logo

29

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හදගැස්ම
සාම කුමරු කතාවේ පුංචි දක්ෂයා ...

කොහොමද ආකාෂ්?හොඳින් ඉන්නවාමේ දවස්වල ආකාෂ් සාමකුමරු කතාව එක්ක ප්‍රේක්ෂකයන් අතරට එනවා. කොහොමද මේ අවස්

02:00 AM Jun 22 2019
රස වෑහුණු ගී පද බැඳි රසවතා...

අලුත් ගී එකතුව ගැන මුලින්ම කතා කරමු? “සිලිල ඔබ නම්” කියන ගී එකතුව එළිදැක්වූවා. ඒකෙ ගීත දහඅටක් ත

02:00 AM Jun 22 2019
ගිනස් වාර්තා තැබූ මාලිනි ටෙරන්ස් යුවළගේ දියණිය ‘සිංහබාහු’ ප...

මාලිනි රණසිංහ සහ ටෙරන්ස් රණසිංහ ඔබට මතකද? වේදිකාවට පෙම්බැඳි මිනිසුන්ට ඔවුන්ව අමතක නැතිව ඇති. 1961 වර

02:00 AM Jun 22 2019
මනෝජ්ගේ තනිකඩ ජීවිතේ සැඟවුණ ආදර කතාව...

අපේ රටේ ජනප්‍රිය කලා පවුල් කීපයක්ම තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන පෙළේ පවුලක් තමයි මහාචාර්ය සනත් - මල්කාන

02:00 AM Jun 22 2019
‘මරුකතර’ චිත්‍රපටයෙන් මගේ හීනයක් සැබෑ කරගත්තා...

ඔබ සිනමා අධ්‍යක්ෂණයට එකතු වුණා කියලා ආරංචියි?ඔව්, මම ‘මරුකතර’ කියලා චිත්‍රපටයක් කළා. මේක මගේ පළමු චි

02:00 AM Jun 22 2019
වෙනස් වෙන්න බෑ කියලා හිතුව රොෂාන් දැන් වෙනස් වෙලා...

රොෂාන් මේ දවස්වල සුපුරුදු පෙම්වතාගෙන් මිදිලා වෙනස් විධියට ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්?ඔව්, මේ දවස්වල මම

02:00 AM Jun 22 2019
හැමෝම හිනස්සන ගිරිරාජ්ගේ සැබෑව බිරියගෙන් එළියට...

ඔබ සහ ගිරිරාජ් කොහොමද හමුවුණේ?අපි රැකියාව කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙ. ඉතිං එහෙදි තමයි අපි හමුවු

02:00 AM Jun 22 2019
තරුණයන් වසඟ කරගත් දකුණු ඉන්දීය සුරූපිනිය ...

මේ දිනවල කොලිවුඩ් සිනමාවේ කතාබහට ලක්වෙන දකුණු ඉන්දීය සුරූපිනිය වන්නේ විසිහත් වියැති සායි පල්ලවීය. සා

02:00 AM Jun 22 2019
ගයාන් අලුත් ආදර කතාවක පැටලිලා...

ගයාන් හුස්මක් තරමට කා එක්කද මේ ආදරේක පැටලුණේ?ආදරේක නම් පැටලිලා නැහැ. ඒත් හුස්මක් තරමට නාට්‍යයේ අසලිග

02:00 AM Jun 15 2019
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය වසර විසිපහක ගමන සනිටුහන් කරයි...

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සුවිශේෂී කඩඉමක් සමරන්න සූදානම් වෙනවා නේද?ඔව්. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ

02:00 AM Jun 15 2019
පියකු වීමට සැරසෙන සල්මාන්ගේ සැගවුණු තොරතුරු...

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන සල්මාන් ඛාන් කවදාවත් විවාහ වී සිටි කෙනෙක් නොවෙයි. ඔහු කවදත් ගත කළේ

02:00 AM Jun 15 2019
නිළියෝ ප්‍රතික්‍ෂේප කළත් හීන හැබෑ කරගත් අලුත් වීරයා...

මොකක්ද මේ “ගෝරි”යකට පැටලුණු කතාව?හර්ෂ උඩකන්දගේ “ගෝරි” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. මෙය නිෂ්පාදනය කරන්

02:00 AM Jun 15 2019
හිමායා කටු කාලා සිනමාවේ තිබ්බ අඩිය සාර්ථකද?...

පුංචි තිරයේ දැකපු හිමායා මේ දවස්වල සිනමාවෙන් ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්. ඔබේ සිනමාවේ සටහන ගැන මුලින්ම ක

02:00 AM Jun 15 2019
කමල්ට අභියෝග කරලා විරාජ් නැවතුණ තැන...

නළු භූමිකාවේ හිටපු විරාජ් තවත් භුමිකාවක නියෝජනයක් වෙලා. මොකද්ද මේ භූමිකා වෙනස?මට ස්වර්ණවාහිනි නාළිකා

02:00 AM Jun 15 2019
විවාහ වෙලා ටික කාලයකදී අමන්දා අකිල ගැන සොයාගත්ත දේවල් ...

ඔබයි අකිලයි කොහොමද හමුවුණේ?මගේ යාළුවන්ගේ මාර්ගයෙන් අපි දෙන්නා හමුවුණේ.හමුවෙනකොට ඔහු මොන වගේ කෙනෙක්ද?

02:00 AM Jun 15 2019
තට්ටු දෙකේ ඉස්කෝලේ වැඩ නිමයි...

මාධ්‍යවේදී, නවකතා රචක ලලිත් රෝහිත එදිරිසිංහ නිර්මාණය කළ තට්ටු දෙකේ ඉස්කෝලෙ සිනමා පටයේ සියලු කටයුතු ම

02:00 AM Jun 15 2019
අලුත්ම ආදර කතාවට එකතු වූ සචිනි ...

මේ දවස්වල ‘හුස්මක් තරමට’ ටෙලි නිර්මාණයෙන් සචිනිව ප්‍රේක්ෂකයන්ට ළංවෙලා නේද?ඔව්. රවීන්ද්‍ර විජේරත්න ම

02:00 AM Jun 08 2019
හර්ෂගේ ‘ගෝරි’ නිසා කාගෙත් හිත් ගත්ත පුංචි නිළි තරුව...

මුලින්ම පහන්දිගේ විස්තර ටිකක් කියමුකෝමම පහන්දි නෙතාරා වල්පිට. මගේ වයස අවුරුදු හයයි. මම ඉගෙන ගන්නේ රත

02:00 AM Jun 08 2019

බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමක්කරු වූ ආචි

හදගැස්ම

බි්‍රතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමකරු ලෙස සැලකෙන “ආචි හැරිසන් මවුන්ට් බැටන් - වින්ඩ්සර්” කුලුඳුලේම හැරී හා මේගන් යුවළට මවුපිය පදවි දායාද කළේ බි්‍රතාන්‍ය වැසියන්ට මෙන්ම ඇමෙරිකානු වැසියන්ටද සතුට රැගෙන එමිනි. 

බි්‍රතාන්‍ය රජ පවුලට අලුතින් එක්වුණු සාමාජිකයා මුල්වරට ලොවට නිරාවරණය කෙරුණේ වින්ඩ්සර් මන්දිරයේය. එක් වාර්තාකරුවකු එක් ඡායාරූප ශිල්පියකු, කැමරාකරුවන් තිදෙනකු පෞද්ගලික ඡායාරූප ශිල්පියකු හා මන්දිරයේ නිල මාධ්‍ය ඡායාරූප ශිල්පියකු ඇතුළු කිහිපදෙනකුට මේ අවස්ථාව සීමා වී තිබිණි. 

තිස්හත් වියැති මේගන් Grace Wales bonner නිම කළ ක්‍රීම් පැහැති කෙටි ගවුමකින් හා manolo Blahnik  නිර්මාණය කළ අඩි උස පාවහන් යුගලකින් සැරසී සිටියාය. GH Hort & Son සමාගම නිර්මාණය කළ බැටළු ලොම්වලින් සැකසූ සුදු පැහැති බ්ලැන්කටයකින් සුව පහසු ලෙස ඔතාගත් අලුත උපන් බිලි¼දා අතදරාගත් හැරී හැඳ සිටියේ ළා අළු පැහැති ඇඳුමකි. 

හැරී සහ මේගන් යුවළ තම පුතුට යෙදූ නම කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයේ නමක් බවයි කියැවෙන්නේ. “ආවි” යන නාමය බි්‍රතාන්‍ය රජ පවුල හා එතරම් රාජකීය අදහසක් නොපෙන්වන බව සමහරුන්ගේ අදහසයි. “හැරිසන්” යන්න රාජකීය පවුල සඳහා එක්වන අලුත්ම නාමයක් බව කියැවේ. හැරිසන් යන්න ඇමෙරිකානු උෟරුවට කියැවෙන නාමයක් ලෙස සැලකුනත් “ආවි” යන නම බි්‍රතාන්‍යයටත් වඩා ඇමෙරිකාවේ ජනප්‍රිය නාමයක් සේ ගැනේ. අව්‍යාජ, නිර්භීත යන්න ඉන් අරුත් ගැන්වේ.

රජ පවුලේ අන් අයගේ නම්වලට වඩා “ආචි” යන නම ජනප්‍රිය වෙතැයි බොහෝ දෙනා මත පළ කරති. හැරී සහ මේගන්ගේ ආදරයේ ජීවමාන සංකේතය වූ “ආචි” මෙලොව උපත ලැබුවේ ඉකුත් 6 වැනිදා එරට වේලාවෙන් උදෑසන 5.26ට පමණය. මේගන් සිය මන්දිරයේදී දරු ප්‍රසූතිය සිදුකළ බව පැවසුණද ඇය ලන්ඩනයේ පෝට්ලන්ඩ් රෝහලේදී දරු ප්‍රසූතිය සිදුකළ බව කියැවේ. රාජකීය පවුලට එක්වුණු අලුත් බිලි¼දාගේ සුවිශේෂීත්වය වනුයේ ජාතීන් දෙක සම්මිශ්‍රණයෙන් බිහිවුණු පළමු රාජකීයයා ආචි වන නිසාය.

රජ පවුලට අලුතින් එක්වුණු ආචි රජ කිරුළේ හත් වැනි උරුමකරු වුවත් 'කුමරා' යන්න භාවිත කිරීමේ අයිතිය ඔහු වෙතින් ගිලිහී ගොස් ඇත්තේ එයට රජ පවුලේ එක්තරා සම්ප්‍රදායක් හරස් වීම නිසාය. ආචිට හැරී කුමරුගේ දෙවැනි නම්බු නාමයක් වන 'Earl of Dumbarton' යන්න භාවිත කළ හැකි වුවත් එය තම පුත් කුමරුට භාවිත නොකිරීමට හැරී - මේගන් යුවළ තීරණය කොට තිබේ.

“ඒක මැජික් එකක්. හරිම ආස්වාදනීයයි. මේ ලෝකේ ඉන්න හොඳම පුද්ගලයෝ දෙන්නා ඉන්නේ මට. ඉතින් මම ඇත්තටම සතුටින්.”

වින්ඩ්සර් මන්දිරයේදී පුංචි ආචි එක්ක ප්‍රසිද්ධියේ පෙනී සිටීමේ මොහොතෙදී මේගන් එහෙම කියලා තිබුණේ හිනහා වෙවී. “ඔහු ඇත්තටම හරිම සන්සුන්” මේගන් හැරී දිහා බලද්දි “මම දන්නේ නැහැ එයා කාගෙන් ඒ දේ ගත්තද කියා පවසමින්” මහ හයියෙන් දෙන්නත් එක්ක හිනා වෙලා තිබුණා.

හරිම සැහැල්ලුවෙන් මේ දෙන්නා මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියදී පුංචි ආචි හිටියේ සුව නින්දක. සුදු පාට බ්ලැන්කට් එකක් ඇතුළට වෙලා ආචි නිදාගනිද්දි එතැන හිටිය මාධ්‍යවේදීන් විමසලා තිබුණේ පුංචි ආචි කවුරු වගේද කියලයි.

“හැමෝම කියනවා ඉපදිලා සති දෙකක් යද්දි පුංචි බබාලා හුඟක් වෙනස් වෙනවා කියලා. තව මාසයක් විතර යද්දි එයා හුඟක් වෙනස් වෙයි. දවස ගාණෙම එයා වෙනස් වෙනවා. කවුද දන්නේ කවුරු වගේ වෙයිද කියලා.”

හැරී එහෙම කියලා පුංචි ආචිගේ මුහුණ කැමරාවලට තවත් නිරාවරණය කරමින් හිනාවෙලා තිබුණා. “දැනටමත් එයාගේ මුහුණේ පුංචි පුංචි කෙස් ගස් වැවිලා.” හැරී ඒ අතරේ ඔය වගේ පුංචි විහිළුවකුත් කරලා.

ආචිගේ නම හරිම අහම්බයක්. රජ පවුලේ ඉපදෙන අලුත් කුමාරයට ඇලෙක්සැන්ඩර්, ආතර්, ඇල්බර්ට්, එඩ්වර්ඩ්, පිලිප් වගේ නමක් තෝර ගනී කියලා හිතුවත් ඒ නම් සියල්ල අලුත මවුපිය පදවි ලැබූ රාජකීය යුවළ කපා හැරලා තිබුණා. “සාම්ප්‍රදායික නමකටත් වඩා එයාලා ආදරේ කරන නමක් තෝරාගෙන තිබුණා.”

CNN සේවයේ රාජකීය පවුලේ වාර්තාකරු කියලා තිබුණේ ඒ විදියට.

රජ පවුලේ අලුත් බිලි¼දා මාධ්‍යයට නිරාවරණය කරලා පැය කිහිපයක් ගත වෙද්දි ඔහුගේ නම ප්‍රකාශයට පත්කෙරුණේ නිල ඉන්ස්ටර්ග්‍රෑම් අඩවිය හරහා. ඒ ආචි හැරිසන් මවුන්ට්බැටන් වින්ඩ්සර් යන්නය. හැරීට පිරිනැමුණු නම්බු නාමවලින් එකක් පුංචි ආචිට නිතැතින්ම හිමි වුණත් මේ යුවළ ඒ කිසිවක් අලුත උපන් බිලි¼දාට නොදෙන්න තීරණය කර තිබුණත් කවදාහරි චාල්ස් කුමරුට සිංහාසනය හිමි වූ දිනෙක පුංචි ආචිට රජකුමරකුගේ ගෞරව නාමය නිතැතින්ම හිමිවෙනවා.

පුංචි ආචිව බලන්න මුලින් ඇවිත් තිබුණේ අනුතුන් වියැති මිත්තණිය සහ මුත්තණුවන්. එළිසබෙත් මහ රැජන හා එඩින්බරෝ ආදිපාදවරයා එයාලගේ අටවැනි මී මුනුපුරා මුලින්ම මුණගැහිලා තිබුණේ වින්ඩ්සර් මන්දිරයේදී. මේ අවස්ථාවට මේගන්ගේ අම්මා ඩෝරියාත් එක්වෙලා තිබුණා.

ආචිගේ අනිත් සහෝදරයන්ට වඩා ආචිගේ උපත් බර අඩු අගයක් පැවැතුණ බව හෙළිවෙනවා. 2018 ජුලි මාසයේදී ඉපදුණු ජෝර්ජ් කුමාරයාගේ උපත් බර සටහන් වුණේ කිලෝ ග්‍රෑම් 3.8ක් ලෙස. 2015 මැයි මාසයේදී වයලට් කුමරිය ඉපදුණේ කිලෝග්‍රෑම් 3.7ක බරක් සහිතව. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී ඉපදුණු ලුවිස් කුමාරයා කිලෝ ග්‍රෑම් 3.8ක බරකින් ඉපදිලා. නමුත් ආචිගේ උපත් බර සටහන් වෙලා තියෙන්නේ කිලෝග්‍රෑම් 3.2ක් ලෙස.

මේගන් කියන්නේ රාජකීය පවුලට එක්වුණු ඇමෙරිකානු - අප්‍රිකානු සම්භවයක් සහිත අයෙක්.

 අලුත උපන් බිලි¼දා මිශ්‍ර සම්භවයකට උරුමකම් කියන අමෙරිකානු මවකටත් - බි්‍රතාන්‍ය පියකුටත් දාව උපන් නිසා ද්විත්ව පුරවැසිභාවයක් වුවත් දැරිය හැකියි කියලා වාර්තා පළ වෙනවා.

එළිසබෙත් මහ රැජනගේ අටවැනි මී මුනුපුරා ලෙස ආචි හැඳින්වුවත් ඩෝරියාගේ (මේගන්ගේ මව) පළමු වැනි මුනුපුරා පුංචි ආචි නිසා ඇය බොහෝම සතුටින් සහ ආඩම්බරයෙන් මේ දිනවල කල් ගෙවනවා කියලා වාර්තා පළ වෙනවා.


සවනි ශේශාධි