logo

29

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හදගැස්ම
සාම කුමරු කතාවේ පුංචි දක්ෂයා ...

කොහොමද ආකාෂ්?හොඳින් ඉන්නවාමේ දවස්වල ආකාෂ් සාමකුමරු කතාව එක්ක ප්‍රේක්ෂකයන් අතරට එනවා. කොහොමද මේ අවස්

02:00 AM Jun 22 2019
රස වෑහුණු ගී පද බැඳි රසවතා...

අලුත් ගී එකතුව ගැන මුලින්ම කතා කරමු? “සිලිල ඔබ නම්” කියන ගී එකතුව එළිදැක්වූවා. ඒකෙ ගීත දහඅටක් ත

02:00 AM Jun 22 2019
ගිනස් වාර්තා තැබූ මාලිනි ටෙරන්ස් යුවළගේ දියණිය ‘සිංහබාහු’ ප...

මාලිනි රණසිංහ සහ ටෙරන්ස් රණසිංහ ඔබට මතකද? වේදිකාවට පෙම්බැඳි මිනිසුන්ට ඔවුන්ව අමතක නැතිව ඇති. 1961 වර

02:00 AM Jun 22 2019
මනෝජ්ගේ තනිකඩ ජීවිතේ සැඟවුණ ආදර කතාව...

අපේ රටේ ජනප්‍රිය කලා පවුල් කීපයක්ම තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන පෙළේ පවුලක් තමයි මහාචාර්ය සනත් - මල්කාන

02:00 AM Jun 22 2019
‘මරුකතර’ චිත්‍රපටයෙන් මගේ හීනයක් සැබෑ කරගත්තා...

ඔබ සිනමා අධ්‍යක්ෂණයට එකතු වුණා කියලා ආරංචියි?ඔව්, මම ‘මරුකතර’ කියලා චිත්‍රපටයක් කළා. මේක මගේ පළමු චි

02:00 AM Jun 22 2019
වෙනස් වෙන්න බෑ කියලා හිතුව රොෂාන් දැන් වෙනස් වෙලා...

රොෂාන් මේ දවස්වල සුපුරුදු පෙම්වතාගෙන් මිදිලා වෙනස් විධියට ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්?ඔව්, මේ දවස්වල මම

02:00 AM Jun 22 2019
හැමෝම හිනස්සන ගිරිරාජ්ගේ සැබෑව බිරියගෙන් එළියට...

ඔබ සහ ගිරිරාජ් කොහොමද හමුවුණේ?අපි රැකියාව කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙ. ඉතිං එහෙදි තමයි අපි හමුවු

02:00 AM Jun 22 2019
තරුණයන් වසඟ කරගත් දකුණු ඉන්දීය සුරූපිනිය ...

මේ දිනවල කොලිවුඩ් සිනමාවේ කතාබහට ලක්වෙන දකුණු ඉන්දීය සුරූපිනිය වන්නේ විසිහත් වියැති සායි පල්ලවීය. සා

02:00 AM Jun 22 2019
ගයාන් අලුත් ආදර කතාවක පැටලිලා...

ගයාන් හුස්මක් තරමට කා එක්කද මේ ආදරේක පැටලුණේ?ආදරේක නම් පැටලිලා නැහැ. ඒත් හුස්මක් තරමට නාට්‍යයේ අසලිග

02:00 AM Jun 15 2019
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය වසර විසිපහක ගමන සනිටුහන් කරයි...

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සුවිශේෂී කඩඉමක් සමරන්න සූදානම් වෙනවා නේද?ඔව්. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ

02:00 AM Jun 15 2019
පියකු වීමට සැරසෙන සල්මාන්ගේ සැගවුණු තොරතුරු...

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන සල්මාන් ඛාන් කවදාවත් විවාහ වී සිටි කෙනෙක් නොවෙයි. ඔහු කවදත් ගත කළේ

02:00 AM Jun 15 2019
නිළියෝ ප්‍රතික්‍ෂේප කළත් හීන හැබෑ කරගත් අලුත් වීරයා...

මොකක්ද මේ “ගෝරි”යකට පැටලුණු කතාව?හර්ෂ උඩකන්දගේ “ගෝරි” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. මෙය නිෂ්පාදනය කරන්

02:00 AM Jun 15 2019
හිමායා කටු කාලා සිනමාවේ තිබ්බ අඩිය සාර්ථකද?...

පුංචි තිරයේ දැකපු හිමායා මේ දවස්වල සිනමාවෙන් ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්. ඔබේ සිනමාවේ සටහන ගැන මුලින්ම ක

02:00 AM Jun 15 2019
කමල්ට අභියෝග කරලා විරාජ් නැවතුණ තැන...

නළු භූමිකාවේ හිටපු විරාජ් තවත් භුමිකාවක නියෝජනයක් වෙලා. මොකද්ද මේ භූමිකා වෙනස?මට ස්වර්ණවාහිනි නාළිකා

02:00 AM Jun 15 2019
විවාහ වෙලා ටික කාලයකදී අමන්දා අකිල ගැන සොයාගත්ත දේවල් ...

ඔබයි අකිලයි කොහොමද හමුවුණේ?මගේ යාළුවන්ගේ මාර්ගයෙන් අපි දෙන්නා හමුවුණේ.හමුවෙනකොට ඔහු මොන වගේ කෙනෙක්ද?

02:00 AM Jun 15 2019
තට්ටු දෙකේ ඉස්කෝලේ වැඩ නිමයි...

මාධ්‍යවේදී, නවකතා රචක ලලිත් රෝහිත එදිරිසිංහ නිර්මාණය කළ තට්ටු දෙකේ ඉස්කෝලෙ සිනමා පටයේ සියලු කටයුතු ම

02:00 AM Jun 15 2019
අලුත්ම ආදර කතාවට එකතු වූ සචිනි ...

මේ දවස්වල ‘හුස්මක් තරමට’ ටෙලි නිර්මාණයෙන් සචිනිව ප්‍රේක්ෂකයන්ට ළංවෙලා නේද?ඔව්. රවීන්ද්‍ර විජේරත්න ම

02:00 AM Jun 08 2019
හර්ෂගේ ‘ගෝරි’ නිසා කාගෙත් හිත් ගත්ත පුංචි නිළි තරුව...

මුලින්ම පහන්දිගේ විස්තර ටිකක් කියමුකෝමම පහන්දි නෙතාරා වල්පිට. මගේ වයස අවුරුදු හයයි. මම ඉගෙන ගන්නේ රත

02:00 AM Jun 08 2019

අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා

හදගැස්ම

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? 

ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂා. ඒ හරහා තමයි මම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ. අපි හැමෝම ඇඩිලේඩ්වල ජීවත් වෙන නිසා නිරාෂා නිෂ්පාදනය කරපු ඔස්මෝ ක්‍රියේෂන්ස්හි ප්‍රදීප් ජයවීර සහ අසිත රොහාන් මාව කාලයක් තිස්සේ දන්නවා. මගේ පවුලේ වෙනත් කවුරුත් කලාවට සම්බන්ධ නැහැ. මම ඉස්සර සින්දුවල කවර්ස් කරලා ෆේස්බුක් එකට දැම්මා. මම හිතන්නේ ඒ සින්දු නිසා තමයි මම දිනිතිගේ චරිතෙට ගැළපෙනවා කියලා ඔවුන් හිතන්නේ. ඇත්තටම නිරාෂා අහම්බයක්. නමුත් මට ලැබුණු වටිනා අවස්ථාවක්. 

ගායනයෙන් රංගනයට අවතීර්ණ වුණාට දැන් ගායනය මඟහැරිලා ගිහින් නේද? 

ඔව්. දැන් පොඩ්ඩක් සින්දු කියන එක නැවතිලා තියෙන්නේ. රඟපාන්න අවුරුද්දකට විතර කලින් තමයි මම කවර්ස් කරන්න පටන් ගත්තේ. දවසක් මම විනෝදයට සින්දුවක් කිව්වාම ඒක අහගෙන හිටපු කෙනෙක් මට කිව්වා “හැකියාව තියාගෙනත් ඇයි නිර්මාණයක් කරන්නේ නැත්තේ” කියලා. ඒ කතාව ඉදිරියට ගිහින් තමයි මම කාවින්ද අයියා එක්ක සින්දුවක කවර් එකක් කරන්නේ. ඒක නොසිතපු විදියට මිනිසුන් වැලඳ ගත්තා. ඊට පස්සේ මගේම සින්දුවක් කරන්නත් අදහසක් තිබුණා. නිරාෂා නිර්මාණය තුළදී මට අවස්ථාවක් ලැබුණා චන්දීප ජයකොඩි එක්කත් සින්දුවක් කියන්න. ඒක මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. ඒ අත්දැකීම් නිසා ආයෙත් සින්දුවක් කියන්න ඕන කියලා මටත් හිතිලා තියෙනවා. 

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ජනිතාට ලංකාවේ කලා ක්ෂේත්‍රය එක්ක නිරන්තරව ගනුදෙනු කරන එක ලේසි නැතිව ඇති? 

ඇත්තටම ඒක අමාරුයි. මොකද ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ මගේ උපාධිය අවසන් කරලා මේ වෙනකොට ගණකාධිකාරිවරියක් වශයෙන් මම ඕස්ට්‍රේලියාවේ සේවය කරනවා. ඒ අතරතුර තමයි කාලය කළමනාකරණය කරගෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. නමුත් සමහර නිර්මාණ ප්‍රතික්ෂේප කරන්නත් වෙලා තියෙනවා. කාලය නැති නිසා. ගොඩාක් අය අහනවා “අවස්ථාව තියෙන වෙලේ ඇයි ලංකාවට ඇවිත් වැඩ කරන්නේ නැත්තේ, ඉගෙන ගන්න එක පස්සේ කරන්න පුළුවන්නේ” කියලත්. නමුත් ඒක හොඳ අදහසක් විදියට මට දැනෙන්නේ නැහැ. මම හිතන්නේ අපි ජීවිතේට පාරවල් කිහිපයක් තනාගෙන තියෙනවා නම් ඒක වටිනවා. අනික මම කැමති නැහැ එක දේකට විතරක් කොටු වෙන්න. විවිධ ක්ෂේත්‍ර එක්ක වැඩ කරන්න මම කැමැතියි. ඒ නිසාම කොහොම හරි කාලය කළමනාකරණය කරගෙන කටයුතු කරන්න උත්සාහ කරනවා. මගේ පවුලේ වගේම කලා ක්ෂේත්‍රයේ අයගෙනුත් මට ඒ සඳහා විශාල සහයෝගයක් ලැබෙනවා. 

ශාරධා කියන්නෙත් ජනිතාගේ ජීවිතේ සුවිශේෂී සන්ධිස්ථානයක්? 

ඔව්. ඇත්තටම. වාසව බදුගේ අධ්‍යක්ෂණය කරපු ශාරධා ලස්සන නිර්මාණයක්. ඒ නිර්මාණයට සම්බන්ධ වුණ රාහුල් වාරවිටගෙනුත් මට හොඳ සහයෝගයක් ලැබුණා. රංගනයෙන් මට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා හිතුණේ වගේම රංගනය ගැන ලොකු ආසාවක් ඇති වුණේ ශාරධා නිසා. අපි වෙනස් විදියේ නිර්මාණයක් කළොත් මිනිසුන්ගේ ජීවිතේට යමක් ලබා දෙන්න පුළුවන් වගේම ඒ චරිත නිරූපණයෙන් ලැබෙන අත්දැකීම් නිසා අපිටත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා ශාරධා නිසා මට හිතුණා. ඉදිරියටත් ඒ වගේ නිර්මාණවලට දායක වෙන්න ආසාවක් තියෙනවා. 

වෘත්තීයමය වශයෙන් රංගනයෙන් ඉදිරියට යන්න නම් හැදෑරීමක් අවශ්‍යයි. ජනිතාට ඒ හැදෑරීම තියෙනවාද? 

රංගනය මම වෘත්තියක් විදියට කරන්න කැමති වෙයිද කියලා නම් මම තාම දන්නේ නැහැ. නමුත් රංගනය ගැන මට ලොකු හැදෑරීමක් නැහැ. මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නේ අනිත් අයගේ රංගනයන් දිහා බලාගෙන ඉඳලා සහ වෙනත් නිර්මාණ තුළින්. ඒ වගේම මම වැඩ කරපු සඳරුවන් ජයවික්‍රම සහ වාසව බදුගේ කියන අධ්‍යක්ෂවරුන්ගෙන් මට ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබිලා තියෙනවා. ඒ අත්දැකීම් තුළින් තමයි මම ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියෙන්නේ. දැන් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුද්දක්. මම හිතනවා ඒ ගෙවුණු අවුරුද්දට මම ක්ෂේත්‍රය ගැන දැනුමෙන් අවබෝධයෙන් ටිකක් වර්ධනය වෙලා තියෙනවා කියලා. ඉස්සරහට තව නිර්මාණ එක්ක අලුත් දේවල් ඉගෙන ගන්න සහ අත්දැකීම් ලබාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. 

නිරාෂා නිර්මාණය නිසා ජනිතා සහ චන්දීප ගැන විවිධ කටකතාත් පැතිරුණා? 

ගොඩාක් අය මගෙනුත් ඒ ගැන අහනවා. ඇත්තටම නිරාෂා නිර්මාණය හරහා මට ජීවිතේටම පවතින හොඳ යාළුකම් ටිකක් ලැබුණා. චන්දීපත් ඒ අතරින් ගොඩාක් හොඳ යාළුවෙක්. ඒ හැර වෙනත් සම්බන්ධයක් අපි අතර නැහැ. ඉදිරියට චන්දීප සහ මම එකතු වෙලා අලුත් නිර්මාණයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

නිරාෂා නිර්මාණයේ දැන් අවසන් කොටස් විකාශය වෙමින් පවතිනවා. ජනිතා අලුත් නිර්මාණයකින් ළඟදීම දකින්න ලැබේවිද? 

අලුත් ටෙලි නාට්‍යය නිර්මාණ කිහිපයකට සහ සිනමා නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවා දැන් සාකච්ඡා මට්ටමේ පවතින්නේ. නිරාෂා රූගත කිරීම් නම් දැන් අවසන් වෙලා තියෙන්නේ. මම හිතනවා අවස්ථාවක් ලැබුණොත් තියෙන කාලය කළමනාකරණය කරගෙන හොඳ නිර්මාණයකට දායක වෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් ලංකාවේ කලා ක්ෂේත්‍රයේ හොඳ නිර්මාණවල අඩුවක් මට දැනෙනවා. තව හරවත් නිර්මාණ බිහි වුණා නම් අපිට රටක් විදියට වගේම කලාවෙනුත් ඉදිරියට යන්න පුළුවන් කියලා මට හිතෙනවා.


අරුණි කළුපහන 

ඡායාරූපය -දක්ෂිත නරේන්ද්‍ර