30

කොළඹ

නවතම පුවත්

අවුරුදු 18 ක තරුණියක් හෙරෝයින් එක්ක අල්ලයි

මැදවච්චිය, බොරළු කන්ද අසලදී හෙරෝයින් ග්‍රෑම් 01 යි මිලි ගෑම්

10:54 AM Apr 23 2019

ප්‍රහාර වලට සැකපිට 40ක් අත්අඩංගුවට

10:51 AM Apr 23 2019

කොටි සංවිධානයේ රත්තරන් තොගයක් ලක්ෂ 300ට අලෙවි කරන්න ගිය පොලීසියේ දෙන්නෙක් එක්ක හතක් කොටු

10:45 AM Apr 23 2019

වැල්ලවාය නගරය පුරා සුදු කොඩි එසවේ - නගරය පාලු වෙලා

10:36 AM Apr 23 2019

ලක්ෂ 13ට අධික වටිනාකමක් ඇති බැටරි 03ක් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු මාට්ටු

10:34 AM Apr 23 2019

මෘත ශරීර හඳුනාගන්න කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට එන්න

10:29 AM Apr 23 2019

කොල්ලුපිටියේ සැකකටයුතු පාර්සලයේ ගැටළුවක් නැහැ

09:52 AM Apr 23 2019

ජනතාව නොසන්සුන් කිරීමට උත්සාහ කළ පුද්ගලයින් 13 ක් අත්අඩංගුවට

09:50 AM Apr 23 2019
හදගැස්ම
විද්‍යා බාලන් සිත් වේදනාවට ප්‍රතිකාරය සොයාගෙන...

විද්‍යා බාලන් ඉන්දියාවේ වර්තමාන නිළියන් අතර ඉතා  ජනප්‍රිය සහ දක්ෂ, සාර්ථක නිළියක් බව රහසක් නොවෙ

02:00 AM Apr 20 2019
සුද්දන්ට විරුද්ධව කැරැලි ගහන කවුද මේ ‘සුද්දා’...

මේ දවස්වල ‘සක්කාරං’ එක්ක සංජය ප්‍රේක්ෂකයෝ අතරට එනවනේ. ඒ ගැන මුලින්ම කියමු.අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය ක

02:00 AM Apr 20 2019
සචින්ත බිරියට දුන්න වටිනාම තෑග්ග ...

සචින්ත දේවනාරායන කියන්නේ ඩ්‍රීම් ස්ටාර් තරගය නිසා බොහෝ දෙනෙක් හඳුනාගත්ත ගායකයෙක්. ඔහු දැන් පිය භූමික

02:00 AM Apr 20 2019
පළමු ටෙලි නිර්මාණයෙන්ම සම්මානනීය ඇගයුම් ලබාගත් තෙරුණි...

පළමු ටෙලි නිර්මාණයෙන්ම රයිගම් ටෙලි සම්මාන උළෙලේ නැඟී එන නිළිය සම්මානය ලබන්න ඔබට පුළුවන් වෙලා.බැද්දට

02:00 AM Apr 20 2019
මිණි පහන ඔබයි ටෙලියේ කුල්ෆි සහ අමීරා වූ පුංචි තරු යුවළ...

මේ දිනවල දෙරණ නාළිකාවෙන් විකාශය වන ‘මිණි පහන ඔබයි’ ටෙලි නාට්‍ය රසික සිත් ඇද බැඳ ගැනීමට සමත් වී ඇත. ම

02:00 AM Apr 20 2019
ජනිතගේ අලුත්ම චිත්‍රපටය ජය ශ්‍රී ! ඇමැතිතුමා 26දා සිට...

මගෝඩි ගොඩයි, කිව්වද නහී නොකිව්වද නහී, මගේ යාළු මාළු, ඇඩ්‍රස් නෑ චිත්‍රපට රැසක් සිනමාවට දායාද කළ ජනිත

02:00 AM Apr 20 2019
ළමා නාට්‍ය කලාවේ අලුත් වෙනස ‘ඒමි’...

ඔබ සහ බිරිය එකතු වෙලා කළ අලුත් වැඩක් එළියට එන්න ළඟයි නේද? මම සහ මගේ බිරිය සුදීපා මිහිරි ලිව්ව 'ඒමි'

02:00 AM Apr 20 2019
විවාහ වෙලා වසර ‍ෙදාළහක් ගතවෙද්දි හිමාලි ආයෙත් මනාලියක් වෙලා...

හිමාලි ආයෙත් මනාලියක් ලෙස සැරසිලා. පුංචි පුතා ලැබුණට පස්සේ ආයෙත් මනාලියක් වෙන්න හිතුවේ?අපේ ‍ෙදාළොස්

02:00 AM Apr 20 2019
රොෂාන්ගෙයි රිද්මාගෙයි කැදැල්ලේ ආදරේ බෙදාගන්න තවත් කෙනෙක්...

රොෂාන්ගෙයි ඔබෙයි කැදැල්ලට අලුත් අමුත්තෙක් එන්න සූදානම් කියලා ආරංචියි.ඔව්. අපි දෙන්නා අතරට අලුත් සාමා

02:00 AM Apr 20 2019
බයිලා සැන්ටිගේ පුතා එවන්දගේ ආතල් කාමරේ...

එවන්දගේ ආතල් කාමරෙන්ම කතාව පටන් ගමු?ආතල් කාමරේ කියන්නේ එළියට ආව මගේ පළමුවැනි සින්දුව. තනුව නිර්මාණය

02:00 AM Apr 20 2019
කාලයකට කලින් රූ සිදංගනා මැව්ව මලිත් ආදරය විඳින අයට ‘ළන්දා’ ග...

මලිත් අලුත් ගීතයක් කළා කියලා ආරංචියි?ඔව්. මගේ අලුත්ම ගීතය ‘ළන්දා’ පසුගිය කාලයේ එළිදැක්වූවා. ඒ ගීතයට

02:00 AM Apr 20 2019
මහිම පළමු සංවත්සරය සමරයි...

වෙබ් රේඩියෝ කලාව මේ වන විට ජනප්‍රිය වෙමින් පවතියි. මීට වසරකට පෙර 2018 වසරේ අප්‍රේල් මස 11 වැනි දින

02:00 AM Apr 13 2019
වැටිලා හිටපු අවස්ථාවක ආපු ‘සහෝදරයා’ නිසා උදයන්තිට ජයක්...

රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම සහාය නිළිය වීමට ඔබට අවස්ථාව ලැබුණා. මොකද හිතෙන්නෙ?ලොකු තරගයක

02:00 AM Apr 13 2019
ඉස්කෝලෙට මං ආවා තිරයට...

සිනමා මාධ්‍යවේදී ප්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ “ඉස්කෝලෙට මං ආවා” ළමා සිනමා සිත්තම එම්.පී.අයි. මණ්ඩල

02:00 AM Apr 13 2019
ඇගැයුම් තමයි අවසානයේ ඉතිරි වෙන්නේ...

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජීවිතේ එක්වරක් පමණක් ලැබෙන උත්තමාචාර ගෞරව සම්මානයෙන් පිදුම් ලබන්නට ඔ

02:00 AM Apr 13 2019
ඉෂාන් කැලෑවට පැනලා මොනවද කරන්නේ?...

මේ දවස්වල ඉෂාන් පරිසරය ගැන වැඩිපුර හිතන්න අරගෙන..?ඇත්තටම පරිසරය ගැන එකපාරට කඩාවැටිච්ච කැක්කුමක් නෙවෙ

02:00 AM Apr 13 2019
නොකියා හිටපු දෙයක් නිසා හොඳම නිළිය වූ රෙබෙකා...

රංගන ක්ෂේත්‍රයට පිවිසුණු ඔබ කෙටි කාලයකින් වටිනා සම්මානයක් හිමිකර ගත්තා නේද?ඔව්. මට රාජ්‍ය නාට්‍ය උළෙ

02:00 AM Apr 13 2019
අලුත් අවුරුද්ද සමරන අලුත බැදපු තරු...

මේ පාර අවුරුද්දට නෑදෑයෝ වැඩියි  අකිල ධනුද්දරඅපි හැම පාරම අපේ ගෙදර තමයි චාරිත්‍ර ඉටු කළේ. ඒත් මේ

02:00 AM Apr 13 2019

බිමල්-සමාධි ‘දැකලා පුරුදු කෙනෙක්’ එක්ක

හදගැස්ම

ඔබ මේ දවස්වල ‘දැකලා පුරුදු කෙනෙක්’ එක්ක මුණගැහෙනවා. ඒ මුණගැසීම ගැන මුලින්ම කතා කරමු?

මලිත් හෑගොඩ තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. මම මලිත් එක්ක මුලින්ම වැඩ කළත් ඔහුගේ පළමුවෙනි අධ්‍යක්ෂණය මෙය වුණත් ඔහු මීට කලින් විවිධ කලා කටයුතුවලට දායක වෙලා තියෙනවා. මට චිත්‍රපටයට ආරාධනා  කරලා චිත්‍රපටය රූගත කරන්න කලින් මෙතරම් පෙර සූදානම ඇතිව වැඩ කළ මෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මට මුණගැහිලා නැති තරම්. මම මලිත්ව චිත්‍රපටය කරන්න කලින් බොහෝ් සැරයක් මුණගැහුණා. අපි මේ ගැන ගොඩක් කතා කළා. ඒ මහන්සියේ ප්‍රතිඵලය තමයි දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් තියෙන්නේ.

ඔබ ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපටයක් කාලෙකට පස්සේ තිරයට ඇවිත් තියෙන්නේ?

මම කළ සමහර නිර්මාණ ප්‍රේක්ෂකයෝ අතරට ආවා. නමුත් ප්‍රධාන භූමිකාවෙන් නෙවෙයි මාව මුණගැහුණේ. මේ චිත්‍රපටයේ මම සහ සමාධි තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.

ඔබට ‘දැකලා පුරුදු කෙනෙක්’ හම්බවෙන්නෙ මීට අවුරුදු පහකට කලින්. නමුත් අපිට දැකලා පුරුදු කෙනෙක් මුණ ගැහෙන්නේ වසර පහකට පස්සේ. මේ කාල පරතරය තුළ ඔබට මේ නිර්මාණයේ අඩුපාඩුකම් දැනෙනවාද?

චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න වසර ගණනක් ගතවුණා. චිත්‍රපටය අද දවසේ නරඹද්දී හිතෙනවා මෙය මීට කලින් ප්‍රේක්ෂකයන් අතරට ගේන්න, සමාජ ගතකරන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා. එහෙම වුණා නම් මලිත්ට සිනමාවේ තවත් දේවල් හොයාගෙන යන්න ඉඩ තිබ්බා. ඔහු කෙරෙහි විශ්වාසය තබලා ඔහුට තවත් විශාල අවස්ථා නිර්මාණය වෙන්න තිබ්බා. මේ චිත්‍රපටය මීට කලින් තිරගත වුණා නම් මටත් සිනමාවේ විශ්වාසවන්තභාවයක් ගොඩනඟා ගන්නා ඉඩ තිබ්බා. නමුත් අදත් මේ චිත්‍රපටය නැරඹුවත් මට අඩුපාඩුවක් පේන්න නැහැ. ඉතාම විනයකින් රංගන ශික්ෂණයක් උකහා ගත්ත නිර්මාණයක් විදියට මම මෙය දකිනවා.

මේ චිත්‍රපටය කලින් තිරගත වුණා නම් ඔබව තව තවත් වෙනස් නිර්මාණවලින් දකින්න ඉඩ නිර්මාණය වෙන්න තිබ්බාද?

කලාත්මක සිනමාවේ තැනෙන චිත්‍රපටවලට මං ගැන විශ්වාසයක් ඇතිවෙන මට්ටමේ චරිත නිරූපණයක් මේ චිත්‍රපටය තුළ තියෙනවා. මේ චිත්‍රපටය මීට කලින් දැකලා තිබ්බා නම් කලාත්මක සිනමා අධ්‍යක්ෂවරුන්ට මගේ රංගන ධාරිතාව තවත් තේරුම් ගන්න තිබ්බා. ඒ නිසා මම හිතනවා මේ චිත්‍රපටය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න තිබ්බා කියලා.

එතකොට දැන් ඒ දේ දැනෙන්නේ නැද්ද?

මම මේ වෙනකොට චිත්‍රපට ගණනාවක් කරලා තියෙනවා. මීට කලින් චිත්‍රපටය එළියට ආවා නම් සමහර අවස්ථා මට ලැබෙන්න තිබ්බා. නමුත් දැන් වුණත් ඒ චරිතය රංගන ධාරිතාව ගැන විශ්වාසවන්තභාවයක් ගොඩනඟනවා.

මේ චිත්‍රපටය තුළ තිබෙන ලිංගික දර්ශනයකටත් ඔබ එකතු වෙනවා. ඔබට ඒ නිරූපණය ගැන වාරණ තිබ්බේ නැද්ද?

මම මේ ගැන මලිත් එක්ක පූර්ණ වශයෙන් දීර්ඝකාලීනව සාකච්ඡා කළා. ඔවුන් මට කිව්වා චිත්‍රපටයේ ලිංගික දර්ශනයක් තියෙනවා කියලා. පෞද්ගලිකව මට පිටපත කියවද්දි හිතුණා ඒ දර්ශනය අවශ්‍යද කියලා. නමුත් චිත්‍රපටයේ රචකයා සහ අධ්‍යක්ෂවරයා එක්ක අදහස් බෙදාගත්තම තේරුණා මේ චරිතයේ ස්වභාවය පෙන්වන්න පුළුවන් උපරිම විදිහ තමයි ඒ දර්ශනයෙන් පසු දර්ශනය. මේ දර්ශනය අදාළ නැද්ද කියන එක ගැන විවිධ සාකච්ඡා තියෙනවා. නමුත් මම සචිත්‍රගේ චරිතය ඉස්මතු කරන්න එය කළේ. රංගනයට අවශ්‍ය නිසා එයට දායක වුණා. ඒ ගැන මට පශ්චාත්තාපයක් නෑ.

රංගනය වෙනුවෙන් බිමල් ඕනම කැප කිරීමකට සූදානම් වාගේ?

ඒක නිර්මාණය මතම ර¼දාපවතින දෙයක්. ඒක නවක ප්‍රවීණ නිර්මාණකරුවෙක්ද කියන කාරණාව මත නෙවෙයි වෙනස් වෙන්නේ. නිර්මාණය කොයිතරම් අවංකද එය මට පෞද්ගලිකව හානියක් වෙන දෙයක්ද රටකට සමාජයකට හානියක් වෙන දෙයක්ද කියලා මම හිතනවා. මම මූලිකව අවධානය යොමු කරන්නේ අදාළ නිර්මාණය මේ මොහොතේ කොයි තරම් දුරකට අවංකද කියන දේ ගැන.

චිත්‍රපටයේ කතා කරන සචිත්‍ර සහ සැබෑ ජීවිතයේ ඔබ විවාහකයන්. සචිත්‍ර සහ බිමල් අතර සමානකම් තියෙනවාද?

සචිත්‍ර සහ බිමල් හාත්පසින්ම වෙනස්. සැබෑ ජීවිතේ මම ටිකක් කතා කරන්නේ අඩුවෙන්. සමහර හොඳ ලක්ෂණ වගේම නරක ලක්ෂණත් මගේ ජීවිතේ තියෙනවා. මම නිශ්ශබ්දව ඉන්න තැන් තියෙනවා. ඉක්මනින් කේන්ති ගන්න තැන් තියෙනවා. සචිත්‍ර සහ මගේ සැබෑ ජීවිතේ ස්වභාවයන් දෙකක් වුණාට මගේ ජීවිතෙත් සංකීර්ණ තැන් තියෙනවා. සචිත්‍රගේ වගේ චරිත ස්වභාවයන් තියෙන අය අපේ පරම්පරාවේ පිරිස අතරත් ඉන්නවා. බොහෝ පවුල්වල ප්‍රශ්න වෙනදාට වඩා සමීපයි. ඉස්සර පවුල් ප්‍රශ්න වහගෙන හිටියට දැන් ඒවා විවෘත වෙනවා. අධ්‍යක්ෂවරයාට, රචකයාට විදියට අවශ්‍ය සචිත්‍රගේ චරිතය ගොඩනඟන්න මම දායක වුණා. මගේ නොවන දේවල් යොදලා ඔවුන් දකින සචිත්‍රව මම නිරූපණය කළා.

ඔබත් එක්ක ප්‍රධාන චරිත නිරූපණය කරන සමාධිගෙන් ඔබේ රංගනයට කොයිතරම් ලොකු සහයෝගයක් ලැබුණාද?

සමාධි කියන්නේ හොඳ ශික්ෂණයක් තියෙන ඒවගේම රංගනය හදාරපු කෙනෙක්. ඇයටත් ලොකු වුවමනාවක් තිබ්බා මේ ලැබුණු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනය ගන්න. මේක සිනමාවේ ඇගේ ප්‍රථම ප්‍රධාන චරිතය. ඇය මේ චරිතය වෙනුවෙන් මහන්සි වුණා වගේම පෙරළා සියලු දෙනාගේ සහාය ලබාගන්න සුහදව ගනුදෙනු කළා. ඇය මගේ පවුලේත් හිතවතියක්. ඇත්තටම ඇයගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා.

මේ චිත්‍රපටය තිරගත වෙන්න කලින් සම්මාන දිනූ චිත්‍රපටයක්. චිත්‍රපටයේ අනාගතය ගැනත් ඔබේ චරිත නිරූපණය ගැනත් සුබවාදී බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද?

ඇත්තටම මේ යන ක්‍රමවේදය තුළ මේ චිත්‍රපටය තිරගත කරන්න අවස්ථාව ලබා දුන්න එකට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට මාධ්‍යවලිනුත් සහයෝගය ලබාදෙනවා. දැන් අපි බලාගෙන ඉන්නේ ප්‍රේක්ෂකයෝ මේ නිර්මාණය මොන ස්ථානයක තියයිද කියන දේ. මොන විදියේ පැසසුම් ලැබුණත් ඇගයීම්වලට පාත්‍ර වුණත් නැතත් විශේෂ වූ සිනමා රසික පිරිසක් විද්වත් කථිකාවක් ඇතිකරන පිරිසක් මෙය නරඹයි. ඔවුන්ගේ මුවින් මෙය ඇගයීමට ලක්වෙයි. ඒ තුළින් මලිත්ට දීර්ඝ සිනමා ගමනක් යන්න ලැබෙයි. ඒක තමයි මගේ ප්‍රාර්ථනයත්.

ඔබේ රංගනය තවත් සිනමා නිර්මාණ බොහොමයකින් ඉදිරියේදීත් දකින්න ලැබෙයිද?

ඔව්, මේ වසරේ මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. සුමිත්‍රා රාහුබද්දගේ පිටපතට අනුව අශෝක අතාවුද හෙට්ටි අධ්‍යක්ෂණය කරන කන්දක් සේමා චිත්‍රපටය ඉතාමත් සිත් ගන්නාසුලු ආකර්ෂණීය චිත්‍රපටයක්. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන Nineteen seventy love story  චිත්‍රපටයත් වෙනස් තේමාවකින් යුක්ත චිත්‍රපටයක්. එයත් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. කපිල සූරියආරච්චිගේ සිනෙමා චිත්‍රපටය කියන්නෙත් අපි අපි ගැනම කතා කරන චිත්‍රපටයක්. තවත් මම බලාපොරොත්තු තියාගෙන ඉන්න චිත්‍රපටයක් තමයි සෝමරත්න දිසානායකගේ ‘සුනාමි චිත්‍රපටය. ඒ වගේම ප්‍රදීප් ධර්මදාසගේ අයිස්ක්‍රීම් චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.

මේ දවස්වල වැඩි ඉඩ වෙන් කරලා තියෙන්නේ සිනමාවට වගේ?

මම ටෙලි නාට්‍ය එකකට විතරයි මේ දවස්වල සමබන්ධ වුණේ. ඒ සුදත් දේවප්‍රියගේ ‘සුළඟ මහමෙරක්’ ටෙලි නාට්‍යයට. එයත් මේ වසරේ විකාශය වෙයි.

වාණිජ ටෙලි නාට්‍ය කලාවෙන් අෑත්වෙලා කලාත්මක පැතිකඩට ඔබ ආයෙත් නැඹුරු වෙලා වගේ?

මගේ ආරම්භයත් තිබ්බේ එතැන. නමුත් පසු කාලයේ මම විවිධ නිර්මාණවලට දායක වුණා. දැන් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙද්දි වැදගැම්මකට ඇති දෙයකට තමයි සම්බන්ධ වෙන්න බලන්නේ.

මේ සියලු දේ ගැන කතා කරද්දි ඔබේ ශක්තිය වෙලා ඉන්න බිරිය ගැන කතා නොකරම බැහැ නේද?

ඔව්, සුජානි තමයි හැමදාම වගේ මගේ සම්පූර්ණ දේවල් පිටුපසින් ඉන්නේ. මම යන එන තැන් පවා ඇය හොයලා බලනවා. මට අතපසු වෙන පවුලේ වැඩ කටයුතු පවා ඇය තමයි හොයලා බලලා කරන්නේ. අපි දෙන්නා බලාපොරොත්තු වුණු හැමදේම සාර්ථක කරගෙන අපි ආදරයෙන් ජීවත් වෙනවා.



ඔබ සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයකින් මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා. ඔබට ‘දැකලා පුරුදු කෙනෙක්’ මුණගැහුණේ කොහොමද?

මම ප්‍රියන්ත සිරිකුමාරගේ බර්නාඩාගේ සිපිරි ගෙය වේදිකා නාට්‍යයේ රඟපාද්දී මලිත් හෑගොඩ ඒ නාට්‍යයේ ප්‍රඩක්ෂන් පැත්තේ වැඩ කරන්න වගේම ඡායාරූපකරණ කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා. මම රඟපාන ජනේලෙන් පනින්නද නාට්‍යය මලිත් බලලා තිබ්බා. බර්නාඩාගේ සිපිරි ගෙය වේදිකා නාට්‍ය කරද්දී අපිට කැමැති දෙබසක් වෙනස් ආකාරවලින් කියන්න දුන්නා. මම එදා එය කියපු විදි දැකලා මලිත් හිතුවලු කවදාහරි මාත් එක්ක වැඩක් කරනවා කියලා. මලිත් සහ බුපති මේ චිත්‍රපටය කරන්න කතා කරද්දී ඒ චිත්‍රපටයට ගැළපෙනවා කියලා මාව මලිත්ට මතක් වෙලා තිබුණා. ඊට පස්සේ තමයි මලිත් මගෙන් ඇහුවේ චිත්‍රපටයක් තියෙනවා ඒකට සම්බන්ධ වෙමුද කියලා. මමත් එකපාරටම හා කිව්වා.

ඒ කියන්නේ ආරාධනාව ලැබිච්ච ගමන් ඔබ එය භාර ගත්තා

ඇත්තටම මම මලිත් වැඩ කරන විදිය දැකලා තිබ්බා. ඒ වගේම බූපති ගැන අහලා තිබ්බා. මලිත් වැඩකට ලෑස්ති වෙන විදිය දැක්කාම ඔහුත් එක්ක වැඩ කරන්න ඇත්තටම ආස හිතුණා.

දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටය තුළ ඔබේ චරිත නිරූපණයට කොයි තරම් මහන්සි වෙන්න වුණාද?

ඇත්තටම මට මේ චිත්‍රපටයට ආරාධනා කළාට පස්සේ මම කාලයක් හිටියේ විදෙස්ගත වෙලා. මම ඒ කාලේ චිත්‍රපට බැලුවා. නාට්‍ය බැලුවා. පිටපත කියෙව්වා. ඒ වගේම මලිත්  එක්ක මේ චරිතය ගැන දීර්ඝ ලෙස කතා කළා. මගේ සැමියා මට විදෙස්ගතව හිටියත් ඒ රටෙත් විවිධ වේදිකා නාට්‍ය බලන්න ඉඩ හැදුවා. මට ලැබිච්ච විවේක කාලය තුළ මට මේ චිත්‍රපටයේ මගේ චරිතය ගැන හිතන්න එයට අවශ්‍ය දේවල් එකතු කරගන්න අවස්ථාව නිර්මාණය වුණා. ඇත්තටම මලිත් අධ්‍යක්ෂවරයෙක් විදියට අපිව මෙහෙයවපු විදියත් වැදගත්. මම මෙහි රංගනයේදී මලිත් මතම යැපුණා. ඇත්තටම මලිත්ට බූපතිට මම ස්තුති කරන්න ඕන. මොකද තවත් දක්ෂ රංගන ශිල්පිනියන් ඉන්නකොට එයාලගේ වැඩේදී මාව මතක් වුණා. මම නිර්මාණයට අවංකව වැඩ කළා.

බිමල් එක්ක වැඩ කරන්නත් ඔබට පහසු වුණාද?

බිමල් සහ සුජානි පෞද්ගලිකවම ඉතාම හිතවත් දෙන්නෙක්. බිමල් අයියා කියන්නේ මට ගොඩක් දැනෙන කෙනෙක්. ඔහුත් එක්ක වැඩ කරන්න පහසුයි. අනිත් රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට වුණත් ඔහු එක්ක වැඩ කරද්දී ඒ පහසුව ඇති. අපි දෙන්නට දෙන්නා දැනෙන එක අපේ රංගනය සාර්ථක වෙන්නත් හේතුවක්.

මෙම චිත්‍රපටයේ ලිංගික දර්ශනයක් තිබෙනවා. චිත්‍රපටයට සම්බන්ධ වෙද්දී එය ඔබට ගැටලුවක් වුණේ නැද්ද?

ඒ දර්ශනය චිත්‍රපටයට අත්‍යවශ්‍ය දර්ශනයක්. මගේ ජීවිතේ යම් යම් සීමා තියෙනවා. ඒ නිසා මම ඒ දර්ශනයට සම්බන්ධ වෙන්න බෑ කියලා කිව්වා. ඒකට මලිත් වෙන උපක්‍රමයක් පාවිච්චි කරන්න එකඟ වුණා. මම ඇඟ පෙන්වන්න සූදානම් නැහැ. නමුත් මම එවැනි දර්ශන කරන රංගන ශිල්පීන්ට රංගන ශිල්පිනියන්ට ගරු කරනවා. මම එවැනි දෙයක් කරන තැනට දියුණු වෙලා නැහැ. කවුරු මොනවා කිව්වත් මම මගේ හෘද සාක්ෂියෙන් නිදහස්.

රංගනයේදී එවැනි සීමා මායිම්, වාරණ දාගෙන තියෙන්නේ ඔබ බිරියක්, මවක් නිසාද?

මම බිරියක්, මවක් වෙන්න කලිනුත් අතහැරපු චිත්‍රපට තියෙනවා. ඒ චිත්‍රපට වෙන රංගන ශිල්පිනියන් රඟපෑවා. නමුත් මම ඒ ගැන පසුතැවිලා වෙලා නැහැ. මම නිරුවත් දර්ශනවල පෙනී හිටින්නේ නැහැ. මම ඒ තරම් දියුණු නැහැ.

මෙය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන නිර්මාණයක් වෙයිද?

ඇත්තටම මෙය මගේ ජීවිතයට හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි. මම වේදිකා නාට්‍යවල වැඩ කරනවා. ටෙලි නාට්‍යවල සුළු වශයෙන් වැඩ කරලා තියෙනවා. මම ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළමු අවස්ථාව මේක. මම ඉදිරියට චිත්‍රපට කරයිද නොකරයිද මට මොන වගේ නිර්මාණ ඉදිරියේදී ලැබෙයිද දන්නේ නෑ. නමුත් මම සිනමාවට සම්බන්ධ වෙලා මම කැමැති චරිතයක් කැමැති විදියට නිරූපණය කළා.

ඔබ සිනමාවේ කලාත්මක හැඩතලයේ නිර්මාණවලට විතරද සම්බන්ධ වෙන්නේ?

වාණිජ, කලාත්මක කියලා මගේ භේදයක් නැහැ. මම වේදිකාවෙත් විවිධ ශෛලීන්වල නිර්මාණවල රඟපානවා. ලංකාවේ වාණිජ නිර්මාණ කිව්වම රූපය ගැන ගොඩක් හිතනවා. මම ඉතාම සරලව සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක්. මට නිර්මාණයක් ලැබුණොත් භේදයක් කරගන්නේ නෑ.

ඔබ පුංචි තිරයේ, සිනමාවේ දකින්නේ අඩුවෙන්. එයට හේතුව එවැනි නිර්මාණවලට ආරාධනා අඩු කමද?

මට වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ වුණත් අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්. වේදිකා නාට්‍ය හැදෙන්නේ අඩුවෙන්නේ. ප්‍රියංකර රත්නායක, රාජිත දිසානායක, ප්‍රියන්ත සිරිකුමාර, පියල් කාරියවසම් වැනි මම වැඩ කරන්න කැමැති අධ්‍යක්ෂවරු ඉන්නවා.  වාසනාවට ඔවුන් නාට්‍ය කරනවා. ඉතිං වේදිකා නාට්‍යයක් කරද්දී අවුරුද්දකට එක නාට්‍යයකට විතර තමයි සම්බන්ධ වෙන්න සිදු වෙන්නේ. ටෙලි නාට්‍යවලට නම් මට කතා කරන්නේ නැති තරම්.

ආරාධනා ලැබුණොත් පුංචි තිරයේ ඕනෑම නිර්මාණයකට සම්බන්ධ වෙනවාද?

මම රජයේ රැකියාවක් කරන නිසා මෙගා නාට්‍යවල දිගට රැඳිලා ඉන්න අමාරුයි. ඒ වගේම මම එක දිගට ප්‍රේක්ෂකයන්ට පේන්න ඉන්නත් කැමැති නැහැ. ප්‍රසිද්ධිය කියන දේ අෑතින් තියෙන තරමට මම කැමැතියි. නිර්මාණකරුවන් යම් විශේෂ නාට්‍යයක් කරනවා නම් ඔවුන්ට මාව මතක් වෙනවා. ඉතින් එවැනි නිර්මාණයකට මම කැමැත්තෙන්ම සම්බන්ධ වෙනවා.

 ඔබ වගේ දක්ෂ රංගන ශිල්පිනියකට ආරාධනා අඩුවෙන්න හේතුව මොකක්ද?

ඒක හරියටම දන්නේ නැහැ. මම අවුරුදු තුනක් විතර ලංකාවේ හිටියේ නැහැ. ගොඩක් අය මම ලංකාවේ ඉන්නවා කියලා දන්නේ නෑ. මම දැන් ලංකාවේ ඉන්නේ. මම මේ අප්‍රේල්වල නම් ආයෙත් රට ගිහින් ලංකාවට එනවා. සමහරු මට කියනවා ‘ඔයා ලංකාවේ හිටියද? ඔයත් එක්ක වැඩක් කරන්න හිටියේ” කියලත්. ඒ වගේ මිස් වුණ අවස්ථා තියෙනවා.

බොහෝ අය ජනප්‍රිය මාධ්‍යවලට තමයි කැමැති. නමුත්  ඔබ තවමත් ජනප්‍රිය මාධ්‍ය පස්සේ යන්නේ නැතිව වේදිකාව එක්ක ඉන්නවා. මොකක්ද ඒකට හේතුව?

මම මුලින්ම බලන්නේ මගේ තෘප්තිය. මගේ තෘප්තිය තියෙන්නේ වේදිකාවේ. වේදිකාවේ සජීවීව කරන රංගනය තරම් මට වෙන දෙයක් දැනෙන්නේ නෑ. නමුත් මම සිනමාවටත් එක හෙළාම කැමැතියි. මම චිත්‍රපට බලන රස විඳින කෙනෙක්.

රංගනය වෘත්තීය කරගන්නේ නැත්තේ එයින් හම්බ කරන්න බැරි නිසාද?

රංගනයෙන් මුදල් හම්බ කරන්න බෑ. රංගනයෙන් මුදල් හම්බ කරන්න ගියාම වෙන්නේ අපි කලාව ඇතුළේ නන්නත්තාර වෙන එක. එතකොට අපිට මුදල් හම්බ කරන්න ඕන නිසා කතා කරන හැමදේම කරන්න වෙනවා. නමුත් දැන් මම රැකියාවක් කරන නිසා මාස් පතා මට පඩියක් ලැබෙනවා. ඒ නිසා මට කැමැති නිර්මාණයක් කරගෙන ඉන්න පුළුවන්. මම මවක්, බිරියක්. මට ඒ වගකීම් පැහැර හරින්නත් බැහැ. මම මගේ රැකියාවට ගොඩක් ආදරෙයි. මම රස්සාව නැති කරගෙන කලාවට යන්නේ නෑ.

ඔබට ඔබේ ප්‍රේක්ෂකයන්ට යමක් කියන්නත් ඇති.

ආදරය කරන අය, විවාහක අය, ආදරය කරලා වෙන් වෙච්ච අය, ආදරය විඳින, ආදරය නිසා විඳවන සියලු දෙනාම පොඩි වෙලාවක් වෙන් කරලා මේ චිත්‍රපටය නරඹන්න.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඡායාරූප -   අනුරුද්ධ මැදවත්තේගෙදර