logo

28

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හදගැස්ම
සාම කුමරු කතාවේ පුංචි දක්ෂයා ...

කොහොමද ආකාෂ්?හොඳින් ඉන්නවාමේ දවස්වල ආකාෂ් සාමකුමරු කතාව එක්ක ප්‍රේක්ෂකයන් අතරට එනවා. කොහොමද මේ අවස්

02:00 AM Jun 22 2019
රස වෑහුණු ගී පද බැඳි රසවතා...

අලුත් ගී එකතුව ගැන මුලින්ම කතා කරමු? “සිලිල ඔබ නම්” කියන ගී එකතුව එළිදැක්වූවා. ඒකෙ ගීත දහඅටක් ත

02:00 AM Jun 22 2019
ගිනස් වාර්තා තැබූ මාලිනි ටෙරන්ස් යුවළගේ දියණිය ‘සිංහබාහු’ ප...

මාලිනි රණසිංහ සහ ටෙරන්ස් රණසිංහ ඔබට මතකද? වේදිකාවට පෙම්බැඳි මිනිසුන්ට ඔවුන්ව අමතක නැතිව ඇති. 1961 වර

02:00 AM Jun 22 2019
මනෝජ්ගේ තනිකඩ ජීවිතේ සැඟවුණ ආදර කතාව...

අපේ රටේ ජනප්‍රිය කලා පවුල් කීපයක්ම තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන පෙළේ පවුලක් තමයි මහාචාර්ය සනත් - මල්කාන

02:00 AM Jun 22 2019
‘මරුකතර’ චිත්‍රපටයෙන් මගේ හීනයක් සැබෑ කරගත්තා...

ඔබ සිනමා අධ්‍යක්ෂණයට එකතු වුණා කියලා ආරංචියි?ඔව්, මම ‘මරුකතර’ කියලා චිත්‍රපටයක් කළා. මේක මගේ පළමු චි

02:00 AM Jun 22 2019
වෙනස් වෙන්න බෑ කියලා හිතුව රොෂාන් දැන් වෙනස් වෙලා...

රොෂාන් මේ දවස්වල සුපුරුදු පෙම්වතාගෙන් මිදිලා වෙනස් විධියට ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්?ඔව්, මේ දවස්වල මම

02:00 AM Jun 22 2019
හැමෝම හිනස්සන ගිරිරාජ්ගේ සැබෑව බිරියගෙන් එළියට...

ඔබ සහ ගිරිරාජ් කොහොමද හමුවුණේ?අපි රැකියාව කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙ. ඉතිං එහෙදි තමයි අපි හමුවු

02:00 AM Jun 22 2019
තරුණයන් වසඟ කරගත් දකුණු ඉන්දීය සුරූපිනිය ...

මේ දිනවල කොලිවුඩ් සිනමාවේ කතාබහට ලක්වෙන දකුණු ඉන්දීය සුරූපිනිය වන්නේ විසිහත් වියැති සායි පල්ලවීය. සා

02:00 AM Jun 22 2019
ගයාන් අලුත් ආදර කතාවක පැටලිලා...

ගයාන් හුස්මක් තරමට කා එක්කද මේ ආදරේක පැටලුණේ?ආදරේක නම් පැටලිලා නැහැ. ඒත් හුස්මක් තරමට නාට්‍යයේ අසලිග

02:00 AM Jun 15 2019
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය වසර විසිපහක ගමන සනිටුහන් කරයි...

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සුවිශේෂී කඩඉමක් සමරන්න සූදානම් වෙනවා නේද?ඔව්. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ

02:00 AM Jun 15 2019
පියකු වීමට සැරසෙන සල්මාන්ගේ සැගවුණු තොරතුරු...

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන සල්මාන් ඛාන් කවදාවත් විවාහ වී සිටි කෙනෙක් නොවෙයි. ඔහු කවදත් ගත කළේ

02:00 AM Jun 15 2019
නිළියෝ ප්‍රතික්‍ෂේප කළත් හීන හැබෑ කරගත් අලුත් වීරයා...

මොකක්ද මේ “ගෝරි”යකට පැටලුණු කතාව?හර්ෂ උඩකන්දගේ “ගෝරි” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. මෙය නිෂ්පාදනය කරන්

02:00 AM Jun 15 2019
හිමායා කටු කාලා සිනමාවේ තිබ්බ අඩිය සාර්ථකද?...

පුංචි තිරයේ දැකපු හිමායා මේ දවස්වල සිනමාවෙන් ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්. ඔබේ සිනමාවේ සටහන ගැන මුලින්ම ක

02:00 AM Jun 15 2019
කමල්ට අභියෝග කරලා විරාජ් නැවතුණ තැන...

නළු භූමිකාවේ හිටපු විරාජ් තවත් භුමිකාවක නියෝජනයක් වෙලා. මොකද්ද මේ භූමිකා වෙනස?මට ස්වර්ණවාහිනි නාළිකා

02:00 AM Jun 15 2019
විවාහ වෙලා ටික කාලයකදී අමන්දා අකිල ගැන සොයාගත්ත දේවල් ...

ඔබයි අකිලයි කොහොමද හමුවුණේ?මගේ යාළුවන්ගේ මාර්ගයෙන් අපි දෙන්නා හමුවුණේ.හමුවෙනකොට ඔහු මොන වගේ කෙනෙක්ද?

02:00 AM Jun 15 2019
තට්ටු දෙකේ ඉස්කෝලේ වැඩ නිමයි...

මාධ්‍යවේදී, නවකතා රචක ලලිත් රෝහිත එදිරිසිංහ නිර්මාණය කළ තට්ටු දෙකේ ඉස්කෝලෙ සිනමා පටයේ සියලු කටයුතු ම

02:00 AM Jun 15 2019
අලුත්ම ආදර කතාවට එකතු වූ සචිනි ...

මේ දවස්වල ‘හුස්මක් තරමට’ ටෙලි නිර්මාණයෙන් සචිනිව ප්‍රේක්ෂකයන්ට ළංවෙලා නේද?ඔව්. රවීන්ද්‍ර විජේරත්න ම

02:00 AM Jun 08 2019
හර්ෂගේ ‘ගෝරි’ නිසා කාගෙත් හිත් ගත්ත පුංචි නිළි තරුව...

මුලින්ම පහන්දිගේ විස්තර ටිකක් කියමුකෝමම පහන්දි නෙතාරා වල්පිට. මගේ වයස අවුරුදු හයයි. මම ඉගෙන ගන්නේ රත

02:00 AM Jun 08 2019

ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් කිව්ව දේ

හදගැස්ම

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?

ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකීමක්. මම 2012දී මිස් වර්ල්ඩ් තරගයට සහභාගි වුණා. මිස් වර්ල්ඩ් සහ මිසිස් වර්ල්ඩ් තරග දෙක ගත්තම ඒ දෙක එකිනෙකට වෙනස්. මේ තරග දෙකටම මට යන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. මම මෙවරත් වටිනා අත්දැකීමක් ලබාගත්තේ. ගොඩක් අය මං ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. මමත් ගොඩක් මහන්සි වුණා. නමුත් අපිට රටෙනුත් ලොකු සහයෝගයක් ඕන. 

රටක් නියෝජනය කරන්න යද්දී ඔබට ලැබිච්ච අනුග්‍රහය ගැන සතුටු වෙන්න බැරිද?

මාව සාමාන්‍ය තරමින් දන්න නිසා මගේ ඇඳුම් ටික හදාගන්න පුළුවන් වුණා. නමුත් ඇමෙරිකාව වගේ රටක හරි වියදම්. මගේ ඩිරෙක්ටර් මට පැජන්ට් එකට යන්න ටිකට් එක අරන් දුන්නා. නමුත් මේ පාර අනුග්‍රාහකයන් හොයන්න යද්දී මට පුදුම විදියට දුක හිතුණා. සමහර මිනිස්සු වැරැදි දේවල් බලාපොරොත්තු වෙනවා. මම ලංකාවෙ පැවැත්වුණ තරගයෙදී වගේම මේ තරගයෙදීත් මිනිස්සු ගැන හොඳට හඳුනා ගත්තා. අනුග්‍රාහකයන් හොයන්න පුදුම  කට්ටක් කෑවේ. අපි දිනලා ආවොත් සතුටු වෙන්න අය ඉන්නවා. නමුත් ලංකාවෙන් පැජන්ට්වලට යන අය හරිම අමාරුවෙන් යන්නේ. අපි ලංකාව නියෝජනය කරන්නනේ යන්නේ. අනෙක් රටවල අයට නම් රජයෙන් සහ වෙනත් අනුග්‍රාහකයන් උදවු කරලා තිබ්බා. නමුත් මට උදවු කළේ නැහැ. 

ඔබ මේ තරගයට සහභාගි වෙන්නේ ලංකාව අනාරක්ෂිත තත්ත්වයක තිබුණ අවස්ථාවක. ඔබට එය කොහොමද බලපෑවේ..?

ඇත්තටම ඒ තිබ්බ පසුබිම එක්ක මට අන්තිම මොහොතේ තමයි හැමදේම ලෑස්ති කරගන්න පුළුවන් වුණේ. මම තරගයට ගියාම ගොඩක් අය ලංකාව ගැන ඇහුවා. ගොඩක් අය මට කතා කළේ “ශ්‍රී  ලංකා” කියලා. එයාලටත් පුදුමයි ලංකාව වගේ රටකට මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණේ ඇයි කියලා. තරගයේ හිටපු අය ලංකාවට බලපාපු තත්ත්වය ගැන දුක ප්‍රකාශ කළා. මමත් එහේ හිටියට මගේ රටේ ජනතාව එක්ක හිටියේ. මම මගේ අතේ කළු පටියක් සහ පිරිත් නූලක් පැලඳුවෙත් ඒකයි. 

ඔබ පවුල වෙනුවෙන් කැපවෙන කෙනෙක්. දරුවා ලංකාවේ තියලා තමයි ඔබට මේ තරගයට යන්න සිද්ධ වුණේ..?

ඔව්. මගේ පුතාව දාලා මම දුර රටකට ගියේ පළමුවැනි වතාවට. මං නැතුව එයාට ඉන්න වුණා. ලංකාවේ තිබ්බ තත්ත්වය එක්කත් මට එයාලව අෑත් කරලා ඉන්න හරිම අමාරු වුණා. මට හැමවෙලේම ඇඬෙනවා. අපි අලුත් ගෙයක් හදපු නිසා ඒ වියදම්වලට අපි හිරවෙලා හිටියේ. ඒ නිසා පවුලේ අය එක්ක මට මේ ගමන යන්න බැරි වුණා. මම ගියේ අමන්දා එක්ක. එයා මට ලොකු සහයෝගයක් දුන්නා. මගේ සැමියාගෙනුත් මට පුදුම සහයෝගයක් ලැබුණේ. එයා නැත්තම් මට මේ කිසි දෙයක් හරියට කරගන්න අපහසු වෙනවා. 

ඔබට ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වීම ගැන දුකක් නැද්ද?

දුකක් තියෙනවා. නමුත් මට ඒ ගැන පසුතැවෙන්න හේතුවක් නැත්තේ මම ඒ වෙනුවෙන් උපරිම කැපවුණු නිසා. වාසනාවත් බලපානවනේ. එදා මගේ දවස නෙවෙයි වෙන්න ඇති. කොහොම වුණත් සල්ලි දීලත් එක් තරග ඉසව්වක් සඳහා ලැබෙන ජයග්‍රහණයක් හෝ අවසන් 12 දෙනා අතරට එන්න හෝ හැකි වෙන අවස්ථාවත් තියෙනවා. මේ සැරේ මිසිස් වර්ල්ඩ් තරගයේ ඇමෙරිකාවෙන් විතරක් හතරදෙනෙක් හිටියා. ඒ අතරින් තුන්දෙනෙක් ඊධන 12 අතරට ආවා. හැම රටකම අය ඒ අසාධාරණය ගැන කතා කළා. හිතුවෙවත් නැති කිහිපදෙනකුත් ඒ අතරට ආවා. ඇත්තටම මට ජයග්‍රහණයක් නොලැබුණාම ඒ තරගයේ හිටපු සංවිධායකයන් ඇඬුවා. තරගයේ හිටපු සමහර අයත් දුක්වුණා. මොකද ඒ අය මට හරි ආදරෙයි. 

රෝසි සේනානායකගෙන් පස්සේ ලෝක රූ රැජන කිරුළක් තාම කාටවත් ලංකාවට ගේන්න බැරිවුණා. ලෝක රූ රැජන තරගයකට සහභාගි වුණ ඔබට එයට හේතුවක් දැනෙනවද?

මිසිස් වර්ල්ඩ් තරගය මිස් වර්ල්ඩ් තරගය තරම් උඩට ඇවිත් නැති වෙන්නේ සල්ලි හම්බවුණොත් තමයි ඔවුන්ට එය ලොකුවට කරගන්න පුළුවන් වෙන්නේ. මේ පැජන්ට් එකට වඩා හොඳට ලංකාවේ ෂෝ එක කරලා තිබ්බා. මේ පාර මිසිස් වර්ල්ඩ් කිරුළ හිමිවුණේ වියට්නාමයට. වියට්නාම් තරගකාරියගේ ඩිසයිනර් වගේම ඒ රටේ කෙනකුත් විනිශ්චය මණ්ඩලයේ හිටියා. ඉතිං අපි හිතාගෙන හිටියා එයා කිරුළ දිනාගනියි කියලා. ඒ වගේම මේ තරගයේ නීති තිබ්බා. වෙලාවට ආවේ නැත්තම් ලකුණු කපනවා කිව්වා. නමුත් වියට්නාම් තරගකාරිය දවසක්ම රිහර්සල් ආවේ නෑ. වියට්නාම් තරගාකාරියට කිරුළ ලැබුණට කමක් නෑ. ඇය ලස්සනයි. නමුත් අසාධාරණකම් සිදුවුණ අවස්ථා අපි දැක්කා. 

ඔබ අලුත් බිස්නස්  එකකුත් පටන් ගත්තා කියලා ආරංචියි..?

ඔව්. මම Beautify With sumudu  කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒකේ පාඨමාලා හතරක් තියෙනවා. කාන්තාවකට දරුවෙක් ලැබුණට පස්සේ ඇඟ ලස්සනට හදාගන්නේ කොහොමද ලස්සනට ඉන්නේ කොහොමද කියලා පළමු පාඨමාලාවෙදි කියලා දෙනවා. දෙවැනි පාඨමාලාවෙදි වෙඩින් එකකට ලෑස්ති වෙන්නේ කොහොමද කියන දේ වගේම තුන්වැනි පාඨමාලාව පැජන්ට් ට්‍රේනින් සහ මොඩ්ල් සඳහා වෙන්වෙලා තියෙනවා. හතරවැනි පාඨමාලාව ෆිට්නස් මේන්ටේන් සඳහා වෙන්වෙන්නේ. බියුටි සහ ටඪබදඥඵඵ පැත්ත අනිවාර්යයෙන් අවධානය යොමු කරනවා. 

කලා කටයුතු පැත්තෙන් අලුත් යමකට සම්බන්ධ වුණේ නැද්ද..?

ටෙලි නාට්‍යයක පළමුවැනි ෂෙඩුල් එකේ රූගත කිරීම් නිම කළා. ඉතිරි රූගත කිරීම් ළඟදීම පටන් ගනියි. ඒ වගේ හොඳ නිර්මාණ ලැබුණොත් මම සම්බන්ධ වෙනවා.

තිළිණි කෞශල්‍යා  විජේසිංහ