logo

28

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හදගැස්ම
සාම කුමරු කතාවේ පුංචි දක්ෂයා ...

කොහොමද ආකාෂ්?හොඳින් ඉන්නවාමේ දවස්වල ආකාෂ් සාමකුමරු කතාව එක්ක ප්‍රේක්ෂකයන් අතරට එනවා. කොහොමද මේ අවස්

02:00 AM Jun 22 2019
රස වෑහුණු ගී පද බැඳි රසවතා...

අලුත් ගී එකතුව ගැන මුලින්ම කතා කරමු? “සිලිල ඔබ නම්” කියන ගී එකතුව එළිදැක්වූවා. ඒකෙ ගීත දහඅටක් ත

02:00 AM Jun 22 2019
ගිනස් වාර්තා තැබූ මාලිනි ටෙරන්ස් යුවළගේ දියණිය ‘සිංහබාහු’ ප...

මාලිනි රණසිංහ සහ ටෙරන්ස් රණසිංහ ඔබට මතකද? වේදිකාවට පෙම්බැඳි මිනිසුන්ට ඔවුන්ව අමතක නැතිව ඇති. 1961 වර

02:00 AM Jun 22 2019
මනෝජ්ගේ තනිකඩ ජීවිතේ සැඟවුණ ආදර කතාව...

අපේ රටේ ජනප්‍රිය කලා පවුල් කීපයක්ම තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන පෙළේ පවුලක් තමයි මහාචාර්ය සනත් - මල්කාන

02:00 AM Jun 22 2019
‘මරුකතර’ චිත්‍රපටයෙන් මගේ හීනයක් සැබෑ කරගත්තා...

ඔබ සිනමා අධ්‍යක්ෂණයට එකතු වුණා කියලා ආරංචියි?ඔව්, මම ‘මරුකතර’ කියලා චිත්‍රපටයක් කළා. මේක මගේ පළමු චි

02:00 AM Jun 22 2019
වෙනස් වෙන්න බෑ කියලා හිතුව රොෂාන් දැන් වෙනස් වෙලා...

රොෂාන් මේ දවස්වල සුපුරුදු පෙම්වතාගෙන් මිදිලා වෙනස් විධියට ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්?ඔව්, මේ දවස්වල මම

02:00 AM Jun 22 2019
හැමෝම හිනස්සන ගිරිරාජ්ගේ සැබෑව බිරියගෙන් එළියට...

ඔබ සහ ගිරිරාජ් කොහොමද හමුවුණේ?අපි රැකියාව කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙ. ඉතිං එහෙදි තමයි අපි හමුවු

02:00 AM Jun 22 2019
තරුණයන් වසඟ කරගත් දකුණු ඉන්දීය සුරූපිනිය ...

මේ දිනවල කොලිවුඩ් සිනමාවේ කතාබහට ලක්වෙන දකුණු ඉන්දීය සුරූපිනිය වන්නේ විසිහත් වියැති සායි පල්ලවීය. සා

02:00 AM Jun 22 2019
ගයාන් අලුත් ආදර කතාවක පැටලිලා...

ගයාන් හුස්මක් තරමට කා එක්කද මේ ආදරේක පැටලුණේ?ආදරේක නම් පැටලිලා නැහැ. ඒත් හුස්මක් තරමට නාට්‍යයේ අසලිග

02:00 AM Jun 15 2019
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය වසර විසිපහක ගමන සනිටුහන් කරයි...

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සුවිශේෂී කඩඉමක් සමරන්න සූදානම් වෙනවා නේද?ඔව්. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ

02:00 AM Jun 15 2019
පියකු වීමට සැරසෙන සල්මාන්ගේ සැගවුණු තොරතුරු...

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන සල්මාන් ඛාන් කවදාවත් විවාහ වී සිටි කෙනෙක් නොවෙයි. ඔහු කවදත් ගත කළේ

02:00 AM Jun 15 2019
නිළියෝ ප්‍රතික්‍ෂේප කළත් හීන හැබෑ කරගත් අලුත් වීරයා...

මොකක්ද මේ “ගෝරි”යකට පැටලුණු කතාව?හර්ෂ උඩකන්දගේ “ගෝරි” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. මෙය නිෂ්පාදනය කරන්

02:00 AM Jun 15 2019
හිමායා කටු කාලා සිනමාවේ තිබ්බ අඩිය සාර්ථකද?...

පුංචි තිරයේ දැකපු හිමායා මේ දවස්වල සිනමාවෙන් ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්. ඔබේ සිනමාවේ සටහන ගැන මුලින්ම ක

02:00 AM Jun 15 2019
කමල්ට අභියෝග කරලා විරාජ් නැවතුණ තැන...

නළු භූමිකාවේ හිටපු විරාජ් තවත් භුමිකාවක නියෝජනයක් වෙලා. මොකද්ද මේ භූමිකා වෙනස?මට ස්වර්ණවාහිනි නාළිකා

02:00 AM Jun 15 2019
විවාහ වෙලා ටික කාලයකදී අමන්දා අකිල ගැන සොයාගත්ත දේවල් ...

ඔබයි අකිලයි කොහොමද හමුවුණේ?මගේ යාළුවන්ගේ මාර්ගයෙන් අපි දෙන්නා හමුවුණේ.හමුවෙනකොට ඔහු මොන වගේ කෙනෙක්ද?

02:00 AM Jun 15 2019
තට්ටු දෙකේ ඉස්කෝලේ වැඩ නිමයි...

මාධ්‍යවේදී, නවකතා රචක ලලිත් රෝහිත එදිරිසිංහ නිර්මාණය කළ තට්ටු දෙකේ ඉස්කෝලෙ සිනමා පටයේ සියලු කටයුතු ම

02:00 AM Jun 15 2019
අලුත්ම ආදර කතාවට එකතු වූ සචිනි ...

මේ දවස්වල ‘හුස්මක් තරමට’ ටෙලි නිර්මාණයෙන් සචිනිව ප්‍රේක්ෂකයන්ට ළංවෙලා නේද?ඔව්. රවීන්ද්‍ර විජේරත්න ම

02:00 AM Jun 08 2019
හර්ෂගේ ‘ගෝරි’ නිසා කාගෙත් හිත් ගත්ත පුංචි නිළි තරුව...

මුලින්ම පහන්දිගේ විස්තර ටිකක් කියමුකෝමම පහන්දි නෙතාරා වල්පිට. මගේ වයස අවුරුදු හයයි. මම ඉගෙන ගන්නේ රත

02:00 AM Jun 08 2019

‘හුස්මක් තරමට’ අභියෝග කළේ කාටද?

හදගැස්ම

ඔබේ අලුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?

ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍ය හිරු නාළිකාව ඔස්සේ සෑම සතියේ දිනකම රාත්‍රි 8.00ට විකාශය වෙනවා. පාසල් වියේ තරුණ තරුණියන්ගේ ප්‍රේම කතන්දරයක් තමයි මේ කතාවේ දිගහැරෙන්නේ. තුන්කොන් ආදරයක් තුළ තරුණිය සහ තරුණයන් දෙන්නගේ පවුල් අතර ප්‍රශ්න වැලක් ආරම්භ වෙනවා. ඔවුන් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද? ඔවුන් ඒවා නිරාකරණය කරගන්නේ කොහොමද කියන දේ මේ ටෙලි නාට්‍ය ඔස්සේ දැක බලාගන්න පුළුවන්.

පාසල් ප්‍රේම කතා එක්ක නිර්මාණය වන ටෙලි නාට්‍ය රැල්ලක් දැන් බිහිවෙලා. මේකත් ඒ රැල්ලේ එල්ලුණ නාට්‍යයක්ද?

මේක රැල්ලේ එල්ලුණ නාට්‍යයක් කියන එකට මගේ එතරම් කැමැත්තක් නැහැ. මම යොවුන් ආදර කතා මුල්වුණ ගොඩක් නාට්‍ය කළා. ඒවා ගොඩක් ජනප්‍රිය වුණා. පාසල් ප්‍රේමය මුල්කරගත් මේ තිරපිටපත ගැන හිරු නාළිකාව සමඟ සාකච්ඡා කරලා තමයි නාට්‍ය නිර්මාණය කළේ. එහෙම නැතුව රැල්ලට හසුවීමක් විදියට මේ නාට්‍ය කරන්න ඕන වුණේ නැහැ.

මේ වගේ නාට්‍යයක් කරන එක ඔබේ යෝජනාවකට අනුවද සිද්ධ වුණේ?

හිරු නාළිකාවට තමයි පාසල් යන යොවුන් වියේ තරුණ තරුණියන්ගේ නාට්‍යයක් කරන්න ඕන වුණේ. අපි මේ නිර්මාණය කරන්න මාස ගාණක් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඇත්තටම අපිට මේ නාට්‍ය කරන්න සම්පූර්ණ නිදහස හිරු නාළිකාව මඟින් ලබාදුන්නා.

දැන් තිබෙන පාසල් ප්‍රේම කතා පාදක කරගත් නාට්‍ය ගැන විවිධ චෝදනා තිබෙනවා. ඒ චෝදනා ඔබටත් අදාළ වෙන්න පුළුවන්?

චෝදනා එනවා. බොහෝ වෙලාවට යොවුන් ප්‍රේමය ඇති වෙන්නේ පාසල් කාලයේදී. ප්‍රථම ප්‍රේමය බොහෝ වෙලාවට ඇතිවන්නෙත් පාසල් කාලයේදී. ඒ සුන්දර ප්‍රේමය ටෙලි නාට්‍ය කතාවක් විදියට පෙන්වීම වරදක් කියලා මම දකින්නේ නැහැ. සුන්දරම ප්‍රේමවන්ත යුවළක් තමයි ගොළු හදවතේ දම්මි සහ සුගත්. ඒ දම්මි, සුගත් ප්‍රේම කළාට වඩා දැන් පෙම්වතුන් සමාජ, සංස්කෘතික වශයෙන් වගේම තාක්ෂණික වශයෙනුත් වෙනස් වෙනස් දෙයට අනුගත වෙලා.

සමහරු අහනවා ඇයි ටෙලිනාට්‍යයේ තරුණියන්ට කොට ගවුම් අන්දන්නේ කියලා. ඉතිං දැන් තරුණ තරුණියන්ගේ සිතිවිලි, ඇඳුම් පැලඳුම් වෙනස් වෙලා. සංවර වෙන්න ඕනේ කියලා වර්තමානයට ගැළපෙන්නේ නැති දේවල් පාවිච්චි කළොත් ප්‍රේක්ෂකයෝ නාට්‍ය බලන්නේ නැහැ.

එතකොට ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයාට හොඳ මඟපෙන්වීමක් ලබාදිය යුතුයි කියලා ඔබ විශ්වාස කරන්නේ නැද්ද?

ප්‍රේක්ෂකයෝ හොඳ මාවතකට යොමු කිරීම ටෙලි නාට්‍යවල මූලික වගකීමක් නෙමෙයි. ටෙලි නාට්‍යයේ මූලික අරමුණ ප්‍රේක්ෂකයා එය වැලඳ ගැනීම. මේ ටෙලි නාට්‍යයේ අවශ්‍ය දේවල් ප්‍රේක්ෂකයා වැලඳ ගනියි. බැහැර කළයුතු දේවල් ප්‍රේක්ෂකයා බැහැර කරයි. අපේ ටෙලි නාට්‍යයේ තිබ්බ සමහර දෙබස් ෆේස්බුක් පෝස්ට්වලින් පවා අගය කරලා තිබුණා. සමාජයට පණිවුඩයක් දෙන්න වෙන වෙන වැඩසටහන් තියෙනවා. ප්‍රේක්ෂකයන්ගේ වින්දනය වෙනුවෙන් තමයි ටෙලිනාට්‍ය කරන්නේ.

මේ ‘හුස්මක් තරමට’ නාට්‍ය නිර්මාණය කළේ වෙනත් නාළිකාවක විකාශය වෙන නාට්‍යයකට අභියෝගයක් කරන්නද?

නැහැ. මම කිසිම නාළිකාවකට හෝ නාට්‍යයකට අභියෝග කරන්නේ නැහැ. අපි දීර්ඝ කාලයක් නාට්‍ය කරලා තියෙනවා. අපි දුරුතු ක්‍රියේෂන් ආයතනය පටන් අරගෙන දැන් අවුරුදු 8ක් විතර වෙනවා. අපි නිර්මාණය කරන නාට්‍ය ඕනම නාළිකාවක විකාශය වෙනවා. අපි ආයතනයක් විදියට නිබඳවම නාට්‍ය නිර්මාණයක් කරන්න උත්සාහ කරනවා. මම සහ තරංග අවුරුද්ද සැලසුම් කරන්නේ එහෙම. 

වෙනත් නාට්‍යයකට අභියෝග කරන අරමුණු නැත්නම් ඔබේ නාට්‍ය නිර්මාණය තුළ වෙන අරමුණු ඇති?

ප්‍රේක්ෂකයෝ අතර රැඳී තිබෙන නාට්‍යයක් නිර්මාණය කරන්න ඕන. කතාබහට ලක්වෙන, නාළිකාවේ රේටින් ඉහළ යන නාට්‍යයක් බවට පත් කරන්න අලුත් කතා තේමා, අලුත් නළු නිළියෝ අපි හඳුන්වා දෙනවා.

ඔබේ නාට්‍යවලින් බොහෝ වෙලාවට අලුත් මුහුණු ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා. ඒ අය ක්ෂේත්‍රයේ රැඳිලත් ඉන්නවා. මෙවර ඔබ හුස්මක් තරමට නාට්‍යයේ ප්‍රධාන චරිතවලට ගෙනාපු ශිල්පීන් ගැනත් කතා කරමුද?

වසර ගණනාවක් තිස්සේ අපි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නවක නළු නිළියෝ හඳුන්වා දුන්නා. නවක මුහුණු දැක බලා ගන්නත් ප්‍රේක්ෂකයෝ කැමැතියි. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නළු නිළියන්ගේ හිඟතාවක් තියෙනවා. එහෙම අවස්ථාවක අපි හඳුන්වා දෙන නළු නිළියන් අධ්‍යක්ෂවරුන්ට නිෂ්පාදකවරුන්ට ඔවුන්ගේ නිර්මාණවලට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක එක පැත්තකින් ක්ෂේත්‍රයට කරන අතහිත දීමකුත් වෙනවා. ඉතින් මේ නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපාන්නේ ගයාන් ගුණවර්ධන සහ සචිනි රුවංගිකා. ඔවුන් වෙනත් ටෙලිනාට්‍යවල රඟපාලා තිබ්බට මෙවැනි ප්‍රධාන චරිතයක් කරලා තිබුණේ නැහැ. අපි ගොඩක් නවකයෝ ඉන්ටවීව් කළා. නමුත් අපිට අවශ්‍ය රූප ඔවුන් අතරින් ලැබුණේ නැහැ. ගයාන් සහ සචිනි ඊට ගැළපුණා. ඒකයි ඔවුන්ව මෙයට සම්බන්ධ කරගත්තේ.

මේ නිර්මාණයට සම්බන්ධ වෙන අනෙක් ශිල්පීන් ගැනත් මතක් කරමු නේද?

ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, පබෝදා සන්දීපනි, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, සංජය මොරමුදලි, මාදනී මල්වත්ත, අජිත් වීරසිංහ, නිරෝෂන් විජේසිංහ, මීනා කුමාරිත් මෙහි රංගනයට එක් වෙනවා. ඔවුන්ගෙනුත් නාට්‍යයට ලොකු සහයෝගයක් ලැබෙනවා.

බොහෝ මෙගා නාට්‍යවලට නිශ්චිත අවසානයක් නෑ. සමහර අවස්ථාවල නාට්‍ය මැදදී විවිධ හේතූන් මත කතාවේ ගලායෑමට විරුද්ධ දේ සිදුවෙනවා. ඇත්තටම මෙවැනි දේ මේ නාට්‍යයේදී සිදුවෙන එකක් නැද්ද?

දැනට අපි පළමු කොටස් දෙසීයට අවශ්‍ය කතාව පිළිබඳ සැලසුම් සකස් කරලා තියෙන්නේ කොටස් 50දී මොකද වෙන්නේ 75දී, 100දී, 150දී, 200දී මොකද වෙන්නේ කියන දේ මේ වෙනකොට සැලසුම් කරලා ඉවරයි. කොහොම වුණත් නාට්‍ය කොටස් දෙසිය පනහකට තුන්සියකට කරන්න වස්තු බීජය අපි ළඟ තියෙනවා.

මේ වෙනකොට ‘හුස්මක් තරමට’ ප්‍රේක්ෂකයන්ට ළං වෙලාද?

මේ වෙනකොට නාට්‍යයේ කොටස් කිහිපයයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං දැනටම ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ