28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
පාරදිගේ
අතපය අහිමි වූවන්ට සහෝදරත්වයේ පිය සටහන් රැගෙන ආ අරුණ...

අරුණ සමරවික්‍රමයන් පිළිබඳව ලිවීමේදී මම මෙලෙස සඳහන් කළෙමි. මේ කතාව වූ කලී සොබාදහම තම පාලනයට නතු කර ගැ

02:00 AM May 18 2019
මිහින්තලේ බලන්න ඇවිත් ගෝන දඩයමේ ගිය නේපාල රජ්ජුරුවෝ...

වසර 62කට පමණ පෙර නේපාලයේ රජතුමා විල්පත්තුවේ කරන ලද සංචාරය ඉතිහාසයට එක් වී විශාල කාලයක් ගතවී ඇතත් එම

02:00 AM May 18 2019
රාණිගෙන් ඉගෙනගන්න...

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරි

02:00 AM May 18 2019
මැටි කපා වැනසූ බිමක් පුනරුත්ථාපනය කළ අපූරු මිනිසා...

මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත යථා අයුරින් පුනරුත්ථාපනය කළ යුතු බව 1992 අංක 33 දරන පතල්

02:00 AM May 18 2019
සතිපොළේ පැෂන් බලා ගෙදර ගිහින් රෙදි වියන අකුරම්බොඩ අක්කා...

අකුරම්බොඩ මංගෝනොනා ඇගේ රෙදි මිටිය මද්දුමයාගේ හිස මත තැබුවේ දරුවන් දාහත් දෙනකු (17) ජීවත් කළ පොළ රැකි

02:00 AM May 18 2019
ගොඩකවෙල පුහුඅරඹ පාරිසරික රක්ෂිතය වනසා රබර් වවන බලවතා කවුද?...

අද වනවිට පරිසර විනාශයත් සමඟ අපට බොහෝ දේ අහිමි වී තිබේ. පරිසර විනාශය සමඟ බීමට ජලය, හොඳ වාතාශ්‍රය අපට

02:00 AM May 18 2019
පළඳින අඳුනින් පිල්ලි පන්නන්නේ මෙහෙමයි...

කරේ පලඳින විස්මිත රහස් ගුප්ත අඳුන් පිළිබඳ පසුගිය කලාපයේදී අප කරුණු ඉදිරිපත් කළෙමු. සමාජයේ විසින්ම ණය

02:00 AM May 18 2019
යාල්පානමෙන් ගේන කේරළ ගංජා රට වට මෙලෙසින් පැතිරී යන්නා...

කොළ සෑහෙන ප්‍රමාණයක් ලියන්න කරුණු කාරණා ඔහු ගාව. හිතන්න විධියක් නම් නැහැ මමම ඒවා ලියාවි කියා. නමුත්

02:00 AM May 18 2019
ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ නේද මචං...

77ට පස්සේ ලංකාව සහමුලින්ම වෙනස් වුණා. සංවෘත ආර්ථිකය විවෘත වුණා. අෑත ගම් දනව්වලට රූපවාහිනිය, ගුවන්විද

02:00 AM May 18 2019
ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය අනුව කිරිඅමුණකොළේ දෙවොල සොයා මව...

ගඟක් වක් වී ගලන තැන ඇති සුන්දරත්වය මෙහි නොවේ. ඒ නිසාවෙන් ජය ගඟ ගැඹුරුය. ශාන්තය. ගූඪත්වයක් නම් මම දුට

02:00 AM May 18 2019
දඬුබැඳිරුප්ප කැවුම් බාරය ඔප්පු කිරීමට පිදෙන කැවුම් පෙළහර...

දැන්නම් දින කිහිපයකින් පසු ගම වටා ටකයක් ගසන හඬය. ටකයේ දෝංකාර හඬ ගම්මු හොඳට දනිති. ටකයේ වගතුග නම් නො

02:00 AM May 18 2019
වාට්ටුවේ තුණ්ඩු කොළ පෙන්වලා...

නිරතුරුවම තෙතබරිතව පවතින තුරු වදුලින් වැසුණු මෙම උද්‍යානයේ ඉහළ කොටසේ තුරු නොවේ වැල් වැඩි වශයෙන් තඩ ක

02:00 AM May 18 2019
අඹගමුවෙන් ශ්‍රීපාද භූමිය ඉවත් කළේ කාගේ වුවමනාවටද?...

පසුගිය දිනෙක මරේ වත්තේ පිහිටි හෝටලයක එහි අධ්‍යක්ෂවරයකුගේ කාමරයෙන් සන්නිවේදන උපකරණ හමුවීමත් සමඟ ඒ ගැන

02:00 AM May 18 2019
රත්නපුරේ මැණික් ගන්න බයර්ලා නෑ...

ගෙවුණු පාස්කු ඉරිදා නැතිනම් අප්‍රේල් 21 වැනිදා විශේෂයෙන්ම කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගනිමින් මුස්ලි

02:00 AM May 11 2019
මිනිස් වටය...

නැංගුරම ගැලවුණු ‘තෙරේසා මල්කාන්ති’ බෝට්ටුව මුහුද දෙසට පාවී යයි. ලැයියා දුව යන්නේ ඒ බව එහි අයිතිකරුවන

02:00 AM May 11 2019
ලිංගික උත්තේජන විස මත්පෙති ජීවිතයට අවදානමක්...

අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු, සහල් කෘත්‍රිම ආහාර වර්ගවල ඇති ආසනික් (වස විස) අද වන විට මිනිස් සිරුරු

02:00 AM May 11 2019
පොළොන්නරුව බැඳිවැව පාසලේ දරුවන්ට තවමත් අඩු සැලකිලි...

පොළොන්නරුව බැඳිවැව මහ විදුහලේ පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා ගැන පසුගිය කලාපයකින් අපි ඉදිරිපත් කළෙමු. අද ව

02:00 AM May 11 2019
විස තරංග කිරණ...

හේරත් බණ්ඩා අන්දෝරිස් වන මගේ මුත්තාට විස්මිත ගුප්ත රහස් ඇතුළත් අඳුන් ඇතුළත් පුස්කොළ පොත මුත්තා පණ ම

02:00 AM May 11 2019

සැබෑ රෑන ගිරව් සොයා මානෑවට ‘මව්බිම’ ගිය ගමන

පාරදිගේ

මානෑව කන්ද නිශ්චලය. නිශ්ශබ්දය. එකී කන්ද කිසි දිනකදී චංචල හෝ මුඛරි වී නොමැත. ඒ නිසාවෙන් කන්ද පාමුල මිනිසුන් තමන්ගේ ඇස් මට්ටමේ එපිටහ පිහිටි කන්ද දෙස බැලුවේ ගූඪත්වය මුසු ගෞරවයකිනි. හේන් පැල් රකින ගම්මුන්ට මානෑව කන්ද තවදුරටත් එවැන්නක්ම වීම අරුමයක්යැ. 

එකල හද්දා වන්නියක් වූ මානෑව කඳු පාමුල මිනිසුන් දැවැන්ත දැනුම් සම්භාරයකින් පෝෂණය වූවන් නොවේ. මෙහි පස ලෙයින්, දහදියෙන් සහ කඳුළින් පෝෂණය වීම නිසා එය එලෙස සිදුවිණි. සැබැවින්ම මිනිසා බවට මෘගයාගේ ආශ්චර්යවත් පරිවර්තනය සිදුවූයේ මෙවැනි කුඩා කරුණු කාරණා ඇසුරේදීය. මෙම කඳු පාමුල එක්තරා නිවෙස් දෙකක් තිබිණි. එහි සිටි ගැටිස්සියක් සහ ඉලන්දාරියෙක් අතර පයුරු පාසානම මරණයකින් කෙළවර වීම යනු නොසිදුවීමක් නොවිණි. එය පසු කලෙක රූගත විණි. ඒ රෑන ගිරව් නමිනි. සැබෑ සිදුවීම සැලෝලයිඩ්කරණය වීම දක්වා දුරදිග ඇදුණු විට සැබෑ සිදුවීම ලංකාව තුළ අත්වන ඉරණම පිළිබඳ උදාහරණ එමටය. සිනමාකරුවෙක්ගේ හොඳම සිනමා රූප හමුවන්නේ ශෝකී අතීත මතක පත්ලේ යන පවුලොස්කි නම් පෝලන්ත සිනමාකරුගේ මතක වත රෑන ගිරව් සැලෝලයිඩ් පටය සඳහා අදාළ කරගත යුතු නොවේ. කෙසේවුවත් මෙම ගම්මානයේ පිහිටා තිබුණු නිවෙස් දෙකේ එක නිවෙසක් කරා අප පිය මැන්නේ සැබෑ රෑන ගිරව් සොයාය. සැබෑ රෑන ගිරව් එහිදී මුණගැසිණි. මේ ඔවුන්ගේ කතාවය. 

“අපෙ අම්මට හිටියා සහෝදරයෝ හත්දෙනෙක්. අම්මාගේ නම උක්කු අම්මා. වැඩිමහල් මාමා රන් හාමි, දෙවැනියා සුද්දා හාමි, තුන්වැනි මාමා කිරි හාමි. ලොකු අම්මට කිව්වේ පළාතේ කියලා. නැතිවුණු කෙනා සින්නම්මා. අම්මාගේ අප්පච්චි බණ්ඩප්පු. අත්තම්මා මුතුමැණිකේ. ඒ කාලේ මේ පළාතේ තිබුණේ ඇවැස්ස මඟුල් තුලා. අපේ ලොකු මාමාට හිටිය දුව. එයා බණ්ඩාර මැණිකා. බණ්ඩාර මැණිකාට මඟුල් ඔත්තුවක් ආවා අල්ලපු ගෙදරින්. ඒ කාලේ කේන්දර එහෙම හරි හරියට බලනවා. එහෙම බැලුවම ඒ කේන්දර ගැළපෙන්නේ නෑ. ඒ හින්දා වැඩිහිටියෝ තීරණයක් අරගෙන දෙපැත්තකින් මේ මංගල්‍යය පිළිබඳ කතා කරගත්තා. ඒ කාලේ අධ්‍යාපනයත් අඩුයි. බණ්ඩාර මැණිකාට කතා කරපු හාදයා ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. මනුස්සයා ඔය කාලෙදී අකාලේ සමාජයට වැටිලා බොන්න කන්නත් පටන් ගෙන. ඒ අවස්ථාවලදී සමාජය මේ මනුස්සයාගේ මඟුල අවහිර වුණු එක ගැන එක එක කතා කිව්වා. මේ මනුස්සයා සමාජය කිව්ව කතාබහ ලොකුවට විශ්වාස කළා. 

ඒ කාලේ හැම ගෙදරකම තුවක්කුවක් තිබුණා. ඒ ගෙදරත් තුවක්කුවක් තිබුණා. මේ ගෙදරත් තුවක්කුවක් තිබුණා. අර මනුස්සයා දඩයම් කරන්න එහෙමත් බොහොම දක්ෂයි. ඒ වැඩවලට හුරුපුරුදුයි. සමාජය කියපු කයිකතන්දර එක්ක මේ මනුස්සයා විකෘති වෙලා ඉඳලා තියෙන්නේ. ඒ වෙලාව වෙද්දී අපේ අම්මලා හේන්වල. ලොකු මාමා විතරයි ගෙදර ඉඳලා තියෙන්නේ. අපේ ගෙදර මට තාම මතකයි. ඒක මහ විශාල පරණ ගෙයක්. අත්තම්මයි, බණ්ඩාර මැණිකයි ගෙදර ඉඳලා තියෙනවා. එයාට බාල නංගියෙකුත් හිටියා. ඒ බාල නංගිගේ නම සිඟිත්තා. ගෙදර අනෙක් හැමෝම හේන්වලට ගිහින්. ඒ කාලේ හේන් තිබුණේ ගමට බොහොම ළඟින්. ඒ කියන්නේ ගමේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර   අෑතට වෙන්න. අර මනුස්සයා ඇවිත් බණ්ඩාර මැණිකාව අල්ලා ගන්න හදද්දී බණ්ඩාර මැණිකා ගෙට පැනලා ‍ෙදාර වහගත්තා. ආපු වේගෙට අර මනුස්සයා තුවක්කු තොලොම්බුවෙන් ගහලා ‍ෙදාර කඩන කොට ගෙදර අසනීප වෙලා නතර වෙලා හිටිය මාමාට ඇහැරුණා. මාමා ඔළුව උස්සලා බැලුවා මොකද්ද මේ කියලා. මොනවා මොනවා හරි කියන්න ඇතිනේ. එතකොට අපි බොහොම පොඩියි. අර මනුස්සයා ‍ෙදාර කඩලා දැම්මා. ‍ෙදාර කඩන කොට අත්තම්මා ළිඳට ගිහින් වතුර ගේන්න. (එම ළිඳ  ඡායාරූපයේ දැක්වේ. ප්‍රතිසංස්කරණය නොකර දැනුදු පවතී) අත්තම්මා මොකද කියලා බලන්න එද්දී අර මනුස්සයා අත්තම්මට වෙඩි තිබ්බා. අත්තම්මට තමයි මුලින්ම වෙඩි තියලා තියෙන්නේ. දෙවැනි මාමා ඔය වෙලාවේ අනුරාධපුරේ ගිහින් ඉඳලා තියෙන්නේ. එයා අනුරාධපුරේ ගියේ අසනීපෙන් ගෙදර ඉන්න ලොකු මාමාට බෙහෙත් ගේන්න. එයා එන ගමන් ඉක්මනට ඉක්මනට ගෙදරට එද්දී අර මනුස්සයා ලොකු මාමට වෙඩි තිබ්බා. ලොකු මාමාත් මිදුල මැද ඇදගෙන වැටුණා. ඔය වෙද්දී කිරිහාමි මාමා හේනට ගිහින්, එයාගේ ගෙදරට ඇවිත් දවල්ට කන්න. එයාට සද්දෙ ඇහුණ ගමන් එයත් මෝල්ගහක් අරගෙන දුවගෙන මහ ගෙදර පැත්තට ඇවිත්. ඒ කාලේ රණ්ඩු දබරවලට මිනිස්සු යන්නේ මෝල්ගහ අරගෙන. මෝල්ගහ අරගෙන ආපු මාමටත් අර මනුස්සයා වෙඩි තිබ්බා. වෙඩි තියලා කෙල්ල අරගෙන පැන්නා. දැන් මහ ගෙදර වෙඩි කාපු තුන්දෙනෙක්. තුන්දෙනාම මිය පරලොව ගිහින්. අවුරුදු 4ක් විතර තිස්සේ මේ මනුස්සයව හෙව්වා. මිනිස්සු කියන්න ගත්තා දෙන්නා විරසකය අතහැරලා දාලා අහවල් තැන පවුල් කනවා කියලා. මහගෙදර කී දෙනෙක් මළාද කියලා නොදන්න නිසා කෙල්ලත් කරබාගෙන ඉන්නවා කියලා. සමහරු කියන්න ගත්තා අනුරාධපුරෙන් පදවිය පැත්තට වෙන්න ඒ දෙන්නා හේන් කරනවා කියලා. දැන් දරුවොත් ඉන්නවා කියලා. අනුරාධපුර ඉස්පිරිතාලෙදී ඒ දෙන්නව ඇහෙන් දැක්ක අයත් ඒ කාලේ මේ ගමේ හිටියා. ඒ හින්දා අපි හොයනවා. මොනවා කරන්නද? එක පැත්තකින් අපේ කෙල්ල. අනෙක් පැත්තෙන් ගෙදර අයගේ මාරයා. 

ඒ දවස්වල එහෙමට කියලා හොයන්න අයත් නැහැ. පවුලේ කීපදෙනෙක්ම වෙඩි කාලා මළා. හොයනවා කියලා ඒ වැඩේ කරන්න හිටියේ අපේ අප්පච්චි විතරයි. අප්පච්චි නිලධාරියෝ එක්ක ඔත්තු ලැබෙන හැම පළාතකම ගියා. සොයාලා බැලුවා. හොයලා බලන එකත් ටිකින් ටික අඩුවුණා. කොහෙන් කියලා හොයන්නද? අනික හේන් ගොවිතැන් කරලා ජීවත්වන අය වෙච්චි..........එහෙමට කියලා කාලයක් කැප කරන්න බැහැනේ. අවුරුදු 4ක කාලය තුළ අපේ පවුලට ලබලා තිබුණේ මහ නරක කාලයක්. ඔය කාලයේදී ඉපලෝගම උප දිසාපති කොට්ඨාසයට ආවා අලුත් උප දිසාපති කෙනෙක්. එයාට ගම කෙළවර තියෙන මානෑව කන්ද බලන්න ඕන වුණා. කන්ද හරිම ලස්සනයි. දැකුම්කලුයි. කන්දට යන්න පුළුවන් පාරවල් දන්නා කීපදෙනෙක් එකතු කරගෙන කන්දට යන්න උප දිසාපතිවරයා දින නියම කරගත්තා. ගමේ හිටිය වැදගත් පවුලක රාජකරුණා මහත්තයා කියලා කෙනෙක් තමයි ගමන  සංවිධානය කළේ. කෑම බීම ජාති කර තියාගෙන නියම කරගත් දිනයේ මේ අය කන්ද නැග්ගා. කන්දේ ඇවිදගෙන යද්දී මේ අය ගල් කන්දක් ගාව නතර වෙලා අවට සිරි නරඹලා තියෙනවා. ගල්කන්ද පාමුල ළිඳක් වගේ බෑවුමක්. ඒ බෑවුම දිහා උප දිසාපති මහත්තයා බලද්දී  ඇටසැකිලි දෙකක් දැකලා තියෙනවා. ලොකු ගැඹුරක් ඒ බෑවුමේ තිබිලා තියෙනවා. ගිය කාණ්ඩයේ අය ඉණිමගක් හදලා ඒ බෑවුමට බැහැලා තියෙනවා. බැහැලා බැලුවම ගෑනු කෙනකුගෙයි පිරිමි කෙනකුගෙයි ඇටසැකිලි. තුවක්කුවක්, පිහියක්, අරක්කු බෝතලයක්, වළලු දෙකක් පවා තිබිලා තියෙනවා. ගමෙන් ගිය රාජකරුණා මහත්තයා අවුරුදු 4කට කලින් වූ සිදුවීම දන්න කෙනා. එයා අනිත් අයට කියලා තියෙනවා අවුරුදු 4කට කලින් මෙහෙම දෙයක් වුණා කියලා. රාජකරුණා මහත්තයා ආපිට ඇවිත් පොලිසිය එක්ක ආයේ පාරක් කන්දට ගියා. ගෝනිවල දාලා ඇටසැකිලි ගෙනාවා. මට තාම මතකයි ඒ ඇටසැකිලි ගමට ගෙනාපු හැටි. ඔය සිදුවීම තමයි රෑන ගිරව් කියලා චිත්‍රපටයකට ගත්තේ. එතැනදී නම් වෙනස් වුණා. චිත්‍රපටයේ හිටියේ දිසා කියලා කොල්ලෙක්. හැබැයි ඇත්ත කොල්ලාගේ නම ටිකිරි බණ්ඩා. කෙල්ල බණ්ඩාර මැණිකා. බණ්ඩාර මැණිකා චිත්‍රපටයේදී සුමනා වුණා. එතකොට චිත්‍රපටයේදී හිටියේ දිසයි සුමනයි. 

ඒ කාලේ සිදුවීම වෙච්ච මුල පොලිසිය කැලයට, කන්දට යන්න බය වුණා. වැවේ හිටිය අය සිදුවීම වුණු වෙලාවේදී දැකලා තිබුණා අර මනුස්සයා බණ්ඩාර මැණිකා ඇදගෙන වැව් පිටිය හරහා යනවා. ඒත් පොලිසිය ඒ මඟ දිගේ වුණත් යන්න බය වුණා. ඒ පොලිසිය කිව්වේ ඔය කැලේ දෙන්නා නතර වෙන එකක් නැහැ කියලා. පොලිසියට බය වෙන්න කරුණු කාරණත් තිබුණා. අර මනුස්සයාගේ ආයුධයත් ඇති පදමට උණ්ඩ. දිගට හරහට වෙඩි තියලා මිනී තුනක් මරලානේ ගමෙන් පැන්නේ. පොලිසිය කියන විදියට අර මනුස්සයා බණ්ඩාර මැණිකාව එදා හවස් වෙද්දිම වෙඩි තියලා මරලා. ඒ මනුස්සයත් වෙඩි තියාගෙන. බණ්ඩාර මැණිකගේ කොණ්ඩය ඇටසැකිලි අතරේ තිබුණා. වළලු දෙකත් තිබුණා. මම තමයි ඒ වළලු අඳුරගත්තේ. ඔය සිදුවීම වුණේ 1959 අවුරුද්දේ. එතකොට මට වයස අවුරුදු 3යි. මගේ බිරිය ඉපදිලාවත් නෑ. 

මේ ඔවුනොවුන්ගේ යථාර්ථයයි. යථාර්ථය සහ මායාව අතර ඇත්තේ සිනමාව. කලාකරුවා දෛනික යථාර්ථයේ ප්‍රහාරය යටින් බලයි. සදාතනික, වෙනස් නොවනසුලු සංකේතයන් දනී. ජීවමාන මිනිසාගේ ක්‍රියාවන් පිටුපසින් මනුෂ්‍ය ආත්මය පිසදා අරින්නා වූ මහා ප්‍රවාහයක් ඔහු පැහැදිලිව ඔහු වෙන් කොට ගනී. ඔහු මොහොතක් පවත්නා සිද්ධියක් ගෙන, ඒවා නොමියෙන වාතාවරණයක් තුළ යළි ස්ථානගත කරයි. කලාකරුවාගේ යථාර්ථවාදී නිරූපණය සහ සදාතනික බවේ විකට රූප සැලකිල්ලට ගනී. රෑන ගිරව් එලෙස වීද? නොවීද? 

කතාව පින්තූර - ප්‍රභාත් අත්තනායක 

පරිගණක සිත්තම - සුරංග උදයකුමාර