logo

28

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හදගැස්ම
සාම කුමරු කතාවේ පුංචි දක්ෂයා ...

කොහොමද ආකාෂ්?හොඳින් ඉන්නවාමේ දවස්වල ආකාෂ් සාමකුමරු කතාව එක්ක ප්‍රේක්ෂකයන් අතරට එනවා. කොහොමද මේ අවස්

02:00 AM Jun 22 2019
රස වෑහුණු ගී පද බැඳි රසවතා...

අලුත් ගී එකතුව ගැන මුලින්ම කතා කරමු? “සිලිල ඔබ නම්” කියන ගී එකතුව එළිදැක්වූවා. ඒකෙ ගීත දහඅටක් ත

02:00 AM Jun 22 2019
ගිනස් වාර්තා තැබූ මාලිනි ටෙරන්ස් යුවළගේ දියණිය ‘සිංහබාහු’ ප...

මාලිනි රණසිංහ සහ ටෙරන්ස් රණසිංහ ඔබට මතකද? වේදිකාවට පෙම්බැඳි මිනිසුන්ට ඔවුන්ව අමතක නැතිව ඇති. 1961 වර

02:00 AM Jun 22 2019
මනෝජ්ගේ තනිකඩ ජීවිතේ සැඟවුණ ආදර කතාව...

අපේ රටේ ජනප්‍රිය කලා පවුල් කීපයක්ම තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන පෙළේ පවුලක් තමයි මහාචාර්ය සනත් - මල්කාන

02:00 AM Jun 22 2019
‘මරුකතර’ චිත්‍රපටයෙන් මගේ හීනයක් සැබෑ කරගත්තා...

ඔබ සිනමා අධ්‍යක්ෂණයට එකතු වුණා කියලා ආරංචියි?ඔව්, මම ‘මරුකතර’ කියලා චිත්‍රපටයක් කළා. මේක මගේ පළමු චි

02:00 AM Jun 22 2019
වෙනස් වෙන්න බෑ කියලා හිතුව රොෂාන් දැන් වෙනස් වෙලා...

රොෂාන් මේ දවස්වල සුපුරුදු පෙම්වතාගෙන් මිදිලා වෙනස් විධියට ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්?ඔව්, මේ දවස්වල මම

02:00 AM Jun 22 2019
හැමෝම හිනස්සන ගිරිරාජ්ගේ සැබෑව බිරියගෙන් එළියට...

ඔබ සහ ගිරිරාජ් කොහොමද හමුවුණේ?අපි රැකියාව කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙ. ඉතිං එහෙදි තමයි අපි හමුවු

02:00 AM Jun 22 2019
තරුණයන් වසඟ කරගත් දකුණු ඉන්දීය සුරූපිනිය ...

මේ දිනවල කොලිවුඩ් සිනමාවේ කතාබහට ලක්වෙන දකුණු ඉන්දීය සුරූපිනිය වන්නේ විසිහත් වියැති සායි පල්ලවීය. සා

02:00 AM Jun 22 2019
ගයාන් අලුත් ආදර කතාවක පැටලිලා...

ගයාන් හුස්මක් තරමට කා එක්කද මේ ආදරේක පැටලුණේ?ආදරේක නම් පැටලිලා නැහැ. ඒත් හුස්මක් තරමට නාට්‍යයේ අසලිග

02:00 AM Jun 15 2019
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය වසර විසිපහක ගමන සනිටුහන් කරයි...

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සුවිශේෂී කඩඉමක් සමරන්න සූදානම් වෙනවා නේද?ඔව්. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ

02:00 AM Jun 15 2019
පියකු වීමට සැරසෙන සල්මාන්ගේ සැගවුණු තොරතුරු...

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන සල්මාන් ඛාන් කවදාවත් විවාහ වී සිටි කෙනෙක් නොවෙයි. ඔහු කවදත් ගත කළේ

02:00 AM Jun 15 2019
නිළියෝ ප්‍රතික්‍ෂේප කළත් හීන හැබෑ කරගත් අලුත් වීරයා...

මොකක්ද මේ “ගෝරි”යකට පැටලුණු කතාව?හර්ෂ උඩකන්දගේ “ගෝරි” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. මෙය නිෂ්පාදනය කරන්

02:00 AM Jun 15 2019
හිමායා කටු කාලා සිනමාවේ තිබ්බ අඩිය සාර්ථකද?...

පුංචි තිරයේ දැකපු හිමායා මේ දවස්වල සිනමාවෙන් ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්. ඔබේ සිනමාවේ සටහන ගැන මුලින්ම ක

02:00 AM Jun 15 2019
කමල්ට අභියෝග කරලා විරාජ් නැවතුණ තැන...

නළු භූමිකාවේ හිටපු විරාජ් තවත් භුමිකාවක නියෝජනයක් වෙලා. මොකද්ද මේ භූමිකා වෙනස?මට ස්වර්ණවාහිනි නාළිකා

02:00 AM Jun 15 2019
විවාහ වෙලා ටික කාලයකදී අමන්දා අකිල ගැන සොයාගත්ත දේවල් ...

ඔබයි අකිලයි කොහොමද හමුවුණේ?මගේ යාළුවන්ගේ මාර්ගයෙන් අපි දෙන්නා හමුවුණේ.හමුවෙනකොට ඔහු මොන වගේ කෙනෙක්ද?

02:00 AM Jun 15 2019
තට්ටු දෙකේ ඉස්කෝලේ වැඩ නිමයි...

මාධ්‍යවේදී, නවකතා රචක ලලිත් රෝහිත එදිරිසිංහ නිර්මාණය කළ තට්ටු දෙකේ ඉස්කෝලෙ සිනමා පටයේ සියලු කටයුතු ම

02:00 AM Jun 15 2019
අලුත්ම ආදර කතාවට එකතු වූ සචිනි ...

මේ දවස්වල ‘හුස්මක් තරමට’ ටෙලි නිර්මාණයෙන් සචිනිව ප්‍රේක්ෂකයන්ට ළංවෙලා නේද?ඔව්. රවීන්ද්‍ර විජේරත්න ම

02:00 AM Jun 08 2019
හර්ෂගේ ‘ගෝරි’ නිසා කාගෙත් හිත් ගත්ත පුංචි නිළි තරුව...

මුලින්ම පහන්දිගේ විස්තර ටිකක් කියමුකෝමම පහන්දි නෙතාරා වල්පිට. මගේ වයස අවුරුදු හයයි. මම ඉගෙන ගන්නේ රත

02:00 AM Jun 08 2019

සුදත් ඇන්තනි ජැක්සන්ගේ කොපියක්ද?

හදගැස්ම

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?

මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.

ඔබ කාලයක් ලංකාවේ හිටියේ නැහැ?

ඔව්. මම හිටියේ ඉතාලියේ. ලංකාවට ආවේ මේ අවුරුද්දේ. 

ඇන්තනී පවුලට කලාව එක්ක තියෙන්නේ අපූරු සබැඳියාවක්. ඇන්තනී පවුලේ අතීත සැමරුම් ඕන තරම් ඇති?

ඔව්. අපේ පවුලේ පස් දෙනයි. ලොකු අයියා ටයිටස් ඇන්තනී, ඊළඟට ජැක්සන් ඇන්තනී, මම සුදත් ඇන්තනී, ඊළඟට සමන් ඇන්තනී, පොඩිම මල්ලී මොහාන් ඇන්තනී. මල්ලිලා දෙන්නත් ලංකාවේ ඉන්න කාලේ තරුණ සේවා සභාවේ නාට්‍යවලට සම්බන්ධ වෙලා කටයුතු කළා.

ඇත්තටම අපි පස්දෙනා එකතු වුණාම හරි අපූරු දේවල් කළා. ඉස්සර අපේ සාලය නාට්‍ය දර්ශනයක් වෙනුවෙන් තාත්තා වෙන් කරනවා. අපේ සාලයේ පැවැත්වෙන නාට්‍ය දර්ශනය නරඹන්න ගම්මු එකතු කරන්නේ තාත්තා. ඒ අයට තේ, ඔරේන්ජ් බාර්ලි පවා තාත්තා දෙනවා. මම 86දී ලංකාවෙන් යනවා ඉතාලියට. මම ගිහින් මගේ මල්ලිලා දෙන්නවත් ඒ රටට ගන්නවා. සමන් මල්ලි ඉතාලියේදිත් රංගන කටයුතුවලට සම්බන්ධ වුණා.

ලංකාවට ආපු ඔබට දෙවෙනි ඉනිමේ ‍ෙදාර හැරෙන්නේ කොහොමද? 

ලොකු අයියා රංගනයෙන් එක් වූ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ නාට්‍යයත් එක්ක තමයි මමයි, සාරංගයි යාළුවෝ වුණේ. මම ඒ නාට්‍ය හරි ආසාවෙන් බැලුවා. සාරංගයි මමයි සෑහෙන කාලෙක පටන් හමු නොවුණු මිතුරෝ. අපි දුරකථනයෙන් කතාකරපු අවස්ථාවක සාරංග මට කිව්වා ‘මං ඔයාගෙන් වැඩක් ගන්නවා’ කියලා. ඔය කතා බහට සෑහෙන කාලෙකට පස්සේ, මම ජැක්සන් අයියගේ දරු තුන්දෙනාගේ මංගල්‍යයේ කටයුතුවලට ලංකාවට ආවා. ඇත්තටම ඒ මංගල්‍ය ලොකු වැඩක්. අපි ඒ නිසා මංගල්‍යයේ කටයුතු බෙදාගෙන තමයි කළේ. ඒ ආ ගමනේදී තමයි මට සාරංග නාට්‍යයට ආරාධනා කළේ.

දෙවෙනි ඉනිම නාට්‍යයේ රඟපාන්න කලින් ඔබ රංගන කටයුතුවලට දායක වෙලා තියෙනවාද?

මං පුංචි කාලේ  මොහාන් වැලිවිටගේ රූපවාහිනි ළමා නාට්‍යවලට සම්බන්ධ වුණා. 70 දශකයේ දී විතර ජැක්සන් ඇන්තනීගේ පළමු වේදිකා නාට්‍ය වූ 'මේ කොයි යන්නේ' නාට්‍යයේ ප්‍රධාන නළුවාගේ ළමා කාලයට රඟ පෑවා. පස්සේ කාලෙක ජයන්ත චන්ද්‍රසිරි අයියාගේ ‘අත්’ කියන වේදිකා නාට්‍යයේ රඟපෑවා. එයාගේ නාට්‍යයත් එක්ක එකතුවෙලා වැඩ කිරීම මට රංගන විශ්වවිද්‍යාලයකට එක් වුණා වගේ.

ඔබ ජැක්සන් ඇන්තනීව අනුකරණය කරනවා කියලා මතයක් තියෙනවා නේද?

මමයි ජැක්සන් අයියයි පොඩි කාලේ ඉඳලම එකවගේ. අපි පුංචි කාලේ නිදාගන්නේ එක ඇදේ. අපිව කූද්දන්න ගියාම අපේ අම්මටත් අපි දෙන්නව පැටලුණු අවස්ථා තිබුණා. අපි කතා කළෙත් එක විදියට. කතාවත් එක්ක එන අංග චලනවලත් ලොකු සමානකමක් තියෙනවා. ඉතිං ඒක තමයි මේ පටලවා ගන්නේ. හීනෙන්වත් මට ජැක්සන් අයියා වගේ වෙන්න බෑ. හැබැයි මගේ කිසිම අකැමැත්තක්, හිත් වේදනාවක් නෑ මම ජැක්සන් අයියව අනුකරණය කරනවා කියලා කියනවාට. 

අපේ රටින්ම උදාහරණ ගත්තොත්  ගාමිණීට, විජය කුමාරතුංගට කොහෙත්ම සම්බන්ධයක් නැති අය ගාමිණි, විජය වාගේ වුණා. ඒ අය වාගේ ඇන්දා, ඒ අයව අනුකරණය කළා. මොනවා වුණත් ජනතාව කතා කරන්නේ වෙන කවුරුවත් ගැන නෙවෙයි. මගේම අයියා ගැන. ඉතිං ඒකට මම කැමැතියි. කියමනක් තියෙනවානේ කොපි කළ හැක, සම කළ නොහැක කියලා. ඇත්තටම මම ජැක්සන් අයියව කොපි කරන්නෙත් නෑ, මට එයාට සමාන වෙන්නත් බෑ.

දෙවෙනි ඉනිමේ ඩිලාන් එහෙමත් නැත්නම් අමීශාගේ අයියාගේ චරිතය ගැන මොකද හිතෙන්නේ?

මගේ පෞද්ගලික ජීවිතයට යම් යම් සමානකම් මේ චරිතයේ තියෙනවා. මම පවුලේ අය වෙනුවෙන් කැපවෙන්න කැමැති කෙනෙක්. ඒ වගේම පවුලට ආදරය කරන කෙනෙක්. ඉතින් මටත් පුළුවන් වුණා මේ ඩිලාන්ගේ චරිතයට යම් යම් දේවල් එකතු කරන්න. මේ චරිතය කළු චරිතයක් බව දැනගත්තේ පළමුවෙන්ම රූගත කිරීම්වලට ගිය දවසේ. කිසිම චරිතයක් කළුව උපදින්නේ නෑ. නිර්මාණයවෙලා තියෙන හැම කළු චරිතයක් ඇතුළේම මනුෂ්‍යත්වය තියෙන්න ඕන. ඉතිං සාරංගගේත් සහාය ඇතුව මේ චරිතයට මාව ඇතුළු කර ගත්තා. 

ඩිලාන්ගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

හිතුවාට වඩා හොඳ ප්‍රතිචාර දැනටමත් ලැබෙමින් තියෙනවා. ඒ ප්‍රතිචාරවලට මම ආදරය කරනවා. ඒ වගේම ලංකාවේ ඉන්න මගේ මිතුරොත් ඉතාලියේ ඉන්න මගේ මිතුරොත් හොඳ ප්‍රතිචාර ලබා දෙනවා.

රංගනයට පිවිසීම ගැන පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම රඟපෑමට සම්බන්ධවෙනවා කියලා මගේ බිරිය දැනගෙන හිටියේ නෑ. එයා හරියට සතුටු වුණා ඒ ගැන දැනගත්තාම. පවුලේ උදවියගෙන් ලැබෙන ප්‍රතිචාර නම් අති විශිෂ්ටයි. ඒ ප්‍රතිචාරත් එක්ක මට දැන් පොඩි ‍ෙදාළදුකක් ඇතිවෙලා තියෙනවා රඟපෑමට.

ඔබේ රංගනය ගැන අයියා, එහෙමත් නැත්නම් ජැක්සන් ඇන්තනී මොකද කියන්නේ?

ඇත්තටම එයා හුඟාක් සතුටු වෙනවා. මම රංගනයෙන් එකතුවුණු සමහර කොටස් අයියත් එක්ක එකට ඉඳගෙන නරඹනවා. එයා මට මගේ අඩුපාඩු කියනවා. එයා හැමවෙලාවෙම කියන දෙයක් තමයි දෙබස් ටිකක් සංයමයෙන් කියන්න කියන එක. ඒ වගේම එයා කියනවා හැමවෙලාවෙම තාත්විකව රංගනයකට මහන්සි වෙන්න කියන එක.

ඒ වගේම අද ලොකු අයියා හිටියා නම් එයා හුඟාක් සතුටුවෙයි මම රඟපානවා දැකලා. ඒ වගේම මගේ මවුපියෝ, විශේෂයෙන්ම ලොකු අයියා කොහේ හරි ඉඳලා බලාගෙන ඉන්නවා කියලා මට හිතෙනවා.

ඔබ මේ දවස්වල නතර වෙලා ඉන්නෙත් ලොකු අයියලාගේ ගෙදර නේද?

ඔව්. ශාන්ති අක්කා ඒ කියන්නේ ලොකු අයියගේ බිරිය. එයයි දරුවොයි හැමවෙලාවෙම මං ගැන හොයලා බලනවා. ඒ අය හරි සතුටින් ඉන්නේ මම ඉන්න එක ගැන. මම පළමුවෙන්ම රූගත කිරීම්වලට යද්දී ශාන්ති අක්කා මට කිව්වා, ‘ආයේ මේ ගෙදර ඉඳලා කවුරු හරි ෂූටිං යයි කියලා මං හිතුවේ නෑ’ කියලා.

දෙවෙනි ඉනිමට ආගන්තුක ඔබට, දෙවෙනි ඉනිම කණ්ඩායම ගැන මොකද හිතෙන්නේ?

මට මුලින්ම රඟපාන්න ලැබුණේ අංජුලා හා ප්‍රවීණ රංගණ ශිල්පී රෙක්ස් කොඩිප්පිලි එක්ක. මම ආධුනිකයෙක්. ඒත් මේ අය පුරුදුකාරයෝ. මම පළමුවැනි දවසේ රූගත කිරීම්වලට ආවේ ලොකූ පටලැවිල්ලක. අංජුලයි, රෙක්ස් අයියයි මට කිව්වා, ‘ඔයා හොඳට කරනවා, ඒත් කලබලය අඩු කර ගන්න’ කියලා. දෙවෙනි ඉනිමට දැන් සෑහෙන කාලයක්. ඒ කාලය පුරාම ඒ කණ්ඩායම තුළ තිබුණු සෙනෙහස, සමඟිය, අවබෝධය වෙන්න ඇති මේ නාට්‍ය දිනෙන් දින ඔසවා තබන්නේ.

අනූෂා රාජපක්ෂ