logo

28

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හදගැස්ම
සාම කුමරු කතාවේ පුංචි දක්ෂයා ...

කොහොමද ආකාෂ්?හොඳින් ඉන්නවාමේ දවස්වල ආකාෂ් සාමකුමරු කතාව එක්ක ප්‍රේක්ෂකයන් අතරට එනවා. කොහොමද මේ අවස්

02:00 AM Jun 22 2019
රස වෑහුණු ගී පද බැඳි රසවතා...

අලුත් ගී එකතුව ගැන මුලින්ම කතා කරමු? “සිලිල ඔබ නම්” කියන ගී එකතුව එළිදැක්වූවා. ඒකෙ ගීත දහඅටක් ත

02:00 AM Jun 22 2019
ගිනස් වාර්තා තැබූ මාලිනි ටෙරන්ස් යුවළගේ දියණිය ‘සිංහබාහු’ ප...

මාලිනි රණසිංහ සහ ටෙරන්ස් රණසිංහ ඔබට මතකද? වේදිකාවට පෙම්බැඳි මිනිසුන්ට ඔවුන්ව අමතක නැතිව ඇති. 1961 වර

02:00 AM Jun 22 2019
මනෝජ්ගේ තනිකඩ ජීවිතේ සැඟවුණ ආදර කතාව...

අපේ රටේ ජනප්‍රිය කලා පවුල් කීපයක්ම තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන පෙළේ පවුලක් තමයි මහාචාර්ය සනත් - මල්කාන

02:00 AM Jun 22 2019
‘මරුකතර’ චිත්‍රපටයෙන් මගේ හීනයක් සැබෑ කරගත්තා...

ඔබ සිනමා අධ්‍යක්ෂණයට එකතු වුණා කියලා ආරංචියි?ඔව්, මම ‘මරුකතර’ කියලා චිත්‍රපටයක් කළා. මේක මගේ පළමු චි

02:00 AM Jun 22 2019
වෙනස් වෙන්න බෑ කියලා හිතුව රොෂාන් දැන් වෙනස් වෙලා...

රොෂාන් මේ දවස්වල සුපුරුදු පෙම්වතාගෙන් මිදිලා වෙනස් විධියට ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්?ඔව්, මේ දවස්වල මම

02:00 AM Jun 22 2019
හැමෝම හිනස්සන ගිරිරාජ්ගේ සැබෑව බිරියගෙන් එළියට...

ඔබ සහ ගිරිරාජ් කොහොමද හමුවුණේ?අපි රැකියාව කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙ. ඉතිං එහෙදි තමයි අපි හමුවු

02:00 AM Jun 22 2019
තරුණයන් වසඟ කරගත් දකුණු ඉන්දීය සුරූපිනිය ...

මේ දිනවල කොලිවුඩ් සිනමාවේ කතාබහට ලක්වෙන දකුණු ඉන්දීය සුරූපිනිය වන්නේ විසිහත් වියැති සායි පල්ලවීය. සා

02:00 AM Jun 22 2019
ගයාන් අලුත් ආදර කතාවක පැටලිලා...

ගයාන් හුස්මක් තරමට කා එක්කද මේ ආදරේක පැටලුණේ?ආදරේක නම් පැටලිලා නැහැ. ඒත් හුස්මක් තරමට නාට්‍යයේ අසලිග

02:00 AM Jun 15 2019
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය වසර විසිපහක ගමන සනිටුහන් කරයි...

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සුවිශේෂී කඩඉමක් සමරන්න සූදානම් වෙනවා නේද?ඔව්. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ

02:00 AM Jun 15 2019
පියකු වීමට සැරසෙන සල්මාන්ගේ සැගවුණු තොරතුරු...

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන සල්මාන් ඛාන් කවදාවත් විවාහ වී සිටි කෙනෙක් නොවෙයි. ඔහු කවදත් ගත කළේ

02:00 AM Jun 15 2019
නිළියෝ ප්‍රතික්‍ෂේප කළත් හීන හැබෑ කරගත් අලුත් වීරයා...

මොකක්ද මේ “ගෝරි”යකට පැටලුණු කතාව?හර්ෂ උඩකන්දගේ “ගෝරි” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. මෙය නිෂ්පාදනය කරන්

02:00 AM Jun 15 2019
හිමායා කටු කාලා සිනමාවේ තිබ්බ අඩිය සාර්ථකද?...

පුංචි තිරයේ දැකපු හිමායා මේ දවස්වල සිනමාවෙන් ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්. ඔබේ සිනමාවේ සටහන ගැන මුලින්ම ක

02:00 AM Jun 15 2019
කමල්ට අභියෝග කරලා විරාජ් නැවතුණ තැන...

නළු භූමිකාවේ හිටපු විරාජ් තවත් භුමිකාවක නියෝජනයක් වෙලා. මොකද්ද මේ භූමිකා වෙනස?මට ස්වර්ණවාහිනි නාළිකා

02:00 AM Jun 15 2019
විවාහ වෙලා ටික කාලයකදී අමන්දා අකිල ගැන සොයාගත්ත දේවල් ...

ඔබයි අකිලයි කොහොමද හමුවුණේ?මගේ යාළුවන්ගේ මාර්ගයෙන් අපි දෙන්නා හමුවුණේ.හමුවෙනකොට ඔහු මොන වගේ කෙනෙක්ද?

02:00 AM Jun 15 2019
තට්ටු දෙකේ ඉස්කෝලේ වැඩ නිමයි...

මාධ්‍යවේදී, නවකතා රචක ලලිත් රෝහිත එදිරිසිංහ නිර්මාණය කළ තට්ටු දෙකේ ඉස්කෝලෙ සිනමා පටයේ සියලු කටයුතු ම

02:00 AM Jun 15 2019
අලුත්ම ආදර කතාවට එකතු වූ සචිනි ...

මේ දවස්වල ‘හුස්මක් තරමට’ ටෙලි නිර්මාණයෙන් සචිනිව ප්‍රේක්ෂකයන්ට ළංවෙලා නේද?ඔව්. රවීන්ද්‍ර විජේරත්න ම

02:00 AM Jun 08 2019
හර්ෂගේ ‘ගෝරි’ නිසා කාගෙත් හිත් ගත්ත පුංචි නිළි තරුව...

මුලින්ම පහන්දිගේ විස්තර ටිකක් කියමුකෝමම පහන්දි නෙතාරා වල්පිට. මගේ වයස අවුරුදු හයයි. මම ඉගෙන ගන්නේ රත

02:00 AM Jun 08 2019

කලා ලොවේ තරු එක් කළ වෙසක් සිතිවිල්ල

හදගැස්ම

දමිතා අබේරත්න


"අපි පුංචි කාලේ ඉඳලම කූඩු හදලා ඒවා අලවලා, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් රූපවලින් අලවලා, පාරෙත් බකට් එල්ලලා තමයි වෙසක් සැමරුවේ. අපි පෝයට පන්සල් ගිහින් සිල් සමාදන් වෙනවා. ඒ වගේම තොරණ් බලන්නත් යනවා. ඒත් අද වෙනකොට හැමකෙනාම මර බියකින් ඉන්නෙ. රටේ පාලකයෝ හරියට නුවණින් වැඩ නොකළොත් වෙසක් සමරන්න විතරක් නෙවෙයි ජීවත් වෙන්නත් අමාරු වෙයි. දමිළ, මුස්ලිම් සහ කිතුනු භක්තිකයන් පන්සල් යන බෞද්ධයන්ට දන්සල් දුන්නා. ඒ වගේ ආදරෙන් සමඟියෙන් හිටිය රටක් මේක. ඒ තරම්ම සංවේදී මිනිස්සු ඉන්නවා. සියලුම අය වෛරී සිතිවිලි නැති කරගන්න ඕනෙ. සියලුම අය වෛරයෙන් වෛරය සන්සිඳෙන් නැති බව දැනගන්න ඕන. තමන් අදහන ආගම පාවා නොදී අන්තවාදීව කටයුතු කරන අයගේ සිත් තුළ හොඳ පණිවුඩයක් තැන්පත් කරන්න ඕන."


ලූෂන් බුලත්සිංහල


"බෞද්ධ දර්ශනය හරියට හඳුනගෙන බොරු කියන්නෙ නැතිව හොරකම් නොකර ජීවත්වෙන්න පුළුවන් නම් අපේ රටේ බුද්ධාගම ස්ථාපිත වෙලා කියලා පෙන්වනවා. ඉතින් මේ බෞද්ධ දර්ශනය සැරසිල්ලක් විතරක්ම කරගන්නෙ නැතිව ඒක හරියට හඳුනාගෙන හොඳින් ජීවත් වෙන්න."


සරත් කොතලාවල


පොඩි කාලේ මට මතකයි අපිට විදුලිය තිබුණෙ නැහැ. ඉටි පන්දම් සහ පොල් තෙල් පහන් පත්තු කරලා තමයි අපි වෙසක් සැමරුවේ. ඒක ඇත්තටම හරිම අව්‍යාජයි. ඉස්සර අපි කූඩු බලන්න යන්නෙ පයින් නැත්තම් ට්‍රැක්ටරෙන්. 

ඉස්සර කූඩු හදන්නෙ අපිමයි. දැන් වෙසක් යාන්ත්‍රික වෙලා. කූඩු ගන්නෙ කඩෙන්. ඩිජිටල් විදියටත් වෙසක් සමරන එක හොඳයි. නමුත් ඒවයින් වැඩක් නැතිව යනවා අපි බෞද්ධ දර්ශනය අනුව කටයුතු නොකළොත්. බෞද්ධ දර්ශනය දැන් අපෙන් වියැකී ගිහින්. අපි අතර ආමිස පූජාව තියෙනවා. නමුත් ප්‍රතිපත්ති පූජාව එදා දවසට විතරක් සීමා වෙලා. බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙනවා නම් තමයි වෙසක් උත්සවය උත්කර්ෂවත් වෙන්නෙ.


ශි්‍රයානි අමරසේන


“අවුරුදු ළඟට ඊළඟට එන උත්සවය වෙසක්. පොඩි කාලෙ අපි කූඩු හදනවා. වෙසක් බලන්න යන්න, පන්සල් යන්න, මල් කඩන්න වගේ ගොඩක් දේවල්වලට යොමු වෙනවා. ඒ හැමදේම ඇතුළෙ තියෙන්නේ ලොකු භක්තියක්, ගරුත්වයක්. වෙසක් අපිට ඒ තරම්ම සුවිශේෂයි. තරුණ කාලෙත් ඒ භක්තිය සතුට අපිට තිබ්බා. අපි ඒක අත්විඳිනවා. දැන් අපි අපේ දරුවන්ටත් ඒ ගැන කියලා දෙනවා. මේ උත්සවයේදි අපි හැමකෙනාටම සාමය බෙදා දීලා සතුටින් ජීවත් වෙන්න ඕන. මේ වසරේ තරමක් වෙනස් ආකාරයටයි අපිට වෙසක් සමරන්න වෙලා තියෙන්නෙ. සමහර විට මේ සැරේ අපිට වෙසක් අසිරිය බලන්න යන්න වෙන එකක් නැහැ. නමුත් අපේ හිතේ තියෙන පූජනීයත්වය ඉස්සරහට ගන්න. ජාති ආගම් කුලමල භේදයකින් තොරව හැමකෙනාටම යහපතක් වේවා කියන ප්‍රාර්ථනය සමඟින් වෙසක් සමරමු.”


නිල්මිණි තෙන්නකෝන්


“වෙසක් උළෙල පුංචි කාලේ අපි දැකපු විදියයි දැන් දකින විදියයි වෙනස්. ලංකාවේ බෞද්ධ සහ අනෙක් සියලුම ආගම්වල අයත් වෙසක් උත්සවය සමරනවා. කාටවත් අමතක කරන්නවත් බැහැර කරන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි මේ උත්සවය.හැමදේටම ‍ෙදාස් පවරන්නෙ නැතිව වෙච්ච වැරදි හදාගන්න ඕන. මේ පාර වෙසක් උත්සවය කොහොම හරි සමරන එක අපිට විශේෂයි. මේ වෙලා තියෙන ඛේදවාචකය එක්ක අපි හැමෝම ගෙවල්වලට වෙලා ඉන්නෙ. නමුත් අපි පහනක් හරි දල්වන්න ඕනෙ. මේක සිංහල බෞද්ධ රටක්. හැමෝම සමඟියෙන් මොළෙන් හිතලා වැඩ කරන්න ඕන. මේ අවස්ථාවේ මිනිස්සු අසරණ වෙලා ඉන්නෙ. මහ පොළොවෙ වැළලිලා යන අපිට පොළොවේ කොටසක් අයිති කරගන්න බැහැ. ඉන්න ටිකේ තමන්ට අයිති ටික විතරක් භුක්ති විඳලා සාමදානෙන් ජීවත් වෙන්න ඕනෙ.”


මැණිකෙ අත්තනායක 


“අපි පුංචි කාලේ ඉඳලම වෙසක් සැමරුවේ බෞද්ධ කටයුතුවලට මුල්තැන දීලා. අද පොදුවේ වෙසක් උත්සවයක් කියලා විතරක් සමරනවා. නමුත් ඇත්තටම බෞද්ධ ගති පැවතුම් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. වෙසක් සැරසිලි බලන්න යන එක වෙනම දෙයක්. අපි ඇත්තටම බොහොම භක්තියකින් වෙසක් සමරන්න ඕන. ඉස්සර අපි කුඩු හදන්නෙ හද පිරුණු භක්තියකින්. නමුත් දැන් බොහෝදෙනෙක් එල්ලන්නන් වාලෙ කූඩු එල්ලනවා. අද සමහර අය දන්සල් දෙන්නෙ තමන්ගෙ මඩිය තර කරගන්න. කරන්නන් වාලේ කිසි දෙයක් කරන්න හොඳ නැහැ.


ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්