logo

29

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හදගැස්ම
සාම කුමරු කතාවේ පුංචි දක්ෂයා ...

කොහොමද ආකාෂ්?හොඳින් ඉන්නවාමේ දවස්වල ආකාෂ් සාමකුමරු කතාව එක්ක ප්‍රේක්ෂකයන් අතරට එනවා. කොහොමද මේ අවස්

02:00 AM Jun 22 2019
රස වෑහුණු ගී පද බැඳි රසවතා...

අලුත් ගී එකතුව ගැන මුලින්ම කතා කරමු? “සිලිල ඔබ නම්” කියන ගී එකතුව එළිදැක්වූවා. ඒකෙ ගීත දහඅටක් ත

02:00 AM Jun 22 2019
ගිනස් වාර්තා තැබූ මාලිනි ටෙරන්ස් යුවළගේ දියණිය ‘සිංහබාහු’ ප...

මාලිනි රණසිංහ සහ ටෙරන්ස් රණසිංහ ඔබට මතකද? වේදිකාවට පෙම්බැඳි මිනිසුන්ට ඔවුන්ව අමතක නැතිව ඇති. 1961 වර

02:00 AM Jun 22 2019
මනෝජ්ගේ තනිකඩ ජීවිතේ සැඟවුණ ආදර කතාව...

අපේ රටේ ජනප්‍රිය කලා පවුල් කීපයක්ම තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන පෙළේ පවුලක් තමයි මහාචාර්ය සනත් - මල්කාන

02:00 AM Jun 22 2019
‘මරුකතර’ චිත්‍රපටයෙන් මගේ හීනයක් සැබෑ කරගත්තා...

ඔබ සිනමා අධ්‍යක්ෂණයට එකතු වුණා කියලා ආරංචියි?ඔව්, මම ‘මරුකතර’ කියලා චිත්‍රපටයක් කළා. මේක මගේ පළමු චි

02:00 AM Jun 22 2019
වෙනස් වෙන්න බෑ කියලා හිතුව රොෂාන් දැන් වෙනස් වෙලා...

රොෂාන් මේ දවස්වල සුපුරුදු පෙම්වතාගෙන් මිදිලා වෙනස් විධියට ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්?ඔව්, මේ දවස්වල මම

02:00 AM Jun 22 2019
හැමෝම හිනස්සන ගිරිරාජ්ගේ සැබෑව බිරියගෙන් එළියට...

ඔබ සහ ගිරිරාජ් කොහොමද හමුවුණේ?අපි රැකියාව කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙ. ඉතිං එහෙදි තමයි අපි හමුවු

02:00 AM Jun 22 2019
තරුණයන් වසඟ කරගත් දකුණු ඉන්දීය සුරූපිනිය ...

මේ දිනවල කොලිවුඩ් සිනමාවේ කතාබහට ලක්වෙන දකුණු ඉන්දීය සුරූපිනිය වන්නේ විසිහත් වියැති සායි පල්ලවීය. සා

02:00 AM Jun 22 2019
ගයාන් අලුත් ආදර කතාවක පැටලිලා...

ගයාන් හුස්මක් තරමට කා එක්කද මේ ආදරේක පැටලුණේ?ආදරේක නම් පැටලිලා නැහැ. ඒත් හුස්මක් තරමට නාට්‍යයේ අසලිග

02:00 AM Jun 15 2019
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය වසර විසිපහක ගමන සනිටුහන් කරයි...

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සුවිශේෂී කඩඉමක් සමරන්න සූදානම් වෙනවා නේද?ඔව්. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ

02:00 AM Jun 15 2019
පියකු වීමට සැරසෙන සල්මාන්ගේ සැගවුණු තොරතුරු...

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන සල්මාන් ඛාන් කවදාවත් විවාහ වී සිටි කෙනෙක් නොවෙයි. ඔහු කවදත් ගත කළේ

02:00 AM Jun 15 2019
නිළියෝ ප්‍රතික්‍ෂේප කළත් හීන හැබෑ කරගත් අලුත් වීරයා...

මොකක්ද මේ “ගෝරි”යකට පැටලුණු කතාව?හර්ෂ උඩකන්දගේ “ගෝරි” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. මෙය නිෂ්පාදනය කරන්

02:00 AM Jun 15 2019
හිමායා කටු කාලා සිනමාවේ තිබ්බ අඩිය සාර්ථකද?...

පුංචි තිරයේ දැකපු හිමායා මේ දවස්වල සිනමාවෙන් ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්. ඔබේ සිනමාවේ සටහන ගැන මුලින්ම ක

02:00 AM Jun 15 2019
කමල්ට අභියෝග කරලා විරාජ් නැවතුණ තැන...

නළු භූමිකාවේ හිටපු විරාජ් තවත් භුමිකාවක නියෝජනයක් වෙලා. මොකද්ද මේ භූමිකා වෙනස?මට ස්වර්ණවාහිනි නාළිකා

02:00 AM Jun 15 2019
විවාහ වෙලා ටික කාලයකදී අමන්දා අකිල ගැන සොයාගත්ත දේවල් ...

ඔබයි අකිලයි කොහොමද හමුවුණේ?මගේ යාළුවන්ගේ මාර්ගයෙන් අපි දෙන්නා හමුවුණේ.හමුවෙනකොට ඔහු මොන වගේ කෙනෙක්ද?

02:00 AM Jun 15 2019
තට්ටු දෙකේ ඉස්කෝලේ වැඩ නිමයි...

මාධ්‍යවේදී, නවකතා රචක ලලිත් රෝහිත එදිරිසිංහ නිර්මාණය කළ තට්ටු දෙකේ ඉස්කෝලෙ සිනමා පටයේ සියලු කටයුතු ම

02:00 AM Jun 15 2019
අලුත්ම ආදර කතාවට එකතු වූ සචිනි ...

මේ දවස්වල ‘හුස්මක් තරමට’ ටෙලි නිර්මාණයෙන් සචිනිව ප්‍රේක්ෂකයන්ට ළංවෙලා නේද?ඔව්. රවීන්ද්‍ර විජේරත්න ම

02:00 AM Jun 08 2019
හර්ෂගේ ‘ගෝරි’ නිසා කාගෙත් හිත් ගත්ත පුංචි නිළි තරුව...

මුලින්ම පහන්දිගේ විස්තර ටිකක් කියමුකෝමම පහන්දි නෙතාරා වල්පිට. මගේ වයස අවුරුදු හයයි. මම ඉගෙන ගන්නේ රත

02:00 AM Jun 08 2019

නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ

හදගැස්ම

කොහොමද මනීෂා රංගන වැඩ කටයුතු?

සිදූ ටෙලි නාට්‍යයේත් රූපවාහිනියේ විකාශය වෙන අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම්වලට මේ දවස්වල එකතු වෙනවා. 

අමුතු රසිකයා නාට්‍යයේ ඔබ කටකාර අක්කා කෙනෙක්. සැබෑ ජීවිතයෙත් එහෙමද?

එහෙමමත් නැහැ. ඒක කොහොමත් ෆෝවර්ඩ් චරිතයක්. ඇත්ත ජීවිතයට වැඩිය සියයට පනහක් විතර වෙනස් ඉතින්. 

මනීෂා රංගනයට ලැබෙන අවස්ථා ගැන සෑහීමකට පත් වෙනවද?

ඔව්, කොහොමටත් මම චරිත බලාපොරොත්තුවෙන් ඉන්නෙ නැහැ. මට ලැබෙන චරිතයට සාධාරණයක් කරනවා. 

ලැබෙන ඕනම චරිතයක් භාර ගන්නවාද..?

නැහැ. 

ඇයි ඒ..?

මගේ සීමාවක් මම හදාගෙන ඉන්නවා. ඒ සීමාව ඇතුළෙ ලැබෙන චරිත මම කරනවා. එහෙම නැත්නම් ඒවා භාර ගන්නෙ නැහැ. 

මොනවද ඒ සීමාවන්?

මට සාධාරණයක් ඉෂ්ට කරන්න බැහැ කියලා හිතෙන චරිත මම භාර ගන්නේ නෑ. 

චරිත තෝරා බේරා ගන්නේ ඔබමද?

මුලින්ම මම බලනවා. ඊට පස්සෙ අම්මගෙන් අහනවා. ඇයගෙත් අනුදැනුම මත තමයි චරිත භාර ගන්නෙ. 

මෙතෙක් ලැබුණු චරිත එක්ක බලනකොට විවිධ වූ චරිත ඔබට කරන්න ලැබුණා කියලා හිතෙනවද?

ඔව්.

රඟපාන්න කැමැත්තෙන් ඉන්න විශේෂ චරිතයක් තියෙනවද?

එහෙම විශේෂයක් නැහැ. ලැබෙන චරිත හොඳින් කරන්න තමයි බලාපොරොත්තුව.

රංගන ක්ෂේත්‍රයේ වැඩ කරද්දී ආදර යෝජනා ගලා එනවාලු. මනීෂාටත් එහෙමද?

ඔව්. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.

කවදහරි රංගන ශිල්පියෙක්ට මනීෂාගේ හිතේ තැනක් ලැබෙයිද?

නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ.

මනීෂා රංගන ශිල්පියකුට හිත නොදෙන්නේ දැනටමත් ඔබ පෙම්වතියක් නිසාද?

නැහැ. තාම මම පෙම්වතියක් නෙවෙයි.

ඔබ ක්ෂේත්‍රයේ අයව ළඟින් ආශ්‍රය කරනවද?

කොහොමත් ඉතින් වැඩ කරද්දී ළඟින් ආශ්‍රය කරන්න වෙනවා.

ඒ කවුරුත් ඔබට විශේෂ වෙලා නැද්ද?

ඒ හැමෝම මගේ යාළුවෝ විතරයි.

පුංචි තිරයේ දකින මනීෂා සිනමාවට එන්න අදහසක් නැද්ද?

ආරාධනා ලැබුණා. ඒත් ඒ වෙනකොට උසස් පෙළ හදාරමින් හිටිය නිසා ඒවට සම්බන්ධ වෙන්න බැරිවුණා. ඉදිරියේදී හොඳ පිටපතක් ලැබුණොත් ඒ ගැන සලකලා බලනවා.

ළමා ගායිකාවක් විදියට ආව මනීෂා දැන් රංගන ශිල්පිනියක්. ගීත ගායනය අමතක වෙලාම ගිහින්ද?

නැහැ. කොහොමටත් මේ අවුරුද්දෙ මැද වගේ මම මගේම නිර්මාණයක් කරන්න හිතන් ඉන්නවා. මම ආවේ ගායන ක්ෂේත්‍රයෙන් නිසා ඒක කොහොමටවත්ම යටපත් වෙන්න දෙන්නෙ නැහැ.

ගායන හැකියාව පවත්වාගෙන යන්න කාලය තියෙනවද?

මට කොහොමත් කාලය තියෙනවා. ගොඩාක් නිර්මාණ භාර අරගෙන අවුල් ජාලයක් ඇති කරගෙන නැහැ. රංගනය කරනවයි කියලා ගායනය පැත්තෙන් දේවල් හදාරන්න වේලාව නැතිකමක් නැහැ.

ගායන හැකියාවෙන් ප්‍රයෝජන ගන්නවා මදි නේද?

ඔව්. පසුගිය ටිකේ සිඳු නිසා වෙලාව ටිකක් මදි වුණා. ඒත් දැන් වෙනකොට ගායනය පැත්තටත් හිත යොමු කරනවා.

මොනවද ඉදිරි වැඩ කටයුතු?

'කුමී' කියලා ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. චරිත් අබේසිංහ මහත්මයා එය අධ්‍යක්ෂණය කළේ. චාමර සමරවික්‍රම තමයි එය නිෂ්පාදනය කළේ.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්