මේ අඳුන් මඟින් ග්‍රහ රශ්මීන් තුනී කරගත හැකිය. යම් අයකුගේ කේන්දරයේ රවි හෝ චන්ද්‍රයා දුර්වලව 06 වැන්නෙහි හෝ 07 වැන්නෙහි සිටීම නිසා බොහෝ රෝග ඇති කරන අතර එම රවි හෝ චන්ද්‍රයා ඔවුනොවුන් අසුබ දෘෂ්ටි ආදියෙන් පීඩිත වී නම් ශරීරය වඩාත් දුර්වල කර රෝග සාදයි. මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා ඇති රාශි 12න් එකක් ඕනෑම අයකුට අයත් වෙයි. මේ රාශිවල එක් එක් අයට නොයෙක් ආකාරයට ග්‍රහ සංයෝග, ග්‍රහ, දෘෂ්ටි, දශා පිහිටන අතර මේ පිළිබඳව මැනවින් විමසා මෙම අඳුන් සැකසිය යුතුය. උදාහරණයක් ලෙස මේෂ රාශිගත ශනි යුරේනස්, නැප්චූන් යන ග්‍රහයෝ රවි, චන්ද්‍ර යන දෙදෙනාගේත් සංයෝග හෝ අසුබ දෘෂ්ටිවලින් දුර්වල වී නම් මොළයේ රෝග, සෙම් රෝග, පීනස් රෝග, ආමාශ රෝග, ශරීරයේ අම්ලගත වැඩිවීමේ රෝග, දත් රෝග, සුළු බිහිරි ගති ඇති වෙයි. 

මේ ආකාරයට වෘෂභ රාශිගත ශනි, යුරේනස්, නැප්චූන් යන ග්‍රහයෝ රවි, චන්ද්‍ර දෙදෙනාගෙන් සංයෝග හෝ අසුබ දෘෂ්ටිවලින් දුර්වල වී නම් උගුරේ රෝග, නහර දුර්වලතා, බෙල්ලේ රෝග ඇති කරයි. මේ ආදී වශයෙන් ඒ ඒ පුද්ගලයන්ගේ කේන්දර විමසා බලා අසනීප ලෙඩ දුක් සඳහා සාදන අඳුන් සෑදිය යුතුය.

විවාහ ප්‍රමාද ආදියට විවාහ බාධක සඳහාද සාදන අඳුන්ද සෑදීමේදී ජන්ම පත්‍රවලට ඇති කුජ ග්‍රහයාගෙන් ලැබෙන ග්‍රහ බාධක මැනවින් තේරුම් ගත යුතුය. කුජ දෝෂය, අඟහරු දෝෂය හෙවත් භෞම දෝෂය, චන්ද්‍ර මංගල යෝග විමසා එම ග්‍රහ තරංග කිරණ ශක්තීන් සෞම්‍ය වන ආකාරයට එම අඳුන් සැකසීම සිදුවිය යුතුය.

මේ විස්තර කර ඇති ආකාරයට අඳුන් සෑදීමේදී එම පුද්ගලයාට උත්පත්ති මොහොතේ උදා: ලග්න ගත තොරතුරු විමසා බලා ඊට අවශ්‍ය නියමිත කාලහෝරා, නැකැත්, යෝග අනුව ප්‍රවේශමෙන් කළ යුතු බව මේ පොතේ දක්වා ඇත.

071-7603104

037-2244819